IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘එජාප නව නායකයා ගැන 2022 න් පස්සේ විමසන්න’

(විනීතා එම් ගමගේ)

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයක් පිළිබඳව 2022, 2023 , 2024 වසර වලදී සළකා බලන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා  පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී  කියා සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

2025 වසරේ දී තමන් ඡන්දය නොඉල්ලන බව ද ඔහු එහි දී සඳහන් කළේ යැයි ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

හර්ෂ ද සිල්වා මහතා මේ අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවසීය.

‘‘ මන්ත‍්‍රී කණ්ඩායමේ සාකච්ඡාවේ සියලූම දේවල් මම සටහන් කර ගත්තා. පිටු 14 ක සටහනක් තිබෙනවා. සිදුවුණ මූලික කාරණාව නායකතුමා කිව්වා ගිය පාර 33 දෙනෙක් කතා කළා, ඒවාට සවන් දුන්නා, ඔහු අසනීප වෙලා සිටියේ ඔහුට බොහෝ දෙනා දුරකතනයෙන් කථා කළා, කථා කල බොහෝ දෙනෙක් කිව්වේ මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න, ඔබ තුමා අවශ්‍ය නම් සජිත් පේ‍්‍රමදාස කරු ජයසූරිය මහත්වරුනුත් සම්බන්ධ කර ගන්න නමුත් නායකත්වය ඔබතුමා තියා ගන්න කියලා.

2025 දි තමන් ඡන්දය නොඉල්ලන බවත් එතුමා කීවා. 2022, 2023 වෙනකොට නායකත්වයේ වෙනසක් කරන්න අවස්ථාවක් ලබාදෙන්නම් කියල කිව්වා. එතුමා දිගින් දිගටම කථා කලා.

උතුරු නැගෙනහිර ඡන්ද කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා කිව්වා. අපි අපේ ඉලක්කය කරගත යුත්තේ ඒ ප‍්‍රදේශවල තියෙන ඡන්ද රැකගැනීම සහ ඡන්ද ප‍්‍රතිශතය වැඩි කිරීමයි කියල කිව්වා. ඒ සඳහා තමයි එතුමාගේ නායකත්වය ඉදිරියට ගෙන යා යුත්තේ කියල කිව්වා.

ඉන් පසු රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අදහස වුණේ නායකතුමනි අපි මන්ත‍්‍රීවරුන්ගේ අදහසට සවන් දෙන්න  ඕන කියන එකයි. ඔබට කතා කරන පුද්ගලයින් ඔබ සිටිය යුතුයැයි කිව්වත් බිම් මට්ටම එහෙම නැහැ කිව්වම, නායකත්වයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ කියා නායකතුමා කිව්වා.

අගමැති අපේක්ෂකයා කවුද කියා විමසුවාම එය කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරාවි කියල කිව්වා. සුජීව සේනසිංහ මහතා කථා කරන්න හැදුවම  කථා කරන්න අවස්ථාව දුන්නේ නැහැ. නමුත් ඔහු කථා කළා. නායකතුමනි ඔබ හිතන දේ නොවෙයි මහපොළවේ තියෙන්නේ කියා ඔහු කීවා. ඔහු එය දිගින් දිගටම  කිව්වා.

හරින් ප‍්‍රනාන්දු මහතා කථා කරන්න හැදුවම රනිල් වික‍්‍රමසිංහ මහතා කිව්වේ කතා කරන්න අවශ්‍ය නැහැ මේක ඉවර කළ යුතුයි කියලයි. නමුත් හරින් මන්ත‍්‍රීවරයා කථා කළා. ඊළඟට කබිර් හෂිම් මහතා කථා කලා.

අනතුරුව අකිල් විරාජ් මහතා ඔහුට  පිළිතුරු දෙමින් දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඊළඟට අජිත් පෙරේරා මහතා කතා කරමින් බිම් මට්ටමින් ලොකු ප‍්‍රශ්න තිබෙන බව කීවා. ඔහු කිව්වා 2024 වනතුරු ඔබ නීත්‍යානුකූල නායකයා, නමුත් මහ පොළවේ යථාර්ථය ඔබ වටහා ගත යුතුයි කියලා.

ඊළගට අශෝක් අබේසිංහ මන්ත‍්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ ඔහු පෝලින් බූත් 90 ක් සමඟ කථා කළ බවයි. ඒ කවුරුවත් රනිල් වික‍්‍රමසිංහ නායකතුමා  සමග ඡන්දයකට යන්න සුදානම් නැහැ කියා කිව්වා. රංජිත් මද්දුම බණ්ඩාර මහතා යළිත් අදහස් දක්වමින් ඒකාධිපතියෙක් වෙන්න එපා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ඉඩ දෙන්න කියා ආයාචනා කලා.

පසුව සජිත් පේ‍්‍රමදාස මහතා යෝජනාවක් ගෙනාවා, අපි මත විමසුමක් පවත්වා බහුතර මතය බලමු කියා. එය නීත්‍යානුකූල එකක් විය යුතු නැහැ, කියා ඔහු කීවා. ඒක දීර්ඝ ලෙස කල්පනා කරල කියන්නේඑය ප‍්‍රබුද්ධ විසඳුමක් යැයි ද ඔහු කීවා.

