(ඩයනා උදයංගනී)
රටේ ඇතිවෙමින් පවතින අනාරක්ෂිත තත්ත්වයෙන් රට මුදාගැනීමේ වගකීම රජය ඉටු කළ යුතු යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සාමකාමීව කටයුතු කරන ලෙස හා කුමන්ත්රණකාරී ක්‍රියාවන්ට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විපක්ෂනායකවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන්ය.
කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාර මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිමා කර රටේ ආරක්ෂාව තහවුරු කර තිබියදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුලු ආරක්ෂක අංශ අඩපණ කිරීමේ අනිටු ප්‍රතිවිපාක විදින්නට සිදුව ඇත්තේ අහිංසක ජනතාවටය. මෙවන් තත්වයකට රට යළි ඇද දැමීම පිළිබඳ වත්මන් රජයට දැඩි ලෙස විරෝධය පළ කරන්නෙමු.
රටේ ඇති වෙමින් පවතින අනාරක්ෂිත තත්වයෙන් රට මුදා මුදාගැනීමේ වගකීම රජය වහාම ඉටු කළ යුතු බවද අවධාරණය කරමින් ශෝකයට පත් කිතුනු පවුල් වලටත්, සමස්ත කිතුනු ජනතාවටත්, කම්පනයට පත්ව සිටින සියලුම ශ්‍රී ලාංකික ජනතාවටත් ශෝකය පළකිරීමට මෙය අවස්ථාවක් කරගනිමින්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ ශෝකය බෙදා ගන්නෙමු.
මේ කනගාටුදායක අවස්ථාවේ ඉතාම සාමකාමීව කටයුතු කරන ලෙසත්, කුමන්ත්රණකාරීන්ගේ ක්‍රියාවන්වලට හසු නොවන ලෙසත් සමස්ථ ජනතාවගෙන් ඉල්ලීමට මෙය අවස්ථාවක් කර ගනිමු.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘අනාරක්ෂිත බවින් රට මුදාගැනීමේ වගකීම රජය සතුයි’
Rata Perata Sunday, 21 April 2019 11:34 AM
ඔය ප්‍රකාශ නවත්තලා මේ වෙලාවේ හැමෝම එකට මේක කරපු අයව කොටු කරන්න සහය දෙන්න.
Vajira Sunday, 21 April 2019 11:40 AM
බොරදියේ මාළු බාන්න එපා මැතිඳුනි. මේ ඛේදජනක අවස්ථාවේ එකමුතුව වැඩ කරමු.
ravi Sunday, 21 April 2019 11:41 AM
අනේ නිකන් මහදැනමුත්තා නොවී ඉන්න...
Prabha Sunday, 21 April 2019 11:45 AM
කතාව ඇත්ත. නමුත් බොර දියේ මාළු නොබා සහයෝගයෙන් වැඩ කරන්න නුවන් පහල වේවායි පතනවා.
Raveendra Sunday, 21 April 2019 11:45 AM
පවත්නා රජයේ විතරක් නොවේ ඔබටත් ලොකු වගකීමක් තියෙනවා මේ අවස්ථාවේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත්වීමට.
Thushara Sunday, 21 April 2019 11:52 AM
කියන්න හිටිය දේ ඔබ තුමා පැවසුවා... මිය ගිය සැමට නිවන්සුව ..!!
somasiri Sunday, 21 April 2019 11:52 AM
බළලා මල්ලෙන් එලියට පැන්න වගේ.
ජයන්ත මිලානෝ Sunday, 21 April 2019 11:52 AM
ඇත්ත. බුද්ධි අංශ අඩපණ කර රටේ ආරක්ෂාව ගැන තැකීමක් නොකිරීම මෙම ජිවිත විනාශයට හේතුවක් වුනා.
