IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘ජනපතිවරණ අපේක්ෂකයා ගැන කතා එපා ‘

(ඩයනා උදයංගනී)

 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් එක්ව ගොඩනැගීමට නියමිත පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳ තීරණය පක්‍ෂ නායකයින් එක්ව ගන්නා තුරු සෙසු පිරිස් ඒ ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී, හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.
 
ඉදිරිපත් වන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතාද, මහින්ද රාජපක්‍ෂ මහතාද, ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ චමල් රාජපක්‍ෂ මහතාද යන්න වැදගත් නැතැයි කී එස්. බී. දිසානායක මහතා ඉදිරිපත් වන අපේක්‍ෂකයෙකු සමඟ ඉදිරියට යා යුතු බව ද  ප්‍රකාශ කළේය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන මහතා වැනි සන්ධානයේ සෙසු පක්‍ෂ නායකයින් එක්ව එම තීරණය ගනු ඇතැයි ද එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය. 
 
එතෙක් කිසිවෙක් කලබල වීම හෝ අදහස් දැක්වීම නොකළ යුතු බව කී එස්. බී. දිසානායක මහතා එවැනි කතාබස් ඇතිකරගැනීමෙන් සිදුවන්නේ දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවීම පමණක් බව ද කීවේය.
 
 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් දිනපතා උදේ සිට රෑ වන තුරු අපේ ජනාධිපති අපේක්‍ෂකයා මෛත්‍රී බව ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ පොදුජන පෙරමුණේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් කලබල වී ආරවුලක් ඇතිවීම පමණක් බව කී මන්ත්‍රීවරයා එය ගොඩනගන පුළුල් සන්ධානයට හා ඉදිරි ගමනට අවාසිදායක බව ද කීවේය.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය ගත් අවස්ථාවේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් ආණ්ඩුව සමඟ සිටීමට උත්සාහ කළ බව කී දිසානායක මහතා ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට  ‘පක්‍ෂයෙන් එ.ජා.පයට යන අයට මෙන්ම පොහොට්ටු පක්‍ෂයට යන අයටත් දඬුවම් කළ යුතුය’ යනුවෙන් හා ‘ඊළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා වන බවට මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු විය යුතුය’ යනුවෙන් යෝජනා දෙකක් ගෙනැවිත් ජනාධිපතිවරයා අප්‍රසාදයට පත්කිරීමට උත්සාහ කළ බව ද කීවේය.
 
එස්. බී. දිසානායක මහතා මේ බව පැවැසුවේ පුංචි බොරැල්ලේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (9)

‘ජනපතිවරණ අපේක්ෂකයා ගැන කතා එපා ‘

chathuri Thursday, 17 January 2019 12:02 PM

ඔය. තරම් කයිවාරු ගහන්නේ. නැතිව. පුලුවන්නම් ඉදිරිපත් කරන්න. මනුස්ස ජිවිත. ඝාතනය නොකළ, සතයක්වත් සොරකම්. නොකළ පුද්ගලයකු ඔය පක්ෂයෙන්

:       0       337

Wishea Thursday, 17 January 2019 01:33 PM

එස් බී. මහත්කතයා රුණාකර ඔබ ශ්‍රිලනිපය හෝ පොදුජන පෙරමුන ගැන කතා නොකරන්න. එසේ කිරීම සඳහා ඔබට සදාචාරමය අයිතියක් නැත. ඔබේ නිහඩ වීම එම පාර්ශවයන් වටා රැස් වූ ජනතාව සඳහාවට ඉතා වැදගත් වේ.

:       1       88

Rata Perata Thursday, 17 January 2019 03:08 PM

තව කයිවාරුත් ගහනවා.

:       0       68

Hafeel Thursday, 17 January 2019 03:25 PM

මෙයා මොනවා කිව්වොත්, දැනටමත් දෙපාර්ශවය අතර ගැටුම් ඇති වෙලා. තවත් මොනවාද? පොහොට්ටුවේ ආරම්භක සාමාජිකයන කැමති නැහැ මෛත්‍රී පාර්ශවයට. මෛත්‍රී පාර්ශවය කැමති නැහැ රාජපක්ෂලාට. වෙල්ගම කැමති නැහැ මහින්ද හැර දෙපාර්ශයටම.

:       0       89

Nandalal DE SILVA - France Thursday, 17 January 2019 06:34 PM

එස්. බී. දිසානායක කියන කතාව නම් හරියටම හරි ! ඒක කියවන විට මට මතක් උනේ ආඬි හත්දෙනා උයපු කැඳ හැලියේ කතාවයි. ඔක්කොම හොරු නිසා හැලියට එකෙක්වත් හාල් ඇටයක්වත් නොදැම්මා වගේම තවම ජනාධිපති අපේක්ෂකයෙක් හොයාගන්න හැමෝම තටමනවා, ඒකයි තිත්ත ඇත්ත. ඉදිරිපත්කරන හැම අපේක්ෂකයෙකුටම ඔහුට එරෙහිව සිටින අනික් අය පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් එක්ව ගොඩනැගීමට නියමිත "පුළුල් සන්ධානයේ" එකිනෙකා අතර කිසිම විශ්වාසයක් නැත. එමෙන්ම එකෙක් අනිකා දෙස බලන්නේ විශාල සැකයකින් මෙන්ම මහ පුටුව "මගේ පක්ෂයේ එකාට ලැබිය යුතුය" යන සංකල්පනාවෙනි!

:       0       30

වල්මෝරුව Thursday, 17 January 2019 07:26 PM

මෙතුමා කියන කිසිම දෙයක් තවම සිද්ධවෙලා නැහැ.

:       0       195

Jerami Thursday, 17 January 2019 07:56 PM

හැංගි හැංගි වෙස් බැන්දට එලියෙනේ නටන්න වෙන්නේ.

:       0       123

අනුර Friday, 18 January 2019 03:05 AM

ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්ඩ බැරිවෙච්ච අයගෙ කයිවාරු කථා. ලබන ඡන්දෙදිත් මෙයා ඉල්ලුවොත් පැරදි තමා.

:       0       110

Sanka Friday, 18 January 2019 05:29 AM

රංගේ...රංගේ....මේ මම....ඔයා දැන් එනවා නේද...ඒ කයිවාරු මතකද?

:       0       322

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 2 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 188 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 107 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 230 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 3085 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 777 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 146 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site