IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ජනපති මුලින්ම තමන්ගේ පක්ෂය සුද්ධ කර ගත යුතුයි‘ - දිලිප්

(චන්ද්‍රසේන ගමගේ)

‘‘ජනාධිපති අද ආණ්ඩුව සුද්ධ කරන්න කථා කරනවා. එතුමාට තමන් ගේ පක්ෂය සුද්ධ කර ගන්න මේ වන තුරුත් බැරි වුණා. ජනාධිපති තුමා ඔය ජනාධිපති පුටුවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය නිසයි. ආණ්ඩුව සුද්ධ කරන්නට කලියෙන් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුද්ධ කර ගත්තොත් හොඳයි‘‘ යැයි රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා අද(16) තංගල්ලේදී පැවසීය.

‘‘මම විශ්වාස කරනවා.ආණ්ඩුව සුද්ධ කිරීමේ වගකීම රනිල් වික්‍රමසිංහ මහතා කර ගනියි. දිගින් දිගටම අපේ පක්ෂයට කෙනෙහිලි කම් කළොත් මේ මැතිවරණයෙන් පසුව එක්සත් ජාති පක්ෂ ආණ්ඩුවක් බිහිවීමේ ඉඩකඩ වැඩි බව අපි සුද්ධ කරන්න එන අයට කියනවා‘‘ යැයි ද ඔහු කීය.

‘‘එස්.බී දිසානායක ඇතුළු පිං ඇමතිවරු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය දිය කරන්න උත්සාහ ගන්නවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන පක්ෂයක්. මහාමාන්‍ය ඩී.එස් සේනානයක වැනි යුග පුරුෂයන් බිහිකළ එක්සත් ජාතික පක්ෂය නැති කරන්න තමන්ගෙ ආසනේ දිනා ගන්න බැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු උත්සාහ ගන්නවානම් ඒක ඒ තරම් පහසු කාර්යක් නොවන බව පිංඇමතිවරු සිහිතබා ගත යුතුයි‘‘ යැයි ද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.



අදහස් (9)

‘ජනපති මුලින්ම තමන්ගේ පක්ෂය සුද්ධ කර ගත යුතුයි‘ - දිලිප්

gunarathna Tuesday, 16 January 2018 11:55 AM

ඔබතුමා ඔය කියන කතාව මුළු රටම දන්නවා.

:       171       260

de silva Tuesday, 16 January 2018 03:25 PM

ඉතින් ඔබතුමා දැනට දින 2-3 කට ඉස්සර රන්නේදී කිවේ ජනපතිතුමා අවුරුදු 6 හිටියත් ප්‍රශ්නයක් නැහැ කියල ? දැන් මොනවද මේ කියන්නේ ?

:       0       106

Chandra Tuesday, 16 January 2018 05:13 PM

කෙසේ වෙතත් පක්ෂ පාට නොබලා, දූශිතයන්ගෙන් රට බේරගන්න ඇවිල්ලා පක්ෂ දිනවන්න ආයේ පුරුදු වෙච්ච දුෂිත ක්‍රමයට යන්නේ මේ රටට හෙන ගැහැව්වත් කමක් නැහැ.

:       0       1

සෙනෙවි Tuesday, 16 January 2018 06:20 PM

ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති බව නොදන්නා කෙනෙක්..

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 16 January 2018 06:26 PM

සහතික ඇත්ත. ජනපතිගේ ක්‍රියා කලාපය ලක්ෂ 62 ඡන්ද දායකයන්ගේ දෝෂ දර්ශනයට ලක්වී හමාරයි. ජනාධිපතිවරයා කොන්දක් තිබෙන එඩිතර නායකයෙක් නම් පසුගිය රජයේ හිටපු, ඩොලර්, යුරෝ අය පිල්ලි ගහපු අයට එරෙහිව ක්‍රියාකිරීමට වසර 3ක් ගිහිල්ලත් බැරි උනේ මොකද කියල තමයි මුළු රටම අහන්නේ.

:       0       0

Sathyayaa Tuesday, 16 January 2018 09:20 PM

මාළුවා නහින්නේ කට හින්දයි. හොඳ ඇමක් ඇමිණූ බිලි කොක්කක් සහිත පිත්තක් වතුරට දාපු දාට තමයි පිඟානක් මතින් කෑම මේසයට එන්නේ. කකුළුවෝ ටික දඟර ඩාන්ස් දැම්මේ ජනාධිපති වතුර මුට්ටිය යටින් ගින්දර නොදාපු හින්දයි.

:       0       0

kavantissa Wednesday, 17 January 2018 01:16 AM

ජනපති ප්‍රේමදාස උතුමාට පසුව, යු.අන්.පී පක්ෂය ප්‍රපාතය කරා ගමන් කල පක්ෂය. ඒ අය රට ගෙනියන්නේ ප්‍රපාතයකට. දන්නේ ප්‍රපාත ගැන විතරයි.

:       0       0

Rohana Wednesday, 17 January 2018 04:37 AM

ඔබතුමාත් සජිත්ගේ පිහිටෙන් ගත්ත පින් ඇමතිකමක් තමයි කරන්නේ. මම අභියෝග කරනවා තංගල්ලේ ආසනය දිනලා පෙන්නන්න කියා. යථා තත්වය නම් මහින්ද අමරවීර ඇමතිතුමා සමග හැරෙන්නවත් ඔබට බැරිය. බලන්න ඔබතුමාගේ කතාව ඉතාම අසන්වරයි. ඔබතුමා කයිවාරු ගැහුවට ආසනය ගියවරත් පරාදයි. සජිත් ගේ පිහිටෙන් මනාපෙන් ආවේ.

:       0       2

de silva Thursday, 18 January 2018 09:43 AM

රෝහණ, මෙතුමා පවතින ඡන්ද ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ ඉස්සරහ දොරෙන් පාර්ලිමේන්තු ගිය පුද්ගලයෙක්. සජිත් මහත්මය සමග එකමුතුව දේශපාලනය කරන එකේ වරදක් තිබෙනවද ? මේගොල්ලන් ඡන්දෙ ඉල්ලන්නේ එකම දිස්ත්‍රික්කේ, එකම පක්ෂේ එකම වේදිකාවක ඉඳන් ජනතාව අමතන එක වරදක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 328 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 36 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1742 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 344 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1600 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1565 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site