IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ග්ලයිෆොසේට් යළි තහනම් කළ යුතුයි‘

(ඩයනා උදයංගනී)
         ඇමෙරිකා අධිකරණයක් මගින් ද ග්ලයිෆොසේට් වල්නාශක තහනම් කර ඇති බැවින් ශ්‍රී ලංකා රජය ද කල්පනා කර තීන්දුවක් ගත යුතු යැයි සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

         ශ්‍රී ලංකා රජය ග්ලයිෆොසේට් සඳහා පැනවූ තහනම පසුව ඉවත්කිරීමට ගත් තීන්දුවට තමන් ද විරෝධය පළ කළ බව කී අමාත්‍යවරයා යළිත් එම තහනම පැනවිය යුතු බව ද සඳහන් කළේය.
         ඇමෙරිකාවේ එම තීන්දුව දුන් පිළිකා රෝගියෙකු පැනවූ නඩුවට අමතරව තව පෙත්සම් 482ක් ඇති බව කී අමාත්‍යවරයා එම පිළිකාවට හේතුව ග්ලයිෆොසේට් බව නඩු තීන්දුවෙන් කියැවී ඇතැයි ද ප‍්‍රකාශ කළේය.
         රබර්, තේ මොනවාට යෙදුවත් එම වල්නාශකය වාතාශ‍්‍රයෙන් පැතිරෙන නිසා ශරීරයට අහිතකර බව ද ඇමතිවරයා කීවේය.
         අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
         මීට පෙර ජනාධිපතිවරයා පැනවූ ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියෙකු ඇමතිවරයාගෙන් ප‍්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා පැවසුවේ නිල් ඇස්බැස්ටස් මේ වන විටත් තහනම් කර ඇති බවයි.



අදහස් (8)

‘ග්ලයිෆොසේට් යළි තහනම් කළ යුතුයි‘

රජින්ද Wednesday, 15 August 2018 02:00 PM

ඔව් මේ වගේ අයට කොහොමත් තමන්ගේ අය හොයාගත්තු සත්‍යයට වඩා එදා ඉඳන් ලොකු වුනේ ලොකු රටවල ඒවා. මෙයාලගේ හීනමානෙට වන්දි ගෙවන්නේ අහිංසක මිනිස්සු.

:       236       317

සතයපාල Wednesday, 15 August 2018 03:18 PM

ඊළඟ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී..."කවුද කිව්වේ ග්ලයිෆොසේට් වලින් පිළිකා හැදෙනවා කියලා... මම කිව්වේ ඇමරිකාවේ උසාවියක ඒ සම්බන්ධයෙන් නඩුවක් තියනවා කියලා විතරයි. එහෙම නැතිව කිසිම පරික්ෂණයකින් ඔප්පු වෙලා නැහැ පිළිකා හැදෙන බවට " කියලා කිව්වොත් අනිවාර්යෙන්ම ග්ලයිපොසෙට් සමාගමෙන් කුට්ටියක් ලැබිලා...

:       23       319

Kumar Wednesday, 15 August 2018 04:35 PM

ඔය උදයංගනී නෝනගේ වාර්තාව බොරුවක්. ඒ නඩුවේ එවැනි දෙයක් සිදුඋනේ නැ. එම නඩුවේ තීරණය උනේ පිලිකාවක් සෑදුන කෙනාට වන්දියක් දීම පමණි. ඒ විතරක් නොවේ එම තීරණය දුන්නේ ජුරි සභාවක් මගින්ය. මේ නඩුව මීළඟ අභියාචනාවේදී මෙම තීරණය ඉවත යන එක නම් වෙනවා. ඔය කියන තහනමක් උසාවියෙන් හෝ පරිසරය ආරක්ෂක අයතනයෙන්වත් සිදුවී නැත. ඒ කෙසේ වෙතත් සැම වල්පැල නාශක ශරීරයට අහිත වග සිතා කටයුතු කරන්න. හරියට පිලිකා නසන්නට පාවිච්චි කරනවා වාගේ.

:       215       138

tommy Wednesday, 15 August 2018 05:04 PM

ග්ලයිෆොසේට් යළි තහනම් කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සමගම, ප්‍රයෝගිකව භාවිතා කල හැකි වෙනත් වල් නාශක යෝජනා කල යුතුයි.