ruwan Sunday, 21 April 2019 11:59 AM
මේකෙන් දේශපාලන වාසි නොගන්නවානම් හොදයි මහත්තයෝ. ඔය කියන අඩපන වීමක් දකින්න නැහැ. නීතිය කාටත් පොදු වෙන්න ඕනේ ඒක අරය මෙයා වෙන්න බැහැ
Alan Sunday, 21 April 2019 12:11 PM
සහතික ඇත්ත
Bamunuarachchi Sunday, 21 April 2019 12:14 PM
අනාරක්ෂිත බැවින් රට මුදාගන්න මේ අයට බැහැ. ත්‍රස්තයින්ට ඕනා විදිහට රට හැදුවා. ත්රස්තවාදයට විරුද්දව තිබු අණ පනත් නැතිකළා. ඔබතුමා මේවයේ විපාක කියා වැඩි දවසක් ගියේ නැහැ නේද? මේ අයට අනාගතය දැකීමේ හැකියාවක් නොමැත. අපි වෙන්න යන දේ කීවාම අපිව ජාතිවාදීන් ලෙස හංවඩු ගැහැව්වා. දැන් සනීපද?
sirimal Sunday, 21 April 2019 12:42 PM
මේ අවස්ථාවේ සිදුවී ඇති ත්‍රස්තවාදී ප්‍රහාර ඔබ වැනි මුහුකුරා ගිය දැනුමක් ඇති නායකයෙකු දේශපාලන සඳහා යොදා ගැනීම විශ්වාස කල නොහැකි දෙයක්. ඔබතුමාගේ කාලයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළඳා මාලිගාව, කොළඹ මහා බැංකුව ඇතුළුව දිවයින පුරා මේවගේ බෝම්බ පුපුරා ගියේ ඔබ කියන ආකාරයට එදාත් බුද්ධි අංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුලු ආරක්ෂක අංශ අඩපණ කිරීමේ අනිටු ප්රතිවිපාකයක් වශයෙන්ද? මේ අවස්ථාවේදී අප සියලු දෙනාම කලයුත්තේ මනුෂ්‍යත්වයට නිගාදෙන මෙවන් ම්ලේච්ච ක්‍රියා හෙළාදකින අතරේ ජාති ආගම් කුලමල, පක්ෂ පාට බේද ඉවතලා ශ්‍රීලාංකිකයින් වශයෙන් එකම ජාතියක් ලෙස මේ විපතට මුහුණ දීමයි. මේ විපත්තියෙන් දේශපාලන වාසි ලබා ගැනීම නොවේ.
LakmalSunday, 21 April 2019 02:08 PM
දන්නා දෙයක් කතා කරන්න. ඔබ කියන පිපිරීම් එකක්වත් වුනේ මෙතුමාගේ කලේ නෙවෙයි.
Chathura Dolahamuna Sunday, 21 April 2019 02:24 PM
යුද්ධය එතුමා අවසන් කල බව අමතක බොහෝ සිටින බව පෙනේ. එතුමා යුද්දය පටන් ගන්න පෙර එහෙම සිදු විම් සිදු වුණත් ආරක්ශක අංශ එවැනි මහා පරිමාණ කිසිම ප්රාහාරයක් යුද්ධය අතරතුර රටේ සිදු වෙන්න දුන්නෙ නැති බව අපිට මතක නෑ.
