IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ජනපති ජනවරම පාවාදුන්නා’

එෆ්.අස්ලම්
 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තනි කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනවරම පාවාදුන් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව  ගත් එම ක්‍රියාමාර්ගයට ශ්‍රේෂ්ඨාධිකරණය නිසි පිළිතුර ලබා දෙනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
 
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගනු ලැබූ තීරණය පිළිබද මාධ්‍යට අදහස් පලකරමින් හිටපු විපක්ෂ  නායකවරයා මේ බව සඳහන් කළේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය. 
 
පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් කල් තැබීමටත් විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට බලතල තිබුණා. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් එම බලතල අහිමි වී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර හතර හමාරක් ගෙවුණු පසුවයි.
 
මෛත්‍රීපාල සිරිසේන මහතා ස්ව අභිමතය පරිදි ගනු ලැබූ ක්‍රියාමාර්ගය පරාජය වීමට යන බව දැන දැනම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එය රට ජනතාවට පමණක් නොවෙයි ජාත්‍යන්තරයත් දන්නා  සත්‍යක්.
 
මෑතක සිට ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ නොසිටිය යුතුයි කියන හැගීමෙනුයි කටයුතු කළේ. තමන් පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමේදී අපරාජිත විය යුතුයි කියන එක ඔහුගේ අදහස වුණා. ඔහුගේ එම උත්සහාය අන්ත පරාජය වීමට යන බව දැනගත් විගසම එම පරාජයේ අවමානයෙන් මිදීම සඳහා පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හැරියා. ඔහුගේ ඒ ක්‍රියාකලාපය නිසා ජනවරම ද පාවා දුන්නා යැයිද සම්බන්ධන් මහතා කීය.
 



අදහස් (4)

‘ජනපති ජනවරම පාවාදුන්නා’

vishaka Monday, 12 November 2018 04:43 PM

බය වෙන්න එපා. දැන් ඉන්න ඔය ජනවරම පාවාදුන් ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා බලයෙන් පහකළාම, ඉදිරියේදී ජනාධිපතිවරණයක් තියලා, ජාති හිතෛෂී කෙනෙක් ජනාධිපති වෙලා, ජාත්‍යන්තර ප්‍රජාවෙත්, ඔබතුමාලාගේත් සිත් සතුටුවෙන විදියට කටයුතු කරාවි. එතකල් ඉවසන්න...

:       0       0

Bamunuarachchi Monday, 12 November 2018 11:27 PM

ජනපති කාගේ ජනවරමද පාවා දුන්නේ? ඔබලාගේ වරමද අපේ වරමද? අපි හොඳටම බය වුණා 20 හදාගෙන රටින් කෑල්ලක් පාවා දේවි කියා. යාන්තම් ඇති රට බේරුණා.

:       0       0

Bandula. Tuesday, 13 November 2018 05:57 AM

නැවතත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ත්‍රස්තවාදයේ විශබීජ වපුරන අය තමා මේයාලා.

:       1       49

Nuwan Tuesday, 13 November 2018 06:40 AM

ඔයා ඒ දවස් වල වරම අරගෙනනේ හිටියේ. දැන් ජනවරම මතක් උනාද??

:       1       46

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 748 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 141 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 958 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 988 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1307 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1174 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site