IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ජනපතිවරණය අවසන් වන තෙක් ඇමෙරිකා ගිවිසුමට අත්සන් කරන්නේ නෑ’

(නිමල කොඩිතුවක්කු)

ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්  ගිවිසුමට ඉදිරි ජනාධිපතිවරණය තෙක් අත්සන් නොකරන  බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (5) පැවසීය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ  උපදෙස් ලබාගෙන ඇති බවත් පැවසූ අමාත්‍යවරයා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසු  පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.                      

කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

මෙම ගිවිසුම කඩිමුඩියේ අත්සන් කිරීමේ කිසිදු අවශ්‍යතායවයක් රජයට නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා එහි  අඩංගු කරුණු ජනතාවට නිරීක්ෂනය කිරීමේ අවස්ථාව සලසා දී ඇති බවත් සඳහන් කළේය.

පොහොට්ටුවේ පිරිස් පවසන පරිදි ඇමෙරිකානු සෙබලු ගොඩබස්සන, ඇමෙරිකානු ඉඩම් ලබාදීමක් වෙනුවට ජනතාවගේ මාර්ග පද්ධතිය දියුණුවෙන රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා මෙම මුදල් යොදවන බවත් ඔහු කියා සිටියේය.

මෙම ගිවිසුමෙන් රටේ කොහේවත් වැටවල් ගැහිල්ලක්වත්, කාටවත් ඉඩම් බෙදිල්ලක්වත් සිදු නොවෙන බවත් ඉදිරි කාලයේ සංවර්ධන කටයුතු සඳහා රටේ සියලු අයාතනවල මාර්ගෝපදේශයක් ඇති කිරීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

(ඡායාරූපය - ඉෂාන් සංජීව) 



අදහස් (60)

‘ජනපතිවරණය අවසන් වන තෙක් ඇමෙරිකා ගිවිසුමට අත්සන් කරන්නේ නෑ’

Rata Perata Tuesday, 05 November 2019 10:02 AM

දැන් කවුරුහරි ගිහිල්ල අර සංදර්ශනේට ලෙමන් පෆ් ටිකක් දෙන්න.

:       3733       3731

naradaTuesday, 05 November 2019 10:33 AM

හම්බන්තොට වරාය චීනය ගන්නකොට ඔක්කොම සේවකයෝ අයින් කරා මතකද? අන්තිමට අපිට ලැබෙන කිසිම දෙයක් නැහැ.

:       1383       1394

KaluTuesday, 05 November 2019 12:26 PM

මේ ආත්මර්ථකාමීන් කණ්ඩායම නොකිය කියන්නේ අපේ රටේ අවාසනාවට පුතානෝ දින්නොත් එයාලා මේක අත්සන් කරලා ඇමෙරිකාවට අපේ රටෙන් කාලක් ලියලා දෙනවා. ඊළඟට උතුරෙයි දකුණෙයි කට්ටියට වීසා ක්‍රමයක් හඳුන්වාදීලා ආණ්ඩුවට සල්ලි එකතු කරනවා කියලා....

:       201       123

NishanWednesday, 06 November 2019 11:27 PM

හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් නොකලා නම් ණය කන්ද ගෙවන්නේ?

:       2       75

NalakaThursday, 07 November 2019 07:25 AM

වැඩක් නොකර නිකන් කකා ඉන්න ඔහෙලා වගේ අයට අපේ බදු සල්ලිවලින් පඩි ගෙවන්න කියලද කියන්නේ ? චීනගේ ණය ගෙවන්නේ රාජපක්ෂලා ඉතුරු කරපු ඒවගෙන්ද?

:       2       1

සදරුවන්Tuesday, 05 November 2019 12:25 PM

ඔබ රටේ විශ්වාශය භංග කරගත්, හාමුදුරුවන්ගේ කරපිටින් එජාපයට විරෝධය පෙන්නා පාර්ලිමේන්තුවට ඇවිත් එජාපයට කඩේ යන ප්‍රත්පත්තියක් නැති කෙනෙකි. පුලුවන්නම් ටිකක් හරි විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් ලවා ඕක කියන්න.