ShaniSunday, 21 April 2019 02:49 PM
ඔබලා හිතන්නෙ හැමදාම මෙවැනි දේ කිව්වම දේශපාලන වාසි ගන්න කරන ප්‍රකාශ කියලා. නමුත් රටේ තිබෙන ඇත්ත තත්ත්වය මෙයයි කියලා ඔය කොල පාට කණ්ණාඩියෙන් නොබලන ඕන කෙනෙකුට පෙනෙනවා.. අනික මෙතුමාගෙ කාලෙ ඔය උනා කියන සිද්ධි තිස් වසරක් පුරාවට තිබුණු ත්රස්තවාදයේ ප්‍රතිඵල. ඒවා එක දවසින් නවත්වන්න පුළුවන්කමක් තිබුණෙ නෑනෙ කාටවත්.. ඒත් එතුමා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමුවට පස්සෙ එතුමා ගේ කාලය තුළ මෙවැනි සිදුවීමක් අහන්න ලැබුණෙ නෑනෙ.. ඒ නිසා මේක මේ රජය බුද්ධි අංශ අඩපණ කිරීමේ ප්‍රතිපලයක් බව රහසක් නෙවෙයි දැන්
Ranjith BandaraSunday, 21 April 2019 02:57 PM
ශ්‍රී මල් ඔබට මතක් කර දීමට මහා බැංකුව. 1996 දළදා මාලිගාව 1998 ශ්‍රී මහා බෝධි ප්‍රහාරය 1985. කිසිවක් රාජපක්ෂ කාලයේ නොවේ
RanjithSunday, 21 April 2019 03:59 PM
මෙතුමාගේ කාලයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළඳා මාලිගාව, කොළඹ මහා බැංකුව ඇතුළුව දිවයින පුරා මේවගේ බෝම්බ පුපුරා ගියා තමයි.. හැබැයි බලයට පැමිණ නිසි නායකත්වය දෙමින් ඒ සියල්ලටම පිළිතුරු දුන්නා... අවුරුදු 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය අවුරුදු හතරකින් සහමුලින්ම අවසන් කළා... මේ රජය පැමිණ අවුරුදු හතරකින් අදුරදර්ශී තීරණ නිසා වෙනත් ත්‍රස්ත කල්ලි නැවත ක්‍රියාත්මක වෙලා. ඇත්ත ඒකයි. මෙතුමාගේ අදූරදර්ශී තීරණ නිසා ඡන්දය පැරදුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? කල්පනා කර බලන්න.
dilanSunday, 21 April 2019 04:44 PM
ඔබතුමා අමු කාලද? අමු කැවිලද? මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට, ශ්‍රී දළඳා මාලිගාවට, කොළඹ මහා බැංකුවට ගහපු බවක් ලංකාවේ ජීවතුන් අපි දන්නේ නැහැනේ. අපි දන්නා එකන දේ එජාප ආණ්ඩුවක් යටතේ හැදී, වැඩි, අවි-ආයුධ ලබාදී තිස් අවුරුද්දක් පෝෂණය කරපු දෙමල ත්‍රස්තවාදින්ව එතුමා "තුන් අවුරුද්දකින්" ලක් පොළවෙන් අතුගා දැම්මා කියන එක විතරයි. මම ඉන්නේ මීගමුවේ, බෝලවලානේ, අපේ නෑදෑයෝ, හිත මිත්‍රයෝ පවුල් පිටින් මේ මුස්ලිම් අන්තවාදය බිලිවුනා, බයිබලයේ ලියා තිබෙන පරිදි "වේදනාව තුවාලය නැත්තාට නොව ඇත්තාටය". දුකට, විපතට පත් අපගේ එක පැතුමක් නම් අපට අවුරුදු නමයකට පසු මරණයේ බිය ඇතිකළ ඔබ වැන්නන්ටද එම බියම ඇතිවේවා යන්නය. එවිට යම් දිනක ඔබද පැළද සිටින පාට "කොලපාට" කන්නාඩිය බිම දමා පාගා දමනු ඇත
සෙනෙවි Sunday, 21 April 2019 12:55 PM
මෙතුමාට අමතක වීමේ රෝගය තදින්ම වැළඳි ඇත.
ගොට්ටා Sunday, 21 April 2019 12:55 PM
බොර දියේ මලු බාන්න යනවා.
Thilina Sunday, 21 April 2019 01:25 PM
ගොඩක් අයට මුල අමතක වෙලා. මෙතුමා යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන්නා විතරක් නෙමෙයි රටේ ආරක්ෂාව උපරිමයෙන් තියාගත්තා. යුද්ධය අවසන් අදියරේදී රටේ අනිකුත් පලාත් වල කිසිම සිදුවීමක් සිදු වෙන්න ඉඩ නොදී ශක්තිමත් බුද්ධි ජාලයක් ක්‍රියාත්මක කලා. පහුගිය අවුරුදු 4 ඇතුළත මේ නායකයෝ මොනවද කලේ. රටේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් තියෙනවා කියලා පම්පෝරි ගැහුවේ බුද්ධි නිළධාරීන් හිරේ දාන ගමන්. ඒවා මතක් කරද්දී කට්ටියට ඇහේ කටු අනිනවා වගේ
DhammikaSunday, 21 April 2019 02:49 PM
බුද්ධි නිලධාරීන් වුනත් කප්පම් ගන්න මිනි මරන්න බැහැනේ, ඉතින් හිරේ නොදා වෙන මොනවා කරන්නද, නඩු අහලා නීතිප්‍රකාරව සිදුකල දේවල් ඒවා
sirimalSunday, 21 April 2019 02:57 PM
මේ වෙලාවේ ඇතිවී තියෙන්නේ තවත් බැරෑරුම් තත්වයක් නිසා කවුරුත් එකතුවී ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනා වෙනුවට පරණ පම්පෝරි ගහ ගහා දේශපාලන වාසි ගන්න කටයුතු කිරීම හරිම කැතයි.
