IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ජොන්ස්ටන් හිරගත කළාට වන්දි ඉල්ලා නඩු පවරනවා’

පුෂ්පකුමාර ජයරත්න
 
අසත්‍ය චෝදනාවක් ගොනු කර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාස එකහමාරක් පමණ සිරගත කර තැබීමට එරෙහිව වන්දි ඉල්ලා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නඩු පවරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) කුරුණෑගල දී ප්‍රකාශ කළේය.


සතොස මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ කුරුණෑගල මහාධිකරණයේ පැවති නඩුවක් අද නිදොස් කර නිදහස් කරන ලද කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හමු වී සුබ පැතීම සඳහා කුරුණෑගලට පැමිණි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.


“ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රී මාසයකට වැඩි කාලයක් නිකරුණේ හිරේ හිටියා. හිරේ දැම්මා විතරක් නෙවෙයි එතුමාට නිලධාරීන් යොදවලා හිරිහැර පවා කළා. මේ නිසා අපේ පළමු පියවර තමයි මේ හිරිහැර කිරීමට එරෙහිව මානව හිමිකම් නඩුවක් පැවරීම.


ඊළඟට එතුමාට අසත්‍ය චෝදනා එල්ල කරලා නිකරුණේ හිරේට දැමීම එෆ්සී අයි ඩී ඒ නිලධාරීන්ට එරෙහිව අලාභ ඉල්ලලා අනිවාර්යයෙන් ම නඩු දානවා.


මේ එෆ් සී අයි ඩීය කියන්නේ නීතිවිරෝධී ආයතනයක්. රට පුරාම ඉන්න අපේ පක්ෂයට හිතවත් ක්‍රියාකාරී දේශපාලඥයින්ට බොරු චෝදනා එල්ල කරලා ඔවුන්ව සිරගත කිරීම තමයි මේ ආයතනයේ ප්‍රධානම කාර්යය. 


මේ වැඩේ නවත්වලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අපි සියලුම දෙනා එක්වී මේ ආණ්ඩුව පෙරලා දැමිය යුතුයි. දවසින් දවසම මේ  ආණ්ඩුවේ ආයුෂ කෙටි වේගෙන එනවා” යැයි ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.



අදහස් (29)

‘ජොන්ස්ටන් හිරගත කළාට වන්දි ඉල්ලා නඩු පවරනවා’

sirimal Wednesday, 17 October 2018 11:17 AM

බොහොම හොඳ අදහසක්. අරලිය ගහ මන්දිරයේ ඉඳගෙන නඩු තීන්දු දෙන ආකාරය පිලිබඳ දුරකතනයෙන් උපදෙස් ලබාදුන්නාය කියල සමහරු කියන ඒකාලේ වගේ නෙවේනේ දැන් අධිකරණය ස්වාධීන බව හොඳින්ම පෙනෙන නිසා සාධාරණ තීන්දු ලැබෙනවා කියල ප්‍රකාශ කරන්න පුලුවන්නම් තවත් හොඳයි.

:       86       147

chathuri Wednesday, 17 October 2018 12:19 PM

අනේ මන්ත්‍රීතුමෝ අල වගේද ගෝවා? රට වෙනුවෙන් සටන් කරපු සරත් ෆොන්සේකා මහතාව හිරකරගෙන හිටිය එක.... අමතකද? දැන් තමයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අධිකරණයට ඕනෑ විදියට දුප්පතාගේ දේ හොරෙන් කළා ඇමතිලාට දඬුවම් දෙනකොට... ඔයාට දිරවන්නේ නැහැ වැරැද්දට... දඬුවම් දෙනකොට. ආණ්ඩුව පෙරලලා හරි යනවද? නැවත ජනාදිපති වෙන්න දඟලන්නේ මෙවැනි. දේවල් කරලද? පැරදිලා රට බාරදෙනකොට මිනිස්සු හරියට අමනුස්සයෝ වගේ දරුණු විදියට හැසිරෙන්නේ අයියලා මලිලගේ. දරුණු පාලනය නිසා දැන් සියලු දෙනාම. සාමකාමී, ඔයාගේ දරුවන් යහමගට ගන්න බලන්න. මේ වගේ කට්ටියට රට බාර දුන්නොත් නියමෙට තියෙයි..

