(අජිත්ලාල් ශාන්තඋදය සහ ප‍්‍රියනාත් චන්‍ද්‍රපාල )
කුමන නැගෙනහිර ජාතික උද්‍යානයේ මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි ට‍්‍රැක්ටර් රියදුරෙක් උද්‍යානයේ කොටියෙකුගේ පහරකෑමට ලක්වීමේ සිද්ධියෙන් පසු සංචාරකයන් සඳහා උද්‍යානයේ වසා ඇතැයි පැතිරයන තොරතුරු අසත්‍ය බව උද්‍යානයේ වැඩබලන භාරකාර චන්දන වික‍්‍රමසිංහ මහතා අද ( 19) පැවසීය.
එම කොටියාගේ ම ප‍්‍රහාරයකට ලක්වූ වනජීවී නිලධාරීන්ගේ උදව්වට පැමිණි සංචාරකයන් ගෙන යන සෆාරි ජීප් රියදුරාට අද දහවල් විශේෂ සැත්කමක් කළ බව අම්පාර රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.
පානම ග‍්‍රාමීය රෝහලට 18දා සනධ්‍යාවේ ඇතුළු කළ ඔහු වහාම අම්පාර මහ රෝහලට මාරුකර යැවිනි. බරපතල තුවාල ලබා සිටි ඔහු අම්පාර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබිණි.
මියගොස් ඇත්තේ පොතුවිල් තිරුක්කෝවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ සෙල්ලදොරේ රවිචන්‍ද්‍රන් නැමැත් හතළිස් පස් හැවිරිදි විවාහකයෙකි.
මියගිය තැනැත්තා පෞද්ගලික කොන්ත‍්‍රාත්කරුවකු යටතේ සේවය කරන ට‍්‍රැක්ටර් රියදුරෙකි. තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ මොනරාගලදඹගල්ල ප‍්‍රදේශයේ පදිංචි අබේසිංහ හේරත් මුදියන්සේලාගේ චමීර අබේසිංහ නැමැති විසි හය හැවිරිදි අවිවාහකයෙකි. ඔහු කුමන ජාතික උද්‍යානයේ සෆාරි ජීප් රථයක් පදවන පෞද්ගලික රියදුරෙකි.
සිද්ධිය වී ඇත්තේ කුමන ජාතික උද්‍යානයේ බාගුරා කලපු ප‍්‍රදේශයේ බඹරගස්තලාව මාර්ගයේ කිරිපොකුණ ප‍්‍රදේශයේ දීය. කුමන ජාතික උද්‍යානයේ වෙසෙන මෙම කොටියන් හඳුන්වන්නේ පැන්තරාපාඩස් කොටියා නමිනි.
මෙම සිදුවීම කුමන ජාතික උද්‍යානයේ සංචාරකයන්ට කිසිසේත් බල නොපාන බව වනජීවී නිලධාරීහූ අවධානය කරති. තුවාල ලැබූ සෆාරි ජීප් රියදුරා ද සංචාරකයන් පිරිසක් ගෙනගිය අයකු නොව වනජීවී නිලධාරීන්ගේ උදව්වට ගිය පුද්ගලයෙක් බව ද වනජීවී නිලධාරීහූ කියති. ඒ නිසා කුමන ජාතික උද්‍යානයේ සංචාරය කරන්නන්ට මෙම සිද්ධිය බලනොපාන බවද ඔවුහු කියති.
සිද්ධිය වු ස්ථානයේ සිතියම
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘කුමන ‘ වසා ඇතැයි පැතිරෙන ප්‍රවෘත්තිය අසත්‍යයි‘
sirimal Friday, 19 April 2019 04:28 PM
" කුමන " හේතුවක් නිසා මේවගේ බොරු ප්‍රචාර ගෙනයනවද මන්දා ....
kule Friday, 19 April 2019 10:47 PM
කුමන වනෝද්‍යානයේ පාලකතුමා මේ සිද්ධියට වගකිවයුතුයි කියා මගේ හැගීමයි. දරුනු වනසතුන් සිටින මහා ගැන වනාන්තරයක් තුල මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරනවානම් ඒ කටයුතු කරන කම්කරු නිලධාරීන්ට ආරක්ෂාව අනිවාර්යයෙන්ම සැපයිය යුතුව තිබුනා