IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘නබිතුමාණන්ගේ ජීවිතාදර්ශය අපේ පාලන තන්ත්‍රයටත් ඕනා‘

(අංජුල මහික වීරරත්න)


යහපාලන රජය බලයට පත් වී ගෙවුණු තෙවසර තුළ දිනාගත් ප්‍රජාතන්ත්‍රීය හිමිකම්, මානව නිදහස සහ මානව ගරුත්වය විනාශ කරදමමින් දේශය වළපල්ලට ඇද දමන දරුණු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන මේ මොහොතේ වඩාත් නබිනායකතුමන්ගේ ජීවිතාදර්ශය අනුව කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නබි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 

එම සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි.


ආගමික, වාර්ගික, කුල මල, පන්ති, පාට ආදී වශයෙන් නොයෙක් ආකාර බෙදීම්වල ගොදුරු බවට පත් වී ඇති වත්මන් සමාජයට මුහම්මද් නබි නායකතුමන්ගේ ජීවිතයෙන් උගත හැකි පාඩම් බොහෝය. එතුමා ධර්මය ප්‍රායෝගිකව ජීවත් කරවූ සරල, අල්පේච්ඡ, යහපත් දිවි පැවැත්මක් සහිත, සාමාන්‍ය මිනිසුන් අතර සාමාන්‍ය මිනිසකු ලෙස දිවි ගෙවූ උතුම් ශාස්තෘවරයෙකි.  


පරම්පරා ගණනාවක් ගෝත්‍රික වශයෙන් බෙදී වෙන් වී ගැටුම්කාරී තත්ත්වයන් පැවති මැදපෙරදිග ජන සමාජය තුළ ධාර්මික පාලනයක් ඇතිකිරීමට හේතු වූයේ මුහම්මද් නබි නායකතුමාගේ ජීවන දර්ශනය සහ ධාර්මික පිලිවෙත්ය. ඉස්ලාම් දහම අනුව එතුමා දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් අවසාන නබිතුමාණන් ලෙස සැලකේ. 


නබිතුමාණන්ගේ ජීවිතාදර්ශය අප පාලන තන්ත්‍රයටත්, පොදු සමාජයටත් වඩාත් අවැසි මොහොතකි මේ. යහපාලන රජය බලයට පත් වී ගෙවුණු තෙවසර තුළ අපි දිනාගත් ප්‍රජාතන්ත්‍රීය හිමිකම්, මානව නිදහස සහ මානව ගරුත්වය විනාශ කරදමමින් දේශය වළපල්ලට ඇද දමන දරුණු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන මේ මොහොතේ අපි වඩ වඩාත් එතුමාගේ ජීවිතාදර්ශය අනුව කටයුතු කළ යුතු වෙමු. 


එකී උත්තරීතර වගකීම අත්නොහරිමින් මේ මොහොතේ ශිෂ්ටසම්පන්න සමාජයක්, සාමකාමී දේශයක් වෙනුවෙන් පෙනී සිටින සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙත මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමි. ඔබ අප වෙත තැබූ විශ්වාසය සුරැකීමට රජය ලෙස මෙන්ම එක්සත් ජාතික පෙරමුණ ලෙසද අප දිවි හිමියෙන් කැප වන බව ප්‍රකාශ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි. 


ශ්‍රී ලංකාවාසි සහෝදර මුස්ලිම් බැතිමතුන් ඇතුළු සකල ලෝකවාදී මුස්ලිම් ජනතාවට සුබ මිලාදුන් නබි උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි. 



අදහස් (9)

‘නබිතුමාණන්ගේ ජීවිතාදර්ශය අපේ පාලන තන්ත්‍රයටත් ඕනා‘

Nuwan Tuesday, 20 November 2018 06:51 AM

අනේ ඔව්!

:       0       27

Rahim Tuesday, 20 November 2018 07:21 AM

එතුමා ලක්ෂ 6000 ක් මහජන මුදල් වියදම් කර ඇති සුඛෝපබෝගී කාර් ගත්තේ නැත. මහජන දේපල පිටරැටියන්ට බදු දුන්නේ නැත.... නොමිලේ වයි - ෆයි දෙනවා කියා මහජනයා රැවටුවේ නැත, මිතුරන් යොදා මහා බැංකුව මංකොල්ල කාවේ නැත, වෝක්ස් වැගන් කාර් කර්මාන්තශාලා සදනවා කියා මහජනයා රැවටුවේ නැත. සත්‍ය වශයෙන්ම එතුමා ධර්මයට අනුව ප්‍රාෙයා්ගිකව ජීවත් කරවූ සරල, අල්පේච්ඡ, යහපත් දිවි පැවැත්මක් සහිත, සාමාන්‍ය මිනිසුන් අතර සාමාන්‍ය මිනිසකු ලෙස දිවි ගෙවූ උතුම් ශාස්තෘෘවරයෙකි.

:       40       193

NIRUPA Tuesday, 20 November 2018 08:23 AM

මෙපමණ දවසක් අපේ බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ගැන අදහසක් වත් අාවේ නැද්ද?

:       0       0

ruchi Tuesday, 20 November 2018 08:40 AM

හරියට හරි. අපිත් හිතුව ඕක.

:       0       0

indra Tuesday, 20 November 2018 01:47 PM

ඔබතුමා අසා ඇත්තේ මෙතුමාගේ ආදර්ශය පමණක්මද? මෙතුමාගේ ජීවිතදාර්ශයට අපි ගරු කරන්නෙමු. එහෙත් මේ අවස්ථවේදී මෙවන් ප්‍රකාශයක් කිරීම කාලෝචිතද? මෙය බොර දියේ මාලු බෑමක්

:       0       0

emerson Tuesday, 20 November 2018 05:42 PM

එයා ආගම දේශනා කරලා මිනිස්සු පිළිගත්තේ නෑ. ඒ නිසා හමුදාවක් හදාගෙන ඇවිල්ලා බලහත්කාරයෙන් මිනිස්සුන්ව ඒ ආගමට බැඳගත්තා... ඔබතුමාගේ තියරි එකත් එ්කද ?

:       0       0

sisira Tuesday, 20 November 2018 10:08 PM

ඒ පාර මුස්ලිම් ප්‍රජාවත් බිලිබාගන්නයි හදන්නේ.

:       0       0

Ruwan Wednesday, 21 November 2018 02:47 AM

ඇයි මෙච්චර කල් තිබ්බේ.. ඔයා දැන්ද දැක්කේ...?

:       0       0

Bamunuarachchi Wednesday, 21 November 2018 11:07 AM

මේ කලබල අස්සේ මේවත් වෙලාද කොහෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 320 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 328 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 64 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1404 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3083 5

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3708 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site