IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘අධ්‍යාපනයට-සෞඛ්‍යට වඩා අයවැයෙන් ආරක්ෂක අංශවලට මුදල් වෙන් කරලා‘

(නිමල කොඩිතුවක්කු)


 අධ්‍යාපනයට, සෞඛ්‍යට මුදල් වෙන් කරනවා වෙනුවට මෙවර අයවැයෙන් ජනතාව මර්ධනය කිරීම සදහා පොලීසියට සහ ආරක්ෂක අංශවලට වැඩිපුර  මුදල් වෙන් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවැසීය


ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත්වලට සහ මර්දනය සදහා කරන සූදානමට එරෙහිව ජනතාව සංවිධානය කරන බවද ඔහු සදහන් කළේය. බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙසේද කීය.


     ‘‘ආර්ථික අර්බුදයක් පවතින සහ ඒ අර්බුදයේ විශාල පීඩාවක් සාමාන්‍ය පහළ පන්තික ජනතාව මත පටවා තිබෙන අවස්ථාවක 2019 අයවැයට අදාල විසර්ජන පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් ගෙනත් තිබෙනවා. 


මේ විසර්ජන පනත් කෙටුම්පත අනුව, 2019 රාජ්‍ය වියදම ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා රුපියල් බිලියන 4376ක්. ඇස්තමේන්තු කළ රාජ්‍ය ආදායම රු. බිලියන 3332ක් බව මෙහි සදහන් වෙනවා. ඒ නිසා රුපියල් බිලියන 644ක අයවැය හිගයක් මේ තුළ දකින්න තිබෙනවා. 


පහුගිය අවුරුද්දෙ ඇස්තමේන්තු කරපු රාජ්‍ය වියදම රු. බිලියන 3982ක් සහ රාජ්‍ය ආදායම රු. බිලියන 2175ක් වුණා.  ඒ අවුරුද්දෙදි රු. බිලියන 1893ක අයවැය හිගයක් තිබුණා. රාජ්‍ය වියදම සුලූ ප‍්‍රමාණයකින් වැඩි කරලා, රාජ්‍ය ආදායම විශාල ප‍්‍රමාණයකින් වැඩි කරලා අයවැය හිගය 1/3කින් පහත දමාගන්න ආණ්ඩුව කටයුතු කරන බව පෙනී යනවා.


2016 ජාත්යන්තර මුල්‍ය අරමුදලෙන්  ඩොලර් බිලියන 1.5කණය මුදලක් ලැබුණා. ඒ ණය මුදල ගන්න ඔවුන් ලබා දුන් කොන්දේසි තමයි අයවැය හිගය පහත හෙළන්න රාජ්‍ය ආදායම් වැඩිකරන්න රාජ්‍ය වියදම් කපන්න කියලා. බදු නොවන ආදායම් මගින් ඒ වටිනාකම උපදවනවා නම් රාජ්‍ය ආදායම් වැඩි කිරීම ගැන කාටවත් ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ. නමුත් ආණ්ඩුව ක‍්‍රමානුකූලව බදු නොවන ආදායම අඩු කරමින් ඒ වෙනුවට බදු ආදායම තමයි ඉහළ දමමින් ඉන්නෙ. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළද සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර, අධිරාජ්‍යවාදී මුල්‍ය ආයතනවල පදයට තමයි ආණ්ඩුව නටමින් ඉන්නෙ කියන කාරණාව මින් පැහැදිළි වනවා.



අදහස් (8)

‘අධ්‍යාපනයට-සෞඛ්‍යට වඩා අයවැයෙන් ආරක්ෂක අංශවලට මුදල් වෙන් කරලා‘

Thilak Monday, 15 October 2018 11:38 AM

ආරක්ෂාවටත් මුදල් වෙන් කර යුතුයි

:       1       15

Asiri Monday, 15 October 2018 12:09 PM

රටක් තිබිලා ඉන්න එපැයි ඉගෙන ගන්න කලින්... හැම සැරේම මෙහෙම තමයි වෙන්නේ..

:       117       51

AsankaMonday, 15 October 2018 01:55 PM

තුන්වැනි ලෝකේ හැමදාම දියුණු වෙමින් පවත්නා රටකට එහෙම කරන්න බැහැ.

:       6       50

සතයපාල Monday, 15 October 2018 12:34 PM

රටේ ආරක්ෂාව අන් හැම කරුණකට වඩා වැදගත් බව මේ අය නොදන්නවාට අනිත් හැමෝම දන්නවා.

:       64       90

ලුම්බිණි Tuesday, 16 October 2018 12:31 AM

අයවැය හිගය පහත හෙළන්න රාජ්‍ය ආදායම් වැඩිකරන්න රාජ්‍ය වියදම් කපන්න කියලා කියන එකේ වැරැද්ද මොකද්ද?

:       0       1

sarath Tuesday, 16 October 2018 12:42 AM

ඒ කරලත් ආවා කල්ලිය කල්ලි 4-5 වෙනකල් වැඩි වෙන තරමට දියුණු වෙලා

:       0       0

ajith Tuesday, 16 October 2018 01:56 AM

පොලිසියට සහ හමුදාවන්ට අලුතින් බඳවාගැනීම් දිගටම කරනු ලබනවා. ඊට අමතරව ඔවුන්ගේ වැටුපද වැඩි කළා. ඔය ආරක්ෂක අංශයට මුදල් වෙන් කරන්නේ ඔය සියලු වියදම් වලටත් එක්ක.

:       0       0

ලක්ෂ්මන් Tuesday, 16 October 2018 04:41 AM

අාරක්ෂාවට මුදල් වෙන් නොකලොත් නූගතුන් ගෙන් සැදුම් ලත් එන්.ජී.ඕ කල්ලි අපේ රට ඉතිරි කරයිද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 198 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 177 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 363 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 242 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 200 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 486 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site