(සුජිත් හේවාජුලිගේ )
වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් අනුව ඉදිරි කාලයේදී මන්ත්‍රීවරුන් එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්න වුවත් පුළුවන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
අමරවීර මහතා මේ බව පැවසුයේ අඟුණකොලපැලැස්සේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.
අමරවීර මහතා මෙසේද පැවසීය.
අගමැති පත් කිරීමට හෝ කැබිනට් මණ්ඩලයේ කැබිනට් මණ්ඩලය පත් කිරීම හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ ව්‍යවස්ථානුකූල බලය ඇත්තේ ජනාධිපතිවරයාටයි. කතානායකවරයාට එවැනි කිසිම බලයක් නෑ. ඔහු නිර්පාක්ෂික මධ්‍යස්ථ පුද්ගලයෙක් ජනාධිපතිවරයා කියන දේ හෝ කියන දේ විනිශ්චය කිරීමටද ඔහුට අයිතියක් නැහැ.
කතානායකවරයා කුමන පක්ෂයක වුවත් ඔහු එම ගෞරවනීය තනතුරට පත් වු විට මධ්‍යස්ථ විය යුතුයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ඇති වී ඇති තත්ත්වයෙන් ඉදිරියේදී මන්ත්‍රීවරයකු මැරෙන්න වුවත් පුළුවන්‘
channa Sunday, 18 November 2018 09:30 AM
පාර්ලිමේන්තුවේ ගැටුමක් නිර්මාණය කරලා මේක පවත්වගන්න බැහැ කියලා මහමැතිවරණයකට යායුතු බව අධිකරණයට පෙන්වන්න හදන්නේ..
weerakoonSunday, 18 November 2018 10:14 AM
ඇත්තටම ඔවුන්ගේ එකම බලාපොරොත්තුව ඒක විය හැකිය.
ERMISunday, 18 November 2018 11:21 AM
මේ අය මැරුණම අපිට මොකෝ...
PereraSunday, 18 November 2018 11:58 AM
තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අර්ථකතන දීම හැර එහි සඳහන් නැති දේවල් ගැන ඔපීනියන් දීමට අධිකරණයට කළ නොහැක. මැතිවරණ පැවැත්වීමට අධිකරණයට නැති බලතල ආරුඩ කරගෙන නියෝග දිය නොහැක. එනිසා මෙය විසඳිය යුත්තේ මහ රෑ හොර රහසේ මේරට හොල්මන් කළ පුද්ගලයින් දෙදෙනාය. අධිකරණයේ තීන්දුව වනුයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ආණ්ඩුව විසුරුවීම නීති විරෝධී බවයි. එ් නිසා දෙන්නම පිස්සු කෙලීම නවත්වා බහුතරයක් තියෙන අයට ආණ්ඩුවක් පත් කිරීමට ඉඩදිය යුතුය. කාලය ඉතා සීමිතයි.
jayath Sunday, 18 November 2018 09:31 AM
එකෙක්, දෙන්නෙක් නෙමෙයි ඔක්කොටම එහෙම වෙනවා නම් කෝටි දෙකක් වන ජනතාවගෙන් බහුතරයක් කැමති බවට මෙන්න... තත්වේ..
බැසිල් Sunday, 18 November 2018 09:32 AM
මේ ප්රශ්නය ඇති කරේ ජනාධිපතිවරයාගේ ගොන් තීරණයක්... ඔහු එය විසඳිය යුතුවේ. කතානායකවරයා නීතියට අනුකූලව වැඩ කරලා තියෙන්නේ මහත්තයෝ..
Nishantha Sunday, 18 November 2018 09:33 AM
කවුද මේකට වගකියන්න ඕනේ..? අපිද?
thusitha Sunday, 18 November 2018 09:43 AM
කියන්න හොඳ නැහැ මෙහෙම. හැබැයි මේ වගේ රටට විනකරන දෙතුන් දෙනෙක් නම් නැති වුණාට කමක් නැහැ කියලත් හිතෙනවා.
