IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘නාහිමිවරුන්ගේ අනුශාසනා අනුව අපි නිවෙනවා‘ - ඥානසාර හිමියෝ කියති

(චමිල් රූපසිංහ)

රජය ඇතිවි ඇති ප්‍රශ්නවලට ඇහුම්කම් නොදෙන බවත් ඒවාට විසඳුමක් දිය නොහැකිව කට්ටි පනිමින් ඒවාට කතා කරන අය අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

ඒ හිමියන් මෙසේ පැවැසුයේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක් උන්වහන්සේ හමුවු අවස්ථාවේදීය.

සොරා පෙන්වා දෙන විට සොරා පෙන්වු කෙනා පසුපස රජය පන්වන බවත් සියලු දේ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත්  බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ඥානසාර හිමියෝ එහිදි පැවැසුහ.

‘‘නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා අනුව මින් පසු අප නිවෙනවා වගේම සමාජයත් නිවනවා. අපි සමාජයේ කෑ නොගහා අපි සතුව ඇති තොරතුරු මහානායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවලට ඉදිරිපත් කරනවා. ඉන් පස්සෙ ඒ කාරණා නායක හිමිවරුන් හමුවන්නට එන දේශපාලකයන්ට ඉදිරිපත් කරන්න පුළුවන්‘‘ යැයි ද ඥානසාර හිමියෝ සිරිවිමල හිමියන්ට එහිදී පැවසූහ.



අදහස් (25)

‘නාහිමිවරුන්ගේ අනුශාසනා අනුව අපි නිවෙනවා‘ - ඥානසාර හිමියෝ කියති

ලුම්බිණි Friday, 23 June 2017 05:40 AM

නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා අනුව කලින්ම නිවුන නම් මේ ප්‍රශ්න නැහැ නේද?

:       2134       1557

Gayan Friday, 23 June 2017 11:46 AM

ඔහොමවත් සිංහලයන්ට වෙන අසාධාරණ කම් මිනිස්සුන්ට දැනගන්නට ලැබුණේ උන්වහන්සේලා නිසායි. ඒත් තාම තේරීලා නෑ සමහරුන්ට නම්....

:       537       1214

PA-RA Friday, 23 June 2017 06:19 AM

සෞදියේත් ආගමික නායකයින්ගේ අදහස් වලට රජය වගේම ඔටුනු පලදී රජාත්, ඇහුම්කන් දෙනවා වගේම පිලි පදිනවා, එමනිසා එමරටේ පැවෙත්මට කිසිම බාදාවක් නැහැ, ලංකවේ එහෙමෙ කරන්න බැහැනේ අරයගෙ මෙයාගේ චන්ද කැඩෙනවනේ ....

:       385       682

pitigala Friday, 23 June 2017 06:42 AM

හාමුදුරුවන්ට මේ ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට රටක් ජාතියක් ආගමක් ගැන නිනව්වක් නැහැ. බලයේ ඉන්දීමට ඕනෑම පහත වැඩක් කරාවි.

:       1005       1256

tarzanFriday, 23 June 2017 09:06 AM

කලින් ආණ්ඩුව නම් කන් දුන්නා ... මගේ හිතේ.... තව ඕනේ නම් කියන්න උදාහරණ දෙන්නම්...

:       544       314

uddikaTuesday, 04 July 2017 03:08 AM

කලින් ආණ්ඩුව ගැන වැඩක් නැහැනේ. මේ ආණ්ඩුව පත් කලේ කලින් ආණ්ඩුව කලින් කාන්දුව කියලා උදපනින්න නෙමෙයි.

:       0       0

srimala Friday, 23 June 2017 06:53 AM

නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා අනුව රටේ අධිකරණයත් නිවෙනවා වගේ. උසාවියකට අපහාස කිරීම ගැන එම උසවියේම මහේස්ත්‍රාත් තුමා ගොනුකළ නඩුවත් නිවිලා වගේ. එතකොට රටේ සැබෑ නීතිය කුමක්ද ?