යළිත් අජිත් පී පෙරේරා මහතා කථා කරමින් රජය දඩයමක් පටන්ගෙන ඒ නිසා ඉදිරියේ අසීරු කාලයක් ඒවි, කෙසේ වෙතත් අපි රාජපක්ෂ කඳවුර එක්ක සම්බන්ධ නැහැ, අපි ජනතාව වෙනුවෙන් සටන් කරමු ඒ අවස්ථාව ලබා දෙන්න කියා කීවා. නමුත් මතවිමසුමක් පවත්වන්න නායකතුමා කැමති වුනේ නැහැ.

යළිත් සජිත් පේ‍්‍රමදාස මහතා කීවා අපි මහත්මා එකඟතාවයකට එමු, මත විමසුමක් පවත්වමු එතකොට ඉදිරියට යා හැකියි කියා.

මේ අවස්ථාවේ දී හර්ෂණ රාජකරුණා මන්ත‍්‍රීවරයා කීවා අපි මත විමසුමක් තියන්න අවශ්‍යද කියා බලන්න මත විමසුමක් පවත්වමු කියා. එවිට එහි සිටි 50 කට  වඩා නැගිට්ටා. ඉන්පසු පොඩි පොඩි බහින් බස් වීම් වුණා. වජිර අබේවර්ධන මහතා සමග හෙම මේ බහින් බස් වීම් වුණා.

ඉන් පසු නායකතුමා කිව්වා මම සති අන්තයේ කරු ජයසූරිය මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා සමග සාකච්ඡා කරනවා, ඊට පස්සේ එන සතියේ යළි කථා කරමු කියා මෙතන හැම දෙනාම නැහැ කියාත් කීවා. නමුත් අපේ කණ්ඩායමේ 77යි. එයින් 39 ක් හිටියාම ඇති නේ කියන මතය ආවා.

ඒ එක්කම නායකතුමා නෑ නෑ ඡන්දයක් අවශ්‍ය නැහැ කියා කණ්ඩායම් රැස්වීම අවසන් කර නැගිට ගියා. 12 දෙනෙක් ඔහු එක්ක ගියා. 52 ක් එහි සිටියා.

ඒ අවස්ථාවේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීවා මේ කණ්ඩායම සජිත් මහතාගේ නායකත්වයෙන් සාකච්ඡාව ඉදිරියට ගෙනයමු කියා. එයට කැමතිව 52 දෙනාම සජිත් මහතා වෙනුවෙන් අත ඉස්සුවා. හරින් මේ සියල්ල වීඩියෝ කළා. මේක නීත්‍යානුකූලව එජාප නායකත්වය තෝරාගැනීමේ ඡන්දයක් නොවුනත් එයින් එජාප මන්ත‍්‍රී අදහස පිළිඹිබු වෙනවා. සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. ’’ යැයි ද හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා මාධ්‍ය හමුව අමතමින් මෙසේ කීය.

‘‘ එක්සත් ජාතික පක්ෂයට එක නායකයෙක් නොව නායකත්ව මණ්ඩලයක් අවශ්‍යයි. නව මුහුණුවරක් අවශ්‍යයි. මහජන ඡන්දයෙන් පත්වූ මන්ත‍්‍රීවරුන් ලෙස අපි ඒ වෙනස වෙනුවෙන් පෙනී සිටිනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා මියයනතුරු මේ පක්ෂයේ නායකයා විය යුතු යැයි කියන කිහිප දෙනෙක් මේ  පක්ෂයේ සිටිනවා. ඔවුන් හිතන්නේ වික‍්‍රමසිංහ මහතා ගියොත් පක්ෂය ඉවරයි කියලයි.

නමුත් මේ පක්ෂයට නායකත්වය දෙන්න පුළුවන් කිහිපදෙනෙක්ම අපි දකිනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ අපි දරන මතය ගැන සළකා බලන්න, අලුත් නායකයෙක් ලබා දෙන්න කියා අපි නායකතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. එතුමාට කවුද කිව්වලූ එතුමා ගියොත් පක්ෂය ඉවරයි කියලා. අපි ඒක වැරදි බව පෙන්වා දුන්නා. මේක සුලූතර මතයක් බව පෙන්වා දුන්නා. අපට අවශ්‍ය ඊළඟ ඡන්දයට අලූත් මුහුණුවරකින් එන්නයි.’’ යැයි ද අජිත් පී පෙරේරා මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

‘‘හැට නම  ලක්ෂයකට සතුට ගෙනා දෙවැනි මාසයේ රතුලූණු මංකොල්ල කන තත්ත්වයකට රට වැටිලා. උඩින්ම දීපු බද්දේගම රතුලූණු මංකොල්ල කාලා. ඉතිහාසෙවත් අහල තියෙද මේවා.

අපේ කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ පක්ෂය ඇතුලේ අර්බුද හදලා ආණ්ඩුවට ලබන ඡන්දෙදි තුනෙන් දෙක අරන් දෙන්න. මෙතෙන්දි අපි කණ්ඩායමක් යනවා මේ ප‍්‍රශ්නය නිරාකරණය කරන්න. තව කණ්ඩායමක් යනවා මන්ත‍්‍රී දඩයමට එරෙහිව. මන්ත‍්‍රී දඩයම සඳහා මේ වනවිට සී සීඞී එකේ මන්ත‍්‍රීවරුන් අටක් දහයක් ලැයිස්තු ගත කර තියෙනවා කියා ආරංචියි. පිරිසක් පක්ෂ දෙකට කඩන්න හදනවා. තව පිරිසක් මන්ත‍්‍රී දඩයමේ යනවා. ඒ අතරේ පවුලක් රට කනවා.

