(ඩයනා උදයංගනී)
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුවේ බලපෑමෙන් හෙට (15) සවස් කාලයේ සිට උතුරු පළාත හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල ඉතා සැඩ ප්‍රහාරාත්මක සුළං හැමිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සුළි කුණාටුව හෙට (15) සවස් කාලයේදී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කර දකුණු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව යාපනය අර්ධද්වීපය හරහා පැයට කිලෝමීටර 80, 90 පමණ වන ඉතා තද සුළං සහ ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 100 පමණ වන ප්‍රහාරාත්මක සුළං ද ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඊට අමතරව මන්නාරම, පුත්තලම, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කයන් හරහා ද පැයට කිලෝමීටර 60, 70 පමණ දක්වා තද සුළං ඇතිවිය හැකි බව ද ඔහු කීවේය.
ඇතැම් අවස්ථාවල එම දිස්ත්‍රික්කයන්හි පැයට කිලෝමීටර 80 පමණ වන ඉතා තද සුළං බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.
මෙම ප්‍රදේශයන්හි නිවාස හානි, ගස් හා විදුලි රැහැන් කඩා වැටීම් ආදිය සිදුවිය හැකි බැවින් ජනතාව විමසිලිමත් විය යුතු බව ද එම ප්‍රකාශකයා කීවේය.
මීට අමතරව යාපනය අර්ධද්වීපයේ විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශයන්හි මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි හා උතුරු පළාතේ සෙසු ප්‍රදේශවල ද මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සුළි කුණාටුව හේතුවෙන් පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද තද සුළං හා විටින් විට පැයට කිලෝමීටර 110ක් පමණ වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බැවින් හෙට (15) සහ අනිද්දා (16) දිනයන්හිදී ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
කොළඹ ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ නගර සභාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන්
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ගජ’ සුළි කුණාටුවේ බලපෑම උතුරු පළාතට