IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘එක් පාර්ශවයක් බහුතරය පෙන්වන තුරු කතානායක හිටපු තැනම‘

(සුජිත් හේවාජූලිගේ)

දෙපාර්ශවයම බහුතරය පෙන්වන තුරු තමාට පිළිගැනීමට සිදුවන්නේ පෙර පැවති තත්ත්වය යැයි කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කතානායකවරයා විසින් අද(05) නිකුත් කෙරුණු නිවේදනයක මෙසේ සඳහන් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.



අදහස් (36)

‘එක් පාර්ශවයක් බහුතරය පෙන්වන තුරු කතානායක හිටපු තැනම‘

Sapumal. Monday, 05 November 2018 06:42 AM

කතානායක තුමා ඉතාමත්ම නිවැරදිය.ඔබතුමාට ජය වේවා.අසාධාරණය වැළලී සාධාරණය දිනේවා.දෙවියෝ රට රකිත්වා !!!

:       71       211

Pablo Monday, 05 November 2018 06:48 AM

වෙන මොකක් කරන්නද. සාමාන්‍ය විදියට හිටියම ඉවරයි

:       1       2

lankaputha Monday, 05 November 2018 07:07 AM

වෘත්තීයභාවය.......

:       302       35

kumara Monday, 05 November 2018 07:10 AM

ගරු කථානායකතුමනි. ප්‍රජාතන්තවාදය වෙනුවෙන් නිර්බයව පෙනී සිටින ඔබට ගෞරවනීය ප්‍රණාමය

:       34550       25281

kuma Monday, 05 November 2018 07:15 AM

නියමිනේ කතා නායක තුමනි, ඔබට මල් මිටක්

:       10       119

Ruwan Monday, 05 November 2018 07:26 AM

කතා නායකතුමා, මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ඉෂ්ටකරනවා කියන්නේ බහුතරයක් මහජනයාගේ කැමැත්ත මිස බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත නොව. දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ 2015 ජනතා කැමැත්ත අනුව පත් වුන මන්ත්‍රීවරු.දැන් තත්වය ඊට වඩා වෙනස් 2018දි බහුතරයක් මහජනයාගේ කැමැත්ත ඔබතුමා අස්දෙකෙන්ම දැක්කනේ? මහජනයාට ප්‍රජාතන්ත්‍රවාදය ඉෂ්ටකරන්න අවශ්‍යනම් 2018 මහජන කැමැත්ත අනුව වැඩ කරන්න. ඔබතුමා ඔච්චර ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතනවානම් පාර්ලිමේන්තුව විසුරුවාහැර ජනතාවට තම ආණ්ඩුව පත්කරගන්න ඉඩ සැලැස්වීමට කටයුතු කරන්න. එන්න කියන්න රනිල්ටයි, මහින්දටයි අපි මහජනතාව ඉදිරියට. අපි තෝරන්නම් අපිට ඕන ආණ්ඩුව.

:       5       95

Sam Monday, 05 November 2018 07:29 AM

අපිත් 2015දි යහපාලනයට ඡන්දෙ දීපු මිනිස්සු. දැන් අපිට යහපාලනය එපා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොව මහජනයාගේ කැමැත්තට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න.

:       3       51

dilanka kodithuwakku Monday, 05 November 2018 07:30 AM

ඉතාමත් හොද තීරණයක්. බහුතරය පෙන්වන කෙනෙකුට අගමැතිකම. සරලයි

:       9       11

Lanka Perera Monday, 05 November 2018 07:33 AM

ඔබට හිටපු තැනට එන්න කොච්චර දින ගානක් ගියාද

:       1       3

Chamara Monday, 05 November 2018 07:33 AM

ඔබතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත සහ අයිතිය ගැන සිතන්න. නමුත් ජනාධිපතිතුමා සිතන්නේ මහජනතාවගේ කැමැත්ත සහ අයිතිය ගැන.

:       6       95

shan saudi Monday, 05 November 2018 07:34 AM

බහුතරය පෙන්වන්න 2020 විතර වේවි. ඕක විසුරුවලා පාර්ලිමේන්තුව වහලා දාන්න ඕක තිබුනා කියලා රටටවත් ජනතාවටවත් මෙතුවකට වුන සෙතක් නැහැ

:       2       20

Daham Monday, 05 November 2018 07:36 AM

ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සඳහා ගත් නැණවත් තීරණයක් කතානායකතුමනි. ඔබ රටට ආදරයක් ඇති කෙනෙක් බව රට වැසියා තේරුම් අරගෙන ඇත .

