IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අයිසිස් ලංකාවෙන් මුලිනුපුටා දමනවා‘

(අංජුල මහික වීරරත්න)
විධිමත් ක්‍රමවේදයක් සකස් කර අයිසිස් ත්‍රස්තවාදය නැවත ඇති නොවන ලෙස  ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතරදී අද (21) පැවැසීය. 

පාස්කු ප්‍රහාරයට මාස තුනක් පිරෙන දිනයේ යළිත් මෙවැනි භීතියක් ඇති නොවීම සඳහා වග බලා ගැනීම සැමගේ ප්‍රාර්ථනාව බව කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවද සඳහන් කළේය. 

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියළුදෙනා මියගොස් හෝ අත්අඩංගුවේ පසුවෙන බවද රජයේ දෙවන පියවර වන්නේ නැවත ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇති නොවීමට වග බලා ගන්නා බවද කීය.

ඒ වෙනුවෙන් නව නීති පද්ධතියක් අවශ්‍යවන්නේ යැයිද එංගලන්තය වැනි රට වල කෙටි කලක් ඇතුළත පහළොස් වතාවක් ත්‍රස්තවාදයට සම්බන්ධ නීති සංශෝධනය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

ශ්‍රී ලංකාවේ බුද්ධි සේවය තවත් ව්‍යාප්ත කළ යුතු අතර අනාගතයේදී මෙවැනි සිද්ධියක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා පිරිස් බලය අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඇමරිකා දැනුම එපා යැයි ඇතැමුන් කෑගසන නමුත් තොරතුරු හුවමාරුව මෙන්ම විදේශ රට වල තාක්ෂනය අයි එස් ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

97 වන ජාත්‍යන්තර සමුපකාර දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. ජාතික සමුපකාර ප්‍රතිපත්තිය එළි දැක්වීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සමුපකාර සංවර්ධන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් මෙහිදී සිදු කෙරිණි. මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී මෙම උත්සවය පැවැත්විණි.

(ඡායාරූප -චතුර එස් කොඩිකාර )



අදහස් (14)

‘අයිසිස් ලංකාවෙන් මුලිනුපුටා දමනවා‘

dias Sunday, 21 July 2019 01:25 PM

අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට තැත් කිරීම.

:       2       226

ravi Sunday, 21 July 2019 01:30 PM

ලෝකයේ හුඟාක් රටවල් මුස්ලිම් ත්‍රස්තවාදීන් ජයගත්තා. ඒත් ලංකාවේ එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි.

:       2       66

Raveendra Sunday, 21 July 2019 02:09 PM

ඔව් ඔව් අපි මැරිලා ඉපදුනේ නැහැ නොවැ

:       2       479

Chathuri Sunday, 21 July 2019 02:59 PM

නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති රටේ කොහොමද මෙවැනි දෙයක් කරන්නේ. තවමත් තියෙන්නේ ආදී කාලේ දඩුවම් දෙන නීති පොත්. ඔය පොත් පුච්චලා මේ දියුණු වෙන ලෝකෙත් සමග කරට කර යන්න.

:       0       91

Hafeel Sunday, 21 July 2019 11:11 PM

මෙයාම තමයි කිව්වේ ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් මර්දනය කරන්න මේ රටේ නීතියේ ඉඩ කඩ නැහැ කියල. දැන් මෙහම කියනවා.

:       0       2

chandima Sunday, 21 July 2019 03:27 PM

ඒ කියන්නේ ඔක්කොම ඇල්ලුවා, දැන් එක්කෙනෙක්වත් නැහැ කිව්වේ විහිළුවටද?

:       0       266

Ariyathilaka Sunday, 21 July 2019 08:11 PM

අයිඑස් අයිඑස් ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව අදහස හොදයි! ඒ සමගම දෙමළ කොටි ත්‍රස්තවාදය නැවතත් හිස ඔසවන බව නොපෙනේ ද? විජයකලා මහේස්වරන්ගෙන් පටන් ගත් මෙය දැන් දැන් ටීඑන්ඒ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන් තම එකම දෙමළ නායකයා බව ප්‍රකාශ කිරීම තුලින් දෙමළ කොටි ත්‍රස්තවාදය නැවත ප්‍රවර්ධනය කරමින් දෙමළ ජනතාව කොටි ත්‍රස්තවාදය දෙසට තල්ලු කරමින් සිටී. මෙය රටේ අනාගතය අදුරට හෙලමින් සිටී. නැවතත් හිස ඔසවන දෙමළ කොටි ත්‍රස්තවාදය පිළිබඳව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය සහ රටේ ආරක්ෂක අංශ කඩිනම් ලෙස ක්‍රියා මාරග ගන්නා බවක් නොපෙනේ. සියලු දෙනා විසින් රටේ නීතිය අරාජික කරමින් සිටින බව පැහැදිලය. අගරදගුරු කාදිනල්තුමාගේ අදහස් දැක්වීම අස්වැසිලි දායකය.

:       0       2

sisira Sunday, 21 July 2019 11:18 PM

අයිඑස් අයිඑස් මුලිනුපුටා දැමීම කෙසේ වෙතත් මේ කට්ටිය ලංකාවේ ඉන්න අහිංසක මිනිසුන් ටික නම් ඉතා ඉක්මනින්ම මුලිනුපුටා දමාවි

:       0       3

raajun Monday, 22 July 2019 01:51 AM

හරියට වැඩක් කරන වැඩකාරයෝ කියා කියා ඉන්නේ නෑ. සද්ද බද්ද නැතිව වැඩේ දෙනවා. සද්දේ දාන බක්කන්ගේ සද්දේ විතරයි වැඩ නෑ.

:       0       2

sharm warn Monday, 22 July 2019 03:59 AM

එතකොට ලෝකේ පුරා ඇවිද්දේ "අපි මාසයක් ඇතුලත සම්පුර්නෙන් ම ඒ ප්‍රශ්නේ ඉවර කළා " කියලා ? එතකොට ආයෙමත් තුන් මාසේ දානෙට කොහොමද මුල් ගලවන්නේ?

:       0       2

සේන Monday, 22 July 2019 05:25 AM

කවුරු හරි රටට ආදරය කරන බොරුවෙන් , කපටි කමින් ,වංගු දැමිල්ලෙන් තොර නායකයෙක් ඇවිත් අපේ පණවැනි මාතෘ භූමිය බේර ගනීවි.

:       0       22

ශිරෝ Monday, 22 July 2019 08:56 AM

ජාතියනම් මුලිනුපුටා දමාවි..

:       0       23

ජයන්ත මිලානෝ Monday, 22 July 2019 08:56 AM

ඡන්දෙ ලඟ නිසා ඔය පොරොන්දු එච්චර ආකර්ෂණීය නැහැ . වෙන එකක් හොයා ගන්න...... ඕවට රැවටෙන කාලේ ගියා.....

:       0       21

Bandara Monday, 22 July 2019 10:19 AM

මෙයා හැමදෙයකටම තව කල් එල්ලනවනේ. මේ එකටත් අපි තව අවුරුදු 50ක් විතර කල්දෙමු...

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 125 0

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 387 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 444 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 76 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 546 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1559 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site