IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි‘


 
(බිඟුන් මේනක ගමගේ )

අපරාධකරුවන් සම්බන්ධයෙන් වුව කටයුතු කළ යුත්තේ නීතියට අනුව යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය  පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබිය නොහැකි යැයි ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් අවධාරණය කරයි.

පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතු යැයි ද දැන් පවතින්නේ යහපාලනය මිස යමපාලනය නොවන්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (21)

‘අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි‘

Raveendra Sunday, 24 June 2018 06:03 AM

අනේ එකෙත් හැටි බලන්නකෝ.... හොද්දකට දාන්න කුරුදු පොතු කෙසේ වෙතත් කුරුදු පොලු කෑල්ලක්වත් හොයාගන්න බැහැ නොවැ..... ඔක්කොම කුරුදු පොලු එක එක බෝබිලෝ " ලි කෙලි සෙල්ලමට " අරගෙන ගොහින් අයිබෝව !!!!

:       1       215

බුද්ධික Sunday, 24 June 2018 06:17 AM

ඔන්න ඔය යහපාලන තියරිය නිසා තමා අපිට වැරදුණේ..

:       0       161

කුමාර් (ගල්ෆ්) Sunday, 24 June 2018 06:27 AM

මෙයා නිකන් කෑගහන්නේ, මෙයාලාගේ හිතවත් කෙනෙක්ද දන්නේ නෑ මැරිලා තියෙන්නේ.

:       0       391

Raveendra Sunday, 24 June 2018 06:32 AM

නතුව නැතුව ...පුතේ බැරිම උනොත් කුරුදු පොලිවලින් හරි දඩුවම් කරන්න ඕන හරියෑ...

:       1       218

Shan Sunday, 24 June 2018 06:36 AM

කෝ ඉතින් අර කිව්ව යම පාලකයන්ට දඬුවම්. කළු පොතකුත් තිබුණ නේද? කයිවාරු නැතුව වැඩක් කරලා පෙන්නන්න.

:       0       154

kamani Sunday, 24 June 2018 06:49 AM

එතකොට 1989 කාලයේ තිබුණෙත් යහ පාලනයද... නිකම් බොරු නොකියා ඉන්න අැමතිතුමියනි..

:       1       196

Lal Sunday, 24 June 2018 07:05 AM

මේ අය කරපු දේකුත් නැහැ.කරන දේකුත් නැහැ,දැන් නීතිය ගැන කථාකරනවා.රටේ නීතියක් තිබෙනවද දැන්.මහා බැංකුව මංකොල්ලකාපු එවුන්ට නීතිය එකසේ ක්‍රියාත්මක වෙනවද?මේ කියන පිස්සු කථාවලට මෙයාට කුරුඳු පොල්ලකින් තමයි සළකන්න ඕනා.

:       0       0

Bamunuarachchi Sunday, 24 June 2018 07:40 AM

ඔව්, අපරාදකාරයින්ට නීතිය ක්‍රියාත්මක විය යුතුය. නමුත් බැනීම අපරාදයක්ද? සිංහලයින් අතර කෙනෙකුට තදින් අවවාදයක් දීම, දොස්කීමත් බැනීමක්. කාර්යාලයට පරක්කු වී පැමිණෙන කෙනෙකුට බොස් කීවොත් මොකද අයිසේ හැමදාම පරක්කුවෙලා එන්නේ කියා.. මිනිහා ගිහින් කියන්නේ මචං මට අද බොසා මාරේට බැන්නා කියලා... එමනිසා බැන්නා කියන එකට බරක් දෙන්න එපා.. එය පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඥානසාර හාමුදුරුවෝ ජාතියට එරෙහි වූ ගැහැණියකට තදින් අවවාදදීම අපරාදයක්ද? එහෙම නම් කුරුඳුපොලු රැගෙන පාරේ සටන් වැදීම බලවත් අපරාධයක්. ඒ අපරාධය කළ අයටත් නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

:       0       0

Ajith NissankaSunday, 24 June 2018 04:31 PM

අනේ ඔහේට තේරෙන්නේ නැද්ද? මෙතුමා කියන්නේ නඩු කල්දමමින් අත්අඩංගුවට පත්වෙන්න ඉඩ දෙන්න එපා කියමින් නීතිය එක්ක ෆුට් බෝල් ගහන අනිත් දේශපාලකයන්ට තියන පරම අයිතිය මේ මහත්තයාට ලැබුනේ නැත්තේ ඇයි කියලනේ !