:       29       9

krishantha Monday, 05 November 2018 07:37 AM

මම පිළිගන්නෙත් පෙර පැවතී තත්වයම තමා. ඒ වුනාට වැදගත් ජනාධිපති පිළිගන්න විදිහනේ. ඒකනේ මෙතන ප්‍රශ්නේ.

:       2       15

desilva Monday, 05 November 2018 08:06 AM

2015 ජනතාවට පොරොන්දු වුණු විදිහට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළානම් මේ මුකුත් නැහැනේ? මෙදා සැරේ කවුද රැවටුනේ? ජනතාවද? ඔබතුමාලද?

:       901       2065

Sana Monday, 05 November 2018 08:09 AM

ඡන්ද කල්දාන වෙලාවේ ඔය ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද දන්නේ නෑ තිබුනේ...?

:       3194       3804

සෙනෙවි Monday, 05 November 2018 08:58 AM

හීන් බබා බබාම තමයි

:       1272       1425

ඇත්ත සත්‍යපාල Monday, 05 November 2018 09:13 AM

ගමේ ඉතුරුවෙලා ඉන්න යුඇන්පී කාරයෝ එකා දෙන්නට ගුටි අන්නන තැනට තල්ලු කරන්න එපා. එජාපය හැමදාම හදන්නේ රටේ ලේ වගුරුවන්නට. මේ හදන්නේ ඒකට. එජාපය පැහැදිලිව දන්නවා තමන්ට ඡන්ද පදනමක් නෑ කියලා. ඒ නිසාම දිගින් දිගටම ඡන්ද කල් දැම්මා. දැන් ජනාධිපතිවරයාත් ආපසු හැරුණු තත්වයක් තුළ සහ මහබැංකු මංකොල්ලය සැබෑවක් බව රටම දන්නා තත්වයක් තුළ ඔවුන්ට ඉතිරිව ඇත්තේ සුළු ජාතික ඡන්ද සහ කැපුවත් කොළපාට ඡන්ද ටික පමණි. එසේ තිබියදී එජාප නායකත්වය නවීන් බෑණනුවන්ට ලබා ගන්නට හැකිවෙයි සිහින මවමින් කතානායක පිස්සු කෙළිමින් සිටියි. මේ හරහා ඇතිවෙන කෝලාහල ජාතිවාදී කොලාහලයක් දක්වා වුවද තල්ලු වී යා හැකිය. එජාපය පසුපස සිටින බළල් අත වන බටහිර රටවල වුවමනාවද මෙයයි. රටේ ඇතිව තිබෙන අර්බුදකාරි තත්වය මැද කාගේ අණ පිළිපැදිය යුතුද කියන ගැටලුවකට මැදිවන ආරක්ෂක අංශ වල්මත් වනු ඇත. මෙය දඩමීමා කරගෙන සුළු ජාති ආරක්ෂා කරන මුවාවෙන් ඉන්දියාවේද ආශිර්වාද මැද බහුජාතික හමුදා ගොඩබැස රට බෙදා වෙන්කර දැමීම අවසන් ප්‍රතිඵලයයි.

:       4326       5088

akilaMonday, 05 November 2018 12:03 PM

පාලට අවුල් ගියාට කතානායක කියන දේ හරි... පාර්ලිමේන්තුව කැඳවලා වැඩි බලය අපිට කියලා ආණ්ඩුවට පෙන්නන්න විතරයි තියෙන්නේ එච්චරයි..

:       1543       1633

sandy123Monday, 05 November 2018 12:31 PM

ඉතාම කෙටි පිළිතුරක්. යුඇන්පී කාරයෝ ගහ කොටා ගන්නේ නැහැ. ශ්‍රී ලංකා කාරයෝ ගැන නම් විශ්වාශයක් නැහැ.

:       1456       1422

pmj Monday, 05 November 2018 09:22 AM

රනිල් බහුතරය පෙන්නලද අගමැති උනේ?