:       24       7

samayan Friday, 23 June 2017 07:31 AM

ලුම්බිණි,,, දන්න මගුලක් කතා කරන්න

:       19       1

අබ්දුල් රාසික්Wednesday, 28 June 2017 01:44 PM

ඇයි සමයන්,... ලුම්බිණි කියල තියෙන දෙය වරදක්ද? එය හැරි නැහැයි කියන්නේ කෙලින්ම රටේ ප්‍රශ්න වැඩිවෙලා මිනී මරාගෙන ජීවත් වෙන්න ඉඩ පහසුකම් සලසන NGO කාරයින්ගේ මුදල් වලින් ජීවත් වෙන, දේශපාලකයින්ට කඩේ යන, අයට නම් ඉතින් වැරදි වගේ තමා පෙනෙන්නේ....

:       145       9

Deepal Nirosh Friday, 23 June 2017 07:41 AM

අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේත දේශනා කර වදාළේ “ලෝකයා නිවැරදි කරන්න යන්න එපා, තමා විසින්ම ධර්මාවබෝධය කරගෙන නිවී යන්න“ කියලා. මේ හාමුදුරුවන් වහන්සේටත් එය අවබෝධ වීම බුද්ධාලම්බන ප්‍රීතියට කරුණක්.

:       85       3

sanath Friday, 23 June 2017 08:30 AM

මෙවැනි පුවත් පලකරන්න කියලා මම ඉල්ලා සිටිනවා...

:       0       40

tony-maharagama Friday, 23 June 2017 10:36 AM

එතකොට මෙතුවක්කල් මුස්ලිම් පල්ලිවලට සහ කඩවලට වුණු හානිවලට කවුද වග කියන්නේ..? වුනේ.. මහජාතියට නෙමේ නිසා ගණන් ගන්න ඕනේ නැද්ද..? රටේ අපරාධ ගැන, මිනීමැරුම් ගැන ඔය මහා ඇත්තොන්ටත් වගේ වගක් නැහැ නේද? මෙවැනි නිවේදන නිකුත් කරනවානම්, තමන්ගේ බලය අනිසි සහ අසාධාරණ ලෙස යොදා ගන්නවනම්.., රට ආයෙමත් ලේ විලකට ඇද යන්න අනියමින් හෝ උදවු කරනවානම්, ශාසනයටත් "දෙයියන්ගේම පිහිටයි".

:       251       263

Gayan Friday, 23 June 2017 11:35 AM

මුස්ලිම් පල්ලි වලට නෙවෙයි බෞද්ධ ස්ථාන වලටයි හානි වුණේ. කුරගල, මුහුදු මහා විහාරය වගේම ඩෝසර් කරපු බෞද්ධ විහාර.... ඒවා ගැනයි මේ කියන්නේ....තවත් තියෙනවා. සිංහල මිනිසුන් පල්ලි විනාශ කරන්නේ නැහැ. ඒත් දැන් අහනවා පල්ලි වලට වග කියන්නෙ කවුද කියලා.... ඔහොම ගියොත් කාට කාටත් වග කියා ගන්න වෙයි.

:       189       333

yoganaFriday, 23 June 2017 02:45 PM

නැගෙනහිර සහ උතුරේ විහාරගම්, විල්පත්තු සහ තවත් අක්කර දහස් ගණන් බෞද්ධ දේපොළ ආක්‍රමණය කරන කොට නීතියත් බෞද්ධ නායකයෝත් කුමක්ද කරන්නේ? අරාබි සල්ලි බලෙන් මෙරට අන්තවාදීන් ශක්තිමත් කර මෙරට වෙළඳ බලය ඇල්ලීමට උත්සාහ දරන දීර්ඝ කාලින සැලසුම් දැන්ම තහනම් හෝ විනාශ කරන්න.

:       122       229

prasad Friday, 23 June 2017 02:35 PM

ටෝනි, අපි නම් දන්නේ පන්සල් විනාස කරන බවයි. ඔබේ තියෙන දුක ගැන අපටත් දුකයි. කඩාදමන ලද පල්ලි ඇත්නම් අපටත් ෆොටෝ පෙන්නන්න. මෙයත් සමාජ උවදුරකි.

