IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘බැදුම්කර වංචාවේ මහමොළකරු අල්ලන්න සිංගප්පූරු සහාය නැහැ‘

(ඩයනා උදයංගනී)

මෙරට සිදුවූ මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එම වගඋත්තරකරු සිටින බව කියන සිංගප්පූරු රජය මේ ගැන මීට වඩා වගකීමක් ගත යුතු බව කී ජනාධිපතිවරයා අඩුම තරමින් එම පුද්ගලයා එරට තුළ සිටින්නේද නැද්ද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් හෝ සිංගප්පූරු රජය කළ යුතු යැයි සඳහන් කළේය.
 

මහබැංකු වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මෙන්ම ඒ පරීක්‍ෂණ තවමත් කරගෙන යාම ගැන සතුටු විය හැකි වුවත් එහි ප්‍රධාන වගඋත්තරකරු තවම අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබීම ගැන තමන් කණගාටු වන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
 
මෙම වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් අන්තර් ජාතික වරෙන්තු නිකුත් කර තිබියදීත් සිංගප්පූරු රජය මේ ගැන පසුබෑමක සිටින බව පෙනෙන්නේයැයි ද ජනාධිපතිවරයා කීවේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීම වෙනුවෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද (18) පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
 

තමන් පසුගිය දිනෙක සිංගප්පූරුවේ පැවති එක්සත් ජාතීන්ගේ ආසියාතික සංවිධානවල පරිසර සමුළුවට සහභාගීවීමට ගියේද එහි යාමේ අවශ්‍යතාවක් තිබූ නිසාම නොව මහබැංකු වංචාවේ ප්‍රධාන වගඋත්තරකරු භාරදීම ගැන සිංගප්පූරු රජය සමඟ සාකච්ඡා කිරීමේ අරමුණින් යැයි ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
   එහිදී තමන් සිංගප්පූරු අගමැතිතුමා සමඟ සාකච්ඡා කර අන්තර්ජාතික වරෙන්තු නිකුත් කර ඇති සිංගප්පූරු පුරවැසියෙකු වන මෙම වගඋත්තරකරු අපට ලබාදිය නොහැකිදැයි ඇසූ බව කී ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ එරට අගමැතිවරයා සිංගප්පූරුවේ පුරවැසියෙකු වුවත් එවැනි ප්‍රශ්නයකට සම්බන්ධ නම් ඒ ගැන කටයුතු කිරීමට පසුබට නොවන බව පැවසුවේ යැයි ද කීවේය.

නමුත් අද වන තුරු සිංගප්පූරු රජය මේ සම්බන්ධ පැහැදිලි විවෘත ප්‍රකාශයක් කර නැතැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
තමා රටේ ජනාධිපතිවරයා වශයෙන් කළ මෙම ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ සිංගප්පූරු රජයට වාර්තා කළත් තමන්ට ප්‍රශ්නයක් නැතැයිද ජනාධිපතිවරයා කීවේය.



අදහස් (22)

‘බැදුම්කර වංචාවේ මහමොළකරු අල්ලන්න සිංගප්පූරු සහාය නැහැ‘

රවින් Monday, 18 March 2019 11:10 AM

අර ලොකු අල්ලසේ මොලකරු අල්ලන්න සහය හම්බුනාද?

:       0       218

sena Monday, 18 March 2019 11:12 AM

කෝටියක් කම්ඹ හොරුත් එක්ක එකතුවෙලා ආණ්ඩුවත් හොරකම් කරපු එක්කෙනෙක්ගේ ඉල්ලීමක් තවත් රජයක් පිළිගනීද?

:       46       545

chandima Monday, 18 March 2019 11:39 AM

සිංගප්පුරුව හිතනවා ඇති එක ඒ තරමට වැදගත් දෙයක් නෙමෙයි කියල. මොකද? මිනිහ ලව්වා හොරකම කරවපු මහමොලකාරය අල්ලන්න ලංකාවේ ආණ්ඩුවට උනන්දුවක් නැතිකොට හොරා විතරක් අල්ලලා වැඩක් නැහැනේ?

