IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වෙන්න මට කිසිම බාධාවක් නැහැ’

(නාලක සංජීව දහනායක)
 
තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන තිබෙන බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බාධාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (22) පැවැසීය.
 
පසුගිය අපේ‍්‍රල් මස 17 වැනිදා සිට ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත් බවට තමන් මේවනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන බව කී රාජපක්‍ෂ මහතා ඒ අනුව ද්විත්ව පුරවැසියකු ලෙස ස`දහන් කරමින් නිකුත්කර තිබූ විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගුකර ශ්‍රී ලාංකික පුරවැසියකු බව සදහන් කරමින් තමන්ට නව ගමන් බලපත‍්‍රයක්ද නිකුත්කර තිබෙන බවද ඔහු කීය.
 
එහෙත් තම පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාරය කරමින් අධිකරණමය ක‍්‍රියාමාර්ගයකින් හෝ ප‍්‍රශ්න ඇති කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බවද ඔහු කීය.
 
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ගේ හමුවකට සහභාගි වෙමින් ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කළේය.
 
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ සහ රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද මේ අවස්ථාවට සහභාගී වූහ.   



අදහස් (41)

‘ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වෙන්න මට කිසිම බාධාවක් නැහැ’

චන්න Thursday, 22 August 2019 10:50 AM

අපේක්ෂකයෙකු වෙන්න බාධාවක් නැහැ.නමුත් ජනාධිපති වන්න බැහැ.

:       12       0

Buddika Thursday, 22 August 2019 10:54 AM

වෙන්න ඇති.ඒත් වංචා දූෂණ චෝදනාවට ඔබ වැරදිකරුවෙක්.අපිට වෙනසක් ඕනේ. රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අලුත් මූණක්. වෙනසක් වගේම වංචා දූෂණ චෝදනා නැති පිරිසිදු චරිතයක්.

:       0       0

sirimal Thursday, 22 August 2019 11:09 AM

ඒක නම් එහෙම තමයි. ඒ වුණාට දැන් අර ඇමෙරිකන් පුරවසියෙක්ව හිටිකාලේ මෙහෙ නිවාඩුවකට ඇවිත් අයියගේ ඡන්ද වැඩට උදව් කළා කියලයි තව ජංජාලයක් පැටලිලා තියෙනවා නේද? දිනුවට පස්සේ හනික ඒවා තෝරාබේරා ගන්න වෙයි ඔන්න. යාලු මාළු විනිසුරුවෝ එහෙම නියමිත තැන්වල ඉන්නවනේ...

:       970       916

SamanThursday, 22 August 2019 01:42 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (අ) වගන්තියට අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන කිසිඳු පුද්ගලයෙකුට මෙරට තුළ පවත්වන කිසිදු මැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී හෝ සිය ඡන්දය භාවිතා කිරීමේ හැකියාවක් නොමැත. එසේම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ව්‍යාජ ලෙස ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම හා ඡන්දය භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

:       320       302

sirimalThursday, 22 August 2019 02:24 PM

ඒ ඉතින් දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන හැටිනේ... අර ද්විත්ව පුරවැසි භාවය ගැනත් එහෙම තමා තියෙන්නේ. දිනුවට පස්සේ ඔය ව්‍යවස්ථා සේරම අවශ්‍ය අන්දමට වෙනස් කරගන්න ක්‍රම හා විධි ඒ මහත්තුරු හොඳට අධ්‍යයනය කරලයි මේ වැඩේට බැහැලා ඉන්නේ. හරියැ..?

:       208       123

නීතිවේදී ශ්‍රීමාල් අබේකෝන් ලංඩන්Thursday, 22 August 2019 02:36 PM

ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඇමෙරිකන් පුරවැසිකම තියෙන කාලේ ගෝඨාට ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිකම තිබුණා. එතකොට රටවල් දෙකේම පුරවැසි අයිතිය තිබුණා. නොදන්නා නීති ගැන කතා නොකර ඉන්න...

:       238       372

saaliThursday, 22 August 2019 02:56 PM

ද්විත්ව පුරවැසිකම ගත්තේ ඡන්දෙන් පස්සේ. ලේකම් තනතුර ගත්ත කාලේ..