:       0       0

BamunuarachchiMonday, 25 June 2018 05:33 AM

මට තේරෙනවා මම කලේ මට ඕනේ පැත්තට කතාව හරවා ගන්න එකයි එක ඔහේට තේරෙන්නේ නැද්ද?

:       0       0

tommy Sunday, 24 June 2018 07:40 AM

මේ අය ඉතින් ආරක්ෂකයෝ වටේටම තියාගෙන ඔය වගේ බණ කියමින් සිටියි. තමුන්ගේ කෙනෙකුට වෙඩි තිබ්බා නම් ඔය කතාව වෙනස් වෙයි.

:       0       2

Senarath Sunday, 24 June 2018 08:04 AM

මේ අපරාධකාරයෝ මොවුන්ගේ හොදම මිතුරෝ. හරියට ගහට පොත්ත වගේ. එකනේ මෙයාට රිදිලා ට්විටර් පණිවුඩයක් දමල තියෙන්නේ. එහෙම නැත්නම් මේ දවස්වල මේ අපරාධකරුවන් අතින් මැරුණු එක අහිංසකයෙක් ගැන මෙයා ට්විටර් පණිවිඩ දැම්මද . රටේ අහිංසක ජනතාව මැරෙන එක ගැන කැක්කුමක් නැහැ, ඒ උනාට අපරාධකරුවෝ ගැන බොහොම දුක් වෙනවා.

:       1       631

nuwan Sunday, 24 June 2018 08:28 AM

සමහර කාන්තාවන් පිරිමින්ට බයයි .

:       0       0

ඩී. ජයදේව Sunday, 24 June 2018 08:38 AM

ඕකත් නීතිය ක්‍රියාත්මක කරන එක විදියක් තමයි.

:       0       15

V.warnakulasuriya Sunday, 24 June 2018 08:47 AM

නඩුව පොලිසිය විසින් අසා අවසන් කරන ලදී. නඩු කල්යන විදියට මිනීමැරුවට එතරම් කාලයක් ඉන්න දෙන එක සාධාරණ නොවන බව සිතන්නට ඇත. යහපාලනයට තිබුණු එකම සහතිකය විනාශ කරගෙන ඇත.

:       0       8

Krish Sunday, 24 June 2018 09:53 AM

පව්, හොඳටම රිදිලා පාතාලය නැතිවෙනවට බයයි... ඇයි කුණු වැඩ සේරම කර ගන්න පුළුවන්නේ...

:       0       29

ගොන්ගාලේ ගොඩබණ්ඩා Sunday, 24 June 2018 10:36 AM

ඔය මියගිය පාතාලයන් කුරුඳු පොලු හමුදාවේ සාමාජිකයින්. ඉතින් මෙයාට ගොඩක් හිතට අමාරු ඇති..

:       0       111

Thamara dsmayanthi Sunday, 24 June 2018 11:44 AM

බොහෝම රිදිලා වගෙයි. පාතාලයේ අය තමයි හොර වැඩ සේරම කරන්න දීලා තියෙන්නේ... ඒකයි ඔය වගේ මිනීමරුවන් හොරු ගෙන කන්න දිදී, බොන්න දිදී තියාගෙන ඉන්නවට වඩා හොඳයි... ඝාතනය කරන එක.. සමාජයට විශාල හිරිහැරයක් පාතාල නායකයන්, හොරුන්, කුඩුකාරයින් රකින්න තරම් මොකද්ද තියෙන අමාරුව? ඔය හොඳට හිටපු මිනිස්සුන්ව ඔය තර කරලා තියෙන්නේ... ඔය වගේ මිනිස්සුන්ව පාර්ලිමේන්තුව යවපු අයට ගහන්න ඕනේ...

:       0       3

de silva Sunday, 24 June 2018 12:43 PM

ලංකාවේ පාතාලය මෙතරම් ඔඩු දුවල තිබෙන්නේ ඔබතුම වැනි දේශපාලකයන් ඔවුන්ව හුරතල් කරන නිසාය .

:       0       0

Hafeel Sunday, 24 June 2018 02:27 PM

තවදුරටත් යහපාලනය කියන වචනය පාවිච්චි කරන්න එපා. අද නීතිය වළදාලම ඉවරයි.

:       0       0

prakaash Monday, 25 June 2018 06:13 AM

පාතාලය සමග මංගලගේ භූමිකාව තවත් පැහැදිලි වේ. නුඹලාට වඩා තවත් අපරාධකරුවන් සිටීද?

:       0       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 601 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 340 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 476 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 308 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1611 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 797 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site