IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘අනුලා විද්‍යාලයට බලෙන් ඇතුළු වුණේ නැහැ‘


 
 ( වීනීතා ගමගේ )
 
නුගේගොඩ අනුලා විද්‍යාලයට තමන්  බලෙන් ඇතුළු වූ බවට නඟන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව බස්නාහිර  පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප‍්‍රකාශ කළේය.
 
 
දහම් පාසල් දරුවන් මහ පාරට ඇද දමා ඇති බැවින් තමන් එහි ගොස් මැදිහත් වී දරුවන්ට දහම්පාසල  විවෘත කර  දුන් බවත් එය වරදකැයි තමන් නොදකින  බවත් හෙතෙම කියා සිටියේය.
 
 
බෞද්ධාගම වෙනුවෙන් තමන් ඉදිරිපත් වීම වරදක් දැයි තමන්  ප‍්‍රශ්න කරන බව ද ඔහු සඳහන් කළේය.
 
 
හරි කවුද වැරදි කවුද යන්න පසුව තීරණය කරන තුරු දරුවන්ට දහම්පාසැලේ ඉගෙන  ගන්නට දෙන්නැයි තමන් උපදෙස් දුන් බවත් අදාල අංශ විසින් හරි වැරද්ද තීරණය කළ පසු කරන දෙයක් කරන්නැයි තමන් පැවසූ බවත් හෙතෙම පැවැසීය.
 
 
එකී දහම් පාසලට එන දැරියන් ගෙන් වැඩි පිරිස අනුලාවේ දැරියන් යැය පැවසූ ආණ්ඩුකාරවරයා දහම් පාසල් වැසීමට නොව තව තවත් අරින්නට කටයුතු කළ යුතුයැයි  ද  යම්  පුද්ගලයෙක් කළේ යැයි කියන වරදකට දහම් පාසැලේ දරුවන් වගකිව යුතු වන්නේ දැයි ප‍්‍රශ්න කළේය.
 
 
ආණ්ඩුකාර පදවිය දරණ තමන්ට පක්ෂ පාට හෝ ජාතිය පිළිබඳ කිසිදු වෙනසක් නොවන්නනේ යැයි පැවසූ අසාද් සාලි මහතා ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට ඒ කිසිවක් උවමනා නොවන්නේ යැයි ද පැවැසීය.



අදහස් (4)

‘අනුලා විද්‍යාලයට බලෙන් ඇතුළු වුණේ නැහැ‘

රවින් Monday, 14 January 2019 12:06 PM

ආරංචියේ හැටියට දහම් පාසල වහලා තියෙන්නේ අධ්‍යාපන දෙපර්තුමෙන්තුවෙන්ලු. වරද තියෙන්නේ එතන. ගිහිල්ලා හරි කාර්යාලයේ ඉඳලා හරි හොයා බලන්න තිබුනා කරුණු කරණා.

:       25       8

vipula Monday, 14 January 2019 01:24 PM

පිරිහුණු දේශපාලනය සෑම අංශයකටම පිළිලයක් වෙලා. රටට වසංගතයක් වෙලා ....

:       32       8

nihal Monday, 14 January 2019 08:48 PM

දහම් පාසල් වීවෘත කිරීම දර්මයෙන් කලයුතු බව දැනගත යුතුය....

:       0       0

ajith Tuesday, 15 January 2019 03:21 AM

ආණ්ඩුකාරතුමා දැනගෙන හිටියේ නැද්ද? මේක පුද්ගලික දහම් පාසලක් කියලා. පාසලත් දහම් පාසලත් අතර ඇති ප්‍රශ්නයක් තිබුන බව ඔබතුමා නොදැනද මේකට අත ගැසුවේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1915 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 986 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 775 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 368 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 634 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 574 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site