(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගම දහම අනුව කටයුතු කරමින් සැබෑ බෞද්ධයකු ලෙස රට වෙනුවෙන් සිදුකරන සේවය අනිකුත් දේශපාලඥයින්ට ආදර්ශයක් බව කොල්ලූපිටිය වාලූකාරාමයේ විහාරාධිකාරී උඩවෙල කෝලිත හිමියෝ කොළඹදී අද (16) පැවසූහ.
රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අවස්ථාවක දේශපාලනය වෙනුවෙන් ආගම ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කර නොගත් බවද සදහන් කළ උන්වහන්සේ ආගම දහම වෙනුවෙන් වික්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ උදයවිය සිදුකර ඇති සේවය අගය කළ යුතු බවද සදහන් කළහ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පස්වන වරටත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යධුරයට පත්විමෙන් පසුව කොල්ලූපිටිය වාලූකාරාමයට අද(16) පස්වරුවේ පැමින ආගමික වතාවත් වල නිරත වූ අතර එහිදී අනුශාසනාවක් සිදුකරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
එහිදි මහා සංඝරත්නය කොල්ලූපිටිය වාලූකාරාමයේ බෝධින් වහන්සේ ඉදිරිපිට සෙත් පිරිත් දේශනා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.
ආගමික වතාවත් වල නිරත විමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේවාශිර්වාද ලබා ගැනීමක්ද සිදුකළේය.
කොල්ලූපිටිය වාලූකාරාමය ඇතුලූ පංචමහා විහාරාධිපති මහරගම නන්ද හිමියෝ, එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර හිමියෝ, නුගේගොඩ නාලාන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ, සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමියෝ අතුළු මහා සංඝ රත්නය මෙම අවස්තාව සදහා වැඩම කළහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘අගමැතිගේ දේශපාලනික සේවය අනික් දේශපාලනඥයින්ට ආදර්ශයක්‘
channa Sunday, 16 December 2018 02:33 PM
මට තාම ඒ විදිහට කතා පවත්වන්න බැහැ හාමුදුරුවනේ... මමත් කැමැතියි මෙහෙ පස්සෙන් හාමුදුරු ගුණ ගායනා කරමින් වඳිනවා නම් අපේ හාමුදුරුවනේ...
Ruhunu Sunday, 16 December 2018 02:40 PM
මුසාවාද එපා අපේ හාමුදුරුවනේ!!!
prasad Sunday, 16 December 2018 02:42 PM
මහදවල් බැංකුවක් කඩන හැටි ඉගෙන ගත්තෙමි. මම කුලියාපිටියෙන් මිලට ගත් වොක්ස්වැගන් එකේ ගමන් බිමන් යන නිසා ඔහුට මොකුත් නොකියමි. කලකට පසුව ඔහු පන්සල් යනහැටි දැකීමද සතුටකි. සුමන්දිරම්ට කීකරුව සහ යටත්ව ඔහු ජීවත්වන හැටි බලා සැනසෙමි.
Raveendra Sunday, 16 December 2018 02:55 PM
කීමට දහසක් දේ තිබුණත් ඒවා සඳහන් කිරීමෙන් වළකින්නෙමු. ඒ සියල්ල අවසාන ඡායාරූපයෙන් රට, ජාතිය, තමන් අදහන ආගම ගැන යම්කිසි හෝ හැඟීමක් තිබෙන ඕනෑම අවංක පුරවැසියකුට හොදින් තේරුම ගැනීමට හැකිවනු ඇත.
Mahee Sunday, 16 December 2018 03:09 PM
දේශපාලනික සේවය විතරක් නෙමෙයි. අනික් 'සේවාවලුත්' ගෝල බාලයෝ හොඳට ආදර්ශයට අරන් තියෙන බවට ඕනෑතරම් උදාහරණ තියෙනවා. කොටින්ම විපක්ෂයේ කට්ටියත් ඒවා නොසැහෙන්න ආදර්ශෙට ගන්නවා.
dasun Sunday, 16 December 2018 03:09 PM
ඇත්තම ඇත්ත... ඔබතුමාට අපේ ආචාරය..
Bamunuarachchi Sunday, 16 December 2018 03:26 PM
හාමුදුරුවනේ රනිල් ශාසනයට, රටට කල සේවයෙන් බිඳක් කියන්න අපිටත් පින් අනුමෝදන් වෙන්න. මම මේ ඉල්ලීම දහස් වාරයක් කරතිබෙනවා. මහින්ද මහතා කළ සේවය නම් දිව අග තිබෙනවා. නමුත් රනිල් ශාසනයට හෝ රටට කල සේවය සොයන්න අපි බොහොම මහන්සිවෙනවා. ඔබවහන්සේ රනිල් ගැන කීව්ව නිසා අපි හිතුවා ඔබවහන්සේ තමයි සුදුසුම තැනැත්තා රනිල් කල සේවය දැනගන්න...
