IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘එජාප අපේක්ෂකයා කවුරු වුවත් පක්ෂය දෙකඩවීම වැළැක්විය නොහැකියි’

(නාලක සංජීව දහනායක)

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස කවුරුන් ඉදිරිපත් කළත් පක්‍ෂය දෙකඩවීම වැළැක්විය නොහැකිවනු ඇතැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (22) පැවැසීය.

මේ වනවිට පක්‍ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් එක්සත් ජාතික පක්‍ෂයේ සිටින බව කී විපක්‍ෂනායකවරයා පක්‍ෂයක නායකත්වයට ගරු නොකර එවැනි පුද්ගලයන්ට පක්‍ෂයක කටයුතු කළ නොහැකි යැයි ද පෙන්වා දුන්හ.

ඒ අනුව ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් කවුරුන් ඉදිරිපත් කළත් ඇතිවී තිබෙන ගැටුම් තව තවත් උග‍්‍රවන බව කී විපක්‍ෂනායකවරයා අගමැතිවරයා, කරූ ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස ඇතුළු සියලූම දෙනා එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කරවීමට ජනතාව ගෙන ඇති තීන්දුවට ඉන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවද කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ගේ හමුවකට සහභාගී ඔහු මේ බව සදහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ සහ රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (32)

‘එජාප අපේක්ෂකයා කවුරු වුවත් පක්ෂය දෙකඩවීම වැළැක්විය නොහැකියි’

Lion Thursday, 22 August 2019 11:34 AM

ආසාවෙන් බලාගෙන ඉන්න අයියලා, මල්ලිලා, පුතාලා, නෝනලාට සැප විඳින්න ලැබෙනතුරු...

:       1324       2048

gunarathnaFriday, 23 August 2019 12:32 AM

එතකොට දැන් සැප විඳින්නේ ජනතාවද ලොක්කා...?

:       1       0

dr.sagara Thursday, 22 August 2019 11:42 AM

ජය වේවා..!!! පොහොට්ටුවට...65% ඡන්දෙ ලැබෙනවා ශුවර්..

:       2554       1163

rohana Thursday, 22 August 2019 11:42 AM

ලංකාවේ ඉන්න බූරුවන් ටික මිනීමරු හොරුන්ට ඡන්දෙ දෙන්න කලින් ටිකක් හිතුවොත් හොඳයි නේද?

:       742       1195

Prabha Thursday, 22 August 2019 11:52 AM

ලංකාවේ සියලු පක්ෂ සොයන්නේ අනුන්ගේ කුණුමයි.

:       8       136

Chathuri Thursday, 22 August 2019 12:03 PM

තමන් කෙරුවෙත් නොහොබිනා වැඩක් පක්ෂය දෙකට කැඩුවා මදිවට පොහොට්ටුවකුත් හිටෙව්වා. අනුන්ගේ දේ රකින්න. කලින් තමන්ගේ දේ රැකගන්න කතා කරලා බැලුවේ නැතිද? කට්ටියව මුදලට ගන්න ගිය සතියේ පන්සල්වල ලොකු පින්කම් කෙරුවා නේද?

:       537       964

samFriday, 23 August 2019 06:08 AM

චතුරි, පක්ෂය දෙකට කැඩුවේ ඔයාලගේ හංසයා නේද? කවුද 2014දි පක්ෂේ කඩාගෙන ගියේ. මහින්ද ජනාධිපතිතුමා ඒවෙලාවේ කරපු වැරැද්ද තමයි පක්ෂය අතහැරලා වෙන දීගෙක ගිය ලේකම්වයි ඔහුගේ දෙවෙනි මනමාල සෙට් එකයි පක්ෂෙන් එලෙව්වේ නැති එක. එතුමාට ඒ වෙලාවේ පක්ෂේ විනය රකින්න බැරිවුණු එක ගැනනම් වැරැද්ද එනවා හැබැයි පක්ෂය කැඩුවේ එතුමා නෙවෙයි. ඒ වගේම ඔය පක්ෂය මුලින්ම කැඩුවේ අනුර සහ චන්ද්‍රිකා (අසු ගණන්වල) කියලා අමතක කරන්නත් එපා.