:       13       84

thilakWednesday, 06 November 2019 01:52 AM

නිකම් කට තියන පලියට කියවන්ට එපා. උඩුදුම්බර කාශ්‍යප හිමියන් කියන්නේ කාටවත් කඩේ යන හිමිනමක් නොවේ.

:       103       120

Rasika Wednesday, 06 November 2019 02:41 AM

එහෙනම් මුදල් ඇමතිට මොකද්ද ඔච්චර තිබූන හදිසිය ? ජනතා විරෝදය නිසා අඩියක් පස්සට ගන්න වුන බවයි පෙන්නේ.

:       182       200

mpWednesday, 06 November 2019 03:34 AM

ඔයාට ලෙමන් පෆ් කන්න පෙරේත කමක් තිබුනට, ඒ හාමුදුරුවන්ට එහෙම නැහැ. කථාවෙන් පේන්නේ ඔයා වැස්සකටවත් පන්සලකට ගොඩ නොවූ කෙනෙක් බවයි.

:       79       104

RaveendraWednesday, 06 November 2019 06:52 AM

නමේ අර්ථය දන්නේද යන්න පැනයකි ඔබට..// ඔබ වැනි අය බහුලය දියවන්නඔයේ මඩුවේ..// වාසිය ලැබෙන්නේ නම් කුමටද රට පෙරට..//

:       0       0

AJANTHA Tuesday, 05 November 2019 10:05 AM

මෙයාලට ඡන්දය දුන්නොත් වෙන දේ පේනවනේ. රට ගැන හිතලා ඔබේ ඡන්දය මෙවර දෙන්න.

:       41216       31375

mohanTuesday, 05 November 2019 10:34 AM

එහෙම කියලා ඇමරිකන් පුරවැසියෙකුට රට භාර දෙන්නද කියන්නේ ?

:       5383       6716

SUSANTHATuesday, 05 November 2019 11:16 AM

එතකොට සිංගප්පුර් ජාතිකයෙක් මහබැංකුව කාල ගියේ. එක අවුලක් නෑ.... ගෝඨා රටට වැඩක් කරලා තියෙනවා. අපිට නම් වෙන විකල්පයක් නෑ.

:       362       372

sisiraTuesday, 05 November 2019 11:55 AM

නමට හෙළ උරුමය. නමුත් හෙළය කෑලි කඩලා වෙන්දේසි දාන කට්ටියගේ සාමාජිකයෙක්.

:       3245       2603

ධනාTuesday, 05 November 2019 12:28 PM

කවුද අනේ ඔය හැමෝම කියන ඇමරිකන් පුරවැසියා?

:       28       2

maxTuesday, 05 November 2019 01:15 PM

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහෙ ඡන්දෙ ඉල්ලනවද මොහාන්?

:       29       28

Roshan TTuesday, 05 November 2019 04:27 PM

ඔව් මේ වගේ නායකයන්ට වඩා ඇමෙරිකන් නෙමෙයි ජපන් කෙනෙක්ට උනත් දුන්නත් කමක් නැහැ. තවමත් ගෝඨා ඇමෙරිකන් කියලා හිතන් ඉන්න අන්ධයන්ට මම අනුකම්පා කරමි.

:       101       112

maheshikaTuesday, 05 November 2019 09:43 PM

ගෝඨා ද්විත්ව පුරවැසියෙක්. ඔහු ඇමෙරිකාවේ පුරවැසි බව ඉවත් කිරීමට ඉල්ලුම් කරලා කියලා කිව්වේ.

:       37       104

SujeewaTuesday, 05 November 2019 01:11 PM

ඇමතිතුමෝ, ඔබතුමා පසුගිය සෙනසුරාදා ගායනාකලේ මිට හාත්පසින්ම වෙනස් බයීලාවක්නේ. මිලේනියම් චැලේන්ජ් එක කිසිම නරකක් නැති බව තමා වාදනය කලේ.