:       22       51

amila Monday, 05 November 2018 09:45 AM

බරපතල තත්වයක්. වහාම පාර්ලිමේන්තුව විසිරුවා ජනතා තීරණයට හිස නමන්න.

:       0       34

Mahakande Vijithasiri himi Monday, 05 November 2018 10:20 AM

විධායක කතානායක වරයෙක් වගේ. විධායක ජනාධිපතිගේ⁣ තීරණය පිළිගන්න අකමැතියි. මේ එජාප කතානායක පක්ෂය රකින්න ගිහින් බන්ධනාගාරයේ තමයි අවසානයේ නතර වෙන්න වෙන්නේ...

:       2151       2304

Hafeel Monday, 05 November 2018 10:34 AM

ඔබතුමා ඉතා නිවැරදියි. රටේ සම්පත් හොරකම් කළා මදිකමට දැන් ව්‍යවස්ථාවත් හොරකම් කරන්න පටන් ගත්තා. මෙහෙම ගියොත් ඉදිරියේ මේකට මුල පිරූ ජනාධිපතිගේ තනතුරටත් හානි වෙන්න පුළුවන්....

:       1672       2064

janu Monday, 05 November 2018 10:45 AM

කතානායක කියන නම මෙයාට ගැලපෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක කියලා වෙනස් කරානම් හරි..

:       510       1114

td Monday, 05 November 2018 10:50 AM

රටේ ප්‍රධානියා ජනාධිපති වුවත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා කතානායකවරයාය. පාර්ලිමේන්තුව තුල සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී සියලු දෙයට නායකත්වය දෙන්නේ කතානායකවරයාය. එය ඔහුගේ වගකීමකි. ප්‍රතිපත්තියක් නොමැති, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන නමුත් එහි නියම තේරුමවත් නිවැරදිව නොදන්නා, වචනය වචනයක් සේ තබන්නට බැරි පතෝල නායකයින්ට රටවල් පාලනය කළහැකිද?

:       1232       356

gunarathna Monday, 05 November 2018 11:03 AM

මේ ප්‍රශ්නය වැඩිවෙන්ට හේතුව ශ්‍රී ලංකා ලෝයස්ලා සහ එජාප ලෝයස්ලා නිසා. තමුන් කඩේ යන පක්ෂයට හරියන්නට මේ ගොල්ලෝ නීති හදනවා. තවම මේ ප්‍රශ්නයට ස්වාධීන ලෝයස්ලා කිසිකෙනෙක් කතා කෙරුවේ නැහැ. කොහෙද දන්නේ නැහැ සරත් සිල්වා ඉන්නේ? කිසිම කතාවක් නැහැ...

:       1       127

Rata Perata Monday, 05 November 2018 12:37 PM

ඉතා හොඳ තීරණයක්... රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. මෙතන තියෙන ප්‍රශ්නේ මහින්දද, රනිල් ද කියන එක නෙමෙයි. සිරිසේන කරපු ව්‍යවස්තා විරෝධී කතා... තමයි.

:       468       755

sandy123 Monday, 05 November 2018 12:40 PM

නියමයි කතානායකතුමනි, හරි දේ ඔබ හරි වෙලාවට කරනවා. ජනාධිපතිතුමා ඇහුවලු ඔබතුමාට අගමැති වෙන්න කියලා. නමුත් නායකත්වයට පිටුපාන්න බැරි නිසා ඔබ බැහැ කිව්වලු. ඇත්තද? පලවෙනි පාර කරනකොට කට්ටිය මොකුත් කිව්වේ නැහැ රට ගැන හිතලා. නමුත් දැන් තත්වය වෙනස්. ප්‍රජාතන්ත්‍රය වෙනුවෙන් ඔබ නගන හඬ ඉතාමත් විශිෂ්ටයි.

:       1281       2689

gunarathnaMonday, 05 November 2018 02:40 PM

මේක මේ ප්‍රජාතන්ත්‍රවාදීකමට ගත්තු තීරණයක් නෙමෙයි. මේ රනිල් ඇතුලු පක්ෂයේ බලවන්තයින්ගේ බල කිරීමට කරපු දෙයක්... නමුත් වැරදි පූර්වාදර්ශයක් මේක. දහසයක් අරන් මහින්ද ළඟට ගිහිල්ලා ඇමැතිකම් ගන්නකොට ප්‍රජාතන්තරේ කොහෙද දන්නේ නැහැ තිබුණේ...

