IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘තවත් ආගමකට, පහර දීම ඉස්ලාම් දහමට පටහැනි’

හර්ෂණ තුෂාර සිල්වා
 
 “තවත් ආගමකට, තවත් ජන කොටසකට පහර දීම” ඉස්ලාම් දහමට පටහැනි යැයි සිකුරාදා දේව මෙහෙය පවත්වමින් කොළඹ දෙවටගහ මුස්ලිම් පල්ලියේ ඉක්බාල් මවුලවිතුමෝ අද (26) ප්‍රකාශ කළහ.
 
‘සිකුරාදා ජුම්මා දේව මෙහෙයට’ එක්වෙමින් ඉක්බාල් මවුලවිතුමෝ ඒ බව සඳහන් කළහ. 
 
සිකුරාදා ජුම්මා යාඥාව පවත්වමින් කොළඹ, පුරහල, දෙවටගහ ජුම්මා මස්ජීද් දේවස්ථානයේ ඉක්බාල් මවුලවිතුමෝ මෙසේ ද කීහ.
 
“සිය ප්‍රාණය නසා ගැනීම ඉස්ලාම් දහමට පටහැනියි. අනෙක් ආගමික ස්ථානවලට ගෞරව කරන්න ඒවා ආරක්ෂා කරන්න කියා කුරානයේ සඳහන්ව තිබෙනවා. අනෙක් ආගම්වලට, අනෙක් ජනකොටස්වලට ගෞරව කරන්නැයි ඉස්ලාම් දහමේ සඳහන් වෙනවා. කුරානයේ ඒ බව පැහැදිලිව සඳහන් වෙනවා. 
 
තවත් ජන කොටසකට, තවත් ආගමික කොටසට පහර දීම, ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැහැ. එය ඉස්ලාම් දහමට පටහැනියි. එලෙස වෙනත් ආගමකට, ජන කොටසකට පහර දීම ඉස්ලාම් දහම විසින් සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.


පාස්කු ඉරිදා දිනයේදී අපේ කිතුණු සහෝදරයන් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් සමාජයම පීඩාවට පත්වෙලා. අපේ මුස්ලිම් ජනතාව බියටත් පීඩාවටත් පත්වෙලා. 
 
මුස්ලිම් ජනතාව දෙස වෛරයෙන් ක්‍රෝධයෙන් සැකයෙන් බලන තත්ත්වයක් උදාවෙලා.  මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් බවට පත්වෙලා. අපි මේ තත්ත්වයෙන් මිදෙන්න ඕනේ. අපේ සහෝදර ජනතාවට අපි ත්‍රස්තවාදීන් නොවන බව කියන්න ඕනේ. ඒක කරන්න ඕනේ අපිමයි” මවුලවිතුමෝ කීහ.
   
සිකුරාදා දිනය යනු ඉස්ලාම් බැතිමතුන් ඔවුන්ගේ දේව මෙහෙය සහ යාඥා සඳහා පල්ලිවලට යන දිනයයි. සාමාන්‍යයෙන් සිකුරාදා දිනයේ දී මුස්ලිම් දේවස්ථාන අසල දැඩි වාහන තදබදයක් දක්නට ලැබුණත් අද (26) දිස්වූයේ ඉතා නිස්ලංක ස්වරූපයකි. 
 
කොළඹ පුරහල අසල පිහිටි දෙවටහග ජුම්මා මස්ජීද් මුස්ලිම් දේවස්ථානය යනු මෙරට ප්‍රධානතම පල්ලයකි. වෙනාදට මුස්ලිම් බැතිමතුන්ගෙන් පිරී තිබෙන මෙම පල්ලියට ඊයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබිණි. පල්ලියට ඇතුළු වන සෑම පුද්ගලයකුම පරීක්ෂාවට ලක් කෙරුණි. විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලිස් නිල සුනඛයන් ද යොදා ගනිමන් පල්ලිය තුළත් පල්ලිය අවටත් දැඩි පරීක්ෂාවකට ලක් කෙරුණි. පල්ලිය අවටත් පල්ලිය තුළත් දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් දක්නට ලැබීම ද සුවිශේෂී කරුණකි.
 