වෙන දෙයක් තියා රන්ජන් රාමනායක මන්ත‍්‍රී තුමා වෙනුවෙන් පෙනී හිටි නීතිඥවරයාගෙනුත් කටඋත්තර අරන්. මෙන්න පැතූ වෙනස. 69 ලක්ෂයට සතුටු ද කියලයි අහන්න වෙන්නේ. මේ පරණ එක අලූත් මුහුණකින් ඇවිත් තියෙන බවයි පෙනෙන්නේ. අලූත් ආරංචිය හඬපට හඬකවල පෙන්වන එකයි.

ඊයේ රන්ජන් රාමනායක මහතා හමුවූ අවස්ථාවේ එතුමා කිව්වා පැයකට දාන්න පුළුවන් ද පැයකට දාන්න පුළුවන්ද කියල අහන හඬපටයේ ගෝඨාභය කියන වචනය බට් කරල කියල. ඔහු කියා ඇත්තේ වෙන නමක්ලූ. මේවා පැහැදිලි නියම ගේම් ටිකක් සෙට් වෙමින් තියෙනවා. එක පිරිසකට  ඕන පක්ෂයේ අර්බුදයක් නිර්මාණය කරල අපි එතැන තියලා අපේ කට වස්සන එකයි. රන්ජන් ගේ හඬපටයයි පක්ෂයේ අර්බුදයයි පෙන්නලා අපි එතැන තියන්න හදන්නේ. අපි  ඕකට අහුවෙන්නේ නැහැ. අපේ ඉදිරි වැඩ පිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා. ’’ යැයි ද හරින් ප‍්‍රනාන්දු මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ සී අලවතුවල මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටියහ.



අදහස් (52)

‘එජාප නව නායකයා ගැන 2022 න් පස්සේ විමසන්න’

Mahesh Friday, 17 January 2020 11:37 AM

රනිල් කවදා හෝ යනතුරු ඉන්න වෙනවා. ඕක ගන්න නම්... පොහොට්ටුව වගේ අලුත් පක්ෂයක් හදන් ඉදිරියට යන්න.

:       21       844

ලියනගේ Friday, 17 January 2020 05:27 PM

පොහොට්ටු පක්ෂය පිහිටවූයේ නායකයන් හට විරුද්ධව නොවේ.

:       246       97

සමරකෝන් Saturday, 18 January 2020 03:31 PM

සජිත් නායකයා කර කිරිබත් කන්න හිතාගෙන හිටපු කට්ටියට පසුගිය 16 වෙනිදා පිළිතුරු ලැබුණා නේද? 2025 වෙනතුරු ඉන්න බැරිනම් ඕනෑතරම් විකල්ප සජිත්ට සහ ඔහුගේ කණ්ඩායමට ගතහැකිය. සිරිකොතට එල්ලකළ ප්‍රහාරය සහ දේපල විනාශය පිළිබඳව සමාවක් ඔහු පාක්ෂිකයාගෙන් මේ වනතුරු ඉල්ලා නොසිටියේය. එම ප්‍රහාරය සිරිකොතට එල්ල වූයේ සජිත්ගේ කණ්ඩායමෙන්ය. අද ලොකුවට ප්‍රජතන්ත්‍රවාදය ගැන කතාකරන සජිත් එදා නායකත්වය බලෙන් පැහැර ගැනීමට කටයුතු කලේ ප්‍රජතන්ත්‍රවාදය නොදැනද? සජිත්, මහනායක හාමුදුරුවරු සමග සහ මාධ්‍යයට කියන්නේ ප්‍රජතන්ත්‍රවාදීව පක්ෂයේ ප්‍රශ්න විසඳගන්න බවයි. නමුත් ඔහු බලයට සහ තනතුරුවලට කෑදර පුද්ගලයකු බව පෙනෙන්නට තිබේ. 2025 වනතුරු පක්ෂ සම්මේලනයේදී නායකයා රනිල් බව යෝජනා සම්මත කර තිබියදීත් මේ කරන ක්‍රියාවන් නිසා සජිත් පක්ෂ නායකත්වයට කිසිසේත් සුදුසු නොවන බව පෙනේ. සජිත්ට සහ සජිත්ගේ කණ්ඩායමට පක්ෂයේ විනය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැත.

:       342       87

ThushanSaturday, 18 January 2020 06:16 AM

මහේෂ්, රනිල් යන එක කෙසේවෙතත් ඔතන සජිත්ට පක්ෂව හිටපු 52න් බාගෙටත් වඩා නම් ශුවර් එකට ඊළඟ ඡන්දෙ පරාද වෙලා ගෙදර යනවා.

:       309       96

Gayan Friday, 17 January 2020 11:59 AM

එතුමා ගියොත් නෙවේ, සජිත් ආවොත් තමයි ප්‍රශ්නේ, නායකත්වය කියන්නේ ඡන්ද දිනන්න පුළුවන් සහ බුද්ධියෙන් කටයුතු කරන්න පුළුවන් පුද්ගලයෙක්.. සජිත්ට බුද්ධියක් නෑනේ..

:       5309       3305

ravinFriday, 17 January 2020 12:59 PM

එතකොට රනිල්ට ඊටත් වඩා නැහැනේ. අවුරුදු 30ක්ම පැරදුණානේ...

