IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘නාලක සිල්වා අත්අඩංගුවට ගන්න තරම් දෙයක් හඬපටවල නෑ’

(ඩයනා උදයංගනී)
          
දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා විසින් ඉදිරිපත් කර ඇති හඬපටවල ඇති කටහඬ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ බව රස පරීක්‍ෂකවරයා විසින් තහවුරු කර ඇති නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් දෙයක් එම හඬපටවල නැතැයි සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


ඝාතන කුමන්ත‍්‍රණයක් හෝ බරපතල වෙනත් කිසිවක් එම හඬපටයන්හි ඇතුළත්ව නොමැති බව ද සම කැබිනට් ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.


හඬපටයක කටහඬ තහවුරු වූ පලියට පුද්ගලයකු අත්අඩංගුවට ගත නොහැකි බව ද අමාත්‍යවරයා කීවේය. 


අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.


ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් ඇති බව කියමින් එම හඬපට ඉදිරිපත් කළ තැනැත්තා පොලීසියට ඔත්තු සපයමින් මුදල් ලබාගත් අයෙකු බව කී ඇමති රාජිත සේනාරත්න මහතා ඔහුට ලැබිය යුතු මුදලක් නොලැබීම නිසා ඇති වූ කෝපය හේතුවෙන් මෙම හඬපට ඉදිරිපත් කර ඇතැයි ද ප‍්‍රකාශ කළේය.


මීට පෙර කිසිවෙකුත් නොදුටු අයෙක් හෝ පැමිණ දූෂණ විරෝධී බළකාය නමින් පුවරුවක් සවිකරගෙන මාධ්‍ය හමුවක් පැවැත්වූ විට එය බලවේගයක් කරන්නේ මාධ්‍ය විසින් බවද ඇමැතිවරයා සඳහන් කළේය.



අදහස් (14)

‘නාලක සිල්වා අත්අඩංගුවට ගන්න තරම් දෙයක් හඬපටවල නෑ’

gunarathna Wednesday, 17 October 2018 11:40 AM

ඕකේ ඔය කියන තරම් වැදගත් දෙයක් නැහැ තමයි. තියෙන්නේ මෛත්‍රීව මරන්න හදපු එකනේ. ඔන්න රනිල්ව මරන්න හැදුවානම් රාජිත උඩපනින්නේ කොහොමද කියලා බලාගන්න තිබුණා. මෛත්‍රී මරන්න දෙයක් නැහැ... දැනුත් ඉන්නේ මැරිලා වගේනේ...

:       125       514

රවින් Wednesday, 17 October 2018 12:43 PM

මෙය පොලිස් විෂයභාර ඇමතිවරයාගේ, පොලිස් කොමිෂමේ හා අධිකරණ ක්‍රියාවලියේ කොටසක්... එහෙයින් ප්‍රකාශ නිකුත් කිරීමෙන් එම ක්‍රියාවලියට බාධාවිය නොහැකිද?

:       64       199

Dil Wednesday, 17 October 2018 12:49 PM

දතාට නම් මොලේ කචල්. අංගොඩට තමා යවන්න ඕනේ.

:       119       923

සනත් ඉතාලිය Wednesday, 17 October 2018 01:24 PM

මෙයා කොහොමද හඬ පට අහන්නේ ඒවා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු දේවල්නේ ඔන්න යහපලානේ වැඩ

:       114       348

dasa Wednesday, 17 October 2018 02:20 PM

ඔබතුමාලම නේද කිව්වේ හඬ පටයත් බොරු එකක් කියලා. දැන් හඬ පටය ඇත්ත... ඝාතන කුමන්ත්‍රණයක් එ්කේ ඇතුලේ නැහැ. තව කියන්න කියන්න. අපිට තියෙන්නේ අහගෙන ඉන්න.

:       0       0

chanaka Wednesday, 17 October 2018 02:24 PM

රටේ මිනිස්සුන්ගේ දත් ගලවන්න හරිම දක්ෂයි ..හැබැයි අල්ලස්, දූෂණ නඩු 14ට මුහුණ දෙන්න වෙනවා වෙනවාමයි.. කවදාහරි ආණ්ඩුව පෙරලුනොත්...

:       3       132

Bamunuarachchi Wednesday, 17 October 2018 02:51 PM

බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියා කියලා කතාවක් තිබෙනවානේ. නීතිපතිගේ වැඩේ සුවපති කරන්න යනවා කියලා එය වෙනස් කරමු.

:       0       315

Chaminda Wednesday, 17 October 2018 03:01 PM

පොලිස් කොමිසම නාලක සිල්වාගේ වැඩ තහනම් කරලා පිස්සු කියවනවා. ඉක්මනට ඡන්දයක් ආවා නම් මේ පිස්සන් ටික එලවන්න පුළුවන්..

:       0       125

අලුගුත්තේරුවා Wednesday, 17 October 2018 03:11 PM

මාධ්‍ය සාකච්ඡාවේදී නාමල් කුමාර කිව්වේ හඬ පටවල ඇති සියල්ල ජාතික ආරක්ෂාව සම්බන්ධ නිසා හෙළි කල නොහැකි බවයි.. මේ වගකිවයුතු ඇමතිවරයා රජය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ අර ප්‍රවෘත්ති විකාශයේ පෙන්නපු දේවල් දිහා විතරක් බලල වගේ.. ඇත්තටම මොකුත් නැත්තම් පොලිසිය කෙතරම් දේශපාලනීකරණය වී ඇත්දැයි දැන ගැනීමට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත.

:       48       541

අලුගුත්තේරුවා Wednesday, 17 October 2018 03:14 PM

පොලිසියේ දේවල් උසාවියට දාන්න කලින් දැනගන්න මෙයා DIG අනුර කුමාරද, රන්ජන්ද කියලා?

:       11       186

Mahee Wednesday, 17 October 2018 09:47 PM

කන කොකා ඉගිලෙන්න පටන් ගත් හැටියේම සුද පෙනෙයි. මෝඩයා කට ඇරිය හැටියේම කන කොකෙක් වෙයි.

:       0       1

rt Wednesday, 17 October 2018 09:49 PM

මේකෙන් එකත් තේරෙනවා............. මේ හඬපට ඇත්ත කියන එක..

:       0       0

angelo nugara Thursday, 18 October 2018 05:36 AM

රටේ පළමු පුරවැසියාට කරදරයක් කිරීමට සැලසුම්. මෙයාට ඡන්දේ දෙන අයට පිස්සු

:       0       0

CHINTHAKA Thursday, 18 October 2018 08:21 AM

යන්නේ කොහෙද? මල්ලේ පොල්

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 194 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 42 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 464 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1335 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3379 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 3602 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site