:       82       56

කිං දාවිත් Thursday, 16 August 2018 05:04 AM

කොමිස් නැතිකොට තහනම් කරන්න කියනවා දෙනකොට තහනම නැති කරන්න කියනවා. මුන්නේ අපේ ඇමතිල.. හමුදාවට බාල බෙහෙත් විකුණලා හමුදාවේ අය මරලා පාර්ලිමෙන්තුවෙනුත් පන්නපු හැත්ත.

:       0       1

sumith Thursday, 16 August 2018 06:05 AM

මට තාම මතක් වෙනවා අපි පොඩි කාලයේ අපේ ගෙදර පිට කාමරේ පුරවල වී තිබුණ අපේ තාත්ත තමා ඔක්කොම අටු කොටු පිරෙව්වේ කවදාවත් ඕවට කෘමිනාශක ගැහුවේ නැ. කොහොඹ කොළ දියර, ගොම දියර , ගෙරිකටු පොහොර තමා කුඹුරට ගැහුවේ...කුරුළු පාළුවේ කුරුල්ලෝ පිරිලා හිටිය, අපේ තාත්ත කුරුල්ලන්ට වෙනම ලියද්දක් වෙන්කරලා තිබුන, ඇලේ මගුරෝ , හුන්ගෝ , කාවයියෝ කොරලි, පෙතියෝ, මඩියෝ වලපොත්තෝ , තෙලි, ආදෝ ඇති වෙන්න හිටිය, උන්ගෙන් තමා අපේ ප්‍රෝටීන් පිරිමසගත්තේ , ඉස්සරහ තේ වත්තෙන් , කුඹුරෙන් අපි ගොටුකොල මුකුණුවැන්න , පොතුපලා , ජබර, මුසන්දස් කොළ, ගිරා පලා ,නෙලගත්ත මොනතරම් සුන්දර කාලයක් ද , එත් දැන් ඒ සුන්දර වටපිටාව , පරිසරය විනාසවෙලා වස විස නිසා, අපි පොඩිකාලේ දියබුන් ගහබු ඇල දිහා දැන් බලනත් දුක හිතෙනවා විනාස වෙලා, නිකන් හරි බැස්සොත් මුළු ඇඟම කසනවා . අපට සොබා දහම විනාස කරලා ජීවත් වෙන්න බැරි බව දේශපාලකයන්ට කව්රු හරි කියල දෙනවද . පරිසරේට ආදරේ කරන මිනිස්සු ඉන්න ලෝකයක් අපට බිහි කරන්න බැරිද

:       0       21

de silva Thursday, 16 August 2018 08:11 AM

ඔය හදන්නේ ඕව ලංකාවට තොග වශයෙන් ගෙන්වන ව්‍යාපාරිකයෝ පෝසත් කරන්න...... වෙලාවකට ඕව ගෙන්වනවා වෙලාවකට තහනම් , තහනම් කලාම මේ වගේ මිල එකවර 3-4 ගුණයක් වැඩි වෙනවා , වාහන ප්‍රතිපත්තියත් එහෙම තමා ආණ්ඩුව කිසිම ප්‍රතිපත්තියක් නැතුව ඉබාගාතේ ඔහේ හිස හැරුණ අතේ ඇවිදින පිස්සෙක් වගේ හැසිරෙනවා

:       0       32

kalani Thursday, 16 August 2018 09:07 AM

ග්ලයිෆොසෙට් යළි තහනම් කළ යුතුය යන අදහස සෞඛ්‍යය ඇමතිවරයා විසින් ගෙන ඒම එහි සැබෑ බරින්ම ඉටුවේය යන බලාපොරොත්තුවෙන් අපි එතුමාට ස්තුති කරමු. ගොවි ජනයා ජීවිතවලින් වන්දි ගෙවූ මොහොතක , නිකන් ඇඟේ ගෑවිලා යන, කනේ ගෑවිලා යන දේශපාලන තීන්දු යහපත් රජයක වගකීම නොවෙයි. ජනතා වේදනාව තුළ , විද්වත් වෘත්තිකයින්ගේ පර්යේෂණාත්මක යෝජනා තුළ කියවෙන කතිකාව සෞඛ්‍යය ඇමතිවරයා තේරුම් ගැනීම වාසනාවකි. යහපත් රාජ්‍ය තාන්ත්‍රිකයා මිනිසුන්ගේ වේදනාව හඳුනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 15 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 162 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 111 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 100 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 280 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 180 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site