:       744       1108

පිස්සු පූසාFriday, 17 January 2020 01:53 PM

පත්වෙච්චි නායකයින් දිහා බැලුවම හොරකම, බොරුව, වංචාව, කපටිකම, අතින් නම් සුදුසුකම් ඕනෑතරම් තියෙනවා.

:       3       208

MaheshFriday, 17 January 2020 03:40 PM

දැන් එතකොට ඔය කරේ තියන් යන බුද්ධිමතා හැමදාම පරාදයිනේ. රනිල්ට කඩේ යන්නේත් ඒ වගේම ලෙඩ්ඩුනේ...

:       13       159

suranjithSaturday, 18 January 2020 02:35 PM

අනේ ඔයාගේ තණකොළ කලා වැඩුණු මොලේට කෘමිනාශක විෂබීජයක් ගිහිල්ලා වගෙයි. ඉක්මණට ප්‍රතිකාර කරගන්න..

:       0       70

sudath Friday, 17 January 2020 11:59 AM

එයා චුත වෙන්නේ 2022ද?

:       515       647

පාක්ෂිකයෙක් Friday, 17 January 2020 12:03 PM

(රන්ජන්ගේ හඬපටයයි, පක්ෂයේ අර්බුදයයි පෙන්නලා අපි එතැන තියන්න හදන්නේ. අපි ඕකට අහුවෙන්නේ නැහැ. අපේ ඉදිරි වැඩ පිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා.) එසේ නම් රජයට විපක්ෂයක් වනවා මිස එජාපයට විපක්ෂයක් නොවී නොමේරූ වැඩ නොකර පක්ෂය සහ නායකයා ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම ඔබලාගේ රාජකාරිය විය යුතුයි. එජාපය තුළ සත්‍ය වශයෙන්ම අර්බුද ඇතිකරන්නෙත් අනවශ්‍ය මාධ්‍ය ප්‍රකාශ තබමින් ඇතුලේ කිවයුතුදේ එළියේ කියමින් පක්ෂය විනාශ කිරීමට උත්සාහ කරන්නෙත් සජිත් වටා සිටින ඔබලාමයි. සජිත් ඔහුගේ දැනුම, උගත්කම සහ හැකියාවන් පිළිබඳව විවේචනයක් ඔහුම කරගත යුතුයි. ඔහු සිටින්නේ අධිතක්සේරුවකයි. සත්‍ය වශයෙන්ම පක්ෂයේ විනය කඩකර තිබෙන කණ්ඩායමට විනය පරීක්ෂණ තබා පක්ෂයෙන් ඉවත් කළයුතුය. නැතිනම් මෙම පක්ෂය ඉදිරියට ගෙනයා නොහැකිය. පක්ෂයේ සිටින අවස්ථාවාදී කණඩායම් ඉදිරියටත් මෙසේ කටයුතු කළහොත් පක්ෂය රැකගන්නා එජාපකයන් සිරිකොතට පැමිණ ඔවුන්ව එලවා දමන දිනය වැඩි අෑතක නොවේ. එජාප නව නායකයකු අවශ්‍ය නමුත් එම පුද්ගලයා සජිත් නම් නොවේ.

:       1108       684

pakshikayaa Friday, 17 January 2020 07:24 PM

පක්ෂය රැකගන්නා එජාප පාක්ෂිකයන් සේ නිවැරදි කරන්න.

:       0       2

සමන්ත Friday, 17 January 2020 12:17 PM

නායකත්වය රැකගමු. මේ පරාජියෙක් නායකයා කිරීමට කෙරෙන උත්සාහයක් මිස පක්‍ෂය හෝ පාක්‍ෂිකයා නගා සිටුවීමට දරන උත්සාහයක් නොවේ. නායකත්වයට සුදුසුම කරු ජයසූරිය මහතා මිස අට පාස් කෙනෙක් නොවේ.

:       2307       2210

Amula Friday, 17 January 2020 12:23 PM

අපි මොන ආකාරයට කතා කළත් රනිල් උන්නැහේ තමයි පක්ෂයක් හැටියට යූඑන්පී කියන නාමය අරන් ගියේ... කපටිකමින් සහ බුද්ධියෙන් නමුත් වර්තමාන තත්වය ගැන පොඩි සැකයක් එනවා මොනවා වෙයිදෝ කියලා. මොකද මේ හැම දෙයක්ම දේශපාලන නාටක...

:       351       534

sulakshana gunasekara Friday, 17 January 2020 12:40 PM

දැන් ඔන්න අලුතින් පක්ෂ ලියාපදිංචි කරනවා. ඔයාලා වෙන පක්ෂයක් හදාගෙන යන්න. කරුණාකරලා ඔය පරණම පක්ෂය රනිල් මැතිතුමන්ට රැකගෙන ඉදිරියට යන්න දීලා.

:       113       1462

chandima Friday, 17 January 2020 01:01 PM

මොකද? දොස්තරලා දින දුන්නද?

:       0       61

Devinda Uduwara Friday, 17 January 2020 01:50 PM

අවසානය වනතෙක් රනිල්ම සිටිය යුතුයි.

:       185       431

chandimaFriday, 17 January 2020 03:41 PM

ඉන්නවා තමයි. එ්කයි දොස්තරලා දීපු කාලවකවානුව කිව්වේ... එ්ත් ඉතින් අලුතින් බෙහෙත් හොයාගත්තොත් කාලේ තව දික්වෙන්න බැරි නැහැ.

