IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘දේශගුණ විපර්යාසවලින් නිදහස් වන ආකාරයත් සිතිය යුතුයි’

(ඩයනා උදයංගනී)
            
දේශපාලන හා ආර්ථික නිදහස ළඟා කරගන්නාක් මෙන්ම අනාගතයේදී දේශගුණික විපර්යාසවලින් නිදහස් වන ආකාරයත් සිතිය යුතු බව යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 

ඒ සඳහා වහාම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතු බව කී ඇමැතිවරයා මෝසම් වර්ෂාව ප‍්‍රමාදවීම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලූවලට මුහුණදීම සඳහා රට තුළ කාලගුණික හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත්කළ යුතු යැයිද ප‍්‍රකාශ කළේය.

නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මාසයේ සිට ලැබීමට නියමිතව තිබුණත් එය පමාවීම හේතුවෙන් ඉදිරි මාස තුන තුළ රටෙහි පානීය ජල ගැටලූවක් මෙන්ම කෘෂිකර්ම සහ විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන්ද ගැටලූ ඇතිවිය හැකි බව ඇමතිවරයා සඳහන් කළේය.

මෝසම් වැසි අඩපණ වුවහොත් රට දුෂ්කර තත්ත්වයකට මුහුණපාන බව ද ඇමතිවරයා කීවේය.

කාලගුණ හා දේශගුණ විපර්යාස හේතුවෙන් සමස්ත ලෝකයම බරපතල ප‍්‍රශ්නයකට මුහුණ පා සිටින බවද ඇමති පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ පවතින පානීය ජල ගැටලූව විසඳා නොගතහොත් ඉදිරි දශක තුන තුළ ජීවත්වීමට සුදුසු නොවන රටක් බවට පත්වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල නගරය හරිත නගරයක් බවට පත්කිරීමේ අරමුණින් අපේ ගම පරිශ‍්‍රයේදී පැවති පැළ සිටුවීමේ අවස්ථාවකට එක්වෙමිනි.



අදහස් (12)

‘දේශගුණ විපර්යාසවලින් නිදහස් වන ආකාරයත් සිතිය යුතුයි’

ශ්‍යාමා (කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු ) Tuesday, 09 July 2019 05:11 PM

ඒ කාලේ කාන්තා වැසිකිලිවලට එබී බලපු හැටි අමතකද...?

:       88       210

vernonWednesday, 10 July 2019 03:22 AM

අදාළ නෑනේ.

:       19       6

kamaniWednesday, 10 July 2019 08:10 AM

අදාළ නැත්තේ මොකද..? ඔය කියපුදෙවල් කරපු එක්කෙනෙක් තමයි මේ ලෝකෙට බණ දෙසාබාන්නේ. ලංකාවේ ඉන්න මෝඩයින් නිසා තමයි මෙවැනි දූෂිතයින් පාලනයට එන්නේ... ඔබටත් බත් මුලක් හරි අරක්කු කාලක් හරි, රුපියක් 250හරි ලැබිලා වගෙයි. ලැජ්ජයි.

:       0       0

දිමුත්Wednesday, 10 July 2019 07:02 AM

කොහේද යන්නේ මල්ලෙ පොල් කිව්වලු.

:       0       1

savin Wednesday, 10 July 2019 08:11 AM

මෙයාගේ මල්ලේ තියෙන්නේ මෝටර් සයිකලයක්.

:       0       0

sirimal Tuesday, 09 July 2019 06:27 PM

"දේශගුණයට" ඉස්සර වෙලා " දේශපාලන විපර්යාසවලින්" නිදහස් වන ආකාරයත් සිතා බලන්න වටිනවා.

:       0       0

sisira Tuesday, 09 July 2019 11:22 PM

මේ වගේ රට කාබාසිනියා කරන දේශ පාලුවන්ගෙන් නිදහස් වෙන අකාරයක් ගැනයි අපි හිත හිතා ඉන්නේ මහත්තයෝ .

:       0       0

සේන Wednesday, 10 July 2019 05:21 AM

මේ මහත්තයාගේ උගත් කම තඹේකට වැඩකට නැතිව ගියා වෛරී සිතුවිලි සහ නිවට කපටි කම් නිසා. දේශපාලන කුණු බක්කිය මොහුට හිමි තැනයි.

:       27       5

Chandima Wednesday, 10 July 2019 06:33 AM

වාහන දුම් පරීක්ෂාවක් කියලා එකක් පටන් අරගෙන මිනිස්සුන්ගෙන් බදු සල්ලි අය කරගෙන ඒ කාලේ රාජපක්ෂ ආණ්ඩුවට නිකම් සල්ලි හොයල දෙන්නයි කොම්පැනි පොහොසත් කරන්නයි විතරයි කලේ. ඒ සල්ලි වලින් රටේ පරිසරය රැක ගන්න නම් සත පහක වැඩක් මේ පුද්ගලයා කලේ නැහැ. වායු ගෝලයේ කාබන් අඩු කරගන්න එක ගහක්වත් වවන්න ව්‍යාපෘතියක් කලේ නැහැ.

:       12       10

Daya GamageWednesday, 10 July 2019 06:59 AM

දුම් පරීක්ෂණය නඩු තීන්දුවක් මත පැමිණි එකක් මිස චම්පික මහතා විසින් පනවපු දෙයක් නෙවේ.

:       2       13

sharm warn Wednesday, 10 July 2019 07:43 AM

අනාගතයේ ?? ඇත්තටම පෙනෙන්නේ නැද්ද දැනටම වෙලා තියෙන විපිරියාස ? තව වනාන්තර එලි කරන්න , හැම ස්වභාවික පාරිසර පද්ධතියක ම හෝටලයක් දෙකක් අටවන්න (සංචාරකයෝ .. එනවා නම් ආපුදෙන් .. කොමිස් කුට්ටිය ගත්තට පස්සේ මොකක් උනාම මොකද ) පොළොවට ඔරොත්තු නොදෙන තරමේ සුපිරි නිවාස සංකීර්ණ , අහස සුරන ගොඩනැගිලි හදන්න , ඒවායින් පරිසරයට කරන හානිය තුට්ටුවකට වත් හිතන්න යන්න එපා. (කොමිස් කොමිස් .. ඒක තමයි වැදගත් ) .. ඉන්න ගමන් මේ වගේ අපිට කදුළු ඇවිත් හොටු බේරෙන කතාවක් දෙකක් කියන්න. (චන්දෙත් එනවනේ ..) එතකොට සේරම හරි ..

:       0       0

sisira Wednesday, 10 July 2019 10:05 AM

ඔබතුමා වගේ සට කපට දේශ පාලුවන්ගෙන් මහජනතාව නිදහස් කර ගන්නා ආකාරයක් ගැනයි මම මේ හිත හිතා ඉන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 65 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂා


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 486 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 197 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1303 0

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


රත්මලානේ කාමරයක ඝාතනයක්
2024 අප්‍රේල් මස 16 401 0

කාමර කුලියටදීමේ නිතරව සිටි පුද්ගලයකු නිවෙසේ නිදාගෙන සිටියදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනකු විසින් තියුණු ආයුධයකින් පහරදී අද(16) අලුයම ඝාතනය කර ඇ


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 1080 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 137 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site