:       92       99

NishanWednesday, 06 November 2019 11:42 PM

එදා කිව්ව දේ වෙනස් කරලා අද කිව්වද? ගිවිසුම නරකයි කියලා එතුමා එදා කිව්වෙත් නෑ අද කියන්නෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා ඒක අත්සන් කරනවා කියලයි අද කියන්නේ. ඒක ඉතා හොඳ ලක්ෂණයක්. සෝෆා ගිවිසුම එදා පාලකයන් අත්සන් කලේ සියලු දෙනාගෙන් හංගලා. අඩු ගානේ කැබිනට් එකවත් ඒක දන්නේ නැහැ. මේ ගිවිසුමේ සියලු කොන්දේසි එතුමා ඉතා පැහැදිලිව විග්‍රහ කළා. එය නරකයි කියන අය ගිවිසුම අතට අරන් එහි නරක දේවල් පෙන්විය යුතුයි දැන්.

:       1       1

gonja Tuesday, 05 November 2019 10:27 AM

ජනාධිපතිවරණෙන් එම්.සී.සී ගිවිසුමට ජනවරමක් ඉල්ලන්නකෝ.

:       86       419

NASRUDIN Tuesday, 05 November 2019 10:29 AM

පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගේ මහා සත්‍යග්‍රහයට පුජනීය ප්‍රණාමය !

:       784       2383

sandy123Tuesday, 05 November 2019 11:06 AM

මමත් ඔබ සමගයි.

:       234       406

විජිත් Tuesday, 05 November 2019 02:40 PM

උන්වහන්සේගේ ප්‍රර්තනාවන් ඉටුවී අපේ රට මේ සිදුවන්නට යන ව්‍යසනයෙන් ආරක්ශාවෙවා....!!! ඔබ වහන්සේ මතු බුදුවන්නට මේ පිනම ඇති.

:       70       112

dimuthu Tuesday, 05 November 2019 10:31 AM

රට ඩොලර් වලට පාවාදෙන මේ වසලයෝ.

:       3492       4078

Rata PerataTuesday, 05 November 2019 02:34 PM

මේ කියන්නේ ඇමෙරිකානු ජාතික ගෝඨාබය සහ බැසිල් ගැන නේද?

:       272       241

RaveendraTuesday, 05 November 2019 10:51 PM

dimuthu, ඔබගේ අදහස් ඉතාම නිවැරදිය. කව්රු කෙසේ කිවත් මෙය අපගේ මතෘබුමිය අමු අමුවේ පාවාදීමකි." ඇමෙරිකන්කාරයා " ලෝකයේ කිසිදු රටකට ගියේද එරට විනාශ වුවා හැර දියුණු වුවාද යන්න " පිගානේ කිබුල්ලු දකිනවා කියන " බලලොබි, නුගත් දේශපාලුවන්ට මෙන්ම දේශපාලන ගොට්ටන් මෙන්ම එන්ජිඔ අයට ඒ පිලිබදව හිතට එකගව සොයා බලන ලෙස අප අබියෝග කරන්නෙමු.

:       0       110

Raveendra Tuesday, 05 November 2019 10:34 AM

එක්කෝ එයාට පිස්සු නැතිනම් මෙයාට පිස්සු.

:       1       18

Priyantha Tuesday, 05 November 2019 10:39 AM

ජනාධිපති සිහිනය බොඳ වූ මලකඩ මිනිසා.