:       128       153

nimallalitha Friday, 23 June 2017 04:34 PM

මහරගම ටෝනි හොඳට ඇස් දෙක අැරගෙන උතුර සහ නැගෙනහිර ගිහිල්ල බලන්න. ඒ ගමන් විසේශයෙන් කත්තන්කුදියත් බලන්න.

:       0       52

saleeth Saturday, 24 June 2017 01:55 AM

මෙහෙම නිවෙන තරමට වෙන්නේ මේ හාමුදුරුවන්ට යහපතක්මයි....

:       0       9

Sanwan Saturday, 24 June 2017 05:10 AM

යහපාලනය බොරුවෙන් රජ කරවීමට බටහිර සහ ඉන්දියාව සමග එකතුවී කරණ කුමන්ත්‍රණය නම් පැහැදිලියි. ඥානසාර හිමියන් වෙනුවෙන් කවුරුවත් කටයුතු කරන්නේද නැත.

:       42       99

npathirana Saturday, 24 June 2017 08:48 AM

කොයිතරම් හොඳද? කලහකාරීව ප්‍රශ්න විසඳන්න අමාරු වගේම ලොකු හානියකුත් වෙනවා. ලැබෙන දේට වඩා නැතිවෙන දේ වැඩියි. අවිහිංසාවෙන් උත්සාහ කරමු කොච්චර කල් ගියත්.... එත් හිරිහැර කිරීම කිසිම ජාතියක්, ආගමක් පිළිගන්නේ නැහැ.

:       0       3

sena Sunday, 25 June 2017 12:13 PM

මහනායක හාමුදුරුවරු බොහෝවිට ජාතික ප්‍රශ්නවලදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ... අනික රජය මහනායක හාමුදුරුවරුන්ට ඇහුම්කන් නොදෙන අවස්ථාවලදී උන්වහන්සේලා නිකම්ම ඉන්නවා. මේ විදිහට විසඳන්න පුළුවන් තත්වයක නෙවෙයි සිංහල බෞද්ධ ප්‍රශ්නය තිබෙන්නේ....

:       1       5

සුසන්ත Sunday, 25 June 2017 02:09 PM

ඇත්තටම ඒක හොඳයි.ආවේගශීලීව ගැටෙන්න ගියාම නැති ප්‍රශ්ණ ඇතිවෙන එකයි වෙන්නෙ.දෙමළ ඩයස්පෝරාව සිංහලයන් ගැන ලෝකෙ පුරාම වැරදි මතයක් පතුරවලා තියෙන වෙලාවේ ගැටුම් ඇතිකර ගන්න එකෙන් වෙන්නෙ ඒක තහවුරු වෙන එකයි.මේ ආක්‍රමණයට මුහුණ දෙන්න නම් අපි ජාතියක් විදිහට එකතු වෙන්න ඕන.ජාතිය ආගම සංස්කෘතිය රට ගැන හැඟීමක් ඇතිව ප්‍රතිපත්ති ගරුකව කටයුතු කළ යුතුයි.

:       0       49

mangala welarathna Monday, 26 June 2017 04:56 AM

කූඩැල්ලාට මෙට්ටේ හරියන්නේ නැහැ කිව්වලුනේ...

:       0       1

kumar (galf) Wednesday, 28 June 2017 12:23 PM

මෙයාලා නිවන්න වතුර බවුසර් ගණන් දාලත් මදි, ඒ මොකෝ මෙයාලා රෑට හොඳට රත්වෙන්න බොනවනේ....

:       52       2

sanab Sunday, 02 July 2017 10:12 AM

නිවෙන්නේ තියෙන භය නිසා බව පොඩි ළමයිනුත් දන්නවා. හැබැයි ඥානසාර හාමුදුරුවෝ වගේ කෙනෙක් ලංකාවේ ඉන්න එකත් හොඳයි.

:       1       57

sajeewa Tuesday, 04 July 2017 12:10 PM

අනේ මන්දා දැන්නම් ඉතින් මෙහෙමත් කියන්නත් පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට සවස වැසි
2024 අප්‍රේල් මස 18 0 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ:පොලිස් නිලධාරියෙකුට තුවාල
2024 අප්‍රේල් මස 18 34 0

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත.


ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 1189 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 1165 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1325 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 499 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 183 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site