Koba Sunday, 18 November 2018 09:54 AM
ඒක තමයි වෙන්න ඕනේ...
rocky Sunday, 18 November 2018 09:54 AM
ඒ කියන්නේ මන්ත්‍රීවරයකු මරන්න වුණත් ඔහෙලා දැන් සූදානම් වෙලා එනවා කියන එකනේ... දාමරිකයෝ, තක්කඩි, හොරු, මිනීමරුවෝ ඉන්නේ පොහොට්ටුවෝ අතරේ බව කවුරුත් දන්නවා. නීතිය, ව්‍යවස්ථාව, ඕවා මේවා එකකටවත් අවනත නැති ඔහෙලා වගේ ගෝත්‍රික අශිෂ්ඨයින්ගෙන් ඔයිට වඩා යහපත් හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. මූලික වරද කලේ ජනාධිපති මිස කතානායක නොවෙයි. අගමැති කෙනෙකු සිටියදී, තවත් පස්ස දොරෙන් අගමැති කෙනෙකු පත්කිරීමේ සිරිතක් නැහැ. ඔහෙලා එකතුවෙලා මහින්දවත් අමාරුවේ දාපු බව දැන් රටම දන්නවා!
JCN Sunday, 18 November 2018 09:55 AM
එක්කෙනෙක්, දෙන්නෙක් විතරක් මැරෙනවට අපිත් අකමැතියි. ඔක්කොම කම්මුතු වෙලා යනවා නම් බෝම කැමතියි.
Gamini Sunday, 18 November 2018 09:59 AM
ඔව් හරියටම හරි. පුටු උස්සල ගහන, මිරිස් කුඩු ගහන ඔබේ පක්ෂයේ අයගේ හැසිරීම බොහොම නරකයි. මේ තත්වය ඇති කළේ ජනාධිපතිතුමයි.. ඔබේ යාළුවන් වන එස්.බී., සුසිල්, දිලාන්, දයාසිරි, ආදී මුහුණු දෙකේ මන්ත්‍රීවරු බව මහජනතාව තේරුම් අරගෙන තියෙන්නේ. මම ශ්‍රීලනිප සාමාජිකයෙක් වෙලා හිටියේ 1966 දී. මේ විදියේ තක්කඩි දේශපාලනයක් මගේ මතකේ හැටියට මොන පක්ෂයක්වත් කරලා නැහැ. කරුණාකරලා බහුතරයට ආණ්ඩු කරන්න දීල ඔබලා විපක්ෂයේ වැඩ කරන්න. බලයට, කෑදරකමට, හොර කමට, ඉඩදෙන්න එපා.
SunilSunday, 18 November 2018 11:41 AM
මොන මිරිස්ද? එස්. බී. කියන්නේ කොකා කෝලාවලට ලෙමනේඩ් මිශ්‍රකරලා ගැහුවා කියලා...
Nandalal DE SILVA - France Sunday, 18 November 2018 10:09 AM
පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත්‍රීවරුන් මරණ කතාව මුලින්ම ලෝකෙට ප්රකාශකරේ රටේ නායකයා වන ජනාධිපතිවරයා බව ඔබට අමතක වුණා යයි අපට සිතිය නොහැකිය. මොකද එම කතාව යලි යලි රැස්වීම්වලදී දෙසන්නේ? මහජන අනුකම්පාවක් ලබාගෙන ඡන්ද ගරා ගන්නද? මැතිසබය ඇතුලේ මෙවැනි නින්දිත, මිරිස්කුඩු මැර ප්‍රහාර එල්ලකර, මහජන දේපළ විනාශ කළේ ඔබේම පක්ෂයේ නායකයින්ගේ මගපෙන්වීම යටතේ බව දැන්වත් තේරුම් ගන්න. ප්‍රසිද්ධ රැස්වීම්වලදී මහජනයා කුපිත කරවන ඒ වගේම අනුකම්පාව සොයන වැදිබණ දෙසීමෙන් වළකින්න...
Bawa Sunday, 18 November 2018 10:13 AM
ඉතින් මැරියන් අපිට මොකෝ...
Denesh Sunday, 18 November 2018 10:15 AM
එකෙක් දෙන්නෙක් නෙවේ ඔක්කොම ඉවරයක් වෙනවා නම් ලොකු දෙයක්.. මේ කණ්ඩායම රටම කනවා..