:       1387       2161

විජිත් Tuesday, 05 November 2019 11:42 AM

මෙයා ගිවිසුමේ ඇත්ත නොදන්නවා නොවෙයි. මතකයි නේද බෑන්කිමූන් යුද්දේ අවසන් වුනහම අපේ රටට ඇවිත් යද්දී අත්සන් කරන්න දුන්න කොළ කෑල්ල නිසා තමයි අපිට විරුද්ධව එක්සත් ජාතින් අපිට එක එක චෝදනා නගන්නේ. මේ මිලේනියම් ගිවිසුමයි අනෙක් ගිවිසුම් 2යි එකිනෙකට අන්තර් සම්බන්ධතාවක් තියෙන මහා උප්පරවැට්ටියක්. එහි සමහර වගන්ති තියෙන්නේ නෙගටිව් පැසිව් ඉංග්‍රීසි වලින්. ඒ මදිවාට ඇමුණුම් කීයක්ද..? ඔය ඇමුණුම් අන්තිම භයානකයි රටකට. මතකද ඉන්දු ශ්‍රී ලංකා ජේ ආර්ගේ ගිවිසුමේ තිබුන ඇමුණුම්..? අපිට ඔය ඩොලර් මිලියන 450 ඕනේ නැහැ. ඊට වඩා අපේ අභිමානය වටිනවා.මොනවා වුනත් එජාප,පොහොට්ටු, ශ්‍රී ලංකා කියන හොර පක්ෂවල අනාගතය අඳුරුයි. මේ ජනතාවගේ කාලයයි...මේ අයට එරෙහිව විකල්පයක් සොයා යමු.

:       404       680

sudish - negomboTuesday, 05 November 2019 02:41 PM

අපිත් ඔබ සමගයි.

:       0       22

wimal Tuesday, 05 November 2019 10:43 AM

ජාතිය වෙනුවෙන් නැගී සිටි අයට අපගේ ප්‍රණාමය .

:       533       1164

රජින්ද Tuesday, 05 November 2019 10:52 AM

මේ රටේ ඇති කිසිසේත්ම විශ්වාස කළ නොහැකි භයානකම පිරිසක් ඉන්න අකුරු තුන එජාපෙ වේ. ඔවුන් ජනතාවට සහ මාධ්‍යට එකක් කියා ඊට හාත්පසින්ම වෙනස් භයානකම දෙයක් කරයි.

:       2688       3197

athuraTuesday, 05 November 2019 11:17 AM

ගෝඨා මුලින්ම ඇමරිකාව එක්ක ආරක්ෂක ගිවිසුම ගහනකොට ඔයා දැනගෙන හිටියද මහත්මයා. ඒ අතින් ඔවුන් හරිම විශ්වාසයි.

:       3       16

aruniTuesday, 05 November 2019 11:45 AM

මේ දෙගොල්ලොම එකයි. පොහොට්ටුවෝ ශ්‍රීලනිප මේ ඔක්කොම එක කාසියේ දෙපැත්ත.කෝ එජාපයෝ හොරු අල්ලුවාද ? අපි රැවටුනා.මේ පාර අපි රැවටෙන්නේ නැහැ මේ දෙගොල්ලොටම. අපේ ගමම ජවිපේට. ඒ වගේම දෙවැනි තෙවැනි මනාප විකල්ප ඒඅයට. අපි තවමත් කියනවා සියලුම විකල්ප එකතුවෙන්න කියලා.

:       320       574

gamralaTuesday, 05 November 2019 12:08 PM

ඔය ජෙප්පෝ 1971 හා 1988/89 කාලයේ කරපුවා අරුණි දන්නේ නැහැ. මේ අය ගැන අදත් පොතක් නිකුත් කරන්න තියෙනවා. මේ පොත් කියවාල ඔබගේ ගිය ආත්මයේ මෙරට සිදුවූ දේ බලා ගෙන ඉගෙන ගන්න. මෙය ආරම්භ කළ අයගෙන් එක්කෙනෙක්වත් දැන් ඔවුන් සමග නැති අතර නිර්මාතෘ විජයවිරගේ බිරිඳ හා දරුවනුත් අමතක කරලා. ඔබ යන්න හදන මග වැරදියි. ඔවුන් අන්තිමට එල්ලුනේ ඔවුන්ගේ හතුරු එජාපය සමගයි. ඔබගේ අනාගතය විනාශ කරගන්න එපා.