:       245       201

භාතිය වෛද්‍යාලංකාර Thursday, 22 August 2019 03:08 PM

ඔබ හරි ශ්‍රීමාල්. සමහරු කතා කරන්නේ නීතිය ගැන කිසිම දැනුමක් නැතිවයි.

:       1       0

Chanak los angelesThursday, 22 August 2019 03:43 PM

ද්විත්ව පුරවැසිකම ලැබී තිබෙන්නේ 2005 නොවෙම්බර් එතකොට ඡන්දය තිබුනේ කවදාද? එහෙනම් ඝෝටා එතකොට ද්විත්ව පුරවැසි වෙලාද? දවස් 30 සංචාරක විසා මත ලංකාවට ඇවිල්ලා අයියගේ ඡන්ද වැඩට බැහැලා ඡන්දයත් පාවිච්චි කර තිබෙන්නේ ද්විත්ව පුරවැසිකම ලැබෙන්නට පෙරයි කියා උගත් නීතිවේදියාට කියමි .

:       407       324

sirimalThursday, 22 August 2019 05:27 PM

අයියා ජනාධිපති වෙන්න කලින් ගෝඨාභය ඇමෙරිකානු පුරවැසියෙක්. ඒ කියන්නේ මැතිවරණ කාලේ. එයා ඒ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරලත් තියෙනවා. ඡන්දය පාවිච්චි කිරීම සහ අයියගේ ඡන්ද ව්‍යාපාරයේ වැඩ කිරීම යන දෙකම නීති විරෝධී නේද නීතිවේදී මහත්තයෝ? ද්විත්ව පුරවැසිභාවය ගත්තේ ආරක්ෂක ලේකම් තනතුර ගන්නයි. එයාගේ මුළු පවුලම ඇමෙරිකානුවන්.

:       246       207

හොඳ පපුවාThursday, 22 August 2019 05:32 PM

ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ ජනාධිපති ඡන්දයට, පාර්ලිමේන්තු ඡන්දයට , අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම නීති විරෝධියි. අනික කව්ද පිළිගන්නේ ගෝටා ඇමෙරිකානු පුරවැසිබව අත්හැරියා කියලා? කෝ සාක්ෂි?

:       280       225

Ajith NissankaSaturday, 24 August 2019 02:37 PM

ඔබගේ නීතිවේදී කම 2015න් පසු ඉවර වුණාද දන්නේ නැහැ..! 2015න් පසු ගෙනාපු 19වැනි සංශෝධනය ගැන කිසිම අවබෝධයක් නැහැ වගේ.. !

:       0       0

ajithThursday, 22 August 2019 05:04 PM

ගොට යුද්දෙට බයේ ඇමරිකාවට පැනලා ගියා කියන අයට කියන්න තියෙන්නේ ලඟම පුස්තකාලෙට ගිහින් 86 ඉඳල 91 විතර වෙනකන් පරණ පත්තවල ආරක්ෂක කොලම කියවන්න කියල. ඔහු කල දේවල් අනන්තවත් තියෙනවා.

:       180       488

sirimalThursday, 22 August 2019 07:18 PM

ඒ මහත්තයම කියල තියෙනවා නේද " යුද්ධයේ ආතතිය ඉවසන්න බැරිනිසා භාර්යාවගේ ඉල්ලීම පිට ඇමෙරිකාවට ගියා" කියල.? ඒකත් ඔය පත්තරේක තමයි තිබ්බේ.

:       0       0

gunarathnaFriday, 23 August 2019 12:26 AM

කතාව නම් හරි තමයි. රවී කරුණානායක මුදල් ඇමති වූ ගමන් සියලු නඩුවලින් නිදහස් වුණා නේද..?

:       0       0

Mahesh Thursday, 22 August 2019 11:13 AM

නඩු කප්පරක් තියෙන මනුස්සයෙක් ජනාධිපති කරන්න මේ රටේ මිනිස්සු මෝඩ නෑ ඇමෙරිකන් මහත්තයෝ... අනික ඉතින් ඡන්දයට ඉස්සෙල්ලා නඩු ඉවරවුණොත් කෙලින්ම ඇතුලේ. වැඩිම වුනොත් සීයට 32ක් 33ක් තමයි මේ වයසක මනුස්සයට ලැබෙන්නේ..

