IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘තොඩුවාවේ කුඩු රැජින‘රක්ෂිත බන්ධනාගාරයට

(ජුඩ් සමන්ත)


මත් ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත්  “තොඩුවාවේ කුඩු රැජින” ලෙසින් හඳුන්වන  කාන්තාවක්  23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.එච්.එච්.ජයසිංහ මහතා නියෝග කළේය.


මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූණි.


සැකකාරිය සන්තකයේ තිබී හදුනා නොගත් මත් පෙති 15 ක්,හෙරෝයින් ග්‍රෑම් 1260 ක්,සහ ගංජා ග්‍රෑම් 10 ක්ද පොලිස් බාරයට ගෙන තිබුණි.


පොලීසිය  අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහවැව - තොඩුවාව පදිංචි 34 හැවිරිදි කාන්තාවක්ය.


මීට පෙර හෙරෝයින් මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය සිර දඬුවම්  විඳ පැමිණ මාස තුනක වැනි කාලයකින් නැවත මෙලෙස මත් කුඩු ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.



අදහස් (5)

‘තොඩුවාවේ කුඩු රැජින‘රක්ෂිත බන්ධනාගාරයට

Raveendra Sunday, 15 July 2018 06:08 AM

නීතිවිරෝධී මෙන්ම සාපරාධි සමාජ විරෝධී ක්‍රියාවන් වල යෙදෙන ගැහැනියකට කෙසේ " රැජින " යන වැදගත් වචනය බාවිතා කරන්නේද යන්න පිලිබදව අප සියල්ලෝම නැවත වරක් සිතිය යුතුය. අප විස්වාස කරන අන්දමට රැජිනක් යනු ගරු ගාම්බිර, මනා රුසපුවකින් හෙබි මෙන්ම " වැදගත් ලෙස සමාජයේ හැසිරෙන " මෙන්ම කිනම් හෝ ජන කොට්ටාශයක නායිකාව ලෙස පෙනීසිටින කාන්තාවකටය. ඒ බැවින් තමන් ජිවත්වන සමාජයම විනාශ කරන මෙවන් අසීලාචාර උදවියහට මෙසේ අනිසි ලෙස ඔටුනු පැලදවිමට වැදගත් පුවත් පතක් මගින් මෙසේ ක්‍රියා කිරීම පිලිබදව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

:       204       559

Asanka Sunday, 15 July 2018 08:16 AM

ඉහත රවින්ද්‍ර මහතා හා එකඟ වෙමි. මේ තමයි 21 වන සියවසේ පත්‍ර වාර්තා කලාව , අපරාධකාරයෝ, පාතාල කුඩු රජවරු ලෙස සහ එම ගැහැනුන් රැජිණන් ලෙස වාර්තා කරයි...

:       75       285

nimal Sunday, 15 July 2018 10:40 AM

දැන් පේනවනේ.. කිසිම කතාවක් නැ.......... මරණ දඩුවම එල්ලා මැරීම අනිවාර්ය කල යුතුයි .. එසේ නොමැතිනම් රට ඉවරයි .. අනික ඔබතුම ජනපතිවෙලා රටට කරපු දේකුත් නැති එකේ මෙය වත් ක්‍රියාත්මක කරලා යන්න. එය මේ ජාතියට කරන මහගු සේවයක් ...

:       0       15

Mahee Sunday, 15 July 2018 11:58 AM

රවීන්ද්‍ර මහතා, නිතරම නිවැරදි අදහස් පල කරන ඔබට අද නම් පොඩි වැරදීමක්. කොහොමත් රැජින කියන පදය නායිකාව කියන අර්ථයෙනුත් යෙදෙනවනේ. ගෞරවයක් තිබුණත් නැතත්. හරියට 'චෞර රැජින' නමින් ඉන්දියාවේ පුලන් දේවි හැඳින්වුවා වගේ. රට කාපු පුරාණ සහ නූතන රජවරු රැජිණියෝත් හිටියනේ, මොන ගෞරවයක් වත් අපි නුදුන්නට.

:       31       1

Kumar Monday, 16 July 2018 01:17 AM

ඇමෙරිකාවේ නම් කුඩු මුදලිලා අහුවුණාම ඒ අයගේ දෙපලත් ඒ මොහොතේම රාජසන්තක වෙනවා. ආපසු ගන්න නඩුකියන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 61 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1557 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 476 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 553 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 419 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 581 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site