IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව නීතිමය පියවර ගන්න අපට බැහැ’

(කේ. බුද්ධික කුමාරසිරි)
 
“අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකට අයත් වුවත්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිමය පියවර ගැනීම අපට සිදුකළ නොහැකියි. ඇය කියන පරිදි අපි එවැනි නීතිවිරෝධී කටයුතුවලට උපකාර කර නැහැ, එවැනි නිලධාරිනියකගෙන් අපි එවැනි දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ” යැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද(22)  පූගොඩ දී පැවසුවාය.
 
අමාත්‍යවරිය මේ බව ප‍්‍රකාශ කළේ ඉදිකිරීමට යෝජිත පූගොඩ උසාවි සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම සඳහා පැරණි උසාවි සංකීර්ණ භූමියේදී පැවති උත්සවයෙන් අනතුරුවය. ඒ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදුවී යැයි පැවසෙන දුරකතන සංවාදය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් කරුණු විමසූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙසේ ද කීවයා.
 
“අමාත්‍යාංශ ලේකම්වරියගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා සහ රාජ්‍ය, සේවා කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරනවා. ඇය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ද තිබෙනවා.  එසේම එම දුරකථන සංවාදයේ සඳහන් පරිදි දේශපාලනඥයින් සම්බන්ධවීමෙන් මෙම සිද්ධිය වූ බව ඇය පවසා ඇති නිසා එම අමාත්‍යවරුන් කවුරුන්ද යන්න වහාම රටට හෙළි කළ යුතු වෙනවා.
 
අපි එවැනි කටයුතුවලට කිසිවිටක උපකාර කරලා නැහැ, එවැනි නිලධාරිනියකගෙන් අපි එවැනි දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. දිල්රුක්ෂි මහත්මිය සඳහන් කරන ආකාරයට ඇමතිවරයෙක් සම්බන්ධ වුවත්, නොවුවත් මෙවැනි වගකීමක් දරන අයෙකුට එවැනි ප‍්‍රකාශ කිරීම සිදුකළ නොහැකියි” යැයිද ඇය පැවසුවාය.

 



අදහස් (15)

‘දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව නීතිමය පියවර ගන්න අපට බැහැ’

Sanath Kandy Sunday, 22 September 2019 11:23 AM

ඊට කලින් මේකට සම්බන්ධ ඇමතිවරයාට විනය ක්‍රියාමාර්ගයක් ගන්න. රාජපක්ෂලත් එක්ක ඩීල් දාලා හොරකම් යටගහුවේ කවුද කියලා එළිකරන්න

:       289       320

p.d goonawardena Sunday, 22 September 2019 11:41 AM

ඔය ගොල්ලන්ට මොකවත් බැහැ.. ඔහොම ඔය ටික දවසත් ගෙවලා යන්නම යන්න.

:       35       159

UpulSunday, 22 September 2019 11:45 PM

වැඩ තමා බැරි, අවැඩ නම් කිසිම අවුලක් නැතිව කරනවා.

:       0       0

රවින් Sunday, 22 September 2019 12:08 PM

හා එතකොට ඔය කෙකර ගහගහ ඉන්න ඇමති බිත්තරේ දායිද? දෙපැත් නයි. හැබැයි එකක් නම් දන්නවා. කවුරු වුණත් හොරෙක්නේ...

:       6       72

Sugandhi Sunday, 22 September 2019 12:48 PM

කරන්න පුළුවන් එක දෙයක් කියන්න පුළුවන්ද?

:       0       58

Bamunuarachchi Sunday, 22 September 2019 01:36 PM

දිල්රුක්ෂි ඩයස් කියන්නේ නීතිඥවරියක්... එයට විරුද්ධව, එරෙහිව නීතිමය පියවර ගන්න ගිහිල්ලා අංබානකට කන්න වේවි. එයා කතා කළා කියලා පිළිගත්තේ ඒ කතාව නිසා එයාට විරුද්ධව කිසිවක් කරන්න බැරිබව හොඳට දන්නා නිසා. තලතා කියන්නේ ගෘහණියක් පමණයි. ලුණු ඇඹුල් බලනවා හැරෙන්නට නීතිඥවරියක් එක්ක හැප්පෙන්න ගිහිල්ලා කොලේ ඉරා ගන්න එපා...

:       348       355

senaSunday, 22 September 2019 02:34 PM

තලතාත් නීති විද්‍යාලේ හිටියා කියලා මම අහලා තියෙනවා. කලින් හිටපු විදේශ ඇමති කරපු හොරකම් වලින් මෙයා තමයිලු බේරාගෙන තියෙන්නේ... එයා මෙයාගේ බැච් මේට් කෙනෙක්ලු නීති විද්‍යාලේ...

:       0       61

BamunuarachchiSunday, 22 September 2019 06:06 PM

කරුණාකරලා අන්තර්ජාලයට ගිහිල්ලා එයාගේ විස්තර බලන්න... සඳහන් වෙන්නේ ගිය පාසල් පමණයි.

:       0       0

BamunuarachchiSunday, 22 September 2019 06:08 PM

"ලු" නොවෙයි එයාගන විස්තර බලන්න.

:       0       0

pjMonday, 23 September 2019 12:49 AM

එහෙනම් එයා නීති විද්‍යාලේ ලුණු ඇඹුල් බැලුව කෙනා වෙන්න ඇති. බමුණොත් නොදන්නා දෙයක් නැහැවගේ.

:       0       0

siri Sunday, 22 September 2019 10:12 PM

ඔබ හොදයි කුබුරක හිටවන්න 'පබයකුට'.

:       0       0

මාරසිoහ Monday, 23 September 2019 02:26 AM

දිල්රුක්ශි ඩයස් මහත්මිය පැහැදිලිව පිළිගන්නවා, මේ නඩු පැවරුවේ " ජරා දේශපාලනය නිසා" කියල. නැතිව පැහැදිලි නඩු නිමිත්තක් තිබිල නෙවයි කියල. ඇයි ඒ සත්‍ය පිළිගන්න තවමත් වැඩි දෙනෙක් අකමැති.

:       0       0

indika Monday, 23 September 2019 03:51 AM

රාජපක්ෂලා සම්බන්දනම් පුළුවන් !

:       0       0

bul Monday, 23 September 2019 04:43 AM

තලතා බය නෑ.......

:       0       0

wimal Monday, 23 September 2019 06:06 AM

මේ අය දැක්කමත් කියන්න වචන නැත. රටේ ජනතාවගේ අවාසනාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජේදාසට - සාරථිට වාරණ නියෝගයක්
2024 අප්‍රේල් මස 24 225 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 389 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 908 3

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 226 2

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 377 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1773 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site