IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය දුන්නේ ජනතාව බඩගින්නේ තියන්න නෙමේ‘

(ඩයනා උදයංගනී)
 ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වරමක් ලබාදුන්නේ පාස්කු ප‍්‍රහාරයට, මහ බැංකු වංචාවට වගකිවයුත්තන් සොයා දඬුවම්දීමට මිස රන්ජන් රාමනායකගේ කුණුහරප අසන්නට දී ජනතාව බඩගින්නේ තැබීමට නොවේ යැයි එක්සත් ජාතික පක්‍ෂ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
 
දිනපතා හඬපට අසන්නට දෙමින් ජනතාවගේ ප‍්‍රශ්න යටපත් කිරීම වෙනුවට රන්ජන් රාමනායක මහතාම ඉල්ලා සිටි පරිදි කොමිසමක් පත්කර එම හඬපට ගැන පරීක්‍ෂණයක් කරන්නැයි තමන්ද රජයෙන් ඉල්ලා සිටින බව හේෂා විතානගේ මහතා සඳහන් කළේය.
 
වත්මන් රජය ණයක්වත් ලබාගත නොහැකි තරම් අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.
 
මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (33)

‘ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය දුන්නේ ජනතාව බඩගින්නේ තියන්න නෙමේ‘

damike Wednesday, 22 January 2020 12:38 PM

මතක නැද්ද බලය දුන්නේ හොරු අල්ලන්න මිසක් හොරු නළවන්න නෙමෙයි කියලා.........

:       73       228

lankaWednesday, 22 January 2020 07:18 PM

හේෂා විතාරණ මහත්තයෝ ගෝඨාභය මහත්තයට ඡන්දෙ දුන්නේ වෙන මොකුත් හින්ද නෙමෙයි ඔබලාගේ ආණ්ඩුවට මෙලෝ දෙයක් කරගන්න බැරි රට ආරාජික කල හේතුව හින්දයි.

:       65       124

samithaThursday, 23 January 2020 03:14 AM

ගොවියන් වගා වෙන් ඉවත් කරලා දැන් කයිවාරු ගහනවා

:       84       89

සේන Wednesday, 22 January 2020 12:47 PM

ගෝඨාභය මහතාට ජම්පරේ අන්දන්න කතා කළ මේ අඳ බාලයින් දැන් කතා කරන්නෙ කොහොමද දන්නෑ. ගෝඨාභය මහතා පත්වුණු ගමන් මැජික් පෙන්වන්න බෑනේ. රටම එකම ගොවිපළක්, නිෂ්පාදනාගාරයක් වේවි.

:       2271       2308

BamunuarachchiWednesday, 22 January 2020 01:08 PM

නිකන් පිස්සු කෙළින්න එපා.

:       254       102

BamunuarachchiWednesday, 22 January 2020 02:13 PM

පිස්සු කෙලින්න එපා කීවේ ඝෝඨාභයට ජම්බර් අන්දන්න ලැහැස්ති උන ගොයියට.

:       0       0

සංජීව Wednesday, 22 January 2020 01:34 PM

දැන් කවද විතරද එතකොට මැජික් පෙන්නන්න හිතන් ඉන්නේ? කොහොමත් ඉතින් අපිට මැජික් තමයි බල බල ඉන්න වෙන්නේ.

:       246       608

chinthakaThursday, 23 January 2020 01:53 AM

01. ගෝඨාභය ට ඔයාලා බලය දුන්න කිව්වේ? හීනෙන්ද? 02 මහජනතාව ගෝඨාභය ව ගෙනාවේ බඩජාරි කමට කකා ඉන්න නෙවෙයි.

:       8       174

p.d goonawardena Wednesday, 22 January 2020 12:59 PM

අපි බඩ ගැන හිතලා නෙමේ ගෝඨාභය ජනාධිපති කළේ.....ඔහේලා රට කන එකෙන් බේරගන්නයි කලබල නැතිව ඉමු.....වෙලාවට ඔක්කොම සිද්ධ වෙයි ......

:       1586       1608

විමුක්ති Wednesday, 22 January 2020 01:40 PM

ඇත්තද? දැන් මේ ගොල්ලො ඇවිල්ලා රට කන එක නැවැත්තුවද? ඇවිත් මාස දෙකයි කොළඹ හොඳම ඉඩම් අක්කර 10ක්ම චීනෙටයි සිංගප්පූරුවටයි දුන්නා. හම්බන්තොට වරාය ආපහු ගන්නවා කිව්වා ගත්තද? ඡන්ද කාලේ පට්ට ගහපු එම්.සී.සී ගිවිසුමත් දැන් 70% හොඳයිලු. ඒකත් අත්සන් කරන්න තමයි දැන් උත්සාහා කරන්නේ. විල්පත්තුව, සිංහරාජය බේරාගත්තද? ඒ ගැන කතාවක්වත් නෑ. පාස්කු ප්‍රහාරකයන් ඇල්ලුවද? ඒ අය තාම නිදැල්ලේ. තවත් ඉතින් මේවට රැවටෙන්නේ ඉතින් වහල්ලුම තමයි.

