IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ගමන් බලපත් ඡායාරූපවලට තිලක-රූපලාවන්‍ය එපා‘

(එෆ්.අස්ලම්)

ගුවන් ගමන් බලපත්‍ මුද්‍රණය  සඳහා  කාන්තාවන්  ඡායාරූප ගැනීමේදී   නළලේ තිලක තබමින් හා අධික ලෙස රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කරමින් ඡායාරූපයට  පෙනී සිටීම තහනම් කරමින් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව මගින් නීතියක්  පනවා තිබේ.
 

ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මෙම තීරණයට හින්දු සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක විරෝධය මතුව ඇති පාරම්පරික සංස්කෘතික අංගයක් වන හින්දු කාන්තාවන් නළලේ තිලක යෙදීම සිදු නොකරන්නේ සැමියා මිය යාමෙන් පසුව බවද අවධාරණය කර සිටීයි.

ජාත්‍යන්තර නීතිරීති වලට අනුකූලව අළුතින් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේදී මෙම නීතියට අනුකූලව ඡායාරූප වලට පෙනී සිටීම අනිවාර්ය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද ඉද්දවල මහතා පැවසීය.

 ලෝකයේ ගුවන් ගමන් නියාමනය කරන icco නැමති ආයතනය ලෝකයේ සෑම රටකටම නිර්දේශ කර ඇති ජත්‍යන්තර වශයෙන් පිළිගත් නීති රීතිවලට අනුවම මෙරට මගීන් සදහාද ගුවන් ගමන් නිකුත් කරන බවද හෙතෙම කීය

වැඩිදුරටත් මේ පිළිබද කරුණු පැහැදිලි කළ මහින්ද ඉද්දවල මහතා මෙසේද කීය.

 ලෝකයේ සිවිල් ගුවන් සේවා නියාමනය කරන ජාත්‍යන්තර ආයතනය වන  icco ආයතනය ලෝකයේ සෑම රටකටම නිර්දේශ කරල තියෙනවා ගුවන් ගමන් බලපත්‍ර සැකසීමේදී සජීවී පෙනුමේ සහ ඡායාරූපයේ මුහුණේ කිසිදු වෙනසක් නොතිබිය යුතුයි කියලා.

සමහර රටවල් වල ගුවන් ගමන් අවසන් කර ගුවන් තොටුපළෙන් පිටව යාමේදී දොරටු විවර වෙන්නේ මගියාගේ ඡායාරූපය තහවුරු කිරීමෙන් පසුවයි.කෙසේ නමුත් කාන්තාවන් විසින් මුහුණේ සිදුකර ගනු ලබන වෙනස් කිරීම් නිසා ඇතැම් අවස්ථාවල ඔවුන්ට දොරටු විවර නොවීමේ සිද්ධීන් ද වාර්තා වෙලා තියෙනවා.ඒ වගේම නළලේ තිලක දමමින් ඡායාරූපයේ සිටින කාන්තාවන් ගුවන් ගමන් යාමේදී තිලක නැතිව ගමන් ගෙන තිබෙනවා.ඒ අයටත් මේ සිද්ධියට මුහුණ දීමට සිදුව තිබෙනවා.



අදහස් (14)

‘ගමන් බලපත් ඡායාරූපවලට තිලක-රූපලාවන්‍ය එපා‘

පියල් Sunday, 08 December 2019 11:37 AM

කණ්ණාඩි දාගෙන හිටියට කමක් නැද්ද? ඇමෙරිකන් පාස්පෝර්ට් එකක එහෙම පින්තූරයක් තියෙනවා. දැක්ක නිසයි අහන්නේ...

:       5       488

jagath Sunday, 08 December 2019 11:56 AM

මිනිහ මැරුණට පස්සේ තිලකේ ගහගෙන රට ගියපු ගෑණු ඉද්දී තිලකේ ගලවාගෙන එන බව පැහැදිලියි.

:       176       41

jagatha Sunday, 08 December 2019 12:02 PM

කණට ශ්‍රවණ අාධාරකයක් දාගෙන ගැහුවට කමක් නැද්ද?

:       18       21

manjula Sunday, 08 December 2019 12:08 PM

මා සිටින රටේ රූපලාවන්‍ය තියා උපැස් යුවලත් නැත...

:       0       12

නොනහාමි මුදියන්සේ Sunday, 08 December 2019 12:19 PM

දැන් අපේ ගෑනුත් තිලක තියනවා, කාලා ඉන්න බැරි වැඩේ ඒක. සිංහල ගෑනු තිලක තියන්න එපා. බබාලටත් එපා. හොඳේ....