:       622       380

මංගල Monday, 05 November 2018 12:45 PM

කථානායක තනතුරේ ගෞරවය කෙලෙසපු රටේ පවතින නීතිය නොතකා තම තනතුරේ වරප්‍රසාද පක්ෂ දේශපාලනය වෙනුවෙන් අවභාවිතා කරපු මේ වගේ මනුස්සයෙක් ලෝක ඉතිහාසයේ වත් නැතිව ඇති.

:       3055       2413

Chanak Los Angeles Monday, 05 November 2018 10:53 PM

කලබල නොවී බලාගෙන ඉන්න වෙන්නේ මොකක්ද කියලා .

:       2       1

suddaWednesday, 07 November 2018 12:58 AM

ලොස් ඇන්ජලිස් වල මොකද වෙන්නේ කියා ඔබ ඔහෙටම වෙලා බලාගන්න.

:       0       2

KANDEPOLA Tuesday, 06 November 2018 04:44 AM

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති විටෙක අග්‍රාමාත්‍යවරයාගේ හා කතානායකවරයාගේ කාර්යන්, නැවත පාර්ලිමේන්තුව ගැසට් නිවේදනයක් මගින් කැඳවන තුරු අත්හිටවෙන්නේය. දැනට කතානායකවරයාගේ තනතුර බල රහිතය.

:       2       7

gunarathna Tuesday, 06 November 2018 05:18 AM

අපේ රටේ පාර්ලිමේන්තුව ඉතිහාසේ ඉඳන්ම කරපු වැරදී තනතුරු දීම් නිසා තමා මේ වගේ විහිලු අපිට බලන්ට වෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ ජනාදිපති ඡන්දෙ තියෙන දවසට අගමැති සහ කතානායක තෝරන මනාපෙත් එකම කාර්ඩ් එකට ඇතුල් කරන්න ඕනේ. එතකොට කතානායක, අගමැ ති,ජනාධිපති ස්වාධීන කට්ට්ය වෙනවා.

:       1       1

shan saudi Tuesday, 06 November 2018 07:05 AM

ගරු කථානායකතුමනි. ප්‍රජාතන්තවාදය වෙනුවෙන් නිර්බයව පෙනී සිටින ඔබට ගෞරවනීය ප්‍රණාමය එහෙත් දැනට පවතින්නේ හා පිළිගන්නේ එජාප අගමැතිවරයෙකුගේ යටතේ පවතින රජයක් නම් මහින්ද පත්කළ ඇමතිවරුන් කෙසේද? අමාත්‍යංශ වල වැඩ කරන්නේ ඔවුන් කොහොමද ඒවයේ නිලදාරීන් මාරු කරන්නේ ඔවුන්ට අවැසි අය ලේකම්වරු ලෙස පත් කරන්නේ ඔබට මේ නැවතීමට බලයක් නැද්ද? නීත්‍යානුකුල නොවන නායකයෙක් යටතේ කෙසේද නීත්‍යානුකුල නොවන ඇමතිවරු ලේකම්වරු පත් වන්නේ ඇයි මේ වැරදී අධිකරණයක් මගින් නිවැරදි කරවන්න කටයුතු නොකරන්නේ මේ සිවිල් ජනතාවට කරන අපරාදයක්

:       18       6

raman Tuesday, 06 November 2018 10:58 PM

ව්‍යවස්ථාවේ කොතනද තිබෙන්නේ කතානායකට ජනාධිපති විධායක බලය ඉක්මවලා යන්න පුළුවන් බව? කරුණාකර ඒ වගන්තිය පෙන්වන්න. කතානායක සහ පාර්ලිමේන්තුව කියන්නේ දෙකක්. කතානායක ජනාධිපති අභිබවා තමන්ගේ පක්ෂයට වාසිදායක නිවේදන නිකුත් කිරීමත් කතානායක ඇමරිකන් තානාපති හමුවීමත් ඉතාමත් සංකීර්ණ ප්‍රශ්න. මෙතන දේශපාලන භේද නොබලා කතානායක තනතුරට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති නියම බලතල දන්නා කෙනෙක් මේ ගැන කියන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 123 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 288 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 533 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 514 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 86 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 570 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site