:       853       1985

ShaniWednesday, 17 October 2018 04:07 PM

ඇත්තම ඇත්ත .

:       127       256

රවින් Wednesday, 17 October 2018 12:34 PM

ඔව් දැන් අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක හින්දා නඩු පවරන්න පුළුවන්.

:       139       319

Sujeewa Wednesday, 17 October 2018 12:58 PM

රවින්, ජරාපාලනයට කඩේ ගියත්, මෝඩයෙක් වෙන්න එපා. ප්‍රායෝගික අවංක අධිකරණ පද්ධතියක් ඇත්නම්, FCID වන් ජරාපාලනයේ වැසිකිළි ක්‍රියාත්මක වන්නේ කොහොමද? එසේ නැත්නම්, ඔයාගේ මතුපරපුර වෙනුවෙන්වත් ඔය කඩේයාම නවත්වන්න.

:       467       485

සඳුන් Wednesday, 17 October 2018 01:16 PM

නඩු පැවරුවත් කමක් නැහැ. වන්දි දුන්නත් කමක් නැහැ. මේ යහපාලකයින්ට රටේ කිසිම දෙයක් හරියකට කරගන්න බැහැ. හොරු අල්ලන්න ආවේ කම්බ හොරු ටිකක්. හැබැයි එකක්. මේවාට වන්දි ජනතාවගෙන් අසාධාරණ ලෙස අය කරගන්නා බදු මුදල් වලින් දෙන්න බැහැ. එවා අකාර්යක්ෂම නිලධාරීන්ගෙන්ම අයකර ගත යුතුයි.

:       200       402

සමන්ත Wednesday, 17 October 2018 01:51 PM

ජොන්ස්ටන්ගේ නඩුවේ චෝදනා ඇත්ත. සාක්‍ෂි දුර්වලයි. ඒ නිසා නිදහස් වුනා. ඔව්. ඒකට එෆ්.සී.අයි.ඩී එකට නඩු දාන්න ඕනේ. ඒ එෆ්.සී.අයි.ඩී හරියට වැඩේ නොකල නිසා.

:       127       475

BamunuarachchiWednesday, 17 October 2018 02:25 PM

බැරිද දුවලා උසාවියට ගිහිල්ලා ඔයටික කියන්න. දැන් 62 ගොයියන්ට ලැජ්ජාව වහගන්න බැරුව ඉන්නේ. අලියාගේ නැට්ටේ එල්ලිලා ගියා ලැම්බෝගිනි බලන්න. නැට්ට ගැලවිලා කට්ටිය බිම වැටිලා පස්ස බිම ඇනිලා ඉන්න වෙලාවේ ජොන්සන් ගෙනුත් පයින් පාරක් හම්බ වුනා.

:       372       221

සමන්ත Wednesday, 17 October 2018 08:07 PM

ඔව් උසාවි යයි තමයි ආයෙත්. හිතුවාද කට වහගෙන ඉඳියි කියලා. නමුත් හොරුන්ට කඩේ යන උදවිය මතක තියාගන්න ඕනේ මේ රට හිමි අපේ දරුවන්ට කියලා. ඒ දරුවන්ගේ අනාගතය රටේ ඉන්න, බේබද්දන්ට, මිනි මරුවන්ටයි, හොරුන්ටයි කඩේ ගිහින් පාවා දෙන්න එපා. අතේ පත්තු වෙච්චි දුෂණ තවමත් ඇති පදමට තියෙනවා ඔප්පු නොවී. ඒවා වෙලාවට එළියට එයි. එතකන් කඩේ ගියාට කමක් නෑ. එදාට කඩේ යන පිරිසටත් ගානට ලැබෙයි.

:       10       40

Chanak Los angelesWednesday, 17 October 2018 09:46 PM

හොරුන්ව නීතිය අඳුනන්නේ නැතිවුනාට කර්ම පලය විසින් අඳුනාගෙන නීතියෙන් ගැලවුණු හොරුන්ටයි උන්ට කඩේයන අයටයි මදි නොකියන්න දඬුවම් ලැබෙයි.