:       28       12

raheem Sunday, 08 December 2019 01:36 PM

කොහෙද අපේ ගෑනු කියන දෙයක් අහනවද? ලෝකේ තියන තරම් පිටි ජාතිගාගෙන යන්නේ... සමහරු පාන් පිටිත් ගාගෙන යනවා.

:       0       8

Bamunuarachchi Sunday, 08 December 2019 01:47 PM

එ්ක නම් මොට්ට නිලධාරිවාදී තීන්දුවක්, මොන ගෑනිද පව්ඩර් ටිකක්වත් උලන්නේ නැතිව පාරට බහින්නේ.., දැන් ඔය හැඳුනුම්පත්, පාස්පෝර්ට් චෙක්කළාම මේකප් දාපු ගෑණිද, වෙන මොකියක්වත්ද කියා ෆොටෝ එකේ ඉන්නේ කියලා චෙක් කරන්න ගියොත් මැරුම් කන්න වෙයි..!

:       31       12

සුනිල් දත් Sunday, 08 December 2019 02:24 PM

දැන් බත්තරමුල්ලේ ආගමනේ ගාව ෆොටෝ ස්ටුඩියෝ තියෙනවා. ඒ ගොල්ලම ෆොටෝෂොප් කරලා දෙන්නේ. එම්බාම් කරපු මුණු වගේ සුදුම සුදුයි. මූණ පුරෝලා හදලා දෙනවා. ගොඩාක් අය කැමතියි සුදුවට හදන නිසා. අපි ස්වභාවිකව ඉල්ලනකොට බැහැ කියනවා.

:       0       5

සංජීව Sunday, 08 December 2019 02:25 PM

මේක නම් ඒ තරම් සාර්ථක නැහැ වගේ පේන්නේ. නලලේ තිලකයක් තියපු කෙනෙක් ඒක නැතිව අඳුරගන්න බැහැයි කියන එක හාස්‍ය ජනකයි. එහෙම නම් මුහුණේ තුවාලයක් හෝ තුවාල කැලලක් තිබෙන කෙනෙකුට බලපත්‍රයක් ගන්න බැරිද? ඒක හොඳ වෙනකම් බලන් ඉන්න ඕනද පින්තූර ගන්න? දැන් තුවාලය තියෙද්දී පින්තූර අරගෙන බලපත්‍රයත් ගත්ත කෙනෙක්ට ඒක හොඳ වුණාට පස්සේ අලුතින් එකක් ගන්න ඕනෑද?

:       3       5

KkhSunday, 08 December 2019 07:30 PM

ඔව්...

:       1       2

chandima Monday, 09 December 2019 02:19 AM

පාර්ශව ගණනාවක විරෝධය තියෙනවනම් ඒ පිරිසට රට නොගිහින් ඉන්න පුලුවනිනේ? ඇමෙරිකාවේ එංගලන්තේ උනත් මේ නීති තියෙනවා. එක එක්කෙනා කියන විදියට නිතිය නවන්න එපා. ඉස්සර නම් ඡන්ද බලාගෙන ඒ කියන කියන පදේට නැතුව. මේ ආණ්ඩුව පිහිටුවන්න ඒ ගොල්ලෝ තඹ සතේක උපකාරයක් කරලා නැහැ. අනික ඒගොල්ලෝ නැතිව ආණ්ඩු පිහිටවන්න පුළුවන් බවත් ඔප්පු කරලා තියෙනවා. රටට සහ රටේ ආරක්ෂාවට වැදගත් සැම පියවරක්ම ගතයුතුයි. ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප්ගේ වැඩපිළිවෙලත් එහෙම්මමයි.

:       1       11

maalaka Monday, 09 December 2019 03:04 AM

හොඳ තීරණයක්... රටේ නීති කාටත් පොදුවිය යුතුයි.

:       1       3

ගගන Monday, 09 December 2019 04:48 AM

එහෙනම් අඳුරගෙන ඉවරයි. මොකද ගෙදරින් එළියට ගොඩක් අය එන්නේ පාප්ප මූනේ ගාගෙන....

:       0       1

පිටිගල මිලානෝ Monday, 09 December 2019 06:18 AM

අප්පෝ.... සිංහල ගෑණු...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 305 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 712 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 583 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1410 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2878 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1862 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site