:       1       11

විජිත් Friday, 17 January 2020 05:25 PM

චන්දිම මල්ලි, දොස්තරලා අලුත් බෙහෙත් හොයාගත්තත් ෂුවර් නැහැ...මොකද මෙයාව තනියම මහපාරේදී මිනිස්සුන්ට අහුවුනොත් සම්බෝල හදයි මිනිස්සු.

:       8       141

ranjith Friday, 17 January 2020 02:21 PM

සේනානායක පරම්පරාව ජයවර්ධන, ප්‍රේමදාස කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ගාම්භීරත්වය විනාශ කර, සිංහල බොදු ඡන්ද පදනම කාබාසිනියා කර, ඉතුරු ටිකත් නැත්තටම නැති කරන්න තමයි 2022 වෙනකම් ඉන්න හදන්නේ.... පොහොට්ටුව වගේ අලුත් පක්ෂයකින් ඉදිරිපත්වෙලා පාර්ලිමේන්තු ඡන්දෙදී රනිල් කණඩායම ගෙදර යැව්වා නම් අනාගතයක් තියේවි..

:       311       406

Chathuri Friday, 17 January 2020 02:26 PM

මෛත්‍රී පොලොන්නරුවෙන් ඡන්දෙ ඉල්ලනවලු... එයට එකතු වෙන්න. අද ඔයාලට ඔහොම වුනේ කොහෙවත් යන කෙනෙක්ට එන්න කියලා... තමන්ගේ කරපිටින් අරන් ගිහින් ජනාධිපති කරපු එක එයා පක්ෂේ රැකුවද? නායකයාට කරපු දේ දැක්කද? අන්තිමට නැවත පක්ෂය ඉදිරියට නොඑන්න වැඩේ කරලා මාරුවුණා. අද මෛත්‍රී නිසා තමයි ඔයාලට ජනතාව අහිමිවුණේ... රනිල්ට මොලේ තිබුණට අවංකකම නැහැ. නායකයා නීතිගරුක වෙන්න ඕනෑ. රනිල් මෛත්‍රීගේ පක්ෂේ ලොකු හොරුන්ව ආරක්ෂා කෙරුවා. දැන් සනීපද? තමන්ගේ පක්ෂේ ගෝලයකුට තම තැන දෙන්න නැකැත් බලනවා. එදා මෛත්‍රිට අත නොදී සජිත්ට හෝ වෙන කෙනෙකුට අත දුන්නා නම් දීලා හොරු ටික අැල්ලුවා නම් අදටත් ජනාධිපතිකම් දරනවා. දැන් 2022 එනකම් ඉන්නලු නිර්භීත කට්ටිය තීරණයක් අරගන්න දිනන්න පුළුවන්..

:       113       232

ලැවොයිසියර් Friday, 17 January 2020 02:29 PM

තව අවුරුදු දෙකයිනේ. එතකම් ඉවසුවා නම් මොකද?

:       51       71

Hafeel Friday, 17 January 2020 03:32 PM

ලැවොයිසියර්, තව අවුරුදු දෙකෙන් පසු ඔහු අයින් වෙන්න කතාවක් ඔතන නැහැ. විමසන්නලු, සළකා බලනවලු. ඒ නිසා නව පක්ෂයක් පටන්ගන්න එක වඩා හොඳයි. මියයනතුරු ඒ මිනිහා අයින් වෙන එකක් නැහැ..

:       31       158

Sarath R Friday, 17 January 2020 02:56 PM

කාටවත් ප්‍රශ්නයක් නෑනේ දැන්. තමන්ම ඉල්ලන් කෑවා. ඇත්තම කිව්වොත් රනිල් කියන්නේ වර්ල්ඩ් ක්ලාස් මාස්ටර් මයින්ඩ් පොරක්. සාමාන්‍ය පෙළවත් නැතුව මිනිහෙකුට හැප්පෙන්න නෙමේ හිතන එකත් අපරාදේ. රනිල්ට රටක් පාලනය කරන්න බෑ!!. හැබැයි ලාංකීය දේශපාලනයට රනිල්ගේ නායකත්වය අනිවාර්යයෙන් අවශ්‍යයි !!.

:       574       623

SamFriday, 17 January 2020 09:18 PM

මොකටද? රට කාලා විනාශ කරලා ගියේ තියන ටිකත් කන්නද?

:       2       23

upaliSaturday, 18 January 2020 05:12 AM

නියම නායකයා වැඩි දෙනෙකුගේ අදහසට ගරු කරන පුද්ගලයකු වියයුතුයි. රනිල් රටට, ජාතියට, ආගමට ගරුකරන ආදරය කරන පුද්ගලයකු නොවේ. බටහිර අධිරාජ්‍යවාදී අදහස් ඔලුවේ තබාගෙන වැඩකරන කෙනෙකි.