:       243       610

Sapumal. Monday, 18 March 2019 11:44 AM

මේ අයටද එහෙම නැතිනම් අපටද පිස්සු? කප්පරක් වැරදි හා හොරකම් වලට චෝදනා ඇතැයි කියා ජනවහරේ ඇති අයත් ළඟ තියාගෙන එක හොරකමක් ගැන පමණක් කතා කරනවා. සියලු හොරකම් ගැන කතා කිරීමට කොන්ද පණ නැත්තේ ඇයි?

:       354       505

BamunuarachchiMonday, 18 March 2019 02:08 PM

අනේ ඔබ ඔය හොරකම් ගැන දන්නා විස්තර කියන්නකෝ. අපේ දැනගැනීම සඳහා විස්තර සහිතව කියනවානම් පින්

:       426       376

athuraMonday, 18 March 2019 02:54 PM

ඇයි බමුණු මහත්මයෝ අම්මගේ, තාත්තගේ සොහොන රජයේ සල්ලිවලින් හදපු එක හොරකමක් නෙමෙයිද? ඔය එකක් විතරයි.

:       522       745

Bangomunu.Monday, 18 March 2019 03:37 PM

කව්රුවත් කියන්නේ මොකටද? රෙදි සෝදන්නා ඔක්කොම විස්තර දන්නවානේ.

:       18       266

BamunuarachchiMonday, 18 March 2019 04:04 PM

ඒවා හොරකම්ද? ඒවා මුදල් අවබාවිතයන්ය. අනික ඔහු පවුලේ සොහොන හැදුවේ ඔබේ සොහොන ඇතුළුව තවත් සිංහල සොහොන් දසදහස් ගණනක් ඉදිවීම නවත්වලා... එහෙම දකින්න බැරි තරමේ ආත්මාර්ථකාමී කුහකයෙක්ද ඔබ? ඒ සොහොනේ සිටින්නන් ඝෝඨාභය මෙලොවට බිහිකළේ නැතිනම් අද මෙරට පාලනය කරන්නේ ප්‍රභාකරන්ය. ඒ තරමට දැනසිටිනා පාලකයින් නිවටයෝය. ජනතා මුදලින් ජනතාවට ලිත්, සිල්රේදී, ජීඅයි පයිප්ප දුන්නත් එකයි, ගෙවල් හදලා තාත්තාගේ උපන්දිනේට දුන්නත් එකයි. එකක් සේවයක් වෙලා අනික හොරකමක් වෙන්නේ කොහොමද? නොදන්නා මගුල් කතා නොකර සිටියොත් හොඳයි නේද?

:       1606       769

Bangomunu.Monday, 18 March 2019 04:34 PM

මුදල් අවභාවිතා කියන්නේ හොරකම හඳුන්වන තවත් වැදගත් ආකාරයක්... කොහොම හැඳින්නුවත් හොරකම හොරකමමයි.

:       36       141

mendisMonday, 18 March 2019 05:32 PM

එතකොට කොමිස් ගැනීම මුදල් අවභාවිතාවද හොරකමද?

:       0       57

JuwanisMonday, 18 March 2019 07:37 PM

ඔව් තව විස්තර කියන්න පුළුවන් බමුණු. හැබැයි, රෙදි සෝදන්නෙකුට සබන් ගැන කියන දේවල් මිසක් රටක් ගැන කියන දේවල් වැටහෙන්නේ නැහැ. ඒකට මොලයක් කියල දෙයක් පාවිච්චි කරන්න වෙන හින්ද. ඉතින් කියල වැඩක් නෑ.

:       0       201

athuraTuesday, 19 March 2019 03:32 AM

දැන් බමුණට අනුව යුද්දය ඉවර කලේ ගෝටා.මට මේ කොහෙන් හිනාවෙන්නද හිතාගන්න බැරුව ඉන්නේ.