:       542       1127

RasikaThursday, 22 August 2019 07:11 PM

LTTE එක රට බෙදන්න යනකොට, මුළු රටේම බෝම්බ පුපුරනකොට, බස්වල, කෝච්චිවල, මහා බැංකුවේ, බෝම්බ ගහලා අහිංසක මිනිස්සු සිය ගණනක් මරනකොට, නිරායුධ මිනිස්සු ඉන්න ගම්මානවලට පැනල කිරිදෙන අම්මලාගෙන් දරුවන් උදුරලා අරන් පොලේ ගහල මරනකොට, ඒවාට විරුද්ධව යුද්ධ කරලා, කොටින්ව විනාශ කරනකොට, ගෝඨා හොඳයි. සහරාන් බෝම්බේ ගහනකොට මතක් වුනේ ගෝඨා හිටියා නම් කියලා. එතකොට හොඳයි. දැන් නරකයි. දැන් නඩු ගොඩයිලු.. යුද්දේ කාලේදී , LTTE එකට ආයුධ දීලා, පොලිස් නිලධාරීන් 600 කට යටත් වෙන්න කියලා, කොටිත් එක්ක ඩීල් දාලා, තොප්පිගල ඇල්ලුවාම කාලයක් ඇල්ලුවා කිව්වා. හමුදාපති හොඳයි කිව්වා ගැලවීමේ හමුදාවට, අලිමංකඩ කියලා පාමංකඩ යනවා කිව්වා. රටම පාවල‍ා දීපු අය දැන් හොඳයි. මහා බැංකුව දවාලේ කඩපු අය හොඳයි. ඔවුන්ට නඩුත් නැහැ... මෙවන් කුහක ජාතියක් කෙදිනක දියුණු වෙන්නද?

:       0       0

Sunimal Thursday, 22 August 2019 11:32 AM

ලැජ්ජා නැති කමේ හැටි... මහා ලොකුවට කියනවා තමන් ඇමරිකන් පුරවැසිභාවය ඉල්ලා අස් කරගත්ත කියලා. එ්කත් එක්කම කියන්න මම ඇමරිකාවේ පුරවැසි භාවය ලබාගත්තේ යුද්ධයට බයේ පැනලා ගිහිල්ලා කියලා. ඊට පස්සේ අයියා ජනාධිපති වුණාම තමයි ආයේ ලංකාවට ආවේ කියලා. ලැජ්ජා නැති කමේ හැටි... ඇමරිකන් පුරවැසි භාවය ගත්තේ මොකෝ කියලා.. කිව්වේ නැහැ... එ්කත් විස්තර කරන්නකෝ...

:       149       318

samFriday, 23 August 2019 07:21 AM

අන්න හරි, ගෝඨා සහ සරත් ෆොන්සේකා දෙන්නගෙන්ම අහන්න ඇමරිකාවට ගියේ මොකද කියලා. ෆොන්සේකා මහතාත් ඇමරිකාවේ ග්‍රීන් කාඩ් තියෙද්දී ජනාධිපති ඡන්දෙට ඉල්ලුවේ. ඒ මොකද කියලා අහන්න.

:       0       0

rohana Thursday, 22 August 2019 11:44 AM

ඔව් ඔව්... ඇමෙරිකන් පුරවැසිකම තියෙනවා. තව මොනවද අඩු?