:       45       118

Mahee Friday, 17 January 2020 03:45 PM

මේ තියෙන්නේ බලයට කෑදරකම පිළිබඳ හොඳ නිදසුනක්. 1970 වේ බලයට ආ සිරිමා බණ්ඩාරනායක 1972 ව්‍යවස්ථාවේ පිටදාලා අවුරුදු දෙකකින් කාලය දිගු කරගත්තා. ජේ.ආර්. ඒකාධිපති වෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදාගත්තා. මහින්ද, චන්ද්‍රිකා ව්‍යවස්ථාව වෙනස් කරනවයි කියලා පොරොන්දු දීලා බලයට ඇවිත් ඒ පොරොන්දු කැඩුවා. රනිල්ට ඕනෑ කොහොම හරි එල්ලිලා ඉන්න. සජිත් කොහොම හරි රිංගන්න බලනවා. ලෝකයේ සියලුම දේශපාලුවන් බලයට කෑදරයි. මෙතන තියෙන්නෙත් එකේම දිගුවක්. නමුත් දියුණු රටවල එහෙම පුද්ගලික වාසියට ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ. හැබැයි, අපේ දේශපාලුවන්ට හිතෙන හිතෙන දේ කරන්න පුළුවන්... ඒ කොහොමද? විරුද්ධවෙන්න ඕන දේටත් හුරේ දාන වහල්ලු වටේටම පිරිලා ඉන්න හින්දා...

:       14       61

Bandu Friday, 17 January 2020 04:55 PM

නායකතුමනි, මහපොළවේ යථාර්ථය තේරුම් ගන්න. ඔබට මනාපයක් නැත. කරුණාකර යන්න.

:       113       156

අර්.වික්‍රමසිංහ Friday, 17 January 2020 05:51 PM

එහෙම කොහේ යන්නද..? මම ව්‍යවස්ථාවට අනුව පත්වෙච්ච පක්ෂ නායකයානේ. මට ඇතියි කියලා හිතුණාම දවසක ජාතික රැස්වීමක් පවත්වලා ඊළඟ නායකයාව පත්කරනවා. ඒකතමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මට කිසි අසනීප තත්වයක් නැහැ. උදේ පාන්දර නැගිටලා කිලෝමීටර් 10ක් දුවලා ඇවිත් ව්‍යායාම කරලා මගේ දවස පටන්ගන්නේ පාන්දර 4ට. මම තවම හොඳ ෆිට් එකේ ඉන්නේ... එහෙම ඉන්න මාව එළවන්න මේ නැට්ටන්ට පුළුවන්ද...? ඒවා කොහෙද මගෙත් එක්ක... වැඩියම දැඟලුවොත් මගේ පණ වැනි මිතුරා පර්සිට කියලා අවුරුදු 10කට කුඩුවට දක්කනවා... එහෙම නැතිනම් මගේ හිටපු මිතුරා සොත්ති උපාලිගේ කට්ටියට කියලා ඩප්පියක් ගස්සනවා... මම හොඳට හොඳයි... නරකටත් ඒවගේම නරකයි... ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.

:       101       134

පාක්ෂිකයා Friday, 17 January 2020 05:24 PM

පක්ෂයේ සිටින අවස්ථාවාදී කණඩායම් ඉදිරියටත් මෙසේ කටයුතු කළහොත් පක්ෂය රැකගන්නා "එජාපයින්" සිරිකොතට පැමිණ ඔවුන්ව එලවා දමන දිනය වැඩි අෑතක නොවේ.

:       57       35

Bandara Friday, 17 January 2020 06:14 PM

හයියෝ... එන්න. එන්න. අපි කොහොමත් යූඑන්පීයට කතිරෙ ගහන්නේ නැහැ.

:       165       172

Rasika Friday, 17 January 2020 08:56 PM

අර ප්‍රජාතන්ත්‍රවාදය රකින මුරදේවතාවා ඉන්නෙත් ඔය පක්ෂයේම නේද්? එයාටවත් බැරිවුණාද, ප්‍රජාතන්ත්‍රවාදීව ඔය වැඩේකරන්න...? එයා ඇමෙරිකන් එම්බසි එකත් එක්ක එකතුවෙලා ප්‍රජාතන්ත්‍රවාදය රැකගනියි.

:       13       69

ලුම්බිණි Friday, 17 January 2020 11:48 PM

රනිල් පක්ෂ නායකත්වයෙන් අයින් විය යුත්තේ වෙන කිසිවක් නිසා නොව ඔහු අදක්ෂ නායකයෙක් නිසා. 2025 වෙන කොට එක්සත් ජාතික පක්ෂයක් තිබෙයිද කියලා සැක සහිතයි.

:       52       105

chandima Saturday, 18 January 2020 01:14 AM

අවුරුදු දෙකක් කියන්නේ සෑහෙන කාලයක්... මොනවා හරි අංචියක් අදින්න.. නැතිනම් අන්කුර් වැඩක් ප්ලෑන් කරලා කරන්න. එහෙමත් නැතිනම් බෑණා පොඩ්ඩගේ ට්‍රේනින් එක ඉවරකරගන්න ඇතිතරම් කල් තියෙනවා. එතකල් පුතාලා කොට ඇදගෙන යන්න ඔහොම දිගටම...

:       2       24

පැතුම් Saturday, 18 January 2020 02:05 AM

අැති යන්තං... තව පොඩ්ඩෙන් UNP එක නායකයා වෙනස් කරලා ඡන්දෙ දිනනවා. එ් බයත් ඉවරයි.

:       2       3

Buddika Saturday, 18 January 2020 02:08 AM

ගෙවුණු වසර 25 තුළ රනිල් එජාපය වසර 50ක් ආපස්සට ගෙනිච්චා. මේ වගේ බලයට කෑදර අයෙක් ආසියාවේම නැහැ. ඊට අනුබල දෙන 15ක් විතර පක්ෂයේ ඉන්නවා. ඉස්සර තිබ්බ එජාපයට සින්නක්කරව ලියවුණු මැතිවරණ බලප්‍රදේශ.. හැම ඡන්දෙකදීම එජාපයයි දිනුවේ. අද ඒ සියල්ල නැතිවෙලා. හොඳම දේ සජිත් සහ පිරිස නව පක්ෂයක් අරඹන එකයි. එතැනදී නම් ජය සිකුරුයි.