:       24       0

sirimal Thursday, 22 August 2019 12:10 PM

ඒක තමයි. කවුරු හරි අයියලා මල්ලිලා එකතුවෙලා එක පවුලක් ඕක බාරගෙන වැඩ කළා නම් ඔය කිසි අර්බුධයක් නෑ... නේද උතුමාණෙනි?

:       1154       1128

fasmy Thursday, 22 August 2019 12:56 PM

ඔබ කවුරු ආවත් ඔබ සැමගේ පවුලේ අයටත්, හෙන්චයියන්ටත් හොඳයි. ඔබ සැම දෙනා පරදා අනුර කුමාර දිසානායක දින්නොත් මුළු මහත් රටට සුබ වනු ඇත.

:       47       805

nishantha Thursday, 22 August 2019 01:00 PM

මේ ගොල්ලෝ රෑට කෑම උදේ පාන්දරම උයාගෙන තව ටික දවසකින් පිළුණු වෙනවා දන්නෙම නැතිව. විරුද්ධවාදියා රෑ කෑම හදන්නේ හැන්දෑවේ. උණු උණුවේම නිසා පිළුණු කෑම විසිකරලා මිනිස්සු අලුත් කෑම කයි එදාට..

:       66       229

Raveendra Thursday, 22 August 2019 01:32 PM

මේ එකඑකාගේ පක්ෂ දෙකඩ වෙන එක ගැන කතා කරනවට වඩා තමන්ගේ පක්ෂ දෙකට තුනට කැඩෙන එක බලාගත්තොත් හොඳයි.. අප සැමවිටම අනුන්ගේ රෙදි හෝදන "කෙනා" පිළිබඳව අවංක පුරවැසියන් හැටියට කිසිවිට සතුටු නොවන්නේය.

:       139       289

විනිවිද Thursday, 22 August 2019 01:40 PM

එජාප අපේක්ෂකයා ඉදිරිපත් කිරීමටත් පෙර පොහොට්ටුව පරල වී ඇත.

:       363       537

bodunuva Friday, 23 August 2019 03:15 AM

පොහොට්යුවට ජය වේවා සමනලුන් බංග වේවා ජනතාව කියනවා

:       3       0

Kapila sampath Thursday, 22 August 2019 01:48 PM

නූගත් මිනිස්සු ජනාධිපතිවරුන් වෙලා.... ඒකෙ වටිනාකම පහතටම ගියා.

:       24       36

jabos Friday, 23 August 2019 03:07 AM

එක හරි ටයි කොටේ නැතුව මුකුත් කොරන්න බැහැ බැංකු හොරුන් ගෙවල් බිඳින්න දැන් යන්නේ, කුඩු විකුනන්නේ ටයි කොටේ දමල නේ

:       2       1

samFriday, 23 August 2019 06:10 AM

ඔබ නුගත් මිනිහා කිව්වේ ප්‍රේමදාස ජනාධිපතිතුමාටද? ප්‍රංශේ ගියත් එංගලන්තේ ගියත් මොලේ පාවිච්චි කරන්න බැරිනම් එයයි නුගතා.

:       0       1

Kakiyana Lea.. Thursday, 22 August 2019 02:32 PM

අනේ මහත්තයෝ... අනුන්ගේ මගුල් හොයන්නේ නැතිව ගෝඨාභය මහත්තයාට ඔය වැඩේ කරගන්න ඉඩදෙන්න. ඔයා කතාකළොත් තියෙන ඡන්ද කීයක් හරි නැතිවෙනවා.

:       34       98

Amila Thursday, 22 August 2019 02:32 PM

පරදිනවා කියලා තේරුණාම දුකට කියන කතානේ... මෙයා ආණ්ඩු කරන කාලේ හැම පක්ෂයම කැඩුවනේ. දැන් ඉතින් බණක් භාවනාවක් කරන් ගෙදරට වෙලා හිටියනන් ලොකු දෙයක්... එහෙම ඉන්න අමාරුනම් අර ජනේල හරි එල්ලිලා හිටියට කමක් නෑ. ඕනෑ නම් අර ඇමෙරිකන් කාරයත් ජනේලේ එල්ලගන්න හොඳේ.