:       52       27

විජිත් Thursday, 22 August 2019 12:10 PM

තවතවත් බොරු කතා කියන්න එපා. ඔබ ඔබගේ ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමෙරිකානු පුරවැසි බව ඉවත් කළා නම් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් දෙන සහතිකය පෙන්වන්න ටීවී වලින්, ඒ වගේම සමාජ මාධ්‍ය වලින්. මොනවා කළත් ඔබට ඉනිංග්ස් තියලා පරදින්න වෙනවා. ඒ විතරක් නොවෙයි ඇයි නඩුවලට බය...? නඩු කරයා ගාවට ගිහින් හැමදාම වැඳලා කියනවා..." මාව අත්අඩංගුවට ගන්න එපා" කියලා තීන්දුවක් දෙන්න ස්වාමිනි 'කියලා. ඔබට විරුද්ධව තියෙන නඩු වැඩිහරියක් මිනීමැරුම් නඩු. මිනීමරුවෙක්ව, හොරෙක්ව, වංචා කාරයෙක්ව ඡන්දයෙන් ජනාධිපති ලෙස පත් කරන්න තරම් ලංකාවේ මිනිස්සු "දැන්" මෝඩ නැහැ. කාලයක් මිනීමරුවෙක් රටේ නායකයා වෙලා හිටියා. එයා තවමත් ජීවත්වෙනවා. කව්ද දන්නවද?

:       536       1073

කරුණාවති Thursday, 22 August 2019 03:13 PM

ඔව් දන්නවා. එයා තවම බලේ ඉන්නවා.

:       0       0

Chathuri Thursday, 22 August 2019 12:12 PM

රටේ නීතිය. අනුව සුදුසුකම් හරිද? නඩු ඉවරද? සුදු වෑන්, මියගිය සොහොනට කෝටි ගණන් ජනතා මුදල් පාවිච්චිය, අැවන්ගාඩ් නඩුව, සාමාන්‍ය පුද්ගලයකුට මෙවැනි නඩු තියෙනකොට ජනාධිපති තරගෙට ඉදිරිපත් වෙන්න බැහැනේ... අයියලා, මල්ලිලාට එක නීතියක්ද? කිසිම නඩුවකට ඉදිරිපත් නොවී, ඒවාට පෙත්සම් ගහනවා. මොන විදියකින්වත් කිසිම සුදුසුකමක් නැහැ. අසරණ ජනතාව පාලනය කරන්න රාජපක්ෂවරු හිතන් ඉන්නේ කියුබාව කියලද? මේ රට, ඉඩී අමින්ලාට කොහොමත් ඉඩක් නැහැ.

:       1035       1065

Chanak los angelesThursday, 22 August 2019 03:53 PM

චතුරි, මේක පුදුම දෙයක්. ඔය වගේ වගකිවයුතු නිලයක් ඉල්ලනකොට ඔහුගේ හෝ ඇයගේ පෙර වැරදි, දුෂණ වංචා නඩු තිබෙනවානම් අපේක්ෂකයෙකු වීමට හෝ පත්කිරීමට හැකියාවක් තිබෙනවාද? අන්තෝ ජටා බහි ජටා. අනෙක් කරුණ ඔහු කියනවානම් ඇමරිකානු පුරවැසිකම අහෝසි කරගත්තා කියා මොකටද පැන පැන උත්තර දෙන්නේ? එහෙම කිරීමෙන්ම පෙනෙනවා ප්‍රෝඩාවක් කරන්නේ කියා. අපි මෙහෙ ඉන්න නිසා දන්නවා ඒක අහෝසිද නැද්ද කියලා ..

:       1022       984

ChathuriFriday, 23 August 2019 01:02 AM

අනේද කියන්නේ අප්පච්චි , මාමණ්ඩි හිතන් ඉන්නේ එයාලට ගිය රට කියලා. ලෝකේ කොහේ හිටියත් අපි ඉන්නේ අවදියෙන් අපේ රටයි ,ජනතාවයි දිහා බලාගෙන.

:       0       0

RasikaThursday, 22 August 2019 07:02 PM

මහින්දගේ කාලේ මම දන්න කාවවත් සුදු වෑන්වලින් ගෙනිහින් නැහැ. අතුරුදහන් වෙලා නැහැ. අපේ ගමෙත් නැහැ, එහා ගමෙත් නැහැ. දන්නා යාලුවෙක්ගේ නෑදෑයෙක්වත් එහෙම අතුරුදහන් වෙලා නැහැ. හැබැයි, සජිත්ගේ තාත්තා ජනාධිපති වෙලා හිටපු කාලේ.., රනිල් අගමැති වෙලා හිටපු 80දශකයේ, මගේ මාමා, බාප්පා, එහා ගමේ මගේ යාළුවගේ තාත්තා, අපේ ගමේ අයියලා තවමත් අතුරුදහන්.. මාධ්‍යවේදීන් ඝාතනය ගැන කියන අය ආණ්ඩු කරපු කලේ තමයි මුලින්ම රිචඩ් ද සොයිසා ඝාතනය කලේ.. ඒ කොහොම වුණත් මේවා කවුරු කළත් වැරදියි.