:       83       91

රජින්දTuesday, 05 November 2019 12:24 PM

මෝඩ වැඩ කරන්න ගමටම ඉන්නේ ඔයා විතරයි නේද ?

:       57       1

Sarath Tuesday, 05 November 2019 11:22 AM

දැන් ඔවුන් හඹා ගියේ එය අත්සන් කර ඇත්නම් කිසිවෙකු සජිත්ට ඡන්දය නොදෙන බව දුටු බැවිනි.

:       0       7

mp Tuesday, 05 November 2019 11:24 AM

පාර්ලිමේන්තුවට ආවේ හාමුදුරු කෙනෙක්ගේ නම විකුණලා. දැන් කොහොමද ?

:       0       17

ruki Tuesday, 05 November 2019 11:55 AM

මේ ඇවිල්ලා විකෘති මානසිකත්වයක් තියෙන දේශපාලුවෙක්.

:       1818       1111

Jayasinghe Tuesday, 05 November 2019 12:02 PM

නීතිපති දෙපාර්තමෙන්තුවට ලිපියක් යවනවා කාරණාව හංගලා ලියලා. ඒකට උත්තරය හම්බුනාම කියනවා නීතිපති දෙපාර්තමෙන්තුව අනුමත කරා කියලා. ගල් අගුරුවලටත් මෙයා කරේ ඒ දේමයි.

:       0       4

mp Tuesday, 05 November 2019 12:13 PM

මුන් වසලයෝ...

:       0       2

prakaash Tuesday, 05 November 2019 12:14 PM

යු.එන්.පී සහ ජේ.වී.පී නරුමයින් අද කරන්නේ ඩොලර්වලට රට පාවා දීමයි. මේ අයගේ බත් බැලයිනුත් කරන්නේ කඩේ යාම පමණයි. මිනිසුනි, මේ ද්‍රෝහීන්ගෙන් රට බේරා ගැනීමට පෙළ ගැසෙමු.

:       32       27

sl Tuesday, 05 November 2019 01:00 PM

අම්මෝ හම්බන්තොට විකුනද්දී කියපු දේවල්...

:       0       12

රෝහිත සමරකෝන් Tuesday, 05 November 2019 01:02 PM

දැනටමත් මේක අත්සන් කරලා ඉවර ඇති. මෙයා හිතනවා ඇති ඇඟිල්ල දික්කරලා කිව්වම ඔක්කොමලා බයවෙලා මෙයා කියන ඒවා පිළිගනියි කියලා... මිනිස්සු මෝඩ නෑ.

:       0       1

max Tuesday, 05 November 2019 01:21 PM

කාශ්‍යප හාමුදුරුවන්ට පින්සිදු වේවා.! ඡන්දෙන් පස්සෙත් මේක අත්සන් කරන්න වෙන්නේ නැහැ. මොකද වර්තමාන පාලකයෝ නැවත බලයට එන්නේ නැහැ.

:       9       2

ධම්ම Tuesday, 05 November 2019 01:34 PM

වරද තේරුම් ගැනීම සතුටට කරුණක්.

:       0       1

බද්රානි Tuesday, 05 November 2019 01:54 PM

මෙතන කොමෙන්ට් දාන අය ඉස්සරවෙලා මේ "මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම" කියවලා ඉන්න. අර උපවාස කරන ස්වාමින් වහන්සේටත් එකේ තියන දේවල් පැහැදිලි කරලා දෙන්න. දන්නා දේකුත් නැහැ.

:       149       195

Praba Tuesday, 05 November 2019 03:12 PM

රටේ කෑල්ලක් 99 අවුරුද්දකට චීනයට ලියලා දුන්න පසුගිය දවසක. ඒක ගැන කවුරුවත් කතා කළේ නෑ. අපි චීනෙ යටත් විජිතයක් වුනාට අවුලක් නැද්ද?

