(රොමේෂ් මධුෂංඛ)
යාපනය, මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ට පහර දුන් ආවා කල්ලියේ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද (23) දින අධිකරණයට ඉදිරිපත් කරන බවට මාණිප්පායි පොලීසිය පවසයි.
පසුගිය 20 වනදා ඉනුවිල් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් හා ආවා කල්ලිය අතර සිදුවූ ගැටුම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් විසින් සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
පසුගිය 20 වනදා පොලීසිය වෙත පහරදුන් පිරිස අත්අඩංගුවට යාමේදි සිදුවු වෙඩි තැබීමකින් යාපනය, කොඩිකාමම්, කච්චායි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වූ අතර මියගිය තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පවත්වා සිරුර ඥාතීන් වෙත භාර දීමට පියවර ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවට පරික්ෂණ සිදු කරන මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ආවා‘ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට
Bamunuarachchi Tuesday, 23 July 2019 10:28 AM
අනේ මේගොල්ලන්ට කියන්න තිබුනානේ සැඟවූ ආයුධ පෙන්වන්න කියලා. ෂාහ් අපරාදේ ගෝල්ඩන් චාන්ස් එකක් මිස් කරගත්තේ. කමක් නැහැ නෙක්ස් ටයිම්.