:       0       0

Ranjan Thursday, 22 August 2019 12:29 PM

ඇමරිකානු පුරවැසි භාවය අවලංගු කළාම දෙන සහතිකය නැතිනම් ඒ ලියවිල්ල දෙන්න. කෝ මොකද හංගාගෙන ඉන්නේ ප්‍රසිද්ධියට පත් කරන්න බයද?

:       519       396

Ajith NissankaThursday, 22 August 2019 03:32 PM

ඇමරිකානු පුරවැසි භාවය අවලංගු කළාම දෙන සහතිකය හම්බ වුනාම දෙන්නම් !

:       116       17

nishantha Thursday, 22 August 2019 12:51 PM

හරි අපි මෙයා කියන දේ ඇත්තක් යයි නිකමට හිතමු (අමූලික බොරු බව දන්නෝ දනිති) නඩු 7ක් තියෙනවා අධිකරණවල, එ්කෙනුත් අර සොහොන්වලට මහජනතාව වන අපේ මුදල්වලින් සොහොන් හදපු එකේ වරද මෙයාම පිළිගෙන තියෙද්දී කොහොමද මෙයා ඡන්දෙකට එන්නේ? මෙයාට නාම යෝජනා නොලැබෙන නමුත් ටික දිනකට ගැලරිය චූන් කිරීමට ගෙනාපු මහත්තයා බව අපි දන්නවා.

:       21       541

Ksc Thursday, 22 August 2019 01:08 PM

ඔබට නැතත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. රටේ පුරවැසිකම අත්හැරපු කෙනෙක් ඡන්දෙ ඉල්ලන්න පුරවැසිකම නැවත ගත්ත පලියට රටට ආදරය කරන්න කියලා පිළිගන්නේ කොහොමද මහත්තයෝ?

:       35       171

චන්ද්‍රිකා ලන්ඩන් Thursday, 22 August 2019 01:41 PM

අනේ මහත්තයෝ අර 2007 ඇමෙරිකානු සහයෝගිතා ගිවිසුම අත්සන් කලේ ඔබ නේද? අධිකරණයේ නඩු ගණනාවක වින්දිතයකු වන ඔබ වාර ගණන් නඩු කල්දැමීමට ඉහළ අධිකරණයෙන් කාලය ඉල්ලුවා මතකද? යුද්ධයේ උච්චතම අවස්ථාවේ හිටපු ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න ඇමතිගෙන් දණින් වැටී අවසර ඉල්ලාගෙන ඇමෙරිකාවට පලාගිය ඔබ යුද්ධය ඔබේ කරගෙන රණවිරු දඩයමේ ගියා නේද? ඔබ මේ වරම ඉල්ලන්නේ තියෙන නඩු බේරාගෙන ඔබට ආවේණික වූ සුපුරුදු දඩයමේ යන්න. පන්සල, පල්ලිය සහ කෝවිල දැන් සුපුරු පරිදි තෝතැන්නක් කරගෙන මහජනයා ඇන්දවීමක් නේද කරන්නේ? රට විනාශ මුඛයට යන්න නොදී ඇමෙරිකාවට ගිහින් කොල්ලකාපු මුදල් වලින් යහතින් වැජඹෙන්න. අන්තර්ජාලවල අප දැක්කා ඔබේ සුපුරුදු මන්දිර... ඔබට හෘද සාක්ෂියක් තියේ නම් කරුණාකර සුපිරි නඩුවලින් නිදොස් වී තමා ශ්‍රී ලංකා පුරවැසියෙක් බවට සාක්කි සහිත ලියවිල්ල සැමට පෙන්නා සේ ඉදිරිපත් කරන්න. දුප්පත් ජනතාව නැවතත් නිරයට තල්ලු ක‍රන්න එපා. කෙටියෙන් කිවහොත් රට සූදුවට දක්කන්න එපා. අපට රටක් ඕනේ...