:       239       112

Saththaya Saturday, 18 January 2020 02:15 AM

නායකත්වය දෙන්නත් හරිහමන් පුද්ගලයෙක් බිහිවෙන්න ඕනෑ. නායකත්වය කියන වචනය ඕනෑම කෙනෙකුට බාරදෙන්න සුදුසු දෙයක් නෙමේ. ඒක ජනතාවට කරන ද්‍රෝහිකමක්... ඒ නිසා මේ ගැන හිතන සියලු දෙනාම, ගැලපෙන සුදුස්සෙක් ගැන හිතා මෙනෙහි කළොත් වඩාත් විශිෂ්ඨයි. මේ දඟලන්නේ ක්ලබ් ගානේ යන සෙල්ලක්කාරයින්... සමාජ සේවකයන් නෙමේ...

:       81       620

Wimal Senaratna Saturday, 18 January 2020 02:37 AM

පක්ෂයේ නීතියට ගරු කරලා ඕනෑ අය අයින් වෙන්න. චණ්ඩිකම් කරලා පහුගිය ජනාධිපතිවරණයත් පැරදුණා. දැන් බලන්නේ පක්ෂය විනාශ කරන්න. ඔය කට්ටිය වෙනම පක්ෂයක් හදාගෙන යන්න.

:       97       310

Akila Saturday, 18 January 2020 02:47 AM

මෙයාව ගෙදර යවන එක කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බාරයි එහෙනම්... අවුරදු 20-30කට කලින් කරන්න තිබ්බ දෙයක්.. එ්ත් කමක් නැහැ දැන්වත් කරමු.

:       231       71

සමන්ත Saturday, 18 January 2020 03:22 AM

ඔබ නිවැරදියි. ඔබ මෙතෙක් කලක් පක්‍ෂයක් ලෙස එ.ජා.ප.ය රැකගත්තා. සජිත් හැමදාම පක්‍ෂය ගැනවත්, පාක්‍ෂිකයෝ ගැනවත්, ඉතිහාසය ගැනවත්, 1988/ 89 තමන්ගේ පියාණෝ මිනිස්සුන්ට මොනවද කරේ කියලාවත් දන්නේ නැතුව නායකයෙක් වෙන්න හදනවා. කියන දේ අහන් නැත්නම් වෙලාම බලන්න කියමු. රට ගැන දුකයි. ඒත් බැරිබව දන් නැති මෝඩයන්ට තමන්ම නැහෙන්න ඉඩ අරින්න ඕනේ. එයා දැනටමත් නටන්නේ රාජපක්‍ෂලාගේ පදේටනේ. හිටපු අගමැතිතුමා මේවා හොඳින් දන්නවා. එයා වෙලාව ආවාම කළයුතු දේ කරයි.

:       67       175

Laal Saturday, 18 January 2020 04:38 AM

රනිල් හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වුණත්, හොඳ නායකයෙක් වුණත් අලුත් කෙනෙකුට අවස්ථාවක් මේ වෙලාවේ ලබාදෙන්න ඕනෑ... නැත්නම් පක්ෂේ කෑලිවලට කැඩිලා යයි.

:       31       46

ChandraSunday, 19 January 2020 03:18 AM

දෙන අලුත් කෙනා විනයක් ඇති හොද මහත්මයෙක් වෙන්න ඕන හැපිචෝල්කාරයෙක් නොවී..........දුන්නොත් රටම ඉවරයි. ලැජ්ජයි මේවා කරන්නේ සැලසුම් සහගතව.......දන්නා අය ඉතිහාසය ගැන දන්නවානේ.

:       0       503

kapila Saturday, 18 January 2020 05:15 AM

රනිල් කියන්නේ රටටවත්, පක්ෂයටවත් ආදරය කරන මිනිහෙක් නෙමෙයි. මොහු හැමදාම ආදරය කරන්නේ තමන්ට විතරයි. ඔහු ඉතිහාසයේ ගත්ත හැම තීරණයක්ම ගත්තේ තමන්ගේ පැවැත්ම ගැන හිතලා විතරයි. මොහු තමයි මේ රටේ ශක්තිමත් විපක්ෂයක් සෑදීම වැළැක්වූයේ. පහුගිය ආණ්ඩු සමයේ රාජපක්ෂලාට විරුද්ධව වුවමනා තරම් ප්‍රබල දූෂණ, වංචා සාක්ෂි තිබියදී ඔවුන්ට නඩු පවරන්නේ නැතිව ඔවුන්ව ආරක්ෂා කලේ මොහු තමයි. කොටින්ම මේ රටින් ඉක්මණින්ම ඉවත්කළ යුතු කොඩිවිනය මොහුයි. කෙසේ හෝ එය කළයුතුයි.