:       23       65

kapThursday, 18 October 2018 07:21 AM

ඔයා ගිය ආණ්ඩුව කොන්ත්‍රාත් කරපු හෙන්චයියෙක් නේද? අපිට ඔයාගේ දුක තේරෙනවා අතට එන ගාන නැති උනාම

:       0       2

ධනුෂ්කWednesday, 17 October 2018 04:45 PM

එක්තරා සතිපලක දී මා දන්නා හඳුනන අයකුට පාතාලයෙක් දෙනෝදාහක් ඉදිරිපිට පිහිපහර එල්ල කර ඝාතනය කලා. නමුත් කිසිම පුද්ගලයෙක් ඔහුට විරුද්ධව සාක්ෂි දෙන්න ඉදිරිපත් වුනේ නෑ. එ් කියන්නේ ඔහු නිර්දෝෂියි. හැබැයි සිය ගනනක් මිනිසුන් අැස් දෙකෙන් දුටුවා සිදු වු දේ. නීතිය තුලින් දඬුවම් දෙන්නේ හෝ වරදකරු කරන්නේ ඉදිරිපත්වන සාක්ෂි මත සාක්ෂි නොමැති විට ඔහු නිවැරදිකරුවෙක්. නමුත් ස්වභාවික නීතිය ඔවුන්ට අදාල දඬුවම ලබා දේවි. වැඩි දෙයක් වුවමනා නෑ. අවුරුදු 50 ක ඉතිහාසය තුල අවිගත්ත වුවන්ට හා මර්ධනය ගෙන අා අයට අත් වූ ඉරණම බලන්න.

:       0       168

BamunuarachchiThursday, 18 October 2018 01:41 AM

සාක්ෂි නැහැ කියන්නේ නඩුව බොරුවක්.

:       215       0

rathupaswala roshen anthony Wednesday, 17 October 2018 02:29 PM

මෙයත් මාර කතා කියන්නේ... මාර දේවල් කරන්නේ... ජනතා ඡන්දෙන් පත්වෙන නියෝජිතයෙක්ව මාසයක් රිමාන්ඩ් කරලා නිදහස් කළාම එලි බැහැලා කෑගහනවා වගේ.., කුඩු අල්ලන්න ගේ වටකළාම හෙලිකොප්ටරයෙන් ගිහින් බැහැලා බදාගත්තා වගේ ඔය මිනිස්සුන්ව නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු අරින්න ඡන්දෙ දෙන ජනතාව වෙනුවෙනුත් එළි බැහැලා සටන් කළා නම් හොඳ නැද්ද? භූමිතෙල් පැට්‍රල් සහනේ ඉල්ලලා උද්ඝෝෂණය කරද්දී ඇන්තනි වෙඩි කද්දී , නිදහස් වෙළඳ කලාපේ උද්ඝෝෂණයේදී රොෂේන් චානක වෙඩි කද්දී , මිනිස්සු වතුර ඉල්ලලා උද්ඝෝෂණ කරලා වෙඩි කද්දී ඔබතුමා ඔහොම එළියට බැස්සද?

:       302       455

erdi Wednesday, 17 October 2018 02:52 PM

නැත්තම් මාස්පතා ලැබෙන ජරාව නැතිවෙනවා. ජොන්ස්ටන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මුළුරටම දන්නවා.

:       11       422

Erandathi Thursday, 18 October 2018 12:28 AM

සුමිහිරිපානේ පදමට ගහලා........

:       0       22

irosan Wednesday, 17 October 2018 03:52 PM

මට මතක්වෙනවා මේවා දකිනකොට කැමිලස්ගේ ගජමෑන් ව ...!!!

:       0       75

kaanthi Wednesday, 17 October 2018 03:53 PM

අබරන් සීයාගේ දවසේ කියමන වගේ....

:       0       0

රවින් Wednesday, 17 October 2018 05:07 PM

සුජීව, අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන හින්දා නොවේද නඩු පවරන්න පුළුවන්? පොඩ්ඩක් හිතලා බලන්න. මෙතැනදී කඩේ යෑමක් නොව ඇත්ත ඇති සැටියෙන් කීම පමණි.