:       546       1076

arunaThursday, 23 January 2020 03:14 AM

පාස්කු කොමිසමට දීල තියෙන්නේ මස 2 නේ . එතෙක් බලාගෙන ඉන්න

:       2       61

P.D GOONAWARDENAThursday, 23 January 2020 03:31 AM

අපිට නම් කන්න තියෙනවා. අපි බඩගින්නේ නැහැ. අපිට දැන් ආදායමට බදුත් නැහැ...

:       83       101

Gamage Wednesday, 22 January 2020 01:01 PM

එක නම් සහතික ඇත්ත. අද මිනිස්සුන්ට කන්න නැහැ . මිනිස්සු කුණු බක්කි අවුස්සන තත්වයට පත් වෙලා . කිව්වේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය අල්ලනවා කියලා, බැංකු හොරු අල්ලනවා කියලා. එම්.සී.සී ගිවිසුම නවත්වනවා කිව්වා. දැන් ඒකත් අත්සන් කරාවී වගේ ළගදීම. ඉඩම් විකුණන්නේ නැහැ කිව්වා. මාස දෙකක් වුනේ නැහැ සිංගප්පූරුවට සහ චීනෙට ඉඩම් ලබා දුන්නා. නමුත් රට දවසින් දවස පහළට යනවා.

:       995       918

dilanThursday, 23 January 2020 01:50 AM

ලංකාවේ කොහෙද කුණු බක්කි අවුස්සන් කන්නේ? ඔහෙලා වගේ අය නම් ඔන්න රට හදන්න නොදී කුණු බක්කි අවුස්සන් කනවා

:       121       113

Ruhunu Wednesday, 22 January 2020 01:02 PM

අනේද කියන්නේ? ඔයාලගේ ආණ්ඩුව තියෙනකොට කාපුවා තාම දිරවගන්න බැරුව ඉන්නේ.

:       495       512

Shan Wednesday, 22 January 2020 01:41 PM

රන්ජන් එක්ක මානසික රෝහලට යන්න ඕනේ. අමු පිස්සෙක්.

:       713       743

මානවහිතවාදියා Wednesday, 22 January 2020 02:42 PM

පිස්සෝ තව හොඳයි. බලලෝබි බඩගෝස්තරවාදි කපටි කයිරාටික දුශිත දේශපාලුවන්ට වඩා.

:       0       2

Raveendra Wednesday, 22 January 2020 02:13 PM

බැලුවාම හැම එකෙක්ම විපක්ෂෙට ගිය දවසේ ඉදලම මිනිසුන්ගේ බඩගින්න ගැනමයි කතාව. අනේ මල්ලියේ, මල්ලිලාගේ පට්ටිය බලයේ ඉන්නකොට ඔය කටින් මිනිසුන් බඩගින්නේ ඉන්නවා කියල කිසිදාක කිව්වද මල්ලියේ ??

:       0       5

තාරක Wednesday, 22 January 2020 02:23 PM

අලුත් ආණ්ඩුව පත් වුනා විතරයි මේ අය කෑම ගැන කතාකරනවා. පසු ගිය ආණ්ඩුව වැඩකරපු අන්දමේ ප්‍රතිඵල තමයි ජනතාවට අවුරැද්දක් යනතුරු වත් විඳින්න වෙන්නෙ. ඔබේ සජිත් මහත්තයත් මේ වගේමයි. ඕකමයි කියවන්නෙ. ඒ ඔවුන් ගේ නොපැසුන තරම තමයි පෙන්වන්නෙ. හැමදාම පසුගිය ආණ්ඩුවේ ප්‍රතිලත්තිය තමයි ණයවෙලා ඉක්මනට රටින් ගෙන්වලා කොමිස් කුට්ටියකුත් තියාගෙන ජනතාවට කන්න දෙන එක. මේ ප්‍රතිපත්තියෙන් තරමක් දුරටවත් අපි ඈත්විය යුතුයි. අනික ඔබලාට තේරුම් ගන්න බැරිද ගොයම් පැලයක් සිටුවා හාල් ඇටයක් ගන්න මාස තුන හතරක් යන බව. තවම අලුත් ආණ්ඩුවට වයස කීයද? බලයට කෑදරකමින් රට අවුල් කරන කතාමයි කියන්න බලන්නෙ.

:       0       1

සේන Wednesday, 22 January 2020 02:35 PM

දේශපාලන ඇසකින් තොරව රට දිහා බැලිය නොහැකි කිසිවෙකු සමඟ තර්ක කිරීමෙන් ඵලක් නැත. මහ මැතිවරණයේදී බුද්ධිමත් ජනතාව මේ ඇට්ටර දේශපාලන මඩ ගොහොරුව නිමා කර රටට දැයට සමයට ආදරය ඇති වියතුන් පාර්ලිමේන්තුවට යවනවා ඇත. පෙර රජ දවස මෙන් කිසිදු පක්ෂ භේදයකින් තොරව අපේ රට ගොඩනැගෙනු ඇත. පක්ෂ පාට අමුඩයට ගසා අන් අයද කුඔුරට බසිනු ඇත.

