IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘තවත් රසායනික ප්‍රහාරයකට සිරියාව සුදානම්‘

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ හමුදාව තවත් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙතැයි ධවල මන්දිරය ප්‍රකාශ කරයි.

නැවත වරක් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළහොත් සිරියානු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ හමුදාවලට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද ධවල මන්දිරය අනතුරු අඟවා තිබේ.

ඉකුත් අප්‍රේල් 4 වැනිදා එල්ල කරන ලද රසායනික අවි ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් එල්ල කිරීමට සිරියානු රජයේ හමුදා සැලැසුම් කරන බවට අනාවරණය වී ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අප්‍රේල් 4 වැනිදා සිරියාවේ එල්ල වූ රසායනික ප්‍රහාරයෙන් පසු සිරියානු ගුවන් හමුදා කඳවුරකට කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන්නැයි ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝග කළේය.

“අසාද් රෙජීමය තවත් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙන බව අපට වාර්තා වී තිබෙනවා. ඔවුන් අහිසංක සිවිල් දරුවන් ඇතුළු සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන අතරවාරයේ රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙන බව වාර්තා වෙනවා. අසාද් පාලනය තවත් රසායනික ප්‍රහාරයක් එල්ල කළොහත් ඔවුන් ඊට වන්දි ගෙවන්න සිදුවේවි” යැයි ධවල මන්දිර ප්‍රකාශක සීන් ස්පයිසර්  මහතා පැවැසීය.

(රොයිටර් ඇසුරෙනි‍-055)



අදහස් (2)

‘තවත් රසායනික ප්‍රහාරයකට සිරියාව සුදානම්‘

nimantha Tuesday, 27 June 2017 10:57 AM

ඔය හදන්නේ ඕක පිටින් දාල සිරියාවට අපහු ගහන්න නේ. අපි නොදන්නා ට්‍රම්ප්

:       1       304

daham Wednesday, 28 June 2017 02:15 AM

සිරියන් ආණ්ඩුවෙන් රසායනික ප්‍රහාර එල්ල කල බව ඔප්පු වෙලා නැහැ. ඔක්කොම තනිකරම ඇමෙරිකන් කුමන්ත්‍රණ. ඉරාකෙට කලෙත් ඕකම තමයි. කිසිම රසායනික හෝ නියස්ටික අවියක් හමු උනේ නැහැ. මේ කරන්න හදන්නේ මේක පිට දාල සිරියාවට ගහන්න. ගහල අසද්ව මරල දාන්න. මැද පෙරදිග සිතියම වෙනස් කරන්න. ඇමෙරිකාව කියන්නේ ලෝකෙටම පිළිලයක්.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 218 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 124 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 523 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 616 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 446 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1861 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site