පාස්කු ඉරිදා දිනයේදී කොළඹ ප්‍රධාන හෝටල් ත්‍රිත්වයකට , කතෝලික දේවස්ථාන තුනකට සහ තවත් ස්ථාන කිහිපයක පුපුරා ගිය බෝම්බ ප්‍රහාරවලින් 253 පාස්කු ඉරිදා දිනයේදී කොළඹ ප්‍රධාන හෝටල් ත්‍රිත්වයකට , කතෝලික දේවස්ථාන තුනකට සහ තවත් ස්ථාන කිහිපයක පුපුරා ගිය බෝම්බ ප්‍රහාරවලින් 253 දෙනකු මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 
 
කෙසේ නමුත් මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබිණි. ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 390ක් ලෙසින් මුලින් වාර්තා වූ නමුත් එම සංඛ්‍යාව 253ක් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ              ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
එවැනි පසුබිමක් තුළ සිකුරාදා දිනයේදී ජුම්මා දේව මෙහෙයන් නොපවත්වන්නැයි තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
එමෙන්ම ආගමික ස්ථාන, හෝටල්, ජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථානවලට තවදුරටත් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි මෙරට පොලිසිය, බුද්ධි අංශ, විදෙස් බුද්ධි අංශ සහ විදෙස් තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබිණි.
 
එවැනි තත්ත්වයක තුළ ඇතැම් මුස්ලිම් පල්ලි වසා දැමුණු අතර ඇතැම් දේවස්ථානවල දැඩි ආරක්ෂාවක් යටතේ සිකුරාදා ජුම්මා යාඥා පැවැත්විණි.   කොළඹ දෙවටගහ ජුම්මා මස්ජීද් පල්ලියේ බිලාල්වරයකු වන ෆවුසල් අමීන් අප සමඟ මෙසේ කීවේය. 
 
මෙරට ඓතිහාසික මුස්ලිම් පල්ලියක් ලෙස සැලකෙන රතු පල්ලිය හෙවත් මස්ජීද් අබ්රාර් දේවස්ථානයේ ද එතරම් පිරිසක් නොවීය. කොළඹ කොටුවේ වෙළෙඳසැල්වල මුස්ලිම් ප්‍රජාවේ සියලු දෙනා ජුම්මා යාඥා දේවස්ථානවලට යන්නේ මෙම පල්ලියටය. කොළඹ කොටුවේ දෙවැනි හරස් වීදියේ මේ පල්ලිය ඇතුළුවන මාර්ග දෙකකට පොලිසිය යොදා තිබූ අතර පොලිසියේ සහායට මුස්ලිම් ප්‍රජාවේ අයද එක්ව සිටියහ. කඩ සාප්පු වසා දමා තිබිණි.  

ඡායාරූප - ළහිරු හර්ෂණ 

 


 



අදහස් (17)

‘තවත් ආගමකට, පහර දීම ඉස්ලාම් දහමට පටහැනි’

Pradeep Friday, 26 April 2019 02:51 PM

ඒ කිව්වට ඔය පහර දීලා තියෙන්නේ....

:       21       438

saman Friday, 26 April 2019 02:53 PM

වෙනත් ආගම් වලට ගරු කරන්න.. කොහෙද අප්පා මේක තියෙන්නේ?

:       100       442

Praba Friday, 26 April 2019 03:03 PM

හරියටම හරි. මෙම අන්තවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට වැඩිම දායකත්වය ලබා දිය යුත්තේ මුස්ලිම් සහෝදරවරුනුයි.

:       1       238

THAJUDEENSaturday, 27 April 2019 06:01 AM

හරියටම හරි... නිවැරැදි ඔත්තු ලබාගත හැක්කේ ඒ වෙනුවෙන් පමණි. දැනටමත් ඔය ක්‍රියාව සාර්ථකව වෙනවා කියලා ආරංචියි.

:       0       1

Nihal Friday, 26 April 2019 03:10 PM

කියන එකට විරුද්ධ දේනේ සිද්ද වෙන්නේ... මීට පෙර හිටපු පාප් වහන්සේ තුර්කියට ගිය අවස්ථාවේ කුරානයේ සඳහන් කියූ වැකියක් එහි වැසියන් ප්‍රදර්ශනය කරමින් හිටියා...

:       11       166

රත්නසේන Friday, 26 April 2019 03:10 PM

ඇයි අල්ලා දෙයියනේ, මේ මිනිස්සු මුලු ලෝකයේම කරලා තියෙන්නේ අනිත් ආගම්වලට පහර දෙන එකනේ! කොයි මුස්ලිම් නායකයද, කොයි මුස්ලිම් රට ද මේක නතර කරන්න ඉදිරිපත් වුනේ?

:       69       683

Sri LankanSaturday, 27 April 2019 07:37 AM

ලෝකයේ වැඩියෙන්ම යුද්ධ තියෙන්නේ මුස්ලිම් රටවල්වල. යුද්ධයෙන් වැඩියෙන්ම මැරිලා තියෙන්නේ මුස්ලිම් අය. යුද්ධය තියෙන හැම මුස්ලිම් රටකම සටන් වදින්නේ ඇමෙරිකාවයි. ඔබට සිතන්නට යමක්...