:       0       1

Sharn Wednesday, 22 January 2020 03:14 PM

එයාද ගෝටාභය රාජපක්ෂ බලයට පත්කලේ? දනිනැති නිසයි අහන්නේ. කවුද කීවේ ගෝටභයට ජම්පරය අනිදවනවා කියලා? මට මතක නෑනේ

:       0       1

kavantissa Wednesday, 22 January 2020 05:56 PM

මේ ගොල්ල කටින් කතා කිරීමත් අධෝමුඛයෙන් වාතය පිට කිරීමත් ප්‍රගුණ කර ගත යුතුයි.

:       23       54

කාසියේ වාසිය Wednesday, 22 January 2020 07:48 PM

ඒ අයට ජීවන වියදම වැඩි වී ජනතාව දුප්පත් වීම වාසියක් බව දන්නෝ දනිති. මොකද දුෂිත දේශපාලුවන්ගේ දුර්ගන්ධ නියාය පත්‍රය දුප්පතුන් මාර්ගයෙන් ක්‍රියා කරවීම වඩා ලෙහෙසි නිසාය. දෙගොල්ලටම ජයෙන් ජය! මීට ඔබේ කීකරු වහලා කාසියේ වාසිය.

:       1       0

mp Thursday, 23 January 2020 02:04 AM

අපිට නම් කන්න තියෙනවා. අපි බඩගින්නේ නැහැ. අපිට දැන් ආදායමට බදුත් නැහැ.

:       1       87

සමරේ Thursday, 23 January 2020 02:44 AM

සමනල සිහින

:       50       92

Bamunuarachchi Thursday, 23 January 2020 03:00 AM

කව්ද කොරෝටන් දළු ඇඟට ගුණයි කීවේ ඔහෙලගෙ ආණ්ඩුව කාලෙනේ මිනිසුන්න්ට ක්රෝටන් කොළ කන්න උනේ මතක නැද්ද?

:       86       105

BamunuarachchiThursday, 23 January 2020 06:21 AM

සිංහල බෞද්ධයා ගෝඨාභයට චන්දෙ දුන්නේ කන්න බලාගෙන නොවෙයි හලෝ ඔයගොල්ලන්ගේ අලුගුත්තේරු පාලනයෙන් මුදවාගන්න. දැන් ලබන සතුටට බඩගින්නක් දැනෙන්නේ නැහැ. ඒ වුනාට ඔහෙලව දකින කොට එන කේන්තිය ඇඟේ මාළු නටනවා.

:       1       27

Senarath Thursday, 23 January 2020 03:45 AM

තමුන්ගේ රජය කාලේ අවුරුදු 2ක 3 ක වයසේ ළමුන් කන්න නැතිව මරුනේ තමුන්ගේ නායකයාගේ දිස්ත්‍රික්කේ නේ. ඒවා අමතකද ? 2015 දී වී ගුවන්තොටුපොලෙත් ගබඩා කරන්න තරම් තිබුණු දිස්ත්‍රික්කේ තමයි ඔය කියන ළමුන් 2018 දී 2019 දී මරුනේ.

:       35       74

sd Thursday, 23 January 2020 04:42 AM

මෙයාලගේ හැටි දොඩව දොඩවා ඉන්න එක තමා.

:       14       25

Bandula. Thursday, 23 January 2020 05:38 AM

අනේ මේ බබලා නලවන්න නෙමෙයි මිනිස්සු ඡන්දෙ දුන්නේ, පාස්කු බෝම්බ ගහන දවස් වල හිටපු, කරපු දේවල් අමතක වෙලාද අද .

:       2       14

prakaash Thursday, 23 January 2020 06:11 AM

හේෂලා කලේ රට පවා දී හොරකම් කරමින් කුමන්ත්‍රණ කරමින් අන්තවාදය වපුරමින් ත්‍රස්තවාදයට උදව් කරමින් මහා බැංකු මංකොල්ල කමින් රටේ සංස්කෘතියට බුදු දහමට පහර ගසමින් බොරු කියමින් මඩ ප්‍රචාර කිරීම මිසක් රටට ජනතාවට කලේ කුමක්ද?

:       1       18

Bamunuarachchi Thursday, 23 January 2020 10:57 AM

රාජිතට කිව්වා නම් රැවුලක් දාගන්න තිබුණා.

:       0       0

sudda Friday, 24 January 2020 09:27 AM

හේෂත් එහෙනම් කියනවා රන්ජන් නුසුදුසු කෙනෙක් කියලා. එහෙනම් අර ඒ දවස්වල කියපු ජම්පරේ අරන් ඔයාම රන්ජන්ට අන්දන්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 70 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 256 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 815 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 715 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 612 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 306 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1529 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site