Bangomunu.Monday, 17 December 2018 03:01 AM
දැවැන්ත හස්තියෙකුගේ නියපොත්තක් තරම්වත් නොමැති උඩඟු කුහුඹුවකුහට හස්තියාගේ ප්‍රමාණය, ජවය හා කල නොකළ හැකි දේවල් ගැන කෙසේ වටහා ගැනීමට පුලුවන්ද ? මේවාට උත්තර කෙසේ සපයම්ද ? ලොක්කාට මෙන් තමන්ටද වැළදී තිබෙන " රනිල් භීතිකාව " නමැති මානසික විකාරයට ප්‍රතිකාර ගැනීම ඉක්මනින්ම කලයුතු දෙයක්.
NuwanMonday, 17 December 2018 07:28 AM
බීතිකාව හැදෙන්නේ නැද්ද මහා දවාලේ මහ බැංකුව හිස් කලාම? කාටද පුළුවන් මේ ලෝකේ රටක මහ බැංකුවක් හිස් කරලා මුකුත් උනේ නැහැ වගේ ඉන්න?
BamunuarachchiWednesday, 19 December 2018 02:12 PM
පිස්සු කෙලින්නේ නැතිව අපි වගේ පොයින්ට් එකට කතා කරන්න.
athuraMonday, 17 December 2018 04:46 AM
ඔය බමුණු මහත්මයා ඇද යටින් එලියට ඇවිල්ලා තියෙන්නෙ.
weenata chikka de dole Monday, 17 December 2018 09:36 AM
රනිල්ගේ පවුලෙන් තමයි වැඩිම දේපලක් ශාසනයට පූජා කරලා තියෙන්නේ... එතුමා පෞද්ගලික මුදලින් විහාර කරවා තිබෙනවා. ගංගාරාමේ හාමුදුරුවන්ගෙන් අහන්න. කැලණිය පන්සලෙන් අහන්න. අනුරාධපුර පන්සල්වලින් අහන්න. මහින්ද හෝ උන්නැහේගේ පවුලෙන් එක අඟලක්වත් පූජාකර නැහැ...
NuwanMonday, 17 December 2018 01:43 PM
ගොන්නු තමා තප්පුලන්න කැමති ගොඩක්...!
SunilMonday, 17 December 2018 01:59 PM
ඔව් අපේ සීයා කිව්වා සමහරක් පන්සලුත් හැදුවෙත් මෙයා කියලා...
sandy123 Sunday, 16 December 2018 03:51 PM
හදිසියයි, ඉක්මන්කමයි, වංකකමයි, අවංකකමයි කාට හරි පැහැදිලි කරන්න නියම උදාහරණය...
NARTHA Sunday, 16 December 2018 04:01 PM
බෙන්ස් එකක් හම්බවෙයි, මෙයාට දිව්‍ය ලෝකෙට යන්ට !!
Roshan Sunday, 16 December 2018 04:07 PM
රනිල් බෞද්ධයෙක් වුණේ කවද්ද?
NuwanMonday, 17 December 2018 03:24 PM
හොම්බ බිම ඇනෙන්න ළං වෙනකොට හෝ ගාලා පන්සල් බෝධි වඳින්න ගියා. අායෙමත් ඊළඟ ඡන්දෙට යාවි.. එතකන් කෝවිල් ගානේ යාවි...
Ratnamalala Sunday, 16 December 2018 10:42 PM
මෙයා බලය තියාගන්න බොරු බෞද්ධ කමක් රඟන කෙනෙක්. බෞද්ධාගමට මොනවද කරලා තියෙන්නේ...? අනගාරික ධර්මපාලතුමාවත් රටින් එලෙව්වේ මෙයාගේ මහාඇත්තෝ තමයි.
Bandara Sunday, 16 December 2018 11:47 PM
ඔව් ඔව් රට පාවලා දීලා, බටලන්ද දාලා, අද මෙතන ඉන්න එක අපි හැමෝටම ආදර්ශයක්..
lal Monday, 17 December 2018 01:00 AM
අනේද කියන්නේ.. අපේ හාමුදුරුවනේ... කොහොමද ටිකිරි මොලේ?..
sudesh Monday, 17 December 2018 03:04 AM
එතනත් අවධානය තියෙන්නේ වෙන තැනක.
samiya Monday, 17 December 2018 03:38 AM
විහිලු කරන්න එපා. ඕවා කරන්න බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ එහෙම ඉන්නවා. ඔබ වහන්සේ ආගමික කටයුතු ටික කලානම් වටිනවා.