:       109       1203

RasikaThursday, 22 August 2019 07:23 PM

හැබැයි ඔහෙටම වෙලා ඉන්න පුළුවන් නම් හොදයි. වැඩේ තියෙන්නේ යන්න කියපු දවසට එන්නත් තියෙන්නේ ලංකාවටමනේ . මොකද වෙන කිසිම රටකින් භාර ගන්නත් නැහැනේ. ඒ නිසා ඇත්ත හොයල බලන්න. සෝෆා ගිවිසුම එකම නම තිබුනට 2007 අත්සන් කලේ ඉතාම සාමන්‍ය ගිවිසුමක්. එකෙන් කියන්නේ හදිසි අාපදා අවස්ථාවකදී දැනුම සහ සේවා හුවමාරුව වගේ දේවල්. පිටු 10 කටත් වැඩ අඩු ලියවිල්ලක්. නමුත් මේ රනිල් අත්සන් කරන ලියවිල්ල ඊට වැඩ එහා ගිය ලියවිල්ලක්. එ්ක ඇමෙරිකානු හමුදාවට තමන්ගේ නිල ඇදුමෙන් අායුධත් අරගෙන ලංකාවේ ඕනෙම තැනක යන්න පුළුවන්. ඒ වගේම එහෙම යනකොට ලංකාවේ හමුදාවට හෝ පොලීසියට ප්‍රශ්න කරන්න බැහැ. ඒවගේම ඇමෙරිකාවට පුළුවන් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ලංකාවට ගෙන්න , ඒවා පරීක්ෂා කරන්න අපිට බැහැ . එංගලන්තෙන් කුණු ගේනවා වගේ . ඇමෙරිකන් හමුදාවෙන් ලංකා පුරවසියෙක්ට වෙඩි තිබ්බොත් අපිට නඩුවක්වත් දන්නා බැහැ. ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් යුද්දය අවසාන කාලේදී යුද්ධය නවත්වන්න කිව්වට මහින්ද , ගෝඨාභය නැවැත්තුවේ නැහැ . යුද්ධය ඉවරම කලා. එකෙන් තේරෙනවා නේද ඇමෙරිකාවේ පදේට ඔවුන් නටන්නේ නැහැ.

:       0       0

Amila Thursday, 22 August 2019 02:40 PM

මෙලෝ දේශපාලන පලපුරුද්දක් නැති, තුන්මුල්ලේ හෙන්චයියන් යවලා පොලිසියේ නිලධාරීන්ගේ තොප්පි ගලවලා ඒ නිලධාරීන් විහිලුකාරයන් බවට පත්කළ අයට කවුද හලෝ ඡන්දේ දෙන්නේ..?

:       165       1219

Egodaha yanno Thursday, 22 August 2019 03:02 PM

චන්ද්‍රිකා ලන්ඩන් හැටියට හරි... කෙසේවෙතත් ඇමෙරිකාවටම යන්න.

