IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘පළාත් සභා මැතිවරණය මාර්තු අවසානයේ’ - අතිරේක සොලිසිටර් ජනරාල්

(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)

ලබන වසරේ මාර්තු මාසය අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නාය.

සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත වු වහාම මැතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය ඇති බවද පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල් ද සිල්වා මහත්මිය පළාත් සභාවල කාලය අවසන් වීමක් මිස පෙත්සම්කරුවන් පවසන පරිදි පළාත් සභා මැතිවරණය කල් දැමීමක් සිදුවී නැතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.
 
අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, සිසිර ද අබෲ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සළකා බැලිණි.
 
ඕමාරේ කස්සප හිමි, සබරගමුව පළාත් සභා මන්තී‍්‍ර කාංචන ජයරත්න, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍ය ජී.ඇල්. පීරීස් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පලාන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ නීතීපතිවරයා නම් කොට ඇත.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් වැඩිදුර  සළකා බැලීම සඳහා ලබන 17 වැනිදා දක්වා කල් තබන ලදී.



අදහස් (2)

‘පළාත් සභා මැතිවරණය මාර්තු අවසානයේ’ - අතිරේක සොලිසිටර් ජනරාල්

vipula Tuesday, 12 December 2017 03:09 AM

"බාල ගිරිය මේ මස නොවේ එන මස වේ" යයි වෙනස් වීමට කාලය පැමිණ ඇත

:       0       1

Muhan Tuesday, 12 December 2017 11:11 AM

බලන් ඉන්න මාර්තුවේම තියෙනකම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 8 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 26 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 82 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 399 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 171 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 108 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site