( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණය තුලින් තම පාක්ෂිකයාටත්, රටටත් සාධාරණත්වය සහ යුක්තිය ඉටුවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (12) කොළඹ අලුත්කඬේ පිහිටි උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී පැවසීය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 13ක් ගොනු කළ අතර එම පෙත්සම් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුව අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටයේය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් එමඟින් රට ආරාජික තත්ත්වය පත්වීමක් සිදුවන බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
‘‘අපි තරයේ විශ්වාස කරනවා අපිට යුක්තිය , සාධාරණත්වය ඉතා නිවැරදි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙයි කියලා.මොකද ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ඉතාම ගෞරවනිය ස්ථානයක් .මේ රටේ ව්‍යවස්ථාවක් පවතිනවා.අප සෑම දෙනාම ඒ අනුවයි කටයුතු කරන්නේ .නමුත් පැහැදිලිවම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.මෙලෙස දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන්නේ නම් රට අරාජික බවට පත්වනු ඇතැයිද සජිත් ප්‍රේමදාස මහතා කීය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ හිටපු අමත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ පැවසීය.
‘‘පක්ෂයක් ලෙස අපිට අධිකරණය විශ්වාසයි.පෙත්සමින් අපි ඉදිරිපත් කර ඇති කාරනයේ ව්‍යවස්ථානුකූලභාවය අධිකරණය විසින් තීන්දු කරාවි.ඒ නිසාමයි අපි උසාවිය පැමිණියේ.
හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.
‘‘ඕපාදූප වලින් රට කරන්න බැහැ නේ.ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවන්න නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඕන.ඒක කර ගන්න බැරි නිසා විසුරුවා හැරියා.මේ අසාධාරණයට එරෙහිව අපි උසාවියට ආවා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමෙන් පසුව එම පෙත්සම් සලකා බැලීම නැරඹීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර , රාජිත සේනාරත්න , ජෝන් අමරතුංග , චන්ද්‍රානි බණ්ඩාර , රවී කරුණානායක , ගයන්ත කරුණාරත්න , රාවුෆ් හකීම් , රිෂාද් බදියුදීන් , හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් විජයවර්ධන , නීතීඥ අජිත් පී.පෙරේරා , සුජීව සේනසිංහ , ආචාර්ය හර්ෂ ද සිල්වා , එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , මුජිබර් රහුමාන්,හර්ෂණ රාජකරුණා , ආදී මන්ත්‍රීවරුන් පිරිසක්ද පැමිණියහ.
වත්මන් භාරකාර අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන , උයද ගම්මන්පිල , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා , අරුන්දික ප්‍රනාන්දු , සුසන්ත පුංචිනිලමේ යන මහත්වරුන් පිරිසක්ද මෙම අවස්ථාවේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණියහ.
මීට අමතරව එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක්ද අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම දොරටුව ඉදිරිපස හා ඒ අවට රැඳී සිටියහ.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘අධිකරණයෙන් යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාස කරනවා‘
Chanak Los angeles Monday, 12 November 2018 06:30 PM
එය අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ඉන්පසු යහපාලකයාට බල කරන්න මැකෝ විසින් මැතිවරණයට යනවා කියපු බිලියන 2ක පමණ මුදල් යොදන්න සංවර්දනයට දැන් කියා...
මල්ලී Tuesday, 13 November 2018 03:44 AM
මහින්ද - මෛත්‍රී බලය බාගෙට තියාගෙන මෙහෙම නම්.......... සම්පූර්ණයෙන් තියා ගත්තොත් නීතිය බල්ලට යාවි.
Bandula. Tuesday, 13 November 2018 05:55 AM
ඔය දෙගොල්ල පැතී මාරු කරගෙන දගලනවා. රටේ ජනතාව දුක් විදිනවා. අවරුදු ගානක් කලේ මැටිකමනේ, ජනතාවගේ සාපෙන් මිදෙන්න නම් කවදාකවත් ලබෙනෙකක් නැහැ ඔය හැමෝටම.
Chandana Tuesday, 13 November 2018 06:26 AM
ඔයාල හරියට රට පාලනය කරානම් ඔහොම වෙන්නේ නෑනේ....
Arafath Qatar Tuesday, 13 November 2018 10:47 AM
ඡන්දයකට යනවට වඩා වෙන මොන යුක්තියක්ද මහත්තයෝ?