:       0       0

rasika Thursday, 22 August 2019 06:44 PM

කොටින්ට විරුද්ධව කරපු යුද්ධයේ මොහු ඉතාම උසස් සේවයක් කළා. ආරක්ෂක ලේකම් විදියට මොහු කරපු කැපකිරීම සියලු හමුදා නායකයන්, සරත් ෆොන්සේකා ඇතුළුව ප්‍රශංසා කළා. ඒ වෙලාවේදී ඔය කාටවත් මොහුගේ පුරවැසිකම ගැන ප්‍රශ්නයක් තිබුනේ නැහැ. අනික මොහු ලංකාවේ ඉපදුණා. ලංකාවේ සහ ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසිකම තිබුනේ.. හැබැයි ඔය කවුරුවත් ඇහුවද සිංගප්පූරු පුරවැසියෙක් වුණු අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට කළ විනාශය. ඒ මංකොල්ලය කරනකොට ඔහුව එතැනට පත්කළේ කවුද හෙව්වද? සහරන් බෝම්බේ ගහපු වෙලාවේ ඔක්කොටම මතක් වුනේ ගෝඨාභය හිටියානම් මෙහෙම වෙන්නේ නැහැ කියලා. හොඳටම තේරෙනවා ලංකාවේ ජාතික ආරක්ෂාව අන්තිමටම වැටිලා කියලා. ඒ වෙලාවේදී ඝෝඨාගේ පුරවැසිකම අවුලක් නැහැ. කුහක ජාතියක් වෙන්න එපා. කවුරු වුනත් ශ්‍රී ලාංකික වටිනාකම් අගයන, ලංකාවට ආදරේ , මෙරට රැකගන්න කැප වූවා නම් ඔහු සැබෑ ශ්‍රී ලාකික පුරවැසියෙක්. ටිබෙට් ජාතික මහින්ද හිමි සැබෑ ශ්‍රී ලාංකිකයෙක්. ඒ හාමුදුරුවන්ගේ පුරවැසිකම ගැන කවුරුත් ඇහුවේ නැහැ නේද? මහින්දලාගේ කාලේ මම දන්නා කිසිම කෙනෙක් අතුරුදහන් වෙලා නැහැ. හැබැයි, ප්‍රේමදාස යුගයේ මගේ මාමා, බාප්පා ඇතුළු බොහෝ දෙනෙක් නැති වුණා.

:       0       0

Chanak los angeles Friday, 23 August 2019 12:21 AM

ඔහොම කියනවා නම් අපි අභියෝග කරනවා පුලුවන්නම් ඇමරිකානු තානාපති මගින් පුරවැසිකම අහෝසිකර ඇතිබව රටට පෙන්වන්න කියලා... එතකොට මොනවත් කියන්න බැහැනේ... ඔබ ජනපති අපේක්ෂකයෙක් බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට වගකිවයුතු අංශවලට නීතිමය අවකාශ තිබෙනවා.

:       0       0

vidya Friday, 23 August 2019 02:02 AM

ඇවිල්ලා දිනුවට කමක් නැහැ. ඔය වටේම ඉන්නේ කසිකබල් පිරිසක්... වයෝවෘද්ධ, අපොස සාපේ වැදිච්ච, මහින්දගේ කාලේ මහින්දවත් අන්දවලා හැසිරුණු පිරිසක්. මොවුන් හලලා එන්න බැරිද? නැතිනම් අනාථයි. රටට අබ සරණයි...

:       0       1

amali Friday, 23 August 2019 03:17 AM

ගොටගේ ඇමෙරිකන් පුරවැසිකම ගැන මෙතන පොළොවේ හැපෙන අය අපිව බිමටම වට්ටලා රටින් පැන්න අර්ජුන් මහේන්ද්‍රන් ගැන මීක් නැහැ. තොත්ත බබාල.

:       0       2

Ajith NIssankaFriday, 23 August 2019 07:40 PM

අපිව බිමටම වට්ටලා රටින් පැනල තියෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන් විතරක් නොවේ ! අර මිග් යානා වංචාවට අසුවුණු උදයන්ග වීරතුංග වගේ තොගයක් ඉන්නවා ! ඕක දැන් අලුත් දෙයන් නොවේ ! ඉස්සරහත් ඔහොම තමා! අලුත් තත්වයකට දැන් තියෙන්නේ එහෙම පැනපු සමහරුන් මැරිලා ඉපදුනු අය වගේ රටේ ජනාධිපති කමත් ඉල්ලන එක ! ඕකත් ටික දවසක් යනකොට සාමාන්‍ය තත්වයක් වේවි !

:       0       0

jayasekara Friday, 23 August 2019 04:20 AM

කාටද චන්දෙ දෙන්නේ කියලත් කව්ද දිනන්නේ කියලත් මිනිස්සු තීරනය් කලෙත්..හිතුවෙත් මීට මාස ගානකට කලින්...

:       0       15

Rata perata Friday, 23 August 2019 06:25 AM

තනතුරු ගන්න ලාංකිකයෝ වෙන්න හදන අය අපිට ඕන නෑ. අපේ රටේ ඕන තරම් රටට ආදරේ ලාංකිකයෝ ඉන්නවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 21 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 90 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 460 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 21 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 175 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 164 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site