Mangala Sunday, 21 April 2019 03:02 PM
මහින්දලා ට බැන බැන ඉන්න අතර රටත් පාලනය කරා නම් මෙවැනි විනාශ සිදු නොවෙන්න තිබුනා.
සෙනෙවි Sunday, 21 April 2019 03:03 PM
මෙවැනි ප්‍රහාර ගෝඨාභය මහතාගේ රට වන ඇමරිකාවේ පවා මෑතක පටන්සිදුවන බව බමුණු මහතාට අමතකවි ඇත. මෙයින් පැරණි වහල් පාලනය නිවැරදි බව ගම්‍ය නොවේ.
ravi Sunday, 21 April 2019 03:05 PM
කාගේ රැවුල ගිනි අරගෙන තිබුණත් .... මෙයා දඟලන්නේ එයාගේ සුරුට්ටුව පත්තු කරගන්න ...
achira Sunday, 21 April 2019 03:09 PM
මේවට ඉහළ ඇත්තන් වග කිවයුතුයි.
indika Sunday, 21 April 2019 03:24 PM
මේ අවස්ථාවේ ඔබතුමාගේ නිවේදන නෙවේ වැදගත් වෙන්නේ. ජනතාව අවුස්සලා ජාතිවාදය ඇතිනොකර සහයෝගයෙන් වැඩකරන එකයි . ඔබලාගේ බෙදීම නිසා මේ රටට වුන සෙතක් නැහැ.
Rata Perata Sunday, 21 April 2019 03:57 PM
දේශපාලන වාසි ගන්න හදන අමනයෙක් වෙන්න හදන්න එපා මේ වෙලාවේ.
chinthaka Sunday, 21 April 2019 04:48 PM
තිස් අවුරුදු කුරිරු යුද්දෙන් අපිව මුදාගත් මේ අසහාය නායකයට ජනතාවක් ලෙස අපි කරපු දෙය නැවත අපිටම ශාපයක් ලෙස නැවත පඩිසන් දුන්නා කියලා හිතෙනවා
Bamunuarachchi Sunday, 21 April 2019 05:19 PM
දැන් එජාපයෝ බොරදියේ මාළු ගැන කතාව කියන්නේ ලැජ්ජාවට. දිය බොරකලේ කවූද කියලාවත් හිතාගන්න බැරි ටිකක් මේ.
assanga Monday, 22 April 2019 02:11 AM
මේ වගේ සිද්ධි වලට ආණ්ඩුව වගේම විපක්ෂයත් වගකියන්න ඕනි. බොරදියේ මාලු බාන්න එපා
Bamunuarachchi Monday, 22 April 2019 06:24 AM
විපක්ෂය මොන බම්බුවකට වග කියන්නද? රටේ ආරක්ෂාව අඩපණයි කියා විපක්ෂය කිව්වා. ආණ්ඩුවේ පිළිතුර වූයේ නැවත රටේ ත්රස්තවාදයක් ඇතිනොවන බවයි. නමුත් පුරවැසියෝ හැටියට අපි දැනගෙන සිටියා බඩු හම්බවෙනබව. මොවුන්ව පලවා නොහැරියොත් ඊළඟ ඉලක්කය සිංහල බෞද්ධයා. ඥානසාර හාමුදුරුවනේ දැන් සනීපද කියලා අහන්න...
Bamunuarachchi Monday, 22 April 2019 07:01 AM
අතීතය අනුස්මරණය කරනවාද?