IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘අපි පොහොට්ටුවේ සාමාජිකයන් නොවේ‘

තමා, මහින්ද රාජපක්ෂ මහතා හෝ නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද පැවසීය.
 
සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඒ බව පැවසුවේ අද ( 19)  පාර්ලිමේන්තුවේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
‘ඔබ, මහින්ද රාජපක්ෂ , නාමල් ඇතුළු 50 දෙනකු පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන තිබෙන බව ට්විටර් ගිණූම්වල සඳහන් කර තිබුණා. එහෙම අරගෙන නැද්ද? ‘ යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය. 
 
ඊට පිළිතුරු දුන් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ එසේ සාමජිකත්වය ගෙන නැති බවයි. 
 
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ බීබීසී වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ තමා පොහොට්ටුවේ සාමාජිකයකු බවයි.  

(36698)

 

(ශ්‍රීලනිපයේ පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් බව ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම්වල දමා තිබූ අයුරු පහතින් දැක්වේ)

 



අදහස් (32)

‘අපි පොහොට්ටුවේ සාමාජිකයන් නොවේ‘

udaya Wednesday, 19 December 2018 10:11 AM

එ් කියන්නේ මේ අය බොරු කියලා පොහොට්ටු පස්සේ එන ජනතාව රැවැට්ටුවා..

:       3       720

MaheeWednesday, 19 December 2018 07:40 PM

පොහොට්ටුව පස්සේ එන ජනතාව විතරක් නෙමෙයි, මුළු රටම රවට්ටන්න උත්සාහ කරනවා.

:       0       0

Sanath Kandy Wednesday, 19 December 2018 10:19 AM

මෙහෙමත් බොරුකාරයින්... බලය වෙනුවෙන් ඕනෑම කුජීත වැඩක් කරනවා...

:       0       723

Lanka Wednesday, 19 December 2018 10:22 AM

ඕනෑ වුණාම කබරගොයත් තලගොයා කරගන්නවා... හොරු සමග හෙළුවෙන්...

:       0       467

Gemunu Wednesday, 19 December 2018 10:28 AM

බයියනි, දැන් තේරෙනවා නේද බයි ලොක්කො ඔක්කොම පට්ට හොරු කියලා...

:       1       1118

Upali Wednesday, 19 December 2018 10:30 AM

අනේ මෙහෙමත් දිව ⁣දෙකේ මිනිස්සු!

:       0       463

naradha Wednesday, 19 December 2018 10:30 AM

ආයෙත් වැඩේ අනා ගත්තා වගේ.

:       0       413

sirimal Wednesday, 19 December 2018 10:46 AM

වඳුරන්ට ජීවිතේට ගස් නගින්නත් බැහැ.

:       0       262

Janaka from Matara Wednesday, 19 December 2018 11:01 AM

මේ පොහොට්ටුවෝ ටික දැන් අර ගුල උඩින් අත් ට්‍රැක්ටරේ ගිය කඩි ටික වගේ.

:       0       292

amila Wednesday, 19 December 2018 11:06 AM

පශුවෛද්‍යවරයෙක් හම්බවෙන්න කාලේ හරි වගේ...

:       0       89

de Wednesday, 19 December 2018 11:24 AM

කොහොමත් පොහොට්ටුව , අත , අලියා , සීනුව , බුලත් කොලය ආදී මේසියල්ල රටේ අහිංසක ජනතාව රවට්ටන සංකේත මිස , අවංකව ජනතාවට ආදරේ කරන දෑ නොවේ. ඔවූන් ජනතාවට ආදරය කරානම් අද මගේ රටට මෙහෙම වෙන්නේ නැහැ. පසුගිය මාස දෙක තුල රටේ ජනතාව ඉතා පැහැදිලිව දෙසපලුවන්ගේ (සියල්ලන්ගේම ) හෙළුව දැක්ක. පක්ෂ බේදයකින් තොරව විවේචනය කරා. දැන් මෙසියලුදෙනාම උත්සහ කරන්නේ ජනතව රවට්ටන්න හදන අලුත් සංකේත මොනාද කියලා සොයාගන්න. ඇතැම් නායකින් විසින් තමන්ට ජනතාව දුන් ගෞරවය විහින් නැතිකරගත . දැන් මේ 225ම ගලේ පහරපු බළලුන් මෙන් සිටින බවනම් පැහැදිලි .

