IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ජනාධිපතිවරණය කල්දැමීමේ රජයේ උවමනාවට මැකෝත් උදව් කරනවා’

(නාලක සංජීව දහනයක)
 
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර ඇති ප‍්‍රකාශයෙන් වැටහෙන්නේ ජනාධිපතිවරණය කල්දැමීමේ රජයේ උවමනාවට ඔහුත් උදව් කරන බව යැයි මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) පැවැසීය.

පවතින තත්වය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බැවින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පුංචි බොරුකාරයාගේ චරිතය රඟපාන බවද ඔහු කීය.
 
අප රට විනාශයට ඇදී යද්දි අපි දියුණු රටවල් දෙස බලමින් සුසුම් හෙළන බවට ජනාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශයෙන්ම වත්මන් ආණ්ඩුව යටතේ රටට සිදුව ඇති විපත්තිය පිළිබඳව ජනතාවට චිත‍්‍රයක් මවාගත හැකි බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා තමන්ගේ පාලන කාලය පිළිබඳව දැන්වත් ජනාධිපතිවරයාට අවබෝධයක් ලැබීම ගැන සතුටට පත්වන බවද කීය. වත්මන් පාලනය රටට සෑම අතින්ම හානිදායක බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා ඉතාම ඉක්මණින් මැතිවරණයක් ලබාගෙන ජනතාවාදී පාලන ක‍්‍රමයක් බිහිකරගත යුතු යැයිද කීය.
 
පසුගිය ආණ්ඩුව යටතේ රට කෘෂිකර්මාන්තයේන සශ්‍රීකව තිබූ බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා එහෙත් යහපාලන ආණ්ඩුව යටතේ කෘෂිකර්මාන්තයේ සියලු අංශ කඩා වැටී තිබෙන බව කීය. මේ වනවිට තේ, ගම්මිරිස්, කුරුඳු වැනි වගාවලින් ගොවීන් ඉවත්වෙමින් සිටින බවත් මෙම තත්ත්වය වළක්වා ගෙන ගොවීන්ට සහන ලබාදීම සඳහා රජය ඉක්මණින් මැදිහත්විය යුතු බව මන්ත‍්‍රීවරයා පැවැසීය.
 
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී  අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (4)

‘ජනාධිපතිවරණය කල්දැමීමේ රජයේ උවමනාවට මැකෝත් උදව් කරනවා’

Chanak los angeles Tuesday, 16 July 2019 02:47 PM

මැතිවරණ තැබුවාට කම් නැත ජනතාවට සෙතක් වෙනවානම්. ඒවායෙන් සෙත් වෙන්නේ දේශපාලකයන්ටම පමණයිනේ. කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරමින් කාටද කුමටද ඕනේ මේ දඩිබිඩියේ මැතිවරණ ?

:       45       3

චමින්ද Wednesday, 17 July 2019 01:36 AM

එහෙම කියන්නේ වෙන දේකට නොවේ ජනාධිපති වරණයට පෙර පළාත්සභා මැතිවරණය පවත්වන්න බැරිවුනොත් ඉල්ලා අස්වෙනවා කියා ඇති ඔහුට නම්බුව බේරාගැනීමට ඉල්ලා අස්වීමට සිදුවන නිසයි. කොමිසමේ සභාපතිවරයා පොහොට්ටුවේ නැගීමට බලාපොරොත්තුව සිටිනවා යැයි පොහොට්ටුවේ ප්‍රභලයින් ප්‍රචාරය කරද්දී ඔහු රජයට උදව් කරනවා යයි කිව නොහැක

:       0       1

Mahee Wednesday, 17 July 2019 06:28 AM

මැකෝ සමහරවිට කට අරිනවා වැඩියි තමයි. ඒ වුනාට මේ යක්කු තමන්ගේ උවමනාවට ඊට වඩා කට ඇරලා බෙරිහන් දෙන ගමන් අර ගොයියාවත් තමන්ගේ තර්ක විතර්ක හරි බව පෙන්වන්න ඇද ගන්නවා.

:       0       1

sujeewa Wednesday, 17 July 2019 07:05 AM

අපට ඇති ගැටලුව පළාත් සභා මැතිවරණයද ජනාධිපතිවරණයද යන්න නොවේ. මොක තිබ්බත් මේ කිලිටි සම්ප්‍රදායෙන් පත් වෙන එකෙකුගෙන්වත් රටට සුගතියක් නොවීමය. වර්තමාන රජය උසස් සම්මානද සහිතව අසමර්ථ බව හා ජනතා අභිලාශය තේරුම් නොගැනීම පිළිබඳ සහතික ලබා ඇත. රාජ්‍ය බලයට කෙල පෙරෙන අන් අය පත් උවද මේ රටට වන සුගතියක් නැති වගද පැහැදිලිය. ඡන්දය වර්තමාන රජයට පාඩමක් ඉගැන්වීමට හොදය නමුත් රටට නම් වෙන සුගතියක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 94 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 70 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 593 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1994 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 377 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site