Wasantha Sunday, 18 November 2018 10:48 AM
ඔබතුමාලගේ ප්ලෑන් එක පැහැදිලියි අපිට... බලයට තියෙන කෑදරකමට ලෝකයා ඉදිරියේ අපේ රටට කරන මේ විනාසෙට ශාපවෙනවා.. තව දෙයක් බහුතර බලයක් තියෙනවා නම් කතානායකට විරුද්ධව යෝජනාවක් ගෙනත් සම්මත කරගන්නකෝ. කතානායකට බැණ බැණ බොරුවට රට වටේ යන්නේ නැතුව.
Nalika Ranasinghe Sunday, 18 November 2018 11:05 AM
අනේ මහත්තයෝ ඔබට අපේ යම් ගරුත්වයක් තිබ්බා. ඒක දැන් නෑ.. ජනාධිපතිට ඕනෑ විදියට විසුරුවන්න කැඳවන්න පුළුවන් නම් මොකටද මැතිවරණ තියන්නේ? ඔයා හම්බන්තොට අර ඔයාට කෙලවන්න හදපු අයට කියන්න. අපට නොවේ.
රවින් Sunday, 18 November 2018 11:06 AM
කියලවත් කරගන්න බැරි වැඩක්. ඔක්කොම (අපායට -හිතේ ඇති ද්ව්යලොකෙට යන්න) ගියදවසට මුළු රට දිහාම තිස්තුන්කෝටියක් දෙවිවරු බලන්න අපිව ආරක්ෂා කරන්න සැදී පැහැදී ඉන්නවලු. එ් හින්දා ඉක්මණටම යන්න.
Nihal Dharmatileke Sunday, 18 November 2018 11:31 AM
මරුනමත් ලංකාවේ පාර්ලිමේන්තුවට එයිද?
gamini Sunday, 18 November 2018 11:39 AM
ඔක්කොම මරනවා නම් ලොකු දෙයක් ජනතාවට කරන්නේ...
Saman Sunday, 18 November 2018 11:44 AM
සිරාගේ තුරුම්පු මෙයා ගහනවා දැන්....
muhna Sunday, 18 November 2018 12:10 PM
එකෙක් නෙවෙයි ඔය 225ම මැරුණම හරි...
Saththaya Sunday, 18 November 2018 12:55 PM
ලැජ්ජ නැහැනේ... කසිප්පු කාරයෝ, බාර් කාරයෝ කරපු හරිය ලෝකයාම දැක්කා. ඒවාට සහයෝගය නොදුන්නා නම් එහෙම වෙන එක වළක්වන්න ඉදිරියට එන්න තිබ්බා. ඒ නිසා මෙහෙම කියන්න ලැජ්ජා වෙන්න ඕනෑ. අරමුණ වුයේ ඡන්ද විමසීම කඩාකප්පල් කරන්න. මුළු ලෝකෙටම ඒක පෙන්නුවා .
shan saudi Sunday, 18 November 2018 12:55 PM
එ්ක ඇත්ත.. මොකද පොහොට්ටුවේ ඉන්න මී හරක් ඇනල මොකෙක් හරි මැරෙන්න පුළුවන්...
Hafeel Sunday, 18 November 2018 02:36 PM
මෙයා මෛත්‍රීට කඩේ යනවා. මතක නැද්ද මෛත්‍රී නිර්පාක්ෂික කියමින් බලයට ආපු එක...
BamunuarachchiMonday, 19 November 2018 01:46 AM
ඔබලාට නම් මේවා ප්‍රශ්න නොවෙයි. රටේ මහා බැංකුව කොල්ලකාලා රට අගාදයට දාපු මිනිස්සු තවදුරටත් රටවිනාස කොරනකොට බලාගෙන ඉන්නේ මොන නායකයාද. ජනාධිපතිව තේරුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් නොවෙයි රටේ ජනතාව. ඔහු වගකිව යුත්තේ රටේ ජනතාවට.
