IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘දකුණූ කොරියාවේ තාක්ෂණය ආසියානු රටවල් සමඟ බෙදා ගන්නවා’

අංජුල මහික වීරරත්න වියට්නාමයේ හැනොයි නුවර සිට
 
දකුණු කොරියාව කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ යෝධ පියවර ඉදිරියට තබා ඇති බැවින්, ඒ තාක්‍ෂණය හා අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමඟ බෙදා හදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමැතිනී කං ක්‍යුං මහත්මිය පැවසුවා ය.


හැනොයි නුවර මැරියට් හෝටලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් කං ක්‍යුං වා මහත්මිය වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකා - දකුණු කොරියා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සාකච්ඡා වාරයන්හිදීත් මේ පිළිබඳව ප්‍රමුඛස්ථානයක් ලබා දීම ඉතා වැදගත් බවය.


ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. 


සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේ මෙවැනි කර්මාන්ත කලාපයක් ඔස්සේ දෙරටටම ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ මාර්ගයන් ගණනාවක් අලූතින් විවර වන බවයි.


ඉන්දීය සාගර කලාපයීය සාමය හා නිදහස් නාවුක ගමනාගමනය සුරක්‍ෂිත කරලීම උදෙසා ශ්‍රී ලංකාවේ වෑයම අගය කළ විදේශ අමාත්‍යතුමිය සියළු ගැටළු සාකච්ඡාවෙන් සාමකාමීව විසඳා ගැනීමේ මාවත හැමවිටම තමන් අනුගමනය කරන බව අවධාරණය කළාය.


කොරියානු කලාපයීය සාමය ස්ථාවර කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.


කොරියානු විදේශ අමාත්‍යංශයේ දකුණු ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂිකා ජෙනරාල් කිම් ඌන් යොං, වියට්නාමයේ දකුණු කොරියානු තානාපති කින් දො හයොන්, උපදේශක කිම් සං හූන් දකුණු කොරියාව නියෝජනය කරමින් ද, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්තා දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද මේ අවස්ථාවට එක් වූහ.



අදහස් (1)

‘දකුණූ කොරියාවේ තාක්ෂණය ආසියානු රටවල් සමඟ බෙදා ගන්නවා’

Raveendra Friday, 14 September 2018 04:07 AM

" නංගියේ " පොඩ්ඩක් අමතක වුනා කියන්න, නංගිලාගේ බැංකු එහෙම සුද්ද කරන්න ඕනෙනම් එහෙමත් නැත්නම් බිමටම සමතලා කරලා දාන්න ඕනේ නම් අපි ඒ කොන්ත්‍රාත් බාර ගන්නවා.පළපුරුද්ද ගැන සැකයක් තියාගන්න එපා..... අවශ්‍ය නම් ලංකාවේ බැංකුවලින් අහල බලන්නකෝ අපි ගැන .....

:       9       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 327 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 941 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2442 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2688 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 794 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 317 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site