පොලිස්පතිවරයා ඉවත් කිරීමට කිසිදු බලයක් ජාතික පොලිස් කොමිසමට නැතැයි එහි සාමාජිකයෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
ජාතික පොලිස් කොමිසමේ විනය පාලනයට යටත්වන්නේ කොස්තාපල්වරයාගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දක්වා සීමාව පමණක් යැයි ද ඊට පොලිස්පතිවරයා අයත් වන්නේ නැතැයි ද ඔහු කීය.
කොමිසම් සාමාජිකයා මේ අදහස පළ කළේ පොලිස්පති ධූරයට පත්කිරීම සහ ඉවත්කිරීම සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා ගැන කළ විමසීමේදීය.
පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් එය සිදුවිය යුත්තේ ව්‍යවස්ථා සභාව හරහා යැයි කී හෙතෙම පත්කිරීම් බලධරයා හැටියට ඊට බලය ඇත්තේ ව්‍යවස්ථා සභාවට යැයි ද අවධාරණය කර කීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීම පැවැරී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැයි ද එමගින් පත්කෙරෙන පොලිස් කොමිසම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය යටතේ මේ බව පැහැදිලිව දක්වා ඇතැයි ද ඔහු පැවසීය.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ කොමිසම තුළ පොලිස්පතිවරයාට තැනක් නැතැයි යන චෝදනාව නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස්පතිවරයාට කොමිසම් සභා රැස්වීම්වලට නිරීක්ෂකයකු හැටියට සහභාගී වීමේ අවස්ථාව ලැබුණේ යැයි ද ඔහු කීය.
කොමිසම රැස්ව තීන්දු ගනිද්දී එම රැස්වීම්වලට සහභාගීවීමට පොලිස්පතිවරයාට ද අවස්ථාව ලැබෙන නමුත් ඒ සාමාජිකයකු ලෙස නොව ආරාධිතයකු හැටියට යැයි ද ඔහු කීවේය
කොමිසම පොලිස්පතිවරයාගේ අදහස් සැලකිල්ලට ගත්තත් ඒවා ක්රියාවේ යෙදිය යුතු යැයි නියමයක් නැතැයි ද කොමිසම තුළ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් යම් කරුණක් සාකච්ඡා වන අවස්ථාවක එහි පොලිස්පතිවරයාට සිටින්නට පවා නොහැකි යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ පොලිස්පති ඉවත් කිරිමට පොලිස් කොමිසමට බලයක් නෑ‘
කරුණාවතී Thursday, 20 September 2018 12:57 PM
එහෙනම් මොකටද ඔය කොමිසම තියෙන්නේ? මහජන මුදල් කාබාසිනියා කරන්නේ නැතිව ඔය කොමිසම විසුරුවා හැරිය යුතුයි.