:       9       356

gunarathna Wednesday, 19 December 2018 12:04 PM

මේ තියෙන සාමාජික කාර්ඩ් එක වලංගු එකක් නෙමෙයි. නමක් තියෙනවා නාමල් රාජපක්ෂ කියලා. මෙහෙම නාමල් රාජපක්ෂලා ලංකාවේ කීදෙනෙක් ඉන්නවද? කොහෙද තියෙන්නේ හරිහමන් ලිපිනයක්. නාමල්ගේ අත්සනක් තියෙනවද? මේක දැනගෙනම කරපු වැඩක්... මේක කිසිම වලංගුවක් නැති එකක්...

:       0       0

Arjuna Ranawana Wednesday, 19 December 2018 12:16 PM

අයියෝ ජී.එල්... ඔබේ පක්ෂයට මොකද වෙන්නේ?

:       0       130

sandy123 Wednesday, 19 December 2018 12:17 PM

තුරුම්පු ඔක්කොම චක බ්ලාස්... අගමැතිකම බලෙන් ගන්න ගිහිල්ලා මන්ත්‍රීකමත් නැතුව යනවා වගේ.. ඔහොම යන්... ඔහොම යන්

:       0       120

Rattharan Wednesday, 19 December 2018 12:55 PM

මහින්ද ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර අහිමිවීමේ ලකුණු... මාළුවා නහින්නේ කට හින්දනේ... ඉල්ලන් කෑවා නේද?

:       0       132

jagath Wednesday, 19 December 2018 12:59 PM

බුලත් කොලයට, පොහොට්ටුවට නොව බයිසිකලයට නායකත්වය දුන්නද? ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 44% මහින්දගේ නායකත්වය පිළිගන්නා බව ආසන්නම මැතිවරණ දෙකෙන් පෙනී යයි. ව්‍යවස්ථාව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට නම් වියයුත්තේ මහින්ද ඉවත්කිරීම නොව, කුණු කුඩයට දැමිය යුත්තේ ව්‍යවස්ථාවේ එම වගන්තියයි.

:       305       28

රවින් Wednesday, 19 December 2018 01:24 PM

අනුන් ගැන කතා නොකර තම තමන්ගේ ගැන පමණක් කතා කළානම් ඉවරයිනේ...

:       0       31

තර්ස්තයා Wednesday, 19 December 2018 01:31 PM

බොරුම කියලා මහජනතාව රැවට්ටුවා.. කාලය නාස්ති කළා, මුදල් නාස්ති කළා, රට ණය කළා, අන්තිම ප්‍රතිඵලය වුනේ ජනතාව ණය බරින් මිරිකිලා බදු ගෙවන එක... තවත් කෙබ්බ ගහලා ජනතාව රවට්ටනයි හදන්නේ... හැමදාම එකම සෙල්ලම දාන්න බැහැ. පොලිත් එක්ක කන්න වෙනවා.

:       0       301

shan saudi Wednesday, 19 December 2018 02:08 PM

දැන් මොකද කියන්නේ මේ ගන්නේ මොකේ සාමාජිකත්වයද? මේ අය හිතාඉන්නේ රටේ ඉන්නේ කවුරු කියලද? මහින්දගේ විපක්ෂ නායකත්වය අයින් කරන්න බැරිනම් වහාම ජනපතිගේ අමාත්‍යංශ පාර්ලිමේන්තුවට බාර දෙන්න දීලා පුලුවන්නම් ඉන්න බැරිනම් ගෙදර යන්න ජනපති තවත් කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ...

:       1       245

Bamunuarachchi Wednesday, 19 December 2018 02:49 PM

මොකේ සාමාජිකත්වය දරුවත්, නොදැරුවත් අපිට කමක් නැත. අවශ්‍ය UNP පෙරමුණේ විරුද්ධ කාරයෙක් වීම පමණයි.

:       218       1

sandy123Wednesday, 19 December 2018 07:04 PM

තමන්ගේ දේශපාලන බංකලොත් භාවය මොනවට පැහැදිලි කරන්නද? තමන් දේශපාලනය කරනවානම් මහින්දට වඩා අන්ත වෙනවා. ඒ තරමට කුජීත වෙලා. ඕනෑම ව්‍යවස්ථාවක් කඩලා, ඕනෑම වැඩක් කරලා UNP විරුද්ධ වාදියෙක් වෙලා හිටයම හොදටෝම ඇති.

:       0       0

athuraThursday, 20 December 2018 05:03 AM

බමුණ මහතාණනි ඔබගෙ අදහසට අපි නෙමෙයි මම කියා යොදනු මැනවි.

