IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘පාසල් විවේක කාලය වෙන වෙනම ලබාදෙන්න’

(විනීතා එම් ගමගේ)
 
පාසල් නැවත ආරම්භ කිරීමේ දී පාසල තුළ සිසුන් ඒකරාශි වීම හෝ කණ්ඩායම් ගැසීම වැළැක්වීම සඳහා පාසල් විවේකය එකම අවස්ථාවක නොදී වෙන වෙනම දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන් වෙත උපදෙස් දී තිබේ.
 
පන්ති කාමරය තුළ දුරස්ථභාවය පවත්වා ගත හැකි ප්‍රමාණයටපමණක් සිසුන් යොදන ලෙසත්, පාසල් ආරම්භයේ දී හෝ අවසානයේ දීත් ඒකරාශි වීමට හෝ කණ්ඩායම් ගැසීමට ඉඩ නොතබන ලෙසත් දැනුම් දී තිබේ.
 
සිසුන් දෙදෙනෙකු අතර පරතරය මීටර් එකක් දුරස්ථ ලෙස තබා ගැනීම සඳහා ඩෙල් පුටු හා  පන්ති කාමරය සකස් කර ගන්නැයි ද පන්ති කාමරයේ ප්‍රමාණ්‍ය අනුව යෙදිය හැකි උපරිම සංඛ්‍යාව ඉක්මවා නොයන පරිදි කටයුතු කරන්නැයි ද පාසල් ප්‍රධානීන් වෙත දන්වා ඇත.
 
පාසල් විද්‍යා පරික්ෂණ සහ දන්ත සායන නැවත දැනුම් දෙන තුරු නොපවත්වන ලෙසත් රැස්වීම් ස්පර්ශගත ක්‍රීඩා අධ්‍යාපන චාරිකා, ස්පර්ශගත විෂ්‍ය භාර ක්‍රියාකාරකම් හෝ සිසුන් කණ්ඩායම් ලෙස ඒකරාශි විය හැකි අවස්ථා වැළැක්වීමටත් කටයුතු කරන ලෙස ද පාසල් ප්‍රධානීන් ට දැනුම් දී තිබේ.
පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යාම සඳහා සිසුන් ගමන් ගතයුතු දිශාව ඊතල මගින් පෙන්වා දීම හා එකිනෙකා ස්පර්ශ වීමට ඇති අවස්ථාවන් අවම කිරීමට ද කටයුතු කරන්නැයි එම උපදෙස්වල සඳහන් ව ඇත. 

වැසිකිල කැසිකිලි භාවිතයේ දී මීටර් එකක දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු බැවින් එක් සිසුවකු වැසිකිලි කැසිකිලි භාවිතයෙන් පසු පිටතට පැමිණි පසු තවත් අයෙක් එහි යායුතු බවට සිසුන් දැනුවත් කරන්නැයි ද වැසිකිලි වැඩි සංඛ්‍යාවක් ඇති විට පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට සිසුන්ට උපදෙස් දෙන්නැයි ද පාසල් බලධාරින්ට උපදෙස් දී තිබේ.
 
අත්‍යවශ්‍ය අවස්ථාවක දී කාර්ය මණ්ඩලය සඳහා පමණක් රැස්වීම් පැවැත්වීම හා සාකච්ඡා සංවිධානය කිරීම හා එවන් අවස්ථාවල දී දුරස්ථභාවය රැකෙන පරිදි අසුන් පැනවීම සිදුකරන ලෙසත් එම උපදෙස්වල සඳහන් වේ.
 
මව්පියන් පාසල් ගේට්ටුව අසල රැඳී සිටීමෙන් වළක්වා ගැනීමටසහ වරකට මව්පියන්ගෙන් එක් අයෙක් පමණක් පාසලට එන ලෙස දැන්වීමට ද කටයුතු කරන්නැයි පාසල් බලධාරින්ට උපදෙස් දී තිබේ.
 

 



අදහස් (9)

‘පාසල් විවේක කාලය වෙන වෙනම ලබාදෙන්න’

saman Sunday, 14 June 2020 01:51 PM

පන්ති කාමරයක තියෙන අත්‍යවශ්‍ය දේ සමග මීටරයේ පරතරයට ඩෙස්පුටු තිබ්බොත් ළමයි දාන්න වෙන්නේ බාගයයි.. ඔය එක නීතියක්වත් ප්‍රායෝගික නැහැ. ඔය නීති නිසා නම් කොරෝනා පාලනය වෙන්නේ නැහැ. තව ටික කලක් ගිහින් පාසල් පටන් ගත්තා නම් මොකද වෙන්නේ..?

:       164       384

දිමුත්Monday, 15 June 2020 04:47 AM

ඔබ හරි. මොවුන් සිතා සිටින්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සෑහෙන පහසුකම් ලබාදීලා වගේ...