:       36       75

lalith Wednesday, 17 October 2018 05:15 PM

ඒකටත් අපේ සල්ලි වලින්ද ගෙවන්න යන්නේ?

:       0       51

BamunuarachchiThursday, 18 October 2018 08:37 AM

එක යහපාලකයින්ගෙන් අහන්න.

:       0       0

Jehaan Wednesday, 17 October 2018 06:28 PM

මුළු රටම හොරාගේ අම්මාගෙන් පේන අහනවා. එදත් එකයි කවදාත් එකයි .

:       0       39

vidya Wednesday, 17 October 2018 09:01 PM

බොරු කතා කර කර ඉන්නේ නැතිව කුරුණෑගල ටව්ම පිරිසිදු කරලා දෙන්නකෝ. පුත්තලම් හන්දිය හතර මහා අපායක්. මාර්කට් එක හතර මහා අපායක්. අපිරිසිදු කමේ සීමාවක් නැහැ.

:       1       15

Mahee Wednesday, 17 October 2018 10:01 PM

ඔව් ඔව් නඩු දාන්නම ඕන නේන්නම්. හෙලිකොප්ටරෙන් ගිහින් බේරගත්ත වගේ, දැනුත් තමන්ගෙ එකා බේර ගත්තේ නැත්නම් ඒවා යුතුකම්ද මං අහන්නේ? හැබැයි කලින් පත්කරගෙන හිටිය හිටිය අධිකරණ ලොක්කො නම් දැන් නැහැ, දැන් ඉන්නේ කෙලින්ම සුදුසුකමට ආපු ලොක්කෙක්. ඒ හින්ද ටිකක් මහන්සි වෙන්න වෙයි.

:       0       26

V.warnakulasuriya Wednesday, 17 October 2018 10:21 PM

අපේ රට ගැන හරිම කණගාටුයි. දේශපාලකයන් විසින් රටේ සෑම පැත්තක්ම නින්දීත තත්ත්වයකට ඇද දමා ඇත. රටම එකම හොර ගුහාවකි. නිතීයත් හොරැන්ට යටත් බවකි පෙනෙන්නේ. මේ තත්ත්වයට වගකිව යුත්තේ ජනතාවමය. පොහොට්ටු හොර කල්ලිය, එ.ජා. පක්ෂ හොර කල්ලිය, ශ්‍රී ලංකා නි.පක්ෂ හොරැ ආරක්ෂා කරන කල්ලිය ආදි වශයෙන් අද දකින්නට ඇත. හොර කල්ලි නායකයන්ගේ මේවැනි ප්‍රකාශ ජනතාව තවදුරටත් පිළිගන්නේද?

:       0       38

ලුම්බිණි Wednesday, 17 October 2018 10:49 PM

ඔබ තුමාට මානව හිමිකම් ගැන මතක් වීම දැක්කම හිනහ යනවා.

:       18       58

tikiri Thursday, 18 October 2018 05:02 AM

ඡන්දෙ කාලේ කටට එන එන දේ කිවුවට, ඒවා ඇත්ත කියලා හිතන්නේ නැති ව ඉන්නයි තිබුනේ.

:       0       15

sam Thursday, 18 October 2018 07:27 AM

ලුම්බිණි, මහින්ද මහත්තයා අපේ තරුණයන් ටයර් සෑයවැල්වල පිච්චෙන කාලේ තමයි ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් වාසුදේව සමග ජිනීවා ගියේ. ඔයා ඉපදිලා නැද්ද දන්නේ නැහැ ඔවුන්ව කටුනායකදී අත්අඩංගුවට ගත්ත හැටිත් ගෙනියන්න හදපු සාක්කි උදුරා ගත්ත හැටිත් නොදන්නේ. එහෙම නැත්නම් ඔබ නුතන ජේ වී පී නායකයෙක් මොකද ඔවුන්ට නම් දැන් ඒ කිසි දෙයක් මතක නැති නිසා.

:       15       0

Hafeel Thursday, 18 October 2018 12:10 PM

මෙයාට මානව හිමිකම් ගැන දන්නවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 101 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 232 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 994 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 126 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 292 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site