(සිරාජ් හසීම්)
දේශපාලන පක්ෂ අතර සහ ජනතාව අතර ජාතික කොඩිය පිළිබද විවේචන තිබිය හැකි වුවත් ජාතික කොඩිය හෑල්ලුවට ලක්කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
ජාතික කොඩියක් යනු රටක අනන්‍යතාව බවත් එය හෑල්ලුවට ලක්කිරීම යනු තම ජනතාවද ප්‍රතික්ෂේප කිරීමක් බවත් පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේෂ්වරන් මහතාට මෙම විරෝධය වෙනත් ආකාරයකින් පෙන්වා දීමට තිබුණු බවත් මහ ඇමැතිවරයා සඳහන් කළේය.
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා ස්ර්වේෂ්වරන් මහතා පසුගියදා වව්නියාව සිංහල මහා විද්‍යාලයේ පැවති උත්සවයේදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කර සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහඇමැතිවරයා මේ බව කියා සිටියේය.
මම 1959 වසරේ රෝයල් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බටයකු විදිහට ජාතික නිදහස් දින උත්සවයකට සහභාගී වුණා. ඊට පස්සෙ එකදු අවස්ථාවක හෝ නිදහස් දින උත්සවයකට සහභාගී වුණේ නැහැ. මම විනිසුරුවරයකු විදිහට සිටියදීත් ජාතික මට්ටමේ උත්සව වලට සහභාගී නොවී සිටියා. හේතුව බ්‍රිතාන්‍යන්ගෙන් රටට නිදහස ලැබුණත් සිංහල ආධිපත්‍යයෙන් අපට නිදහසක් නොලැබීමයි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ 4 වැනි දා ජාතික නිදහස් දින උත්සවයට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සහබාගී වුණා. මට එම උත්සවයට සහභාගී වෙන්න ආරාධනා ලැබුණත් මා ඊට සහභාගී වුණේ නැහැ. මම මගේ විරෝධය දැක්වුයේ එලෙසයි. එහෙත් මම ශ්‍රීලාංකික ජනතාව පිළිගෙන තිබෙන ජාතික කොඩිය ඔසවා ඊට ගෞරවය පුද කරනවා.
ජාතික ගීය ගයන අවස්ථාවේදී නැගිට සිට ඊට ආචාරය පුදකරනවා.දැන් ජාතික ගීය දෙමළ බසිනුත් ගැයෙනවා. අධ්‍යාපන ඇමැති සර්වේශ්වරන්ගේ හැගීම් එක් ආකාරයකින් පිටතට පැමිණියා. ඔහුව මම තේරුම් ගත්තා.මම ඊට ගරු කරනවා. මාගේ අදහස නම් ජාතික කොඩිය සහ ජාතික ගීය ප්‍රතික්ෂේප කිරීම යනු අපගේ ජනතාවද ප්‍රතික්ෂේප කිරීමකට සමානයි කියලයි. සර්වේෂ්වරන්ට සිය සිත් ආවේගය පිට නොකර දරාගෙන සිටින්නට තිබුණා.
ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ ජාතික කොඩිය ගිනිතැබීම සාධාරණ ප්රජාතින්ත්රවාදී කරුණක් විදිහටයි බලන්නෙ.එය වැරැද්දක් ලෙස හුවා දක්වලා එසේ සිදුකරන අයව අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැහැ.සර්වේෂ්වරන් අමාත්‍යවරයාට සිය විරෝධය මෙසේ පාසලක නොදක්වන්නට තිබුණා.මෙය වෙනත් ආකාරයකින් පැහැදිලි කර දෙන්නට තිබුණා.මට ඒ ගැන තවත් මොකුත් කියන්න නැතැයි විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ජාතික කොඩිය හෑල්ලුවට ලක්කිරිම අනුමත කරන්නේ නෑ’ - විග්නේෂ්වරන්
lanka Monday, 20 November 2017 09:04 AM
ඕක ඔච්චර ගණන් ගන්න ඕනේ නැහැ. දකුණේ මිනිස්සු ජාතික කොඩිය විකෘත්ති කරන්නේ කිසිම තැකීමක් නැතුව...
KANDEPOLA Monday, 20 November 2017 10:14 AM
මොවුන් මෙසේ හැසිරෙන විට රටේ සංහිඳියාව ඇති වෙයිද? දැන් වෙලා තියෙන්නේ රටෙන් කෑල්ලක් කඩාගෙන ඊලම පිහිටුවන්න බලාගෙන හිටපු අයට මොන විසඳුම් දුන්නත් පලක් නැති එකයි. මේ ක්‍රියාවලින් සිදුවන්නේ ද්‍රවිඩ ජනතාව තවතවත් අපහසුතාවයට පත්වීමයි.
sampath Monday, 20 November 2017 11:05 AM
ඉන්දියාවෙන් ඉල්ලන්න නිදහස අපෙන් ඉල්ලන්න එපා..
Hafeel Monday, 20 November 2017 11:33 AM
බලනකොට දකුණේ ජාතික කොඩිය විකෘති කල පිරිසටත් උතුරේ ජාතික කොඩියට විරෝධය පලකරන පිරිසටත් වෙනසක් නං නැහැ වගේ. දෙගොල්ලන්ගේ අරමුණ එක හා සමානයි වගේ...
සෙනෙවි Monday, 20 November 2017 11:46 AM
ගහන්න ගහන්න වඳින මිනිහා මෝඩයකි. මේ අය එක්කද සංහිඳියාව කරන්නේ?
Bamunuarachchi Monday, 20 November 2017 03:19 PM
කොහොම වුණත් මොනවා හරි කියලා සිංහල මිනිහාගේ හිත හදන්න නැතිනම් ඔය නළලේ තිබෙන මොට්ටුව සිංහලයෙකුගේ ටාර්ගට් එක වේවි !!!
Nandalal DE SILVA - FranceMonday, 20 November 2017 08:59 PM
පැහැදිලි මදි නිසයි අහන්නේ.... ඔය නළලේ තිබෙන "මොට්ටුව".. "පොට්ටුවක්" කියලයි මන් හිතන්නේ .... මම වැරදිද මන්දා !
minipe Monday, 20 November 2017 04:56 PM
බමුණු, ප්‍රකාශය ඉතාම දරුණුය.
kavantissa Monday, 20 November 2017 06:23 PM
සිංහලයා මෝඩයා දෙමළ මිනිහත් ඊට වඩා මෝඩයා. ඔහේ ගහ ගන්නවා.
one srilankan Tuesday, 21 November 2017 01:53 AM
ගරු කතෘ තුමනි හොද හෙඩිමක් ,,ඉදිරියේදීත් උතුරේ ජනතාව මෙන්ම දකුණේ ජනතාවත් කරන දේසපාලනමය ප්‍රකාශ මත හොද හෙඩිමකින් ප්‍රවුර්තිය එළිදක්වන්න තැන්ක්ස්