IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දෙනවා’

(අංජුල මහික වීරරත්න)
 
ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් වූ පසු ඊට වගකිව යුකු පුද්ගලයන් කුමන තරාතිරමකට අයත් වුවද දැඩි දඬුවම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද(21) පැවසීය.
 
වැරදිකරුවන්ට උපරිම නීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය බලතල ආරක්ෂක අංශවලට ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනපති සමඟ තමා විශේෂ සාකච්ඡාවක් කළ බව කී අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවට ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් සහභාගී වූ බවද සඳහන් කළේය.
 
මේ මොහොතේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පති වෙතත් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙම අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් ලෙස ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා පොලිස් පරීක්ෂණ අවසන් වූ සැණින් සිද්ධියේ සුළමුල සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.
 
කොළඹ අරලිය මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.



අදහස් (28)

‘ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දෙනවා’

චන්දා Sunday, 21 April 2019 10:41 AM

මටත් පුළුවන් පෙරහැර ගියාට පස්සේ අලි බෙටි එකතු කරන්න

:       0       0

පිටිගල මිලානෝ Sunday, 21 April 2019 10:42 AM

වැරදිකාරයෙක් අහුවුනාම දඬුවම් දීම අධිකරණය බලාගනියි. දඬුවම් නියම කරන්න ඔබ කවුද? දැන්වත් හිතාමතාම අඬු කඩලා නැති කරලා දාපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රති ස්ථාපනය කරන්න. ඕනෑම රටක තිබෙන වැදගත්ම ආරක්ෂක වළල්ල රාජ්‍ය බුද්ධි අංශයයි. මේ ගොල්ලෝ ඒක නැතිකළ එකේ පල විපාක විඳින්නේ අහිංසක ජනතාව. ත්‍රස්තවාදය තිබුන කාලේවත් මෙහෙම දේවල් වුනේ නැහැ.

:       0       0

Bandara Sunday, 21 April 2019 10:47 AM

දැන්වත් නින්දෙන් නැගිටින්න. බුද්ධි අංශ අඩපණ නොකරන්න.

:       0       0

සේන Sunday, 21 April 2019 10:47 AM

ඔව් ඔව්.. අවුරුද්දක්වත් හිරේ දාන්නම ඕන.

:       0       0

banda Sunday, 21 April 2019 10:54 AM

ඇත්තටම ඔබතුමාට රටේ බුද්ධි අංශ අවුල්ද?

:       0       0

banda Sunday, 21 April 2019 10:56 AM

අපට ඕන ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න. රටේ තිබුණු ආරක්ෂාවට මොකද වුනේ?

:       0       0

sam Sunday, 21 April 2019 10:57 AM

2015 සිට පොලිස් පරීක්ෂණ අවසන් වූ වැරදි කරුවන්ට දඬුවම් දුන්නා වාගේ ???

:       0       0

Ruhunu Sunday, 21 April 2019 11:00 AM

ඔබතුමන්ලා හැමදාම දඬුවම් දුන්නේ කටින් මිස ක්‍රියාවෙන් නෙවෙයි. අන්න එකයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ.

:       0       0

Raveendra Sunday, 21 April 2019 11:11 AM

හා හා මෙයාගේ දැඩි දඩුවම්...

:       0       0

Athula K Sunday, 21 April 2019 11:15 AM

මහබැංකු කොල්ලයට සම්බන්ධ අයට දැඩි දඬුවම් දුන්නා වගේද දන්නේ නෑ?

:       0       14

Amra Sunday, 21 April 2019 11:18 AM

ප්‍රහාර ඇතිවන්න කලිනුයි නවතා ගත යුත්තේ...

:       0       0

Chamal Sunday, 21 April 2019 11:22 AM

එතකොට ඡන්දේ අඩු වෙයි. බලාගෙන

:       0       0

Rata Perata Sunday, 21 April 2019 11:36 AM

ගිය ආණ්ඩුවේ හොරුන්ටත් ඕකම තමා කරනවා කිව්වේ. කතාව නවත්තලා වැඩේ කරලා පෙන්නන්න. අපි ඡන්දෙ දීලා යවලා තියෙන්නේ ඒකටයි.

:       0       0

Akila Sunday, 21 April 2019 12:26 PM

මේ ප්‍රහාරයට ලොකුම වගකියයුත්තන් තමයි ආණ්ඩුව, සහ බුද්ධි අංශය මෙච්චර විශාල ප්‍රහාරයක් විශාල පිරිසක් එකතු වෙලා කරනකන් අපේ බුද්ධි අංශ නිදාගෙන හිටියද ?