:       0       0

chanak los angeles Thursday, 20 December 2018 07:01 AM

ඔන්න දැන් හොරුන්ට බොරුකාරයන්ට පික්පොකට් කාරයන්ට පව් පලිසන් දෙන්න පටන් අරගෙන ...අපේ හිතේ තිබෙන සන්තෝෂය කාටද ඕනේ

:       0       0

AnandaR Wednesday, 19 December 2018 02:57 PM

මේ දිව දෙකේ කතාවලට රැවටෙන පොහොට්ටු කාරයින්ට මේවා හොඳම පුන්නක්කු..

:       0       107

rohana kumara mendis Wednesday, 19 December 2018 03:01 PM

ඔන්න මහ ජනතාවනි, මහා ඡන්දෙට ජනාධිපතිවරණයට හොඳ සාක්කි තියෙනවා. හොඳට කල්පනා කරලා ඡන්දෙ දෙන්න මේ පල් හොරුන්ට බොරු කාරයින්ට හොඳේ. මේ තියෙන්නේ සාක්කි එක්කමයි. එතකොට මේ වලංගු නැති පක්ෂයක් එක්කද? ආණ්ඩු කාලේ මෙයාලා. අනික කොහොමත් ඔය මල පිපෙන්නේ නැහැ. කවදාවත් බලෙන් පුප්පන්න හැදුවට... ඉන්නෙත් සේරම නාකි බොරුකාරයින් ටිකක්නේ...

:       0       134

BamunuarachchiThursday, 20 December 2018 12:26 AM

හරි හරී අපි ඒවා වෙලාවට බලා ගන්නම්කො.

:       0       0

BamunuarachchiThursday, 20 December 2018 12:34 AM

කියන්නකෝ ජනාධිපතිකම කරන්න පුළුවන් දැනුමෙන් අත්දැකීම් වලින් මුහුකුරා ගිය තරුණයකුගේ නමක් ලබන සැරේ ජනාධිපති ලෙස පත්කර ගන්න.

:       0       0

Rata Perata Wednesday, 19 December 2018 03:01 PM

මේ වගේ කාලකන්නි ජාතියක්...

:       0       2

Sanka Wednesday, 19 December 2018 03:28 PM

කාරක සභාව රැස්වෙලා තීන්දුවෙන් පස්සේ අායිමත් බඩු හම්බුවෙයි වගේ. තණ්හාය ජායති සෝකෝ.... අධි තණ්හාව සෝකයට මුලවේ..

:       0       186

Prof. Dr. Edward Perera Thursday, 20 December 2018 02:57 AM

බුදු දහමින් ඔපවත් වූ ජාතියක්, දේශයක් මේ අන්දමින් පරිහානියට ලක් වූ හේතුන් අප විසින් විෂය බද්ධ තත්වයන් යටතේ විමසා බැලුවිට පෙනී ගියේ බලයෙන් මත්වන උන්මාදයෙන් පුද්ගල මනසට දැඩි හානි සිදුවන බවයි. අතීතයේ රජවරු බලය ලබා ගත්තේ වැව් අමුණු සකස් කර දාගැබ් තනවා ආධ්‍යාත්මික ගුණයෙන් පෝෂණය වූ රටක් නිර්මාණය කිරීමටය. අද නායකත්වය වැරදි මග යනවිට එය හරියයි වන්දිභට්ටකම් කරන්නේත් ඔය කියන මායාකාරී බලයේ හා නිළයේ ආශ්වාදය භුක්ති විඳීමටයි. ඔය මිත්‍යාව ඇට ලේ මිදුළු පසාරු කරගෙන ගොස් මොළයට ද ඇතුල් වූ පසු සිතන පතන හැම දෙයක් ම යොමුවන්නේ බලය රැකගැනීමේ දිශානතියටයි මොවුන්ගෙන් වැඩි දෙනෙක් බෞද්ධයින් යයි කියා ගන්නා නමුත් බුදු දහමේ ඉගැන්වෙන අන්දමට අවිද්‍යාව හා මෝහය නිසා නිසා පාලකයින් පවා විපතට පත් වන බව දැනදැනත් විනාශ මුඛය කරාම ගමන් කරති.

:       0       0

Raawana Thursday, 20 December 2018 05:06 AM

බොරු කියන්න එපා. මේ රටේ ජනතාව ඔබලට වඩා බුද්ධිමත්.

:       0       0

kamil Thursday, 20 December 2018 07:42 AM

ලංකාවේ චන්ද දායකයෝ අන්ද ගොළු බිහිරි මිනිස්සු කියලා මේ අය හිතන් ඇති්‍....... මේවගේ අයද අපි ඇමතිවරු කියලා කියන්නේ අපි පවු ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 256 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 34 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1686 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 338 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1567 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1538 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site