IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ණය ප්‍රශ්නය නොවිසඳා රටට අනාගතයක් හදන්න බැහැ‘

(අංජුල මහීක වීරරත්න )

ඩොලරය ඉහළ යාමත් සමඟ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය වැඩි වී තිබෙන නමුත් ණය ප්‍රශ්නය විසඳන්නේ නැතිව රටට අනාගතයක් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරලැස්ගමුවේදි අද (21) පැවසීය.

ණය ප්‍රශ්නය විසඳා අපනයන ආර්ථිකය ඉහළ නැංවීම රට ඉදිරියට ගෙන යාමට ඇති එකම මාර්ගය බව කී අග්‍රාමාත්‍යවරයා අනාගතයේදී සංවර්ධන  වේගය වැඩිවනවා මිස  අඩුවන්නේ නැති බව කීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම එරට ඉදිවු කෙළිමඩල ළමා උද්‍යානය විවෘත කරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක වෙරුගස්ගඟ වැසි නල අපවාහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් බොරලැස්ගමුව සංවර්ධන  කාර්යාලයේ මෙම ළමා උද්‍යානය ඉදි කර තිබේ.



අදහස් (15)

‘ණය ප්‍රශ්නය නොවිසඳා රටට අනාගතයක් හදන්න බැහැ‘

Raeendra Thursday, 21 June 2018 03:30 PM

කතාව සහතික ඇත්ත.

:       0       0

BamunuarachchiSunday, 24 June 2018 08:19 AM

ඒ ගමන්ම අහන්නකෝ ඔබලා මේ අවුරුදු තුනට කොපමණ ණය අර ගත්තාද? එ් ණය වලින් කරපු දේ මොනවාද කියලා? 2014-2017 දක්වා ඩොලර් මිලියන 660 මේ ආණ්ඩුව අරගෙන තිබෙනවා ජුලි 1 වෙනිදා සිට තවත් ඩොලර් මිලියන 1340 ලැබෙනවා කාටද ආඩම්බර... අනේ මෙතන ලියන අය ජෝන් පර්කින්ස්ගේ ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණය නමැති පොත කියවන්නකෝ...

:       0       0

emerson Thursday, 21 June 2018 05:23 PM

මිත්‍ර මහේන්ද්ර්න්ව ගෙනත් දැම්මනම් ඕකට ක්‍රමයක් කියල දෙයි

:       0       179

Sunil Thursday, 21 June 2018 06:00 PM

රට තව කබසීනය නොකර ගෙදර යන්න.

:       0       167

sirimal Thursday, 21 June 2018 06:09 PM

ණය ප්‍රශ්නය විසදන්න තව තවත් ණය ගැනීමෙනුත් රටට අනාගතයක් හදන්න බැහැ. තේරුනාද?

:       0       72

upali Thursday, 21 June 2018 06:15 PM

ඩොලරය ඉහලගියේ කාගේ වරදින්ද?

:       0       112

sathyapala Thursday, 21 June 2018 07:49 PM

ළමා උයනත් හොදයි. එතන තියෙන ලස්සන වතුර පිරුණු පොකුණත් හොදයි. හැබැයි ළමා උයනක ළමයින්ගේ ආරක්ෂාවට පොකුණ වටේ තිබෙන වැට හරිම කොටයි. අනිත් කරුණ ඒ වැට ගල් ඇතුරුමට ගොඩක් ලග නිසා දාග පොඩි එකෙක් පල්ලමට දුවගෙන ඇවිත් නගින්න ගිහින් ඇතුලට වැටුනොත් වදින්නේ ඔලුව. ඔය වැට තව ටිකක් උඩහට වෙන්න ටිකක් උසත් වැඩි කරානම් ළමයින්ගේ ආරක්ෂාවට සුදුසුයි. අපේ රටේ අනතුරු වලින් මිය යන ප්‍රමාණය අධික නිසයි අපි මේවා දිහා බැලිය යුත්තේ .

:       0       134

Sanath Thursday, 21 June 2018 07:57 PM

ඔබතුමා ණය ගෙවන්නේ අර රත්රන් බිත්තර දාපු කිකිළි මරල බඩේ තියෙන බිත්තර ඔක්කොම එකවර ගන්නගිය මෝඩ ගමය වගේ කියලයි නට නම් හිතෙන්නේ. රටේ ජනතාව මැරිලා යන්නම බදු ගහල ණය ගෙවන එකේ කිසිම තේරුමක් නැහැ.

:       0       104

lalithsjm Friday, 22 June 2018 01:23 AM

යන එන හැමතැනම නයි නයි කියල බයිලා කියව කියව ඉන්න එක තමා මෙතුමාගේ රාජ කාරිය. ඕවා නොදැන ද බලයට පත් උනේ ඒ කලේ රටේ විපක්ෂ නායක නේද ?? නොහැකියාව පෙන්වන්නේ නැතිව බැරිනම් ගෙදර යනවා.

:       0       189

akila Friday, 22 June 2018 03:49 AM

ණය ප්‍රශ්නේ විසදන්න ද දන්නේ නැහැ කෝටි ගණන් ඇමතිවරුන්ට , අමාතංශ වලට නාස්ති කරන්නේ .ඊයේ පෙරේදත් ලෝක බැංකුවෙන් ණයක් ගත්ත නේද

:       0       146

Pradeep Friday, 22 June 2018 04:24 AM

ණය ප්‍රශ්නය විසදා, අපනයන වැඩිකර සංවර්දන වේගය වැඩි කරනකොට අපි ජීවත්වෙලා ඉදියිද දන්නේ නෑ. ඇත්තමයි නළුවෙක් නොවෙයි මොලයක්.. මහා මොලයක්.

:       0       113

Lapaya Friday, 22 June 2018 04:34 AM

එහෙම නම් ණය නොගෙන ඉන්න කෝ. ගිය ආණ්ඩුව අවුරුදු 10 යටම ගත්ත ණයට වැඩියේ මේ අවුරුදු 3 ට ණය අරන් තියෙන්නෙත් ගිය ආණ්ඩුවද? ඒ මදි වට මහා බැංකුවත් හුරගෙන කෑවා නේද.

:       0       177

HM Friday, 22 June 2018 06:47 AM

ණය ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්න... තවදුරටත් ණය නොගැනීමෙන් සහ ගත් ණය ගෙවා අවසන් කිරීමෙන්. ඕක හැමතැනම කිය කිය ගහින්, තව ණය අරගෙන ණය ප්‍රශ්නය විසඳන්නේ නැහැ.

:       0       55

Hafeel Friday, 22 June 2018 08:18 AM

දැන් බලයට ඇවින් අවුරුදු තුනහමාරටත් වැඩියි. මේ වනවිට ණය බරෙන් කොච්චර අඩුකරලද තියන්නේ? ණය බර අඩුකරන එක කොහොම වුනත්, අපිට පේන්න තියෙන්නේ සුපුරුදු පරිදි දූෂණයි, නාස්තියයි, හොරුන් ආරක්ෂා කිරීමයි.

:       0       60

niluka Friday, 22 June 2018 09:11 AM

රටේ අනාගතය කාබාසිනියා කරලා දැන් විකාරෙන් කියවනවා. තව බැංකුවක් සුද්ද කළාම හරි යයි.

:       0       50

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 302 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 850 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2222 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2478 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 726 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 303 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site