Sunil Monday, 17 December 2018 05:09 AM
හොරුන්ව රකින එක තමයි ලොකුම ආදර්ශය.
d.upul Monday, 17 December 2018 05:43 AM
ඇත්තට ශාසන සේවය කරන්න ඕනේ රනිල්වත් මහින්දවත් සිරිසේනවත් නොවෙයි. ඒකට තමයි මහා සංඝ රතනය ඉන්නේ.
rohana kumara mendis Monday, 17 December 2018 07:04 AM
බමුණුආරච්චි නොදන්නා දේවල් ලියන්න එපා. රනිල් විතරක් නොවේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ අය (ජේ ආර් ජයවර්ධන මහතා ඇතුළු) විසින් තමයි කැළණි රජමහ විහාරය සාදා නිම කලේ. බුද්ධාගමට ලොකු සේවයක් කල අය තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ.
BamunuarachchiMonday, 17 December 2018 10:19 AM
ඔය මොන විකාර කතාද? පන්සල්වලට කෝටි ගණන් වියදම් කරපු මිනිස්සු ඉන්නවා. දීපු උත්තරයෙන්ම ඔබගැන හිතාගන්න පුළුවන්. රනිල්ගේ පවුල ගැන කතා කරන්න එපා. රාජ්‍ය නායකයෙක් හැටියට රට කරපු සේවය කියන්න. කැළණි පන්සලට ගඩොල් ඇදලා වැඩක් නැහැ.
Hafeel Monday, 17 December 2018 07:59 AM
ඔබ වහන්සේ සඳහන් කරන්නේ මහ බැංකුවට කළ ආදර්ශය නේද?
KANDEPOLA Monday, 17 December 2018 08:06 AM
කවුරුහරි හාමුදුරුවන්ගේ දැහැත් වට්ටියට බාබුල් දාලා...
Kamal Monday, 17 December 2018 08:23 AM
පුදුම ගාම්භීර බවක් තියෙන්නේ අර අන්තිම පින්තූරේ
wedage Monday, 17 December 2018 08:31 AM
හාමුදුරුවන්ගේ මුහුණ කෙලින් බලන්න අමාරුනිසා පැත්තක් බලාගෙන ඉන්නේ...
BamunuarachchiMonday, 17 December 2018 10:10 AM
මුහුණ දිහා කෙළින් බලන්න බැරි පුද්ගලයා ගැන අමුතුවෙන් කිවයුතු නැහැ නේද?
RaveendraMonday, 17 December 2018 04:04 PM
සහතික ඇත්ත... වංක මිනිසුන්ගේ එක් ලක්ෂණයක් මෙය... මොවුන්ට පමණක් නොව මෙම ලක්ෂණය තියෙන සියල්ලන්ටම එම වංක ගතිගුණය පොදුයි.
V.warnakulasuriya Monday, 17 December 2018 02:21 PM
දේශපාලකයින් ගැන භික්ෂූන් වහන්සේලා කරන ප්‍රකාශ ප්‍රධානයන් මත පවතී. සමහර පන්සල් පක්ෂ කාර්යාල බවට පත්වී ඇත. දේශපාලන වශයෙන් බොහෝ විවේචනයන් තිබුණත් රනිල් වික්‍රමසිංහ මහතා පන්සල දේශපාලන වේදිකාවක් කර නොගත් බව නම් කිවයුතුයි.
BamunuarachchiTuesday, 18 December 2018 11:32 AM
අතීතයේ විජාතික ආක්රමිකයින් සමග යුද වැදුන සිංහල රජවරුන් පන්සල්වල සඟවාගෙන හමුදාව රැස් කෙරීමට භික්ෂූන් උදව් වූ බව ඉස්කෝලේ ඉතිහාස පාඩමේ කියලා දුන්නේ නැද්ද. එක්කෝ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ නැතිනම් අපේම ඉතිහාසය ගන්නේ නැහැ. එක්කෝ ඔය දෙකම.
vidya Tuesday, 18 December 2018 05:02 AM
බලන්න මහාචාර්ය වික්‍රමසිංහ මැතිනිය, රත්තරන් මුදු මාල , දොඹ අට පමණ ලොකු රත්තරන් ගෙඩි තියන වළලු නෑ. ඉතාම චාම් සිරිලකට පහල උණු උත්තමියක් . ඔබතුමියට තෙරුවන් සරණ සහ විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා.!
BamunuarachchiWednesday, 19 December 2018 02:15 PM
මහාචාර්ය වික්‍රමසිංහ මෙතනට මොන කෙන්ගෙඩියකටද?