(මනෝජ් හර්ෂික)
රටේ පාලකයින් යනු පොදු ජනතාවගේ සේවකයින් වුවත්, ඇතැම් පාලකයන් කටයුතු කරන්නේ ජනතාවගේ සේවකයින් ලෙස නොව රටේ සින්නක්කර අයිතිකරුවන් ලෙස බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (24) පැවැසීය.
පුත්තලම, මනතිව් ප්‍රදේශයේ ඉදිකළ ‘අයියනාර්පුරම්’ සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ ‘බැරිස්ටර් නෙයින මරික්කාර්ගම’ යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද(24) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කළේය.
පාලකයින් ජනතා මතයට පයින් ගසා කටයුතු කරන්නේ නම්, ජනතා අයිතිය කරුමයක් බවට පත් වන බවත්, රටේ පාලකයින් ලෙස පත් කර ගතයුත්තේ ජනතා සේවකයින්ද නැතහොත් රටේ සින්නක්කර අයිතිකරුවන්ද යන්න තීන්දු කිරීමට ජනතාවට ඉදිරියේදී අවස්ථාව උදා වන බවත් අමාත්‍යවරයා කීය.
රටේ අයිතිකරුවන් ලෙස හැසිරෙන පාලකයින් වංචා, දූෂණ, අක්‍රමිකතා කර රටේ ජාතික සම්පත් කොල්ලකන බවත්, පාලන බලය ලබාගන්නා අවස්ථාවේදී ජනතා සේවකයින් ලෙස බොරු ප්‍රතිරූපයක් රටට මවාපාමින් බැටළු හම පොරවා ගත් වෘකයින් ලෙසින් ජනතාව අතරට පැමිණෙන බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කළේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ඇතැම් පාලකයන් ක්‍රියාකරන්නේ රටේ සින්නක්කර අයිතිකරුවන් වගේ’
Chathuri Monday, 24 June 2019 11:31 AM
මහින්දට දැන් සේරම අමතකයි. නැවත ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ එයාට අගමැතිකම ලැබෙන විදියට, නැවත රටේ ආයතන දේපල පවුලේ අයට පාලනය බාරදෙන්න. කිසිම දවසක මේ දේට ඉඩ තියන්න එපා. කෝ උදයංග? දැන් ඒ ගැන කිසිම කතාවක් නැහැ. සිරිලිය ගිණුම නැවත මේ දේවල් පටන් ගන්න. එන්නේ හැට පැනපු කිසිම එකෙකුට ඇමතිකමක් වත් දෙන්න එපා. මෙරට මේ ජනාධිපතිවරණයේදී ගොඩගන්න ඕන තරුණ ජනාධිපති කෙනෙක්... සමග තරුණ. ඇමතිවරුන්, මහලු ඇමැති වරුන්ට විශ්‍රාම යන්න දෙන්න.
chandimaMonday, 24 June 2019 12:45 PM
එතකොට අර තමන්ගේම කෙනෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලේ සභාපති කරගෙන, තමන්ටම ඕනෑ කට්ටිය අපේක්ෂක ලැයිස්තුවලට දාගෙන, විධායක බලතල කප්පාදු කරපු ජනාධිපති තනතුරට සජිත්ව දාලා, විධායක බලැති අගමැති තනතුර තමන් අතේම තියාගෙන, මාමාගෙන් පැවතගෙන එන ඕනෑම දේකට එහෙයි කියන මහලු ඇමතිවරු රොත්තත් වටකරගෙන, නටන්න හදන නාඩගම මොකක්ද?
BamunuarachchiMonday, 24 June 2019 01:18 PM
මහින්ද නොඑන්න මේ වෙනකොට රටේ පාලනය ගෙනියන්නේ ප්රභාකරන් පවුල එ්කට කැමතියි නේද? හලෝ මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවෙයි. 30 වසරක යුද්ධය නිම කරලා දෙමල ත්‍රස්තවාදය නැතිකළේ, යුද්දේ තිබුනේ කිලිනොච්චියේද, අලිමන්කඩද නොදන්නා රනිල්ට දෙන්නවත් කොටින්ට යුද ආයුධ දීපු අයටවත් බන්දේසියක තියලා රට දෙන්න නොවෙයි. පුලුවනිනම් 2020 දී දිනා ගන්න. අපි බුරුතු පිටින් දෙන්නේ මහින්දට...
BamunuarachchiMonday, 24 June 2019 01:26 PM
"නැවත රටේ ආයතන දේපල පවුලේ අයට පාලනය බාරදෙන්න. කිසිම දවසක මේ දේට ඉඩ තියන්න එපා ලු". පවුලේ අය ආරක්ෂක ලේකම් වෙලා රටටම ආරක්ෂා කෙරුවම හොඳයි නේද? ඒ පවුලේ අය එන්නෙත් අනික් අය වගේ ඡන්දෙන්. නැතුව ලිස්ට් එකෙන් නොවෙයි. මොකද ඡන්දෙන් පැරදිලා ලිස්ට් එකෙන් එන අය ගැන කතා නොකරන්නේ? මහා බැංකුව කොල්ලකාපු, රටේ ආරක්ෂාව බින්දුවට දාලා මුස්ලිම් ත්රස්තවාදයක් ඇතිකළ, අවුරුදු 10 බෝම්බ බය නතුව සිටි අපිට නැවත පාසල් මුරකරන්න සිදුකල අයට නැවත ඡන්දය දෙන්න හිතේ තිබෙනවාද?
