IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘කොළඹ-තූත්තුකුඩි නැව් සේවය යළිත් ‘

වසර හයක සිට නතර වී තිබෙන කොළඹ සහ තූත්තුකුඩිය අතර නැව් සේවය යළි පටන් ගැනීම කෙරෙහි  තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ අවධානය යොමුව ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (17) වාර්තා කළේය.

විශේෂයෙන්ම ස්වේච්ඡාවෙන් දිවයිනට පැමිණීමට කැමැත්තෙන් සිටිනා තමිල්නාඩු ප‍්‍රාන්තයේ සරණාගත කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකික සරණගතයින් යළි ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම නැව් ප‍්‍රවාහන සේවය යළි ඇරඹීම අවශ්‍යතාවය මතුව ඇතැයි තමිල්නාඩු ප‍්‍රාන්ත රජය පෙන්වා දෙයි.

මෙම ලාංකික සරණාගතයින් දිවයිනට ගෙන්වා ගැනීමට කොළඹ සහ තූත්තුකුඩිය අතර නැව් සේවය යළි පිහිටුවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට යෝජනා කරමින් එම ප‍්‍රාන්ත රජය මේවන විටිත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා ඇත.

මෙම නැව් සේවාව යළි ඇරඹීම වෙනුවෙන් තමිල්නාඩු නාවික බලධාරීන් සහ ප‍්‍රාන්ත රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද ,එම කාලයේ පැවති දේශපාලන කැළඹීම් හේතුවෙන් ඒ ගැන සාකච්ඡා කිරීම කල් ගිය බව තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ ප‍්‍රකාශයෙක් උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවා වාර්තා කර තිබිණි.

විශේෂයෙන්ම මෙම නැව් සේවාව යළි ආරම්භ කළහොත් තමිල්නාඩුවේ දිස්ත‍්‍රික්ක 24 ක පිහිටි සරණාගත කඳවුරු 107 ක වෙසෙන ලාංකික සරණාගතයින් 62,629 ක් සහ කඳවුරු වලින් පිටත ජීවත්වන ලාංකික සරණාගතයින් 36 ,794 දෙනා හට යළි දිවයිනට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇතැයි තමිල්නාඩු බලධාරීහු පෙන්වා දෙති.

එසේම එම සරණාගතයින් ගෙන් වැඩි දෙනෙක් ස්වකැමැත්තෙන් අදාළ නැව් සේවාව හරහා යළි සිය රටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවද එම බලධාරීහු කියා සිටිති.

ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම් අවසානයත් සමඟ 2011 දී එවකට පැවති ශ්‍රී ලංකා රජය හා තමිල්නාඩු ප‍්‍රාන්ත රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක් යටතේ එම නැව් ප‍්‍රවාහන සේවාව ආරම්භ කෙරිණ.නමුත් මාස පහකට පසු එම සේවාව භාවිතා කරන මඟී පිරිස් අඩුවීම නිසා එම නැව් සේවාව අත්හිටුවීමට සිදුවිණි.

-125



අදහස් (7)

‘කොළඹ-තූත්තුකුඩි නැව් සේවය යළිත් ‘

disanayaka Thursday, 17 August 2017 01:56 PM

මේ හරහා යහපත් ප්‍රතිඵලයක් ලැබුණොත් හොඳයි. නමුත් නැවතත් ත්‍රස්තවාදය හිස එසවීමට මෙය හේතුවක් වුවහොත් මහත් විනාශයකි. එමනිසා බලධාරීන් මේ පිළිබඳ සොයාබලන්නේ නම් වඩා අගනේය.

:       12       157

anura Thursday, 17 August 2017 02:47 PM

ඉතාම කාලෝචිත ක්‍රියාවක්, මොකද ඔක්කොම නැව් හම්බන්තොටට ඉදිරියේ දී යන කොට තූත්තුකුඩියට හරි යන්න කොළඹින් පුළුවන් වේවිනේ.

:       24       7

lalith Thursday, 17 August 2017 03:15 PM

බය වෙන්න එපා ළඟදීම කල්ලතොනිත් එයි.

:       1       100

dilanka Thursday, 17 August 2017 03:32 PM

අපේ රටේ යුද්ධය නිසා රට ඇත ඇරලා ගිය ජනතාව ආපසු ඒමට කැමති නම් ඔවුන්ට ඒ සදහා අවකාශ ලබා දීමට රජය ඉක්මනින් කටයුතුකළ යුතුයි. දෙමල මිනිස්සු 30-50% විතර රට අතඇරලා ගිහිල්ලා යුද්දේ නිසා....

:       185       182

samarageFriday, 18 August 2017 03:08 AM

87-89 භීෂණය නිසා රට හැර ගිය අයටත් ආපහු ලංකාවට එන්න පාරක් හැදේවිද.

:       4       16

LapayaFriday, 18 August 2017 06:24 AM

ඒක අහන්න තියෙන්නේ ජවිපෙ එකෙන් තමයි,

:       1       0

මම1 Friday, 18 August 2017 06:25 AM

වෛද්‍ය සිසුන්ට ඕනකමට අනාගතේ වෛද්‍යවරු බිහිකල හැකි ආයතන රජයට පවර ගන්න ඕන නැහැ. රජයට ගත්තම ඒකට ගන්න සිසුන් ප්‍රමාණය එම ගණනේම බොහෝ කාලයක් පවතිනවා. තව පෞද්ගලික සරසවි ඇරීමයි කල යුත්තේ. මේවගේ දේවලට උද්ගෝශණ වලින් නොව ජනමත විචාරණයකින් වැඩි දෙනාගේම කැමැත්තෙන් කලයුතු දේවල්.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 115 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 253 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1079 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 140 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 337 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 314 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site