:       747       1056

Egodaha yanno Thursday, 22 August 2019 03:09 PM

එජාපය කඩන්න රනිල්ටත් බැහැ. කාටවත් බැහැ. සජිත්ට කොහොමත් බැහැ.

:       1       0

Chanak los angeles Thursday, 22 August 2019 04:57 PM

බල තණ්හාව යන්නෙම නැහැ වගේ

:       918       1369

Rohana Thursday, 22 August 2019 05:42 PM

මොනවා කිව්වත් පොහොට්ටුව බලය ලබන බව නම් පෙන්න තිබෙනවා. ඒකට හේතුව වත්මත් ආණ්ඩුවේ දුර්වලකම්.

:       906       339

Warnakulasuriya Thursday, 22 August 2019 08:20 PM

මේ යුගයේ නම් පක්ෂ නායකත්වයට ගරුකිරීම යනු එක පවුලක් හෝ වලව්වක් රාජකීයයන් වීමේ සිදුවීමකි. ශ්‍රී ලංකාවේ පවතින්නේ පක්ෂ දේශපාලනයක් නොව පවුල් සහ වලව් දේශපාලනයකි. ගරු කළයුතු නායකත්වයක් තියෙන්නේ පක්ෂයකටය. පවුලක් හෝ වලව්වක් වටා බලය හුවමාරු වෙනවා නම් කිව යුත්තේ රජ පවුල්වලට හෝ වලව්වලට ගරුකරන්න කියාය.

:       0       0

කරුණාපාල Thursday, 22 August 2019 08:44 PM

ජාතිය, ආගම විකුණලා, පුහු දේශප්‍රේමයක් මවලා හරි මේ වහල්ලුන්ගේ මුදල් මංකොල්ල කාලා හෝ ඔබ තුමාල‍ා සැප විඳින්න. කුසගින්නේ සිටියත්, මේ ගෝත්‍රිකයින්ට නමට හෝ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හා මේක සිංහල බෞද්ධයින්ගේ රට කියලා කිව්වොත් ඒ ඇති. ඊට පසුව හොරෙන්ම නැගෙනහිර පැත්තේ මුස්ලිම් පල්ලි ටිකක් ගොඩ නංවා, විල්පත්තුව ගරු බදුර්දීන් මහත්තයාට බාරදෙන්න. හරක්ට පුන්නක්කු ටිකක් දිය කර ඔවුන්ගේ කුසගින්න නිවා ගන්න ඉඩ සලස්වන්න නම් අමතක කරන්න එපා මහින්ද මහත්තයෝ. ඕකුන් කුලප්පු වී දිගට හරහට අනින්න ගන්නවා.

:       0       0

Chanak los angeles Thursday, 22 August 2019 09:24 PM

දැන් මේ ඔක්කොම කමෙන්ට්ස් වලට විරුද්ධව බමුණු නීතිවේදියා ආවේශ වෙලා වහලුන් වෙනුවෙන් පිටුව පුරාම පෙනී ඉන්න හැටි බලන්න පුළුවනි...

