(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සාධාරනීකරණය කරමින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මහතා ඔහුගේ තනතුර අවභාවිතා කරමින් සිටින බව නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා කොළඹදී අද (11) පැවැසීය.
ප්රජාතන්ත්රවාදය සදහා නීතීඥයෝ සංවිධානය පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවත්වූ මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙසේද කීවේය.
‘‘නීතීඥවරුන්ගේ මතය අධිකරණයේ මතය වෙන්නේ නැහැ. බොහෝ නිතීඥවරුන් කටයුතු කරන්නේ තමන්ගේ දේශපාලන අභිමතාර්ථ ඔලූවේ තියාගෙන. නීතීඥ සංගමයේ සභාපතිවරයා මේ අවස්තාවේදි කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය සාධාරණිකරණය කරන එකයි.
යූ. ආර්. ද සිල්වා මහතා හෝ වෙනත් කවුරුත් කියන කාරනා මත ජනතාව අතරමං විය යුතු නැහැ. මේ සම්බන්ධයෙන් නියම අර්ථ නිරූපණය කිරිමේ හැකියාව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි’’ යැයිද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ නීතිඥ සංගමයේ සභාපති තනතුර අවභාවිතා කරමින් සිටිනවා’
Bamunuarachchi Sunday, 11 November 2018 01:24 PM
සල්ලි ලැබෙනවා නම් නීතිඥයෝ ඕනේ පැත්තකට කතාකරනවා. මෙයා එජාපෙට කතාකරන කෙනෙක් ඉතින් මෙයාගේ කතාවෙත් විශේෂත්වයක් අපිට නැත. මෙයා අපිට තවත් නීතිඥයෙක් පමණයි.
shan saudi Sunday, 11 November 2018 02:22 PM
නීතිඥයින් කවදත් මුදල වෙනුවෙන් ඕනෙම අපරාදයක් කල පුත්ගලයන් නිදොස් කොට නිදහස් කරලීම සඳහා කටයුතු කරයි. ඔහුගේ කාර්යය වන්නේ ලැබෙන මුදල මත සේවය කිරීම මිස ලොවට, ජනතාවට සාධාරණය කිරීම නොවේ. වරප්‍රසාද, වරදාන වෙනුවෙන් ජීවිතය කැප කරන මොවුන් අද මෙසේ හැසිරීම අරුමයක් නොවේ..
ගල්කටස් Sunday, 11 November 2018 06:00 PM
ඉවසන්න, ඉවසන්න. ගරු අධිකරණය තීරණයක් දේවී.
ලසන්ත Monday, 12 November 2018 01:09 AM
නොදන්නාකම නිසා අහන්නේ. මට දවසක් ප්රවෘත්ති වෙලාවක ඇහුනා යම් කරුණකදී අධිකරණය නිතීඥ සංගමයේ අදහස විමසනවා කියලා. දැන් ඔය පැමිණිලි කරනවා කියන පැමිණිලි වලටත් එහෙම වුනොත්?
Prabhash Monday, 12 November 2018 04:51 AM
100% ක් එකඟයි.