IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘දේශිය කර්මාන්තකරුවා ආරක්ෂා කරමින් ජාත්‍යන්තරය ජයගන්නවා‘

(අංජුල මහික වීරරත්න)

සේවා කර්මාන්ත අපනයන සහ සංචාරක අංශ වලින් වැඩිපුර රැකියා අවස්ථා නිර්මාණය කරමින් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරගෙන ජාත්‍යන්තර දික් විජය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරගම මිල්ලනියේදී අද (22) පැවසීය.


වර්තමානය වන විට ආනයන භාණ්ඩ සමඟ තරග කරීමට තරම් ශ්‍රී ලාංකික කර්මාන්ත ශක්තිමත් වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කිවේ   බණ්ඩාරගම මිල්ලනිය උස්වත්ත බිස්කට් නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.


විදුලිබල හා පුනර්ජිවනිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා  මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමසිංහ මහත්වරුන්ද මෙම අවස්තාවට සහභාගී වුහ.

 

ඡායාරූප - ඉෂාන් සංජිව



අදහස් (16)

‘දේශිය කර්මාන්තකරුවා ආරක්ෂා කරමින් ජාත්‍යන්තරය ජයගන්නවා‘

ranga Friday, 22 June 2018 10:57 AM

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ...............

:       5       121

Bamunuarachchi Friday, 22 June 2018 10:59 AM

තව අවුරුදු කීයකින්ද?

:       5       217

sirimal Friday, 22 June 2018 11:20 AM

විස්කෝතු හද හදා ඉඳලා නම් "මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතුව නව හිට්ලර් කෙනෙකු යටතේ ආරම්භ කෙරෙන හමුදා පාලනය" නවත්වන්න පුළුවන් වෙන එකක් නම් නැතිවෙයි. ඔබතුමාලමනේ කටින් බතල හිටව හිටවා කාලය කන ගමන් අනිත් පැත්තෙන් " මාපිල්ලු" හුරතල් කරනවාය කියල කියන්නේ. තව කී කාලයක්ද ඉතුරුවෙලා තියෙන්නේ. තේරුණාද?

:       277       293

Raveendra Friday, 22 June 2018 11:32 AM

මාසේ පෝය ලඟද මන්දා ??

:       0       0

Sunil Friday, 22 June 2018 01:28 PM

වොක්ස්වැගන් ෆැක්ටරිය මෙහෙ දැම්මා වගේද කියාලා අහන්න හිතුනා.

:       6       226

Hafeel Friday, 22 June 2018 03:53 PM

රාජකීය අවස්ථා නිර්මාණය කරන්න කොහොමවුණත්, ඇමතිවරුන් නම් පැටව් දානවා. ඒ අවස්ථා නම් නිර්මාණය කරලයි තියෙන්නේ.

:       4       176

vidya Friday, 22 June 2018 03:58 PM

අගමැතිතුමා ඔය පොඩි දරුන්ට ඕවා කියලා තේරුමක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න ගොන්රැලට කියන්න.

:       68       115

Cyril Friday, 22 June 2018 04:35 PM

ජාත්‍යන්තරය ජය අරන් දුන්නොත් නියමයි. ලොකු දෙයක්

:       59       6

soma dubayi Friday, 22 June 2018 06:14 PM

විශිෂ්ට ප්‍රකාශයක් අගමැතිතුමනි, පංචවිධ ප්‍රතිපත්තිය ඔස්සේ තිරසාරසංවර්ධනයක්, අතමිට සරු ආර්ථිකයක්, රැකියා ලක්ෂ 10 බිහි කරේ ඔබතුමාගේ නායකත්වය නිසා.

:       0       0

Bamunuarachchi Friday, 22 June 2018 11:33 PM

ජයගැනීම කොහොම උනත් පාවාදීම නම් කරන්න පුළුවන් බව අපි දන්නවා 2005 අපි 99 යෙන් බේරුනේ.

:       0       0

sigithi Saturday, 23 June 2018 03:51 AM

අපි බත් කන බූරුවෝ කියලා හිතෙනවා අයියෝ.

:       0       0

isurandi Saturday, 23 June 2018 04:27 AM

ජාත්‍යන්තරය ජය ගැනීම යන කියමන මම දන්නා කාලේ ඉදලා මෙතුමාගෙන් අහපු සුන්දර වදනක්. නමුත් ඉතින් ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැවගේ තමයි.

:       0       0

isurandi Saturday, 23 June 2018 04:27 AM

ජාත්‍යන්තරය ජය ගැනීම යන කියමන මම දන්නා කාලේ ඉදලා මෙතුමාගෙන් අහපු සුන්දර වදනක්.නමුත් ඉතින් ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැවගේ තමයි.

:       0       0

Bamunuarachchi Saturday, 23 June 2018 04:42 AM

ලංකාවේ කොටි ජයගන්න බැරිඋන හාදය කොහෙද ජාත්‍යන්තරය ජය ගන්නේ. විකාර කියනවා සුපුරුදු පරිදී

:       0       0

kalani Saturday, 23 June 2018 05:11 AM

නිදහසින් පසු ගොඩනගපු දේශීය ව්‍යාපාර පිළිබඳ අපට හොඳ අවබෝධයක් නැහැ.

:       0       1

lalithsjm Saturday, 23 June 2018 05:38 AM

බෙරේ පලුවකුත් නැ නටපු නැටුමකුත් නැ..........කටින් බතල කොළ හිටව හිටවා ලැබුණු පිනා චාන්ස් එක ආරක්ෂා කරගන්න නන් දොඩවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 365 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 74 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 677 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 695 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1129 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1037 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site