:       0       0

chandima Friday, 23 August 2019 12:13 AM

එය කොහොමටත් එ්ක කඩලා, බිඳලා දාන්න තමයි යන්නේ. ඒ පක්සේ දැන් පැරදිලා පැරදිලා ඉන්නේ... නම ඇහුණත් මිනිස්සු බනිනවා. අනික පක්ෂය තිබුණත් එතන මුල් පුටුවට දැන් හෙනහුරා වදින්න යන්නේ. එ්කයි තවත් පක්ෂ එකතු කරලා එ්කේ නායකයා වෙලා පස්සේ ඒ පක්ෂ ටික විනාශ කරලා රජවෙන්න උපායක් කල්පනා කරන්නේ... එතැන වෙන්න යන විදියට එකතු වෙන පක්ෂ නායකයින්ට මිසක් ඉන්න පක්ෂයේ නියෝජ්‍ය නායකයින්ට තැනක් නැහැනේ.. එ්කෙන් මේ පක්ෂය ඇතුලේ ඉන්න අයගේ කෑගැහිල්ල නතර වෙනවා. අනික එතකොට ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ සංධානෙන්. එජාපෙ සාමාජිකයින් කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. එහෙන් සජිත් මුලින්ම කැපෙනවා. පස්සේ සන්ධානේ ව්‍යවස්ථාවට කරකවලා ගහන කෑල්ලක් දාගත්තම අර තමන්ම කෘත්‍යාධිකාරී සභාව පත්කරලා එ්කට කියලා තමන්වම පත්කරවා ගන්නවා වගේ මොනවා හරි සූත්තරයක් හදාගනියි. කාලෙකින් ඒ එකතුවුණු පක්ෂවල නායකයින් බලුවෙන විදියට කෑල්ල කෑල්ල සංශෝධන දාගෙන ඒ සංධානෙත් සදා රජවෙන්න උප්පරවැට්ටියක් නොදාගත්තොත් මෙන්න කණ... දැන් තේරෙනවනේ සංධානේ හදන්න මොකද තදියම කියලා.. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමෙන් විසිවෙන එක නවත්ත ගන්න... ඔබතුමා හරි, මේකේ අන්තිම ප්‍රතිඵලේ එජාපෙ කැඩෙන එක වෙන්න පුළුවනි.

:       1       0

vidya Friday, 23 August 2019 01:52 AM

2015 දීත් කට වරද්දාගෙන වැඩේ කා ගත්ත නේද්? කලබල වී පල නැත්තේ -සිතා මතා කල යුත්තේ කියල මහා දැන මුත්තා කියල තියනවනේ .

:       0       1

jayath Friday, 23 August 2019 03:15 AM

ඵස්ම්ය් හොඳයි තමයි නමුත් මේ පොළොවේ ඕක ඔබෙයි මගෙයි ජීවිතකාලේ යතාර්ථයක් වෙන්නේ නැහැ ඒ එයාලගෙම නොහැකියාව හින්ද

:       0       2

janatha anura Friday, 23 August 2019 03:20 AM

කවුරු ජනපති උනත් ප්‍රශ්නයක් නැහැ බලය තියෙන්නේ අගමැතිට එකම පක්ෂයෙන් දෙන්නම පත් උනොත් රට ගොඩ නැති නම් අනතුරේ මැතිවරණයෙන් වැඩිම ආසන ලැබෙන්නේ පොහොට්ටුවට පොහොට්ටුවේ නායකයා අගමැති වෙනවා අනෙක් කට්ටිය විපක්ෂයට යන්න ලැහැස්ති වෙන්න ( අලි, ටිඑන් එල් මුස්ලිම් කොන්ග්රෙස්ස් සහ සීනු ) මීළඟ රජය බහුතර ජනතාවගෙන් එය සිදිවිය යුතුය ඔවුන්ට රටක් අහිමි වෙන්න දෙන්න බැහැ

:       1       0

Sudesh Wijenayaka Friday, 23 August 2019 03:42 AM

එකම විකල්පය අනුර කුමාර .

:       0       2

Siri Friday, 23 August 2019 03:50 AM

එජාපය දෙකඩ වීමක් ගැන දොඩවනවා. පොහොට්ටුවක් අටවාගෙන මෙයා ශ්‍රීලනිපයයි, පොපෙයි දෙකම කඩාපු හැටි මතක වෙලා වගේ.

:       0       22

jagath Friday, 23 August 2019 06:16 AM

මෙන්න මහින්දගේ ජය මාවත එදා තිස්ස ගෙන් කලදේ මෙදා සජිත්

:       1       0

Rata Perata Friday, 23 August 2019 06:22 AM

මෙයා කලෙත් ඕක, මෙයාගේ තාත්ත කලෙත් ඕක. දැන් බබා වෙන්න හදනවා.

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 403 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 501 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 220 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 369 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 4376 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 1175 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site