HafeelMonday, 19 November 2018 08:05 AM
එහෙමනං ඇයි එදාම ජනාධිපතිට බැරිවුණා... මහබැංකු වංචාව සම්බන්ධ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් ජනාධිපති කියනවනේ ඔහුව ඝාතනය කරන්න රනිල් කුමන්ත්‍රණය කළා කියලා. එහෙම නං අඩුම තරමින් ඝාතන කුමන්ත්‍රණයට හරි රනිල්ව අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා.. කෝ ඉතින්? දැනට අත්අඩංගුවේ ඉන්න පොලිස් නිලධාරි නාලක සිල්වාවත් අධිකරණයට ඉදිරිපත් කළේ තවත් පොලිස් නිලධාරියෙක් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළයි කියලා. එතනවත් ජනාධිපති හෝ ගොඨා ඝාතන කුමන්ත්‍රණ බව අධිකරණයට ඉදිරිපත් කරලා නැහැ. ඔබ තවදුරටත් මේ ජනාධිපතිව විශ්වාස කරනවද?
BamunuarachchiMonday, 19 November 2018 11:08 AM
හලෝ මෙතන කතා කොරන්න කලින් එදා ජනාධිපති කළ කතාවට හොඳට සව්න්දීල ඊටපස්සේ අපි මේ අවුරුදු 4 ට අත්දැකපුවා විඳවපුවා සංසන්දනය කරලා කතා කෝරන්න. ඔබ මගෙන් අහන ප්‍රශ්න වලට ජනාධිපති ඔබ අහන්න කලින් උත්තර දීල තිබෙනවා. නැතුව තල් අත්තට බොරළු ගහනවා වගේ බර බර ගෑවාට වැඩක් නැහැ. මම ඔය කතා අහලා කියවලා තමයි මෙතන ලියන්නේ.
Don Sunday, 18 November 2018 06:28 PM
මෙයා දැන් අලුත් බයිලා ගහනවා. වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් නැතිව ලෝකයේ කොහෙවත් ආණ්ඩු පිහිටුවා ගන්න බැහැ. එහෙනම් ඒකාධිපති පාලනයක් ඕනෑ කිව්වා නම් හරි...
Chanak Los angeles Monday, 19 November 2018 12:34 AM
අපි කොහොමත් රාජ්‍ය විරෝධී අරගලයක් මෙහෙයවීමට අනුබල දීම හේතුවෙන් ඇමරිකානු පුරවැසියන් වශයෙන් සිටින අයිය මලෝට විරුද්ධව ඕන කරන දේ භාර දීලයි තිබෙන්නේ. මේ පාර තමයි සල්ලන් වෙන්නේ.
BamunuarachchiMonday, 19 November 2018 11:36 AM
හලෝ කොයි පැත්තෙන්ද කතාකොරන්නේ. ලංකාවේ පුරවැසි කම නැති එකෙකුට රටේ මහබැංකුව කොල්ලා කන්න දෙනවිට කතා නොකලේ ඒවෙලාවේ ඇමරිකන් විදිහට මුඛය ටිෂු එකකින් පිහිද පිහිද සිටිනිසාද? මේ ඇමරිකන් පුරවැසි සහෝදරයෝ 2009 මෙරටට කලදේ හොඳටෝම ඇති ඔබවගේ ගුණමකුවන්ට එතුමාලට උදේ සවස වැඳ වැඳ ඉන්න. ඕවා රටගිහිල්ලා ඩයිවර් කම් කොරන අයට තේරුම් ගන්න බැරිය.
Chanak Los angelesTuesday, 20 November 2018 08:46 AM
ඩයිවර් ? මෝඩ කතාමයි කියන්නේ
sadis Monday, 19 November 2018 02:41 AM
ඔයා අමරවීර නේද? ඇයි මරණයට බයද?
Nimal Monday, 19 November 2018 07:15 AM
ගොබෙල්ස්ගේ න්‍යාය මේ ගොල්ලෝ හොඳින් ඉගෙනගෙන තියෙනවා.
kalpana Monday, 19 November 2018 11:18 AM
ධීවර ඇමතියා වෙලා සිටිත්දී මත්ස්‍ය තහනම ඉවත්කල වෙලාවේ කතාවෙ හැටියට අපි හිතුවේ අනාගතයේ ජනාධිපති වේවි කියල දැන් බලනවිට මෙයා ඉන්න කෙනාටත් අන්තයිනේ......