:       238       1113

සේන Sunday, 21 April 2019 01:18 PM

රට අනාරක්ෂිත වුණේ ඕනවට වැඩිය ත්‍රස්තවාදය හුරතල් කරන්න ගිහින්.

:       218       714

Nuwan Sunday, 21 April 2019 02:00 PM

මොන උත්තරද මහත්තයෝ?

:       0       0

Ariyathilaka Sunday, 21 April 2019 02:28 PM

කණ්නාඩියක් ඉදිරියට ගියානම් නිසකව සොයාගත හැකියි

:       0       24

saman wimala Sunday, 21 April 2019 02:40 PM

වග කිවයුත්තෙ කව්දැයි දැනගන්න කන්නාඩියක් ඉදිරියට යන්න. එතකොට පෙනේවි වග කිවයුත්තේ කව්ද කියල.

:       0       0

Rane Sunday, 21 April 2019 02:43 PM

අනේද කියන්නේ ? දැන් ඉස්තාලේ වහන්නයි හදන්නේ එහෙනම් ..

:       0       0

Jamal Sunday, 21 April 2019 03:09 PM

ඔව් ඔව්, දෙයි දැන් කී දෙනෙකුට දුන්නද?

:       0       0

Nihal Sunday, 21 April 2019 03:14 PM

ඔබ තුමා හැමදෙයක්ම “දෙනවා “ කියල කියනවනේ

:       0       0

Nuwan Sunday, 21 April 2019 03:18 PM

දැන් තියෙන්නේ කටින් බතල කොළ හිටවන එක තමා.

:       0       0

Mangala Sunday, 21 April 2019 03:26 PM

අකිල නින්දෙන් ඇහැරිලාද කථාකරන්නේ? බුද්ධි අංශය හිරේ. එලියේ ඉන්න බුද්ධි අංශයේ සෙට් එක වැඩට බහින්නේ නැහැ ආණ්ඩුවේ පරිප්පු කන්න බැරි නිසා. ආණ්ඩුව මේ වගේ ගොන් පාට් දාන්නේ තමන් අවට වෙනදේ ගැන මෙලෝහසරක් දන්නේ නැතුව කියවන අය නිසා තමයි...

:       0       0

Aris Sunday, 21 April 2019 04:03 PM

රටේ ආරක්ෂාව නොකඩවා පවත්වාගෙන ගියානම් මෙවැනි දේවල් වෙන්නේ නැහැනේ. යුද්දයක් තිබුනත් නැතත් හමුදා, පොලිසී, බුද්ධි අංශ දියුණු කල යුතුයි.

:       0       0

Aris Sunday, 21 April 2019 04:03 PM

රටේ ආරක්ෂාව නොකඩවා පවත්වාගෙන ගියානම් මෙවැනි දේවල් වෙන්නේ නැහැනේ. යුද්දයක් තිබුණත් නැතත් හමුදා, පොලිසී, බුද්ධි අංශ දියුණු කල යුතුයි.

:       0       0

ranjith Sunday, 21 April 2019 04:06 PM

මහා බැංකුවේ හොරුන්ටත් කුමන තරාතිරමකට අයත් වුවද දැඩි දඬුවම් ලබා දෙන්න පුලුවන්ද ?? ඔබට බාරදුන්නේ ත්‍රස්තවාදයෙන් තොර රටක් නේද? දඬුවම් දෙන එකත් කුලියාපිටියේ වොක්ෂ්වැගන් ෆැක්ටරිය වගේ වෙයිද ?

:       0       0

Rupawathie Monday, 22 April 2019 04:07 AM

මොකද්ද ඉතින් දැඩි දඩුවම ? ජීවිත කාලෙටම අපිනේ ඒ අයව ජීවත් කරන්න ඕනේ??

:       0       0

aysha Monday, 22 April 2019 06:04 AM

රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව ගැන තුට්ටුවකටවත් නොහිතා දේශපාලන බල අරගල වෙනුවෙන්, තම තමන්ගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් එක එකා හඩ නගනවා මිසක ජාතියක් ලෙස එක් වී රට එක්සේසත් කිරීමට කිසිවෙක් කටයුතු කරන්නේ නැත. ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දකිනවා. දුකයි රටට වෙලා තියෙන දේ දැක්කාම. මෙයට සිම්බන්ධ සියලු දෙනාටම දැඩි දඩුවම් පැමිණිවිය යුතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 63 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 124 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 593 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 190 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 863 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 899 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site