:       11       49

Mahesh Sunday, 14 June 2020 09:35 PM

මේක විකාරයක්. පන්තියක උපරිම සීමාව 35ක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරලා තිබුණාම එය උල්ලංඝනය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයයි. සාමාන්‍ය ක්‍රමයට අඟලක පරතරය තියා ගන්න බැරිව ඉන්න කොට කොහොමද මීටරයක පරතරය තියාගන්නේ.., අමාත්‍යාංශයෙ උපදෙස් විහිළු සහගතයි. උපදෙස් වල හැටියට එක් පන්තියක ළමුන් දාන්න දැන් තියෙන ආකාරයේ පන්ති 2ක් වත් අවශ්‍යයි. එතකොට සෑම පාසලකටම දැන් තියෙනවා වගේ දෙගුණයක් පන්ති හා අවශ්‍ය උපකරණ ඔනේවෙනවා. හැබැයි අමාත්‍යාංශයට පොඩ්ඩක් ක්‍රියේටිව් විදියට හිතුවා නම් අවම වශයෙන් පාසල කණ්ඩායම් 2කට බෙදා සතියට දින 3ක්, සවස 4 වෙනකන්, සෙනසුරාදා ඇතුලුව පාසැල් පැවැත්විය යුතුයි. එවිට ගුරුවරුන්ට අමතර ගෙවීමක්ට ගෙවන්න වෙයි. ඉගැන්වීමේ ගුණාත්මක බව අමාත්‍යාංශය අධීක්ෂණය කළ යුතුයි. ටියුෂන් ගුරුවරු මේ වැඩපිළිවෙල කොහොම හරි කඩාකප්පල් කරන්න උත්සාහ කරයි. එහෙම කඩාකප්පල් කරන විදියේ වැඩපිළිවෙලක් ආවොත්, පරණ ටියුෂන් ඔස්තාර්ලාත් සපෝට් එකට බලයේ ඉන්නවනේ. හැබැයි අධ්‍යාපනයේ වෙනසකටත් හොඳ අවස්ථාවක් මේක...

:       2       42

rajeewa Monday, 15 June 2020 02:10 AM

ඇත්තටම මේ වගේ ප්‍රායෝගික නැති තීන්දු තීරණ ගන්නේ වැස්සකටවත් ලංකාවේ පාසලකට ගොඩවෙලා නැති අයම වෙන්න ඕනේ...

:       46       108

Pradeep Monday, 15 June 2020 03:25 AM

අදහස නම් අගනේය... නමුත් අපේ පාසැල් වල ඒ සඳහා පහසුකම් තිබේදැයි ඔබලා විමසුවේද..? මීටරයක පරතරකයට සිසුන් ඇතුළත් කරන්නේ නම් පන්ති කාමරයකට ඇතුළත් කල හැකි උපරිම සිසුන් ගණන 10ක් හෝ 12ක් වැනි ගණනකි. සාමාන්‍යයෙන් එක් පන්ති කාමරයක සිසුන් 40ක් 45ක් පමණ සිටිති. එවිට අනිකුත් සිසුන්ට සිදුවන්නේ කුමක්ද? වැසිකිලි සහ කැසිකිලි පහසුකම්ද එසේමය. බොහොමයක් පාසැල්වලට සාමාන්‍ය තත්වයෙදීත් අවශ්‍ය තරමට එම පහසුකම් නැත. (නාගරික සහ ජනප්‍රිය නොවන පාසැල්) වැඩ පිලිවෙල විවේචනය කරනවා නොව ගැටළුකාරී තත්වයන් පෙන්වාදීමට ගත් හුදු උත්සාහයක් පමණි. අපටද අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් පාසැල් විවෘත කරනවා දැකීමයි.

:       4       17

සුජිත් Monday, 15 June 2020 05:42 AM

අදහස හොඳයි. එමනිසා පංති කාමර ඉඩ මදි නිසා සෙනසුරාදා දවසත් පාසල් පවත්වා තතදබදය අඩු කළානම් හොඳයි නේද?

:       8       1

Lion Monday, 15 June 2020 06:44 AM

මේවා වෙන්නේ නැති වැඩ... මේ නීති පනවන ආණ්ඩුවත් දන්නවා. ඒවා නොකෙරෙන වැඩ කියලා. අපි උපදෙස් දුන්නා කියන්න තමයි මේ බොරු කියන්නේ. අද මම දැක්කා රාගමදී කොළඹට යන කෝච්චිය හරක් පටවලා වගේ. මොන මීටරේද? එකා පිට එකා... මේ වගේ බොරු කියන බොරුවෙන්ම ජීවත් වන රටක් මම දැකලා නැත.

:       7       21

Kuma Monday, 15 June 2020 07:22 AM

ඇතැම් පාසල්වල ගිලන් කාමර තබා ළමුන්ට ඉගෙන ගැනීමට හිසට වහලක් සහිත පංති කාමරවත් නැහැ..

:       2       87

විපරමා Monday, 15 June 2020 10:34 AM

මහඅයට කියන්න ලෙහෙසියි. කිසිම පහසුකමක් නැති පාසල් මේ රටේ මොනතරම් තියෙනවද?

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 31 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 100 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 525 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 36 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 196 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 177 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site