(දීපාල් ද සිල්වා)
පළාත් සභා මැතිවරණය ප්‍රමාද කරන්නේ දැනට මහජන නියෝජිත ආයතනවල සිටින අයට දෙවැනි තැන ලැබේවි යයි සිතා බවත්, පළාත් සභා මැතිවරණය කල් දමන සැබෑ හේතුව එය බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොස්ගොඩදී පැවසිය.
"මැතිවරණ පැවැත්වීම ගැන බොහොම රාවයක් තියෙන මේ වෙලාවේ අපි විමසා සිටින්නේ පළාත් සභා ඡන්ද විමසීම තියෙන එක ගැන තමයි. පළාත් සභා ඡන්ද විමසිම ප්‍රමාද කරන්නේ, අපට පේන විදියට, සියලුම දැනට මහජන නියෝජිත ආයතවල ඉන්න අය හිතනවා දෙවැනි පෙළක් එන එක හොඳ නෑ කියලා."
"මට හිතෙන්නේ දැන් මේකට ඔක්කොම විරුද්ධ වෙලා තියෙන්නෙ වෙන හේතුවක් හින්ද නෙමෙයි. නොතියන්නෙ දෙවැනි පෙළක් ඉස්සරහට එයි කියලා බයට වෙන්ට ඕනේ. නැත්තම් කිසිම හේතුවක් නෑ පළාත් සභා ඡන්දේ කල්දාන්න" යැයි ඒ මහතා පැවසිය.
ලෝක කැස්බෑ දිනය වෙනුවෙන් කොස්ගොඩ ගල්බොක්ක කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 500 ක් මූහුදට නිදහස් කිරිමේ අවස්ථාවට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘පළාත් සභා මැතිවරණය කල්දාන්නේ දෙවැනි පෙළට බය හින්දයි’
Ranga Monday, 17 June 2019 04:36 AM
දෙවනි පෙළ කතන්දරයක් නෙවෙයි, ආණ්ඩුව ඡන්දෙන් පරදිනවට බයේ
sharm warn Monday, 17 June 2019 06:46 AM
හරියට හරි .. ඉන්න 225 ම දන්නවා තව පාරක් රට කන්න තියෙන චාන්ස් එක බොහොම හීනි එකක් කියලා . ඒ නිසා පුළුවන් තරම් අල්ලාගෙන ඉන්න ගමන් ගන්න පුළුවන් සේරම කුට්ටි ටික කඩා ගන්න තමයි බලන්නේ .
de silva Monday, 17 June 2019 07:25 AM
දෙවන පෙළ නොවේ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න එකෙකුටවත් ලබන සැරේ මනාපේ ගහන්න හොඳ නැහැ .
Nandalal DE SILVA - France Monday, 17 June 2019 07:46 AM
කැස්බෑවන් සහ දේශපාලනය අතර තිබෙන සම්බන්දය කුමක්ද? මැතිවරණ කොමිසමේ සභාපති නිදහස් ස්වාධීන පුද්ගලයෙක් හැටියට හිඳිමින් කරන මේ කැස්බෑකටු කතාව ඔහුගේ තත්වයට ගැලපෙන්නේ නැහැ.
Amila Monday, 17 June 2019 12:03 PM
සල්ලි කාබාසිනියා කරන පළාත් සභාව ඔහොම්ම හිරවුණු එක රටට වුණු සෙතක්...