( අංජුල මහික වීරරත්න )
‘තාක්ෂණය උවමනා නැහැ, අපිට ගමේ වවාගෙන කාලා ඇති‘ යනුවෙන් කවුරුන් හෝ කියනවානම් එය රට කන අදහසක් මිස වෙන එකක් නොවේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද පැවසීය.
තාක්ෂණය නැතිව රටක් දියුණු වන්නේ නැති බව කී අගමැතිවරයා අපගේ කීර්තිමත් යුගය වන අනුරාධපුර යුගයේ පාලකයින්ටත් ඒ කාරණය වැටහී තිබූ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේව කීවේ තාක්ෂණ අමාත්‍යංශයේ ‘ශිල්ප සේනා‘ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය විවෘත කරමිනි.
එදා ලංකාව තරම් ඉංජිනේරු තාක්ෂණයෙන් දියුණු වු රටක් නැහැ. ඒ දැනුම පදනම් කරගනිමින් එදා යෝධ ඇළ හැදුවා මින්නේරිය, කලාවැව හැදුවා. සීගිරිය, රුවන්වැලි සෑය අභයගිරිය, ජේතවනාරාමය දාගැබ් ඉදිකළා. නෞකා ශිල්පය ගැන ගැන දැනුමක් තිබුණා. ඒ නිසා ඉන්දියන් සාගරය චීනය දක්වා යන නැව් ලංකාවේ නිෂ්පාදන කටයුතු සඳහා මෙහි පැමිණියා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
‘ශිල්ප සේනා ‘ ප්‍රදර්ශන ශක්තිමත් දෑතකින් පොහොසත් රටක් යන තේමාවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (18) සිට ලබන ඉරිදා (21) තෙක් පැවැත්වෙයි. විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘තාක්ෂණය නැතිව රටක දියුණුවක් නැහැ‘
nihal Thursday, 18 July 2019 09:57 AM
සුත්තර පුංචලාට ඇත්තේ රට කන අදහස් ....ටැබ් දීම ...විල්පත්තු කැපීම ....මහා බැංකු කොල්ලය .....සුළුජාතීන් ඉදිරියේ දනින් වැටීම
Bandara Thursday, 18 July 2019 10:19 AM
බංකු කඩන්නේ නැතිව අපිට දියුණු වෙන්න බැහැ...
සේනක Thursday, 18 July 2019 10:40 AM
අනේ පව් නේද අප්පුහාමි.. තමුන්නාන්සේලාට රටේ දියුණුව මතක් වෙන්නේ ඡන්දයක් කිට්ටු වෙනකොටද? අගමැතිතුමෝ ඔය මොන සෙල්ලම් දැම්මත් මොනවා කිව්වත් මෙදා පාර නම් ගෙදර යනවා. ඒ නිසා රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මෝඩයෝ නෙමෙයි කියලා මතක තියා ගත්තොත් හොඳයි.
Kumar Thursday, 18 July 2019 10:47 AM
තරුණයින්ට බ්‍රේස්ලට් දාන එක තාක්ෂණයේ උපරිමය වෙන්න ඇති...
Raveendra Thursday, 18 July 2019 10:57 AM
යුරේකා.... ලෝකයේ කිසිවෙකු මෙතෙක් සොයා නොගත් යමක් සොයා ගැනීම නිසා ඇතිවුණු චිත්තප් ප්‍රීතියෙන් සූත්තර පුංචා උපන් ඇඳුම සමගින් ගාලු මෝදර ඒ මේ අත දුවනු දැකගත හැකිවිය. මෙම වසරේ ලෝකයේ හොඳම සොයාගැනීමට ලබාදෙන නොබෙල් ත්‍යාගයට අදාළ අසුචි ඔටුන්නට සූත්තර පුන්චාගේ නම යෝජනා කර ඇති බවට දන්වන්නෙමි.
Hafeel Thursday, 18 July 2019 11:55 AM
ඒක අපිට කියල හරියනවද? ඒකටනේ ඔයා ඇමති කෙනක් පත්කලෙත්. කයිවාරු නැතුව ප්‍රායෝගික වැඩේ පෙන්නන්න
Janaka Thursday, 18 July 2019 12:10 PM
නිහාල් වගේ පසුගාමී එක මනුස්සයෙක් ඇති මුලු රටම වනසන්න