(අංජුල මහික වීරරත්න)
එළඹෙන ජනාධිපතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා එකමුතුව හා එක්සත්ව නව සන්ධානය පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද(19) පැවසීය.
2015 සිට විවිධ අභියෝග හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් බහුතර බලයක් නොමැතිව තම ආණ්ඩුවට විශාල සංවර්ධන වැඩ කොටසක් සිදු කිරීමට හැකි වූ බව පැවසු අග්‍රාමාත්‍යවරයා කෙටි කාලයක් තුල මෙතරම් වැඩ කොටසක් සිදුකළ ආණ්ඩුවක් තවත් නැති බව සිහිපත් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද(19) අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව මාතර, හම්බන්තොට, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදීය.
මහජන නියෝජිතයින් වශයෙන් දැන් සිටම ජනතාව අතරට ගොස් අප රජය සිදුකළ සහ ඉදිරියේ සිදුකරණ වැඩකටයුතු පිළිබදව දැනුවත් කර මූලික පියවර ආරම්භ කරන ලෙස පළාත් පාලන නියෝජිතයන් හමුවේ සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා සියලුම පාර්ශව එකමුතුවී සන්ධානය පිහිටුවා එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කර බලය තහවුරු කරමු යැයි වැඩිදුරටත් සඳහන් කළේය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ජනපතිවරණය පහසුවෙන් ජයගැනීමට එජාපය ශක්තිමත්ව ඉදිරියට යා යුතුයි’
ගමරාළ Monday, 19 August 2019 12:57 PM
ඔබතුමාට විතරයි එක්සත් කරන්න පුළුවන්. හැම පක්ෂයක්ම ඔබ සමගයි. මැතිතුමාට ජයමවේවා..!!! අනාගත ජනාධිපතිතුමාට ජයවේවා...!!!
Hafeel Monday, 19 August 2019 03:25 PM
අනාගතයේ ජනාධිපති? 1994 සිට ඔහොම තමයි කියන්නේ... අනාගතය විපක්ෂනායක කියලා කිව්වොත් කමක් නැහැ.
Shan Monday, 19 August 2019 01:06 PM
දවල්ද?
සේනක Monday, 19 August 2019 01:12 PM
කොහොම කිව්වත් මෙදා පාරනම් අනිවාර්යයෙන්ම ජම්පර් එක අන්දනවා... අන්දනවාමයි. කොච්චර උගත් කිව්වත් රටක් පාලනය කරන්න තරම් බුද්ධියක් නැහැ. ඒක රටේ ජනතාව වන අපේ අවාසනාවද, තමුන්නාන්සේගේ අවාසනාවද කියලා තමයි හොයාගන්න බැරි... අගමැතිතුමනි, කවුරු කොහොම කිව්වත් ඇත්ත කතාව ඒකයි.
Amila Monday, 19 August 2019 02:09 PM
25 වසරක් එජාප නායක. හැබයි හැමදාම පරාදයි. එක්කෝ කොහේ හරි ඉන්න මනුස්සයෙක් ඉස්සරහට දාලා ඇඟ බේරාගත්තා. මෙදා සැරේ නම් ගුටිකනවා නියතයි. එතකොට එලොව ගිහින් හරි දිනන්න පුලුවන්වෙයි... ගරු ඒකාධිපතියාණනි..
Ruwan Monday, 19 August 2019 03:24 PM
ඔයා අයින් වුණානම් වැඩේ හරි...
isuru Monday, 19 August 2019 05:07 PM
සජිත් ට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නොත් හරි නැත්තම් සොරි .
de silva Tuesday, 20 August 2019 03:03 AM
ඔබතුමාට මිනිස්සු චන්දෙ දෙන්නේ නැත්නම් පාක්ෂිකයන් කැමති කෙනක් ඉදිරිපත් කරන්න ඔබතුමාට බැරි නම් කොහොමද දිනන්නේ ? ඔය එක එක පොදු අපේක්ෂකයෝ පස්සේ හැඟෙන්නේ නැතුව පුලුවන්නම් ඉල්ලලා දිනලා පෙන්වන්න , බැරිනම් ගෙදර යන්න
rama Tuesday, 20 August 2019 03:38 AM
තමා විසින්ම තමා වර්ණනා කරගැනීම .