:       80       1301

Rohana Saturday, 18 January 2020 05:16 AM

බොහෝ නායකයින් දිගුකලක් නායකත්වයේ රැඳී සිටිනවිට ජනප්‍රියතාවය පහළ වැටී වෙනත් නායකයෙකු ඉල්ලා සිටීම සාමාන්‍ය ස්වභාවයයි. රනිල් මුහුණ දෙන්නෙත් මේ අභියෝගයි. ඔහු දිනාගත් මැතිවරණවලට වඩා පරාජය වූ මැතිවරණ අති විශාලයි. එබැවින් එවැනි අයෙක් තව දුරටත් නායකත්වයේ රැඳී සිටීමට උත්සාහ කිරීම පාක්ෂිකයින්ටත් පක්ෂයේ දේශපාලන දැක්ම පිළිගන්න ජනතාවත් අතරමං කිරීමක්... දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල නායකයින් ආදර්ශයට ගන්න. ඔවුන් එක ඡන්දයක් හෝ පැරදුනොත් මොහොතක් වත් නායකත්වයේ රැඳී සිටින්නේ නැත.

:       0       26

Lakshitha Saturday, 18 January 2020 05:47 AM

කොන්දේසි විරහිතව රනිල් පක්ෂය හැර යා යුතුයි. එජාපයට මෙවන් අභාග්‍යසම්පන්න තත්වයකට අද වැටෙන්න සිදුවූයේ අන්කවරෙක්වත් නිසා නොව ඔහුගේම ප්‍රායෝගික නොවූ හිතුවක්කාර ප්‍රතිපත්ති නිසාමය. ඔහු සැබෑ නායකයකු වශයෙන් කටයුතු කළා නම් මැතිවරණවලදී තරග කිරීමට ආදේෂකයින් පත්කළේ කුමක් නිසාද? අනික ඔහු පක්ෂය වෙනුවෙන් සහ පාක්ෂිකයින් වෙනුවෙන් කල දෙයක් නැත. හැබැයි මහින්ද රාජපක්ෂට අවශ්‍ය ලෙස සියල්ල ඉටු කළේය. රනිල්ගේ මෙම ක්‍රියාවලිය ගෝඨාගේ ආගමනයට ආශිර්වාදයක් විය. උගත් යූඑන්පී පාක්ෂිකයින් නැවත කිසිදා මේ පවතින UNP යට ඡන්දය නොදෙනු ඇත. රනිල්ගේ නාදයට වැඩ සහ වැඩ බැරි පැරදුණු සජිත්ගේ පිලට වඩා සිය දහස් ගුණයක් ගෝඨා ඉදිරියෙන් සිටින බව මතක්කර දිය යුතුව ඇත. මැතිවරණයෙන් පසු මහින්දගේ දූෂිත නඩයෙන් ඈත්ව එළිය සහ වියත්මග කණ්ඩායමත් සමග ගෝඨා අන්කවරදාටත් වඩා හොඳින් රට ඉදිරියට ගෙනයන බව ලියා තැබිය යුතුයි. එසේම ගෝඨා පාලනය යටතේ වැරදිකළ සහ කරන පක්ෂ විපක්ෂ කාටත් නියත වශයෙන්ම අච්චු ලැබෙනු ඇත. UNP යට විපක්ෂයේ භූමිකාව රඟපෑම හැරුණු කොට කළහැකි අන් කිසිවක් නැත.

:       58       207

de silva Saturday, 18 January 2020 05:56 AM

එහෙම නම් ඡන්ද දායක අපිත් එජාපයට ඡන්දෙ දෙනවද? නැද්ද? කියන එකත් 2022න් පස්සේ සලකලා බලන්නම්..

:       94       15

nishantha ranaweera Saturday, 18 January 2020 09:45 AM

රනිල් මැතිතුමන් මේ ගේම දෙන්නේ ඔබතුමන්ම විසින් ඉහළට එසවූ අය විසින්මයි. අම්මා, තාත්තා, දූදරුවෝ නොහඳුනන කාලෙක මේ සිදුවීම් ගැන කුමන කතාද?

:       89       231

Mogapurusha Saturday, 18 January 2020 09:48 AM

එළුවා නම් නරියට කාලයක් සීමාවක් දුන්නෙම නෑ. එ්ත් මේ එළුවා බෑ කිව්වොත්... අනේ කාලේ, වනේ වාසේ කිව්වලු...

:       0       0

anura Saturday, 18 January 2020 11:29 AM

කුරුඳුවත්තේ හාමු මහත්තයා එහෙම ලේසියෙන් පස්ස ගහන කෙනෙක් නොවෙයි. එ්ක බොලා දැනගත්තොත් හොඳයි.

:       4       41

samira Saturday, 18 January 2020 01:56 PM

ඒ කියන්නේ දිගටම මැරෙනකල්ම ඉන්න හිතාගෙනද ඉන්නේ? එහෙම නැතිනම් බොරු ගෝරියක් පෙන්නලා ඡන්ද ප්‍රචාරක වැඩසටහනක්ද?

:       0       4

Kumar Saturday, 18 January 2020 05:28 PM

මැරනකල් ඔහු තමා තීරණ ගන්නේ. හරිම කෑදරයි.

:       0       0

denin Sunday, 19 January 2020 02:47 AM

එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පමණක් නොවෙයි. දැන් මන්ත්‍රීවරුන්ට නායකත්වය වෙනස් කරන්න තියෙන වගේ උනන්දුවක් ඕනෑකමක් තමන් බලයට පත්කළ ජනතාවට සේවයකරන්නත් තිබුනානම් ජනාධිපතිවරණය පරදින්නේ නැහැ. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම, රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම, දුම්රිය සේවාව විධිමත්ව පවත්වාගෙන යාම ආදී දේවල්වලට සැලකිල්ලක් දැක්වුයේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 335 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 694 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 826 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 617 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 171 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1788 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site