:       0       0

Bamunuarachchi Friday, 26 April 2019 03:30 PM

මුස්ලිම් ආගමේ මුලධර්ම දන්නා අයට මේක අලුත් කියමනක්. අපි රැවටෙන්නේ නැහැ. සිංහලයනී රැවටෙන්න එපා

:       0       0

Anuradha Friday, 26 April 2019 04:58 PM

දැන් පහරදීලනේ තියෙන්නේ. එහෙම නම් මෙහෙම කියන ඔබට තියෙනවා ලොකු වගකීමක්... මේ දේට විරුද්ධව නැගී සිටලා මේ දේ ඉවර කරන්න සහයෝගය දෙන්න.

:       0       0

Bamunuarachchi Friday, 26 April 2019 05:43 PM

පහර කොහොම වෙතත් මේ හරස් වීදිය බ්ලොක් කලේ කව්ද?

:       1       7

sarah Friday, 26 April 2019 06:58 PM

කරුණාකර ඔයාලගේ ආගමේ හරි එක කියන්න. අනිත් ඒවා ආණ්ඩුවෙන් තහනම් කරන්න කියන්න. දැන් ඔක්කොම පස්ස ගහනවා... අල්ලාහ් කියන්නේ ඔයාලගේ දෙයියෝ නෙවිද? අයි මැරෙන අය අල්ලාහ් අක්බර් කියන්නේ... එයාලා ඉස්ලාම් නෙවි නම්... ඔයාලගේ ආගම ඔයාලා හරියට හදාගත්තේ නැති නිසා දැන් කොයි කාලයක් තිස්සේ අපි රණ්ඩු වෙනවද?

:       0       0

Rane Saturday, 27 April 2019 12:08 AM

වසර ගණනකට පෙර ලෝක පුජිත බාමියන් බුදු පිළිම විනාස කලා අපිට මතකයි.

:       0       0

Anuradha Saturday, 27 April 2019 12:22 AM

දැන් පහරදීම් වෙලා ඉවරයි. රටේ ඉන්න අනිත් මුස්ලිම් ජනතාව විසින් මෙම ප්‍රශ්නය විසදීමට විශාල දායකත්වයක් ලබා දිය යුතුයි

:       0       0

Chanak Los angeles Saturday, 27 April 2019 03:09 AM

මම දන්නා විධියට මුස්ලිම් සහෝදරයන් තව කෙනෙක් කුසගින්නේ ඉන්නවා දැනුනොත් ඔවුන් ඔවුන්ගේ අහාර වේල වුවත් දෙන පිරිසක් . ලොව කොයිම අගමකවත් තව කෙනෙකුට ආගමකට විපතක් කරන්න අනුදැන වදාලා නැහැ . මෙය හුදෙක්ම පහත් මානසිකත්වයක් ඇති තිරිසන් හැගීම් වලින් පෝෂණය ලද අන්තවාදී කල්ලි විසින් මෙවැනි ව්‍යසනයන් කරවා එය ශුද්ධ වූ ප්‍රහාරයන් ලෙස හුවා දක්වමින් ශුද්ධ ආගම් වලට නිගා දෙනවා .. මේ අන්තවාදී ක්‍රියාදාමය මුළු ලෝකයෙන්ම ඉවත් කර දැමීමට අඩිතාලම දැමීමට ලාංකික මුස්ලිම් ප්‍රජාවට මෙය මහගු අවස්ථාවක් ..ඒ සඳහා මේ ලෙසටම ඉදිරියටත් ලෝකවාසී මුස්ලිම් ප්‍රජාව දැනුවත් කරන්න කියා මෙම මව්ලවිතුමාලාගෙන් ඉල්ලමි .අ‍වෛරයෙන් පමණයි වෛරය සංසිඳෙන්නේ .

:       0       0

nuwa Saturday, 27 April 2019 05:55 AM

කුරානය නැති නම්... මේ ලොව කිසිඳු යුද්ධයක් පවතින්නේ නැත.

:       2       150

neel Saturday, 27 April 2019 09:18 AM

එතකොට කඩු ගොඩ ගහලා තිබුනේ පල්ලිවල කුරුම්බා ලෙලි ගහන්නද?

:       0       0

කැලුම් Saturday, 27 April 2019 09:20 AM

කුරානය: 8.12. අවිශ්වාස කරන්නවුන්ගේ හදවතට ත්‍රස්තයා ඇතුලු කරන්නෙමි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1812 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 920 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 729 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 351 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 619 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 558 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site