IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘කොළඹ මහ නගර සබේ එක තිර රෙද්දක්වත් වෙනස් කරලා නැහැ’

 

(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )


 
‘‘කවුරු මොන අසත්‍ය ප්‍රචාර ගෙනගියත් මම කිසි විටකවත් කිසි දිනකවත් කොළඹ මහ නගර සභාවේ කිසිම බුදු පිළිම වහන්සේ කෙනෙකු තියා එක තිර රෙද්දක් වත් වෙනස් කරලා නැහැ.‘‘ යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

 
 
කොළඹ මහ නගර සභාව මගින් නව ඩිජිටල් තාක්ෂණය යටතේ ගොඩනැගිලි ඉදිකිරීම් ඉල්ලුම් පත්‍රයක් හඳුන්වාදීමේ නිල උත්සවයට සහභාගී වෙමින් ඇය මේ බව පැවසුවාය.

 
 
තව දුරටත් අදහස් දක්වමින් රෝසි සේනානායක මහත්මිය මෙසේ ද කියා සිටියාය.

 
 
‘‘මගේ කාර්යාලයට පිවිසෙන ස්ථානයේ පෙර තිබූ පරිදිම ඒ තියන  බුදු පිළිම වහන්සේ එහෙමම තියෙනවා. මට පෙර හිටපු නගරාධිපතිවරුන්ට ලැබිච්ච සිහිවටන සම්මාන පවා ඒ කැබිනෙට්ටුවල තාම එහෙමම තියෙනවා. මම තිර රෙද්දක් දොර රෙද්දක් වත් කිසිම වෙනසක් කරලා නෑ.

 

මම ගොඩක් කණගාටු වෙනවා මේ විදියට අපිට අවලාද නගන අය ගැන. මම මාධ්‍යයෙනුත් ඉල්ලා සිටිනවා යම් තොරතුරක් ලැබුණාම ඒ ගැන ඒ පාර්ශවයන්ගෙන්  අහලා ඒවාද සත්‍යද අසත්‍යද කියල දැනගන්න කියලා.

 

  

 



අදහස් (6)

‘කොළඹ මහ නගර සබේ එක තිර රෙද්දක්වත් වෙනස් කරලා නැහැ’

රජින්ද Tuesday, 21 August 2018 05:05 PM

තිර රෙදි වෙනස් නොකලට ඕන කරන ප්‍රතිපාදන නම් වෙන්කරගෙන ඇති නේද. වැඩේ වගේද ප්‍රතිපාදන. අපි නොදන්නා මේ රටේ දේශපාලනය.

:       140       407

rocky Tuesday, 21 August 2018 11:04 PM

තිර රෙදි ගැන කවුරුවත් ඇහුවේ නැහැනේ. ඔබ ඔබේ වැසිකිලිය නම් සුපිරි ලෙවෙල් එකට හදා ගත්තා නේද? අනේ රෝසනොනෝ, අපි දන්නේ නැද්ද ඔහේගේ පරණ කෙරුවාවල්.

:       156       256

Chaminda Wednesday, 22 August 2018 12:55 AM

රෝසි නෝනට ලක්ෂ 57 වැසිකිලියට වියදම් වෙන්නැති විසදුමක් තියෙනවා එයාගේ කාර්යාලය ළඟ පොදු වැසිකිලියට යන්න රුපියල් 10 ගානේ ටෝකන් එකක් එයටත් දුන්නනම් පොදු වසිකිලියත් හැදෙනවා ලක්ෂ 57 යන්නෙත් නැහ. හා නැද්ද ?

:       15       115

Bamunuarachchi Wednesday, 22 August 2018 01:03 AM

අපිට ඇවිත් බලන්න පුලුවනිද? ඔබට වැඩිය ඔතන සේවය කරන අය කියනදේ අපට විස්වාසයි.

:       277       253

Buddhika Wednesday, 22 August 2018 03:49 AM

‘පාකිස්තාන අගමැති, ඒ කියන්නේ මට වෙඩි නොවදින මෝටර් රථ 33 ක් තියෙනවා. හෙලිකොප්ටර් තියෙනවා. ගුවන් යානා තියෙනවා. අපේ ආණ්ඩුකාරවරුන්ටන් සුඛෝපබෝගි මන්දිර තිබෙනවා. ජනතාව වෙනුවෙන් වියදම් කරන්න අපට මුදල් නැහැ. එසේ තිබියදී අප යටත් විජිත සමයේ පාලකයන් වගේ අපට සැපට ඉන්න බැහැ. අපි ජනතා සේවකයෝ. ජනතාව අමාරුවේ දාලා අප සුඛෝපබෝගී ජීවිත ගත කිරීම ලොකු වරදක්' ඉම්රාන් ඛාන් - පකිස්ථාන වත්මන් අගමැති

:       0       308

engineer Wednesday, 22 August 2018 04:40 AM

කොළඹ මහ නගර සභාවේ පුරපති නිල නිවාසය අලුත් වැඩියා කිරීමට සැකසූ ඉංජිනේරු ඇස්තමේන්තුව තමයි නගර සභාවට ඉදිරිපත් වුනේ. ඒත් යන්තම් ලියන්න කියවන්න පමණක් දත් නූගත් මහජන නියෝජිතයෙක් මේක වැසිකිළියක් හදන්න යැයි කියා වැරදි මතයක් ‍රැගෙන යනවා. මේ පිළිසකර කරන්න යන්නේ පුරපති නිල නිවස හෙවත් රජයේ ගොඩනැගිල්ලක්. ඒක මේ පුරපතිගෙනුත් පස්සේ භාවිතයට ගැනෙනවා. සම්පූර්ණ ගොඩනැගිල්ලට තමයි ඇස්තමේන්තුව හදලා තියෙන්නේ.

:       142       143

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 62 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 124 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 158 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 423 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 378 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1609 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site