Prabha Monday, 24 June 2019 11:37 AM
දස විජය කරනවා යැයි කියාගෙන ආපු මෙයාගේ පියා නටපු ජෝගියේ ඉතුරු කොටස කරන්න වගේ හදන්නේ..
Sujeewa Monday, 24 June 2019 11:46 AM
ඔබතුමාගේ තාත්තා ගැනද ඔය කියන්නේ? නැත්නම්, වර්තමාන අගමැති සහ ජනාදිපති යුවල ගැනද? අතීතයේදී රට ආරක්ෂා කර, රටේ ආර්ථිකය ඉහළ නංවා, රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය කළ නායකයෙක් හිටියා. එයාව අප පරද්දා දැම්මා...
Raveendra Monday, 24 June 2019 12:01 PM
ම්ම් ම්ම්.... තේරුණා තේරුණා... ඔහෙම ඒ දෙය කියපු එක හොඳයි... ඔය සුළු පක්ෂ යයි කියන හාදයින්ට ප්‍රසාද ආසන ගන්න.. එතකොට මැද කොළඹ ඡන්ද ගොඩ කේවල් කරකර ඉන්න අයගෙන් ඒ ටික ගන්න " ඒ හිවල්ලුන්ගේ ඉල්ලීම් ලබාදෙන්න ඉතාම කෙටිකාලයකින් නීති වෙනස් කළ ඔහේගේ තාත්තා ගැනත් ඒ විස්තර පැහැදිලි කරලා මහජනතාවට කිව්වොත් හොඳයි.. නිකන් බයිලා දෙසාබාන්නේ නැතිව...
chandima Monday, 24 June 2019 12:16 PM
ඔන්න කටේ මසුරන් දාන්න ඕනෑ කියමනක් කිව්වා... දැන් බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවගේ කැමැත්තක් ගන්නේ නැතුව සිතුමතේට වෙනස් කර ගත්තා. මුළු පක්ෂකම නියෝජිතයින් තේරීම සියතට ගත්තා. ඡන්ද පැරදි පැරදී ජනතාව ප්‍රතික්ෂේප කරන නායකයින්ට දිගටම ඡන්දෙ ඉල්ලන්නත් පිටපිටම ඡන්දෙ දිනලා රටේ ජනතාව කැමැත්තෙන් ඉන්න නායකයින්ව ඉවත් කරන්නත් පුළුවන් වෙන විදියේ ව්‍යවස්ථාව (පසුව අවලංගු කලත්) හදාගත්ත, ජනතාවට ජනතාවගේ නියෝජිතයන් තෝරාගැනීමේ අයිතිය අහෝසි කොට පක්ෂ නායකයාගේ නියෝජිතයින් අතුරින් කැමති එකට කතිරය ගස්සවා ගැනීමේ ක්‍රමයක් හදාගත්තා.. ජනතාවගේ කැමැත්ත විමසීමකින් තොරවම මැතිවරණ නොපවත්වාම විධායක බලය අතට ගැනීමට ක්‍රමයක් සදාගත්තා, ඉතින් මේ පාලකයන් ක්‍රියාකරන්නේ රටේ සින්නක්කර අයිතිකරුවන් වගේ නේන්නම්...
gamarala Monday, 24 June 2019 03:11 PM
මෙතුමා තම ආසනය බේරාගෙන ඊළඟට විපක්ෂ නායක වීමට තැත් කරනවා විය හැකියි. එයාට හොඳටම තේරිලා තියනවා. තමන්ගේ නායකයා රට විනාශයට ඇදගෙන යන බව... අභිප්රායන් සාර්ථක වේවා !!!
isuru Monday, 24 June 2019 03:42 PM
සජිත් කෙලින් කියන්නකෝ... රාජපක්ෂලා අයිති කාරයෝ වගේ කියලා.
kithsiri Monday, 24 June 2019 03:44 PM
මහත්තයෝ රාජපක්ෂලා සින්නක්කර රජකම හිමි කාරයෝ නේ ඇයි දන්නේ නැද්ද..?
tharinda Monday, 24 June 2019 03:46 PM
ඔබතුමා ඇත්ත කියන්නේ මහින්දලා හිතන් ඉන්නේ එහෙම තමයි. ඒවා සිහින....
kalinga Monday, 24 June 2019 03:49 PM
කතාව සම්පුර්ණ ඇත්ත .
siri Monday, 24 June 2019 11:49 PM
මෙයාගේ මේ වචන කලින් කොහෙද තිබුනේ? මට හිතෙන විදියාට නම් මෙයා මේ හැරෙන්නේ තැඹිලි පැලෙටයි.
Jerami Tuesday, 25 June 2019 08:53 AM
ඉතින් කොච්චර හොඳද. නායකයෝ ඉන්න ඕන එහෙම තමා.