:       0       41

chandima Tuesday, 05 November 2019 10:53 PM

අපරාදේ ගානක් සුද්දකරගෙනම ගෙදර යන්න තිබුණු අවස්ථාව නැතිඋනා නේද?

:       17       9

Wasantha Tuesday, 05 November 2019 11:02 PM

මේ වගේ අය නම් ජීවිතේට දැකලා නැහැ. එකටම හරියන උඩ බලාගෙන දෙන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන ඉන්න මිනිස්සු. රටෙන් එලියටම ඇවිත් බලන්න ඕන ඒක.

:       1       1

lanka Tuesday, 05 November 2019 11:29 PM

මේ දේශපාලුවෝ හැමෝම කියන්නේ මේකෙන් මාර්ග පද්ධතිය දියුණුකර රටේ ආර්ථිකය නගා සිටුව හැකි බවක්. නමුත් මේ කිසි කෙනෙක් කියන්නේ නැහැ මේ ගිවිසුමෙන් ඇමෙරිකාවට ලැබෙන දේවල් ගැන. මේ ගිවිසුමේ අන්තර්ගතය ඇයි මහජනයාට දැනගන්නට ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ? මේක රට පාවාදෙන ගිවිසුමක්.

:       83       14

lalithm Wednesday, 06 November 2019 02:40 AM

මොකක් හරි වැඩක් කරන්න පුළුවන් කෙනාට බොහෝ දෙනෙකුට පෙනෙන්නේ හොරෙක් විදියට. ඒ බොහෝ දෙනා හොරුන් කියන දේවල් වලට අනුගත වෙලා හින්ද. මේ ගිවිසුමේ තියෙන දේවල් පොදු ජනයට තාමත් නිරාවරණය වෙලා නැහැ. අපි ඔක්කොම අඳුරේ අතපත ගානවා විතරයි. ඔක්කොමල අර එළුවා පස්සේ ගිය නරිය වගේ කපටින් පස්සේ මොනවද දිහා බලාගෙන දුවනවා.

:       0       26

shasika Wednesday, 06 November 2019 03:12 AM

ජවිපේ ඔක්කොටම හපන්, අරුණි, පොඩ්ඩක් හිතන්න ඒගොල්ලෝ කතාවට නම් දක්ෂයි එත් වැඩ නැහැ

:       41       49

සම්පත් Wednesday, 06 November 2019 04:41 AM

මුලින් ඕක ප්‍රසිද්ධ කරලා ඉන්නකෝ වෙන වැල් වටාරම් කියවන්නේ නැතුව. ලංකාවේ මිනිස්සුන්ට ඔය ගිවිසුම කියවලා හොදද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්.

:       0       2

isurandi Wednesday, 06 November 2019 05:05 AM

ඡන්දෙට පෙර හෝ පසුව හෝ මෙවැනි ගිවිසුම් ඕනෑම නැත.

:       0       21

thushara Wednesday, 06 November 2019 05:50 AM

ජනතාවට නිකුත් කර ඇති ලේඛනයේ 12, 13 පිටු අඩු බව කාරුණිකව සලකන්න

:       0       23

sampath Wednesday, 06 November 2019 07:44 AM

බුදුසරණයි ගහපු ලොරියේ හොර හරක් අදිනවා වගෙයි.

:       0       13

sampath Wednesday, 06 November 2019 08:26 AM

ගිවිසුම් ගැන අපිට කියන්න එපා උඩරට ගිවිසුම කොයි තරම් සාදාරන ගිවිසුමක්ද අන්තිමේ කිරි දරුවන් කඩු තුඩේ අමුණලා මැරුවා. ඒ ලගට පරංගි ගිවිසුම් ගහලා රටම වැනසුවා.

:       0       1

dd Wednesday, 06 November 2019 06:20 PM

එතකොට ඡන්දෙන් පස්සේ අලෙවි කරනවා ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 181 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 378 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 494 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 800 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1203 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 971 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site