:       0       146

BamunuarachchiTuesday, 19 March 2019 02:07 PM

නැහැ නැහැ අාතුර රනිල්...

:       0       0

Hafeel Monday, 18 March 2019 01:57 PM

හිරුණිකා කිව්වා වගේ මෙයා කවදාවත් වගකීම් බාර ගන්න නැහැ. මොරගහකන්දට මහ ලොකුවට නම් දාගත්තා. කිහිප අවස්ථාවලදී ඕක විවෘත කරන්න ගියා. මෙයාට අවංකවම හොරුන්ට දඬුවම් දෙන්න ඕනෑනං... දැන් රටතුළ ඉන්න හොරුන්ට දඬුවම් දීලා, ආදර්ශමත් වෙන්න තිබුණා...

:       0       122

Buddika Monday, 18 March 2019 01:59 PM

ඇත්ත තමයි. එතකම් මෙහෙ ඉන්න ටික අල්ලමු. අර තමුන්නාන්සේම පත්කරපු මහාපරිමාණ වංචා විමර්ශන කොමිසමෙන් වැරදි කාරයෝ කරපු එවුන් ටික ලොකු චණ්ඩි වෙලා ඉන්නේ. අල්ලන්නත් ලේසියි... මොකද තමුන්නාන්සේට කිට්ටු වෙලා ඉන්න නිසා. පුළුවන්නම් අල්ලලා සිංගප්පූරුවට දාමු කිණ්ඩියක්...

:       0       205

Rane Monday, 18 March 2019 02:37 PM

ඔය මිනිහ රටින් පනිනකන් මොනවද අනේ ඔබතුමා කලේ? බලන්න පොඩ්ඩක් මතක් කරලා ඔය මොලෙන්ම...

:       0       71

Sumith Monday, 18 March 2019 03:10 PM

මේවාට පිළිතුරු ජනතා ඡන්දෙකදී ලැබේවි...!!!

:       0       211

sirimal Monday, 18 March 2019 03:11 PM

මහ මොලකරු අල්ලාගන්න එක ගැන නෙවේනේ දැන් මහන්සි වෙන්නේ...? ජනාධිපති කොමිසමක් එහෙම දාගෙන දඟලන්නේ කොහොම හරි දෙවෙනි මොලකරු කියලා ප්‍රචාරයාගේ ඇරපු කෙනාව අල්ලලා හිරෙ දාන්නනේ. බොරුද මම කියන්නේ?

:       0       77

BamunuarachchiMonday, 18 March 2019 04:12 PM

ඉතින් කොච්චර හොඳද? නිකන් නොවෙයි අඬු කඩලා හිරේ දැම්මත් කාටවත් තිබෙන අමාරුව මොකක්ද? සතුටු වෙනවා හැරෙන්නට.

:       120       83

anura Monday, 18 March 2019 04:22 PM

මහ මොලකරු ඉන්නේ සිංගප්පූරුවේ නෙමෙයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇතුලෙයි. ඒ කියන්නේ බස් එක එහෙ තිබුණාට බස් ඩ්‍රයිවර් ඉන්නේ මෙහෙ... බස් එක අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ.

:       1       169

Bhanuka Tuesday, 19 March 2019 07:05 AM

අර්ජුන් විතරක් නෙවි මිග් ගනුදෙනුවේ චුදිත උදයංග වීරතුංගවත් ගෙන්නන්න ජනාධිපති තුමෝ.....

:       0       40

Rata Perata Tuesday, 19 March 2019 07:26 AM

ආයේ සිංගපුරුවෙන් සහයක් මොකටද හිටන්, ඊයේ පෙරේදා තිබුණු මගුල් ගෙදරටත් ඇවිල්ල හිටිය කිව්වේ. නිකම් අපිට බොරු සංදර්ශන දාන්නේ නැතුව ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 272 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 145 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 192 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 198 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 431 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3648 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site