IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ගෝඨාභය’ ඉත්තෑපාන නාහිමියන් බැහැ දකී

ශ්‍රී ලංකා  පොදුජන  පෙරමුණු  ජනාධිපති  අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ  මහතා ,  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති,  ඉත්තෑපාන ධම්මාලංකාර   කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී  ධර්ම මහා සංඝ සභාවේ  මහා නා හිමියන් බැහැ දැක අද (18)  ආශිර්වාදය ලබාගත්තේය.

කොට්ටාව , රුක්මලේ  ශ්‍රී ධර්ම විජයාලෝක විහාරස්ථානයේදී   ආගමික වතාවත් පැවැත්වුණු අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සභාපති  මහාචාර්ය ජී එල් පීරීස්,  පාර්මේන්තු මන්ත්‍රීවරුන් වන  විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන , ගාමිණි ලොකුගේ , සුසිල් ප්‍රේම ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද,  පළාත් සභා මන්ත්‍රීවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 (ඡායාරූප- ළහිරු හර්ෂණ ) 



අදහස් (9)

‘ගෝඨාභය’ ඉත්තෑපාන නාහිමියන් බැහැ දකී

kamal Sunday, 18 August 2019 08:53 AM

බාලයන් ඇසුරු කිරීම පිරිහීමට කරුණකි කියල බුදු බණ ටිකක් අහගත්ත එක හොඳයි.

:       66       520

Mahesh boossaaSunday, 18 August 2019 09:41 AM

කණගාටුවෙන්න එපා. ඔහු අපට වඩා බුද්ධිමත්.

:       565       226

d.upul Sunday, 18 August 2019 09:40 AM

මාර වාසියි නේද? හැමදාම ඡන්ද තියනවනම් කියල හිතෙනවා ඇති....

:       68       173

විජිත් Sunday, 18 August 2019 06:12 PM

ඔය මොනවා දුන්නත් පින්වත.. ඔබට හිමිතැන ළඟදීම ලැබෙනු ඇත. මේ දිනවල ලහිලහියේම බෝගම්බර සිපිරිගෙය සුද්ද කරන්නේ ඒ සඳහායි.

:       0       0

Chanak los angeles Sunday, 18 August 2019 06:40 PM

ඇමෙරිකාවේ රැකියාව කරමින් ඇමෙරිකාවට බදුගෙව්ව ඇමෙරිකානු ජාතික ගීය වයද්දී නැඟී සිට අත පපුවට තියාගෙන ආචාර කරලා ලංකාවේ ජනාධිපති වෙනවා ඇමෙරිකාව බලා සිටින්නේ විහිළු චිත්‍රපටයක් බලන්නා මෙන්ය. ඒ හිනාව වැඩිවී ඇමෙරිකාවේ ඇස්වලට කඳුළුත් එන්නේ ආචාර්ය නලින් ඩී. සිල්වා, ගුණදාස අමරසේකර, බෙංගමුවේ නාලක හිමි වැනි දේශප්‍රේමීන් ගෝඨා අපේ කෙනෙක් කියා ජයඝෝෂා නඟන විටදීය. හැබැයි ඇමෙරිකාව හිනාවෙවී හිටියත් ඇමෙරිකානු පුරවැසියන්ගේ පුරවැසිකම අහිමිවීමේ ලැයිස්තුවට තවම ගෝඨාභයගේ නම දමා නැත. ඒ කියන්නේ නහයට දමා තියෙන පුරවැසි ලණුව තවම තියෙන්නේ ඇමෙරිකාව අතේය.

:       0       0

Chathuri Sunday, 18 August 2019 06:54 PM

කාට පේන්නද මේ දේවල් කරන්නේ. හරියට ජනාධිපතිකමට දිවුරුම් දෙනවා කියලා හිතන් ඇති. ජනතාව පත් කෙරුවෙත් නැහැ තමන්ගේ පක්ෂයේ සියලුදෙනා පත් කෙරුවෙත් නැහැ, අයියල මල්ලිලා එකතු වෙලා ගෝටා ඉදිරිපත් කරලා කට්ටියම වන්දනාවේ යනවා

:       0       0

d.shan sri Monday, 19 August 2019 02:47 AM

දැන් රටේ තියෙන වාතාවරණය එක්ක බලන කොට ගෝඨාභය මහත්තයා ඡන්දෙ ඉල්ලන එක ගැන සතුටුයි. ඒත් හොරෙක් මැදින් තියන් ඉන්න එකටනම් පට්‍ට දුකයි. මහින්ද මහත්තයට වෙච්ච දේම වේවිද කියල?

:       0       2

sharm warn Monday, 19 August 2019 03:39 AM

ස්වාමින් වහන්ස සර්පයා දුටුවෙහිද ? තවත් සර්පයෝ සිටිති . එම සර්පයොත් පෝලිමේ එනු ඇත . එළඹ සිහියෙන් සිටිනු මැනවි . මේ වෙන්දේසි දමන්නේ සාමාන්‍ය ජනතාව වන අපගේ ජීවිතය.

:       0       2

naushi Monday, 19 August 2019 04:59 AM

අයියා පැරදුනාට පස්සේ පන්සල් ගානෙ ගියා. මල්ලි කලින්ම යන්න පටන් ගෙන

:       134       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 